පොට්සිටි නගරය තැනීමට මීගමු මුහුදෙන් වැලි ගනිතියි විරෝධය පාමින් මීගමු ධීවරයෝ පිරිසක් පුත්තලම-කොළඹ දුම්රිය මාර්ගය අවහිර කරමින් අද (17) පෙරවරුවේ සිට උද්ඝෝෂණයක නිරත වෙති.
හලාවත-පුත්තලම විකල්ප මාර්ග අවහිර කරමින් ඔවුහු විරෝධතාවයේ නියැලෙති
පොට්සිටි නගරය තැනීමට මීගමු මුහුදෙන් වැලි ගනිතියි විරෝධය පාමින් මීගමු ධීවරයෝ පිරිසක් පුත්තලම-කොළඹ දුම්රිය මාර්ගය අවහිර කරමින් අද (17) පෙරවරුවේ සිට උද්ඝෝෂණයක නිරත වෙති.
හලාවත-පුත්තලම විකල්ප මාර්ග අවහිර කරමින් ඔවුහු විරෝධතාවයේ නියැලෙති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම මේ වගේ දෙයක් වෙනවා නම් විරුද්ධ වෙන්න ඕනෑ. මේ ව්‍යාපෘතිය හින්දා වාසි ලැබෙන්නේ, රැකියා ලැබෙන්නේ ඔය ධීවරයන්ට නෙමෙයි. මීගමුවේ මුහුද විනාශවෙලා මාළු සම්පත නැතිවුණාම ඔය පළාතේ ඉන්න විශාල පිරිසකට වෙන්නේ මුහුදේ පනින්න තමයි (නි)
ඉතින් මීගමුවේ වෙරළෙන් වැලි ගන්නවා නම්, එතනට ගිහින් වැලි ගන්න අයව ගහලා එළවන්නකෝ, ජනතාවට පව් නොදී. (නි)
පොර්ට් සිටි කියන්නේ දේව සාපයක්. මේ ආණ්ඩුවත් බලයට එනකම් කෑගැසුවා මේක කිසිම පාරිසරික අධ්‍යනයකින් තොරව ආරම්භ කරපු ව්‍යාපෘතියක් එනිසා නවත්වනවා කියල. දැන් ඒ මිනිස්සුම ආයේ පටන් අරගෙන කරගෙන යනවා. පරිසරය වනසමින් කරන සංවර්ධනයෙන් ලැබෙන ප්‍රතිලාභය මේ සඳහා කරනු ලබන ආයෝජනය සහ අනාගතයේදී මුහුණපෑමට සිදුවන විපාකයන්ගේ අගය යම්කිසිලෙසකින් මැනිය හැකිනම්, එහි අගයට බොහෝසෙයින් පරස්පරයි. හොඳම උදාහරණෙ තමයි රතුපස්වල කර්මාන්තශාලාව, එකෙන් මුලින් ගමේ මිනිස්සුන්ට රැකියාවල් ලැබුන. මිනිස්සුන්ගේ අතට සල්ලි ආවා. සංවර්ධනයක් තිබුණා. නමුත් පහුවෙද්දී ඒ මිනිස්සුන්ට බොන්න වතුර ටිකත් නැති වුණා. ඒ මිනුස්සුන්ම පාරට ඇවිල්ල කිව්වා කර්මාන්තශාලාව වහන්න කියල. (අ)
මේ අයගේ ප්‍රධානම අරමුණ මහජනතාව පීඩාවට පත්කිරීමයි (හේ)
ජයපාල.. තුවාලේ තියන මනුස්සයට තමයි වේදනාව. ඔයාගේ රස්සාවටත් මොනයම් විදිහක තර්ජනයක් අවොත් ඔයා කරන්නෙත් මේ ටිකම තමයි. මේ මිනිස්සු වැරදි නැත්තේ, මේ ඔව්න්ගේ පළමු ප්‍රයත්නය නොවන නිසා. මොවුන් ගොඩක් දේවල් කෙරුව මේ වෙනුවෙන්, පසුගිය ආණ්ඩුව පෙරලද්දීත් මේක ලොකු සටන් පාඨයක්. (අ)
ජයපාල මේ ගොල්ලෝ දිනපතා ජීවත් වෙන්න ගන්න දුක දකිනවනම්, ඔහොම කියන්නේ නෑ.(අ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
දේශපාලන අතකොලු නොවී නීතිගරුක පුරවැසියන් ලෙස රට ගොඩනඟන්න උදව් වෙන්න. (නි)
පණ්ඩිතයට ඒ දණ්ඩෙන් යන්නත් බැරිකොට පෝර්ට් සිටි වගේ මෙගා ව්‍යාපෘතියක් කරන්නේ කොහොමද? අටුව කඩලා පුටුව හදන වඩු බාස්ලා හා එකක් කඩතොළු හදාගන්නට ගොස් දෙකක් කඩතොළු හදාදුන් ආචාරිලාත් ලංකාවේ හිඟයක් නැහැ. (නි)
රවිඳු, වෙරළෙන් නෙමෙයිනේ ගන්නේ, මුහුද හාරලා ගන්නේ. එතකොට පාරිසරික සමතුලිතතාවය බිඳෙනවා. මුහුදේ ගැඹුර වැඩි වුණාම අර හිස්වෙන ප්‍රමාණයට ගොඩබිමෙන් තමා ඛාදනය වෙලා යන්නේ. එතකොට මේ මිනිසුන්ගේ ගෙවල් පවා යනවා. (නි)
මුහුදෙන් වැලි ගන්න එක අද ඊයේ කළ දෙයක් නොවෙයි. හරියට වෙරළ ඛාදනය ගැන, මත්ස්‍ය සම්පත තිරසාරව නෙළාගන්න එක කරන කට්ටියක්නේ කෑ ගහන්නේ. අනික වැලි ගන්න එක ප්‍රශ්නයක් නම් ඒ හාරන කට්ටියත් එක්ක බේර ගන්න. පාර වහන්න ඕනෑ නැහැනේ. නැත්නම් අධිකරණයට යන්න. (නි)
හොඳම වැඩේ කිසිම සංවර්ධනය වැඩක් නොකර ඉන්න එක. මෙහම හිතන මින්සුන් සිටින රටක් සංවර්ධනය කරන එක හීනයක් පමණි. (නි)
වැලි කනින්නේ ගැබුරු මුහුදේ ගොඩබිම නෙවේ ඩුබායි වල මුහුද ගොඩකරලා ඕනේ තරම් නගර හදලා තියනවා එතකොට ඒ මිනිස්සුත් මෙහෙම් පාරවල් වහගෙන උද්ගෝෂණ කලානම් මේ තරම් ඉදිරියට යන්න පුලුවන්ද අපිට වෙලා තියෙන්නේ හැම දෙයක්ම දේශපාලනේ වෙලා පාරවල් වහල සාමාන්‍ය ජනජීවිතයට හානි කරපුහම රට තවත් පස්සට යනවා මිසක් ලැබෙන දෙයක් නැහැ. (ර)