IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘මගේ සහෝදරයාත් දේශපාලනය ගැන කල කිරිලා’

 

ආදරණීය බව, තාරුණ්‍යයේ පෞරෂත්වයට මුසුකල පිරිපුන් හඬ නිසාම කිත්සිරි ජයසේකර නමැති ඔහු බොහෝ දෙනා අතර සමීප රුවක් වූවේය. ගීතයේ අලූත් - අලූත් දේ අත්හදා බැලීම් කළ කිත්සිරි හෙවත් බොහෝ මිතුරන් ආදරයට අමතන ‘‘කිත්තා’’ මේ දිනවල පදිංචිව සිටින්නේ තම ආදරණීය මව් බිමේ නෙවෙයි. සීතල ඊතල වගේ සිරුරට කා වද්දන සීතල කැනඩා දේශයේයි. පසුගිය මාර්තුවෙ කිත්සිරි තම සදාදරණිය බිරිඳ උපේකා සහ දරු දෙදෙනා සමග කැනඩාවට පදිංචියට ගියේය. ඇත්තටම ඇයි ඔහු කැනඩාවට ගියේ? එහි සිට අලූත් වැඩක් කරන්න යනවා කියලත් ආරංචියි. මේ කැනඩාවේ සිටින කිත්සිරි ‘සැඳැල්ලට’ විශේෂයෙන් ලබා දුන් පිළිසඳරකි.

 

 

 කිත්සිරි ඇයි කැනඩාවට ගියේ?

උපේඛාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගියේ. දරුවන්ගෙ අනාගත දියුණුව ගැනත් හිතුවා. මටත් සංගීතයේ නව ප‍්‍රවණතාවයන් ගැන හදාරන්න  ඕනෑ වුණා. විශේෂයෙන්ම සංගීත චිකිත්සාව සම්බන්ධයෙන්. ඒ සියල්ල නිසා අපි පවුලම මෙහෙට ආවා.

 

 දැන් කොහොමද ජීවිතේ? වඩා හොඳ ලංකාවද? කැනඩාවද?
නිදහස අතින් කැනඩාව ඉතාම හොඳයි. මිනිසුන්ට ජීවත්වීම බරපතළ නැහැ. ඔවුනට ජීවිතය ලැබී තිබෙනවා. මෙහේ අධ්‍යාපනයත් ඉතා ක‍්‍රමවත්. දරුවකු පාසලකට ඇතුළත් කිරීම තමයි පහසුම දේ. ඔවුනගේ ඉදිරි අධ්‍යාපනයට සෑම පහසුකමක්ම මෙහේ තියෙනවා.

 

 කැනඩාවේ ගෙවන ජීවිතයට උපේඛා කැමතිද?
එයා ලංකාවේ සරසවි පද්ධතිය ගැන කළකිරිලා හිටියෙ. අපේ රටේ සිටිය යුතු වටිනා මිනිස් සම්පතක් මේ රටේ ජීවත් වෙනවා. ඇය උගත් දෙයින් මේ රටේ සිංහල දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ගැන ඇය හරි සතුටින් සිටින්නේ.

 

 ප‍්‍රසංග වේදිකාවෙන් ඈත්වෙලා සිටීම ඔබට ගෙන දෙන්නෙ මොන වගේ හැඟීමක්ද?
මේ වන විට අපි ප‍්‍රසංග තුනක් මෙහේ පැවැත් වූවා. මෙහෙට දැන් ශීත කාලයයි. ඉදිරියේදී තව ප‍්‍රසංග කීපයක්ම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. උපේඛා මම එක්ව මෙහේ දරුවන්ට සංගීත සහ නර්තනය පිළිබඳව දැනුම ලබා දෙනවා. අපි දෙන්නා සංගීත පාසලක් ආරම්භ කළා. මෙහි සිටින සිංහල දරුවන් විශාල පිරිසක් අපෙන් හැදෑරීම් කරනවා. හඬ පුහුණුව සඳහා වැඩිහිටියනුත් සහභාගි වෙනවා.

 

​ ඔබේ සහෝදරයා වන දයාසිරි ජයසේකර වගේ ඔබත් දේශපාලනයට ඒමේ අදහසක් තිබෙනවාද?
දේශපාලනයට එන බවට පසුගිය කාලයේ රාවයයක් තිබුණා. එක්තරා වෙබ් අඩවියකත් ඒ ගැන පළවෙලා තිබුණා. මට හිතෙන විදියට මගේ සහෝදරයාටත් දේශපාලනය ගැන තියෙන්නෙ ලොකු කළකිරීමක්. එහෙව් එකේ මට දේශපාලනයට එන්න අදහසක් නැහැ. නමුත් පැහැදිලි දර්ශනයක් ඇති විනයගරුක, ප‍්‍රතිපත්තිගරුක නායකයෙක් යටතේ අනාගතයේ දේශපාලනයට එන්නත් බැරි නැහැ.

 

​ ලංකාවට එන්නෙ කවදද?
ඇවිත් යන්න ඒවි. මගේ අලූත් නිර්මාණ එකතුව එළිදැක්වීමට මේ දිනවල කටයුතු යොදනවා. ලංකාවේ ප‍්‍රතිභාපූර්ණ ගීත රචකයෙක් සහ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් සමග මේ ගැන කතා කරලා ඉවරයි. අපේ ජනතාවට එය අලූත් අත්දැකීමක් වේවි. තුන් ඈදුරු නිර්මාණයක්. හරිම වෙනස් අලූත් අත්හදා බැලීමක්. සමහර විට යුග ගායනයට බටහිර ගායිකාවක් එක්වේවි. ඔවුනුත් අපේ සිංහල බසින් ගයාවි.

 

 කවුද ඔබ එක්ක යුග ගී ගයන බටහිර ගායිකාව?
ඒක රහසක්.

 

 මී පැණි රහසක් ගැලූවා සුකිරි කන්දෙන් !” ඒ ගීතය වගේ රහසක්ද?
ඊට වඩා වෙනසක් මේ ගීත එකතුවේ තියේවි.

 

 එංගලන්තයේ ප‍්‍රසංගයක් කිරීමටත් සූදානමින් ඉන්න බව ආරංචියි?
එහෙම අදහසකුත් තියෙනවා.

 

 කොහොමද විවේකය ගෙවන්නෙ?
ලංකාවේ වගේ ප‍්‍රශ්න ඔළුවෙ නැහැ. මොනතරම් වැඩ කළත් වැඩ කරන වෙලාවට වැඩ. අනෙක් වෙලාවට පුදුම විවේකයක් දැනෙන්නෙ. මෙහි සිටින ශ්‍රී ලාංකිකයන් අපට ගොඩක් ආදරෙයි. ඔවුන් එක්ක ගෙවන ජීවිතය හරිම ප‍්‍රබෝධමත්.

 

​ මොනවද ලංකාවේ රසිකයින්ට කියන්න තියෙන්නෙ?
අපට අපේ දරුවන්ට ආදරය කළ දෙමාපියන්ට සහෝදර, සහෝදරියන්ට හැමෝටම සුබ අනාගතයක් ප‍්‍රාර්ථනා කරනවා. වසර අවසන දැවැන්ත ප‍්‍රසංගයක් එක්ක අපි හමුවෙමු.

 



අදහස් (0)

‘මගේ සහෝදරයාත් දේශපාලනය ගැන කල කිරිලා’

මංජුල Thursday, 07 March 2013 01:12 PM

ඔබතුමාත් දේශපාලනය නවත්තලා සින්දු කියන්න පටන් ගන්න (දී)

:       0       0

සුබෝධ හිමි Thursday, 07 March 2013 01:17 PM

ඔබ ගත් තීරණය හොදයි. දියුණු තාක්ෂණය යොදාගෙන ඔබට බැරිද ඔහේ ඉදගෙනම සිංදු කියන්න? (නි)

:       0       0

මාරසිංහ Thursday, 07 March 2013 01:19 PM

රුවිනි, ලංකාව එක් සුන්දර රටක් වුවත් එහි මනුස්සකමක් නැහැ. (නි)

:       0       0

චූලා Thursday, 07 March 2013 01:24 PM

මෙහේ වගේ නෙමෙයි, එහේ අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහන්න කවුරුත් නැහැ. (නි)

:       0       0

ජයා Tuesday, 05 March 2013 09:57 PM

කලාකරුවෙක් හා දේශපාලඥයෙක් කියන්නේ අහසට පොලව වගේ. සංවේදී කලාකරුවෙකුට දේශපාලඥයෙක් වෙන්න බැහැ. මගේ කැමැත්ත කලාකරුවාටයි. (නි)

:       0       0

සෑම් Monday, 04 March 2013 10:33 PM

ඇයි ලංකාවේ ළමයි ඉස්කෝලේ දාන්න අමාරුද? (නි)

:       0       0

පද්මා Friday, 08 March 2013 08:46 PM

ඔහේ නීතිය නම් හරිම ෂෝක් නේද? (නි)

:       0       0

මහේෂ්වරන් Friday, 08 March 2013 08:47 PM

මාත් ඉන්නේ සුන්දර කැනඩාවල, මෙහේ කාටවත් සර් කියන්න දෙකට නැමෙන්න ඕනේ නැහැ.(නදී)

:       0       0

පද්මිණි Thursday, 07 March 2013 03:06 AM

ඔබේ පවුලේ සැමට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

ඒකනායක Sunday, 17 March 2013 06:52 AM

කියලා වැඩක් නැහැ ලංකාව ගැන නම්. (නි)

:       0       0

ප්‍රේමා Friday, 08 March 2013 09:50 PM

අයියයි, මල්ලියි දෙන්නම එක වගේනේ.(නදී)

:       0       0

විදේශ් Sunday, 24 March 2013 02:19 PM

මේකට අදහස් දාන සමහර අය මේ ලෝකේ ඉන්න අයද කියලා හිතෙනවා ඒවා කියවනකොට. අනාගතයේදී එහෙ ඉන්න සිංහලයෝ ආපසු යවන්න කියලා එහෙ ඉන්න දෙමලු ටික කිව්වොත් ලංකාවට අපහාස කර කර එහෙට වෙලා ඉන්න සිංහල අයියලටයි අක්කලටයි ආපහු ලංකාවට ඇවිත් පරිප්පුයි බතුයි කන්න වෙයි.ඒ හින්ද පරිස්සමින්! (නි)

:       0       0

නිල්මිණි Tuesday, 05 March 2013 01:42 AM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

චම්පි Sunday, 03 March 2013 08:48 PM

අනේ ඔබත් ලංකාව හැරගියාද? ගොඩක් කණගාටුයි. (නි)

:       0       0

රත්නායක Friday, 15 March 2013 10:54 AM

දයාසිරි මහත්තයෝ, ඔය නම් ඔහොම කළකිරෙන්න එපා. සුදුසු පුද්ගලයෙකුගේ දෑත් ශක්තිමත් කරන්න ගියා නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

රේණුකා Sunday, 03 March 2013 09:03 PM

ඔව්.(නදී)

:       0       0

නිලා Monday, 04 March 2013 10:53 AM

ඔබ දෙදෙනාටම මම සුබපතනවා (දී)

:       0       0

රංග Monday, 04 March 2013 10:54 AM

දේශපාලනය කියන්නේ මම කතා නොකරන මාතෘකාවක් (දී)

:       0       0

අසේල Monday, 04 March 2013 10:56 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

පාලිත Thursday, 07 March 2013 08:15 AM

අනේ ඔබ දේශපාලනයෙන් නම් අයින් වෙන්න එපා (දී)

:       0       0

ප්‍රියා Sunday, 03 March 2013 11:10 AM

කොහොම වුණත් හුගක් දෙනාගේ බලාපොරොත්තුව බටහිර රටක ජිවත් වීමයි. (නි)

:       0       0

මාලක Monday, 04 March 2013 11:00 AM

කනගාටු දායක පුවතක්. ඔබගේ ගීත අපි තවම රස විදිනවා (දී)

:       0       0

සේන Saturday, 09 March 2013 12:08 AM

මෙහෙ නීතිය ජනාධිපතිටත් එකයි. අපිටත් එකයි. මහ රෑක උනත් පාරේ ගෑණියෙකුට යන්න පුළුවන්.(නදී)

:       0       0

රුවිනි Wednesday, 06 March 2013 01:51 AM

කිත්සිරි මහත්මයා, ඔබ ලබන වසරේ නැවත අපේ රට අගය කරන්න පටන් ගනීවි. උපන් රටේ අගය දැනෙන්නේ බටහිර අය එපා වෙනකොට. කරුණාකර මේ ගැන තව ටිකක් හිතලා නැවත ලංකාවට සේවය කරන්න. අපි ඉපදුන සුන්දර රට. සල්ලි ටිකක් හොයාගෙන ඔබ පමනක් වත් නැවත ඇවිත් බාලපරපුරට අපේ සංගීතය දෙන්න.(නදී)

:       0       0

සුධීර Saturday, 09 March 2013 01:55 PM

එහෙත් මෙහේ වගේ ඇදුනුම්කමක් ඕනෑද රස්සා වලට යන්න? (නි)

:       0       0

රාණි Thursday, 07 March 2013 08:55 AM

ඇයි රුවිනි, සල්ලි විතරද ජීවිතේ? (නි)

:       0       0

සමන් Saturday, 09 March 2013 01:25 AM

රුවිනි සල්ලි නම් ලංකාවේ ඉදගෙන උනත් හම්බ කරන්න පුළුවන්. ගොඩක් මිනිස්සු රට හැරයන්නේ නිදහස්, සාධාරණ සමාජයක් සාධාරණ ජීවිතයක් හොයාගෙන.(නදී)

:       0       0

මාලක Saturday, 09 March 2013 02:00 PM

මෙහේ බස් එකක වත් යන්න බැහැලු. හැබැයි කියන්නේ නම් අපිලු උත්තම ජාතිය...?? (නි)

:       0       0

මදුරංග Thursday, 07 March 2013 09:06 AM

මම ඔබ දෙන්නාටම සුභ පතනවා. ලංකාවට ඉක්මනටම එන්න (දී)

:       0       0

රීටා Tuesday, 05 March 2013 01:21 PM

මාත් ඉන්නේ කැනඩාවේ. මෙහි ඇත්ත තත්වය කිව්වට ස්තූතියි (ස)

:       0       0

මහින්ද Thursday, 07 March 2013 09:06 AM

ඔබ මා ඇතුළු සැවොම දේශපාලනය ගැන කල කිරිලා (දී)

:       0       0

මහේෂ් Thursday, 07 March 2013 09:02 AM

ලංකාවේ අපිත් දැන් නම් කල කිරිලා ඉන්නේ (දී)

:       0       0

මදුෂා Thursday, 07 March 2013 09:02 AM

අපි වෙනුවෙන් නැවත ලංකාවට එන්න (දී)

:       0       0

සේනක Tuesday, 05 March 2013 01:20 PM

සුබපතනවා ඔබට. ලංකාවට එන්න (දී)

:       0       0

නලනී Saturday, 09 March 2013 02:30 PM

එහෙනම් අපි ගැන හිතා ගන්න පුළුවන් නේද (දී)

:       0       0

ෂෙහාන් Monday, 04 March 2013 12:38 AM

අපි කවුරුත් එහෙමතමයි (දී)

:       0       0

ලංකා Sunday, 24 March 2013 08:01 AM

දේශපාලනය ගැන නම් කතා කරන්න එපා (දී)

:       0       0

ලසන්ත Sunday, 10 March 2013 03:38 AM

ඔබතුමා හරිම වාසනාවන්තයි. බුදු සරණයි! (නි)

:       0       0

දිසානායක Monday, 04 March 2013 01:00 AM

රේණුකා මොකටද ඔව් කිව්වේ.(නදී)

:       0       0

මිලින්ද Saturday, 16 March 2013 11:45 PM

මේ වචන මෙහෙ අයට කියන්න දවස උද කරන්න පුළුවන් කාටද? "නිදහස අතින් ලංකාව ඉතාම හොඳයි. මිනිසුන්ට ජීවත්වීම බරපතළ නැහැ. ඔවුනට ජීවිතය ලැබී තිබෙනවා. මෙහේ අධ්‍යාපනයත් ඉතා ක‍්‍රමවත්" (නි)

:       0       0

මාලක Tuesday, 05 March 2013 02:11 PM

සෑම් ඉන්නේ ලංකාවෙද? (නි)

:       0       0

සම්පත් Friday, 08 March 2013 10:32 AM

රටේ දක්ෂකම් ඇති අය රට හැරයාම මහ අපරාධයක්. (නි)

:       0       0

චින්තක Wednesday, 13 March 2013 05:21 PM

අනේ සර් එහෙමනම් කියන්න එපා (දී)

:       0       0

මෙන්ඩිස් Tuesday, 05 March 2013 08:29 PM

මේ චරිත දෙකම රටේ පිළිගත්ත චරිත. ඔබ දෙපල ක්ෂේත්‍ර දෙකක වැඩකලත් හොදින් වැඩ කරනවා. මම සුභ පතනවා (දී)

:       0       0

චන්න Monday, 04 March 2013 02:06 PM

ඔබ දෙපලට අපි සුබපතනවා (දී)

:       0       0

සුමති Monday, 04 March 2013 07:46 AM

අනේ දයා, ඔයත් යනවද? (නි)

:       0       0

සංජු Thursday, 07 March 2013 12:31 PM

මමනම් හිතන්නේ දැන් කවුරුවත් දේශපාලනයට කැමති නැහැ (දී)

:       0       0

වරුණ Monday, 04 March 2013 08:02 AM

ඔය දේශපාලන වළේ වැටුණොත් ජීවිතේම දුකක් තමයි. (නි)

:       0       0

ශිලා Thursday, 07 March 2013 12:47 PM

ඇත්ත වෙන්න පුළුවන් (දී)

:       0       0

අජන්ත Tuesday, 05 March 2013 10:28 AM

දේශපාලනය කියන්නේ මහජන සේවයක්, වෙලාවකට කලකිරෙනවා තමයි. ඒ හැටි. මොනවා කරන්නද, ගණන් ගන්න එපා (දී)

:       0       0

ජීව Wednesday, 06 March 2013 09:11 AM

සුභපැතුම් (දී)

:       0       0

සුරංග Wednesday, 06 March 2013 09:17 AM

මොනවා කරන්නද? (දී)

:       0       0

ෆ්‍රැන්සි Saturday, 16 March 2013 05:40 PM

ඒ උනාට ඔබ දේශපාලනයෙන් ඉවත් වෙන්න එපා

:       0       0

පාලින්ද Thursday, 07 March 2013 01:06 PM

ඔබ දෙපලටම අපි ආදරෙයි (දී)

:       0       0

සුමිත් Thursday, 07 March 2013 01:07 PM

ජයවේවා (දී)

:       0       0

නිර්මල Thursday, 07 March 2013 01:08 PM

ඔබතුමාට හරියන්නේ දේශපාලනය නොවෙයි සින්දු කියන එක (දී)

:       0       0

මහේෂ්වරන් Thursday, 07 March 2013 01:10 PM

ලංකාවේ මනුස්සකම් සීඝ්‍රයෙන් පිරිහෙනවා. ඒ අතින් එහේ හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 7 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 26 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 922 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1369 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2045 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 505 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site