IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මගීයාගේ ඔළුව පලා පොලිසිය පනස්දහසක් ගෙවයි

දුම්රිය සේවක වර්ජනයක දී කොටුව දුම්රියපොළේදී පොලිසියේ පහර  කෑමට  ලක් වු  දුමින්ද  හපුආරච්චි නම්  දුම්රිය මගීයාට රුපියල්  පනස් දහසක වන්දි ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද නියෝග කළාය.

2014 අප්‍රේල්  22 වැනි දා පොලිස් පහර දීමෙන්  හිස තුවාල වී  ජාතික රෝහලේ ප්‍රතිකාර  ලැබු බව හපුආරච්චි මහතාගේ  පැමිණිල්ලේ සඳහන් විය. පොලිස්පතිට  හා  නීතිපතිට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

හපුආරච්චි මහතා සෙලාන් සංවර්ධන සමාගමේ පරිපාලන කළමනාකාරවරයකු ලෙස සේවය කරයි.

 

IMG_7012

වීඩියෝ හා ඡායාරූප - කෞශල්‍ය සමින්ද

duminda-hapuarachchi

 

 



අදහස් (0)

මගීයාගේ ඔළුව පලා පොලිසිය පනස්දහසක් ගෙවයි

චින්තක Tuesday, 09 February 2016 09:20 AM

පොලිසියෙන් මගේ කාර් එක කිසිම වරදක් නැතිව ගිය සතියේ නතර කලා වරදක් නොකළ බව කීවම නිවැරදි බව උසාවියේදී ඔප්පුකරන මෙන් පවසා රියදුරු බලපත්‍රය තබාගෙන උසාවි දිනයක් ලබාදුන්නා . (ර)

:       0       0

නජීව Tuesday, 09 February 2016 09:37 AM

බොරු කියන්න එපා චින්තක ඕක වෙන්න ඇත්තේ 2014 අවුරුද්දේ. (අ)

:       0       0

වරැණ Tuesday, 09 February 2016 05:01 AM

ඔය පහුගිය ආණ්ඩුව කලේ පොලිසිය කරපු තවත් අමන වැඩක් පාරේ ගිය අසරණයෙක්ට ගහල හොද වැඩේ පොලොසියට ලයිසන් චන්ඩි වෙන්න ගිහින් කෝ අර මාගේ..කුරුල්ලා එයාගේ නියෝග තමා මේවා. (රේ)

:       0       0

දහම් අල්විස් Tuesday, 09 February 2016 09:53 AM

මේ මුදල් දෙන්නෙත් ජනතාවගේ මුදලින්මයි. ඉතින් පොලිසිය කවදාකවත් හැදෙන්නේ නැහැ. මොන වරදක් කලත් ඔවුන්ට පුද්ගලිකව දඩුවමක් ලැබෙන්නේ නැති බව දන්නා නිසා. (කෞ)

:       0       0

තුසිත Tuesday, 09 February 2016 10:02 AM

කාගේ පැලුවත් 50000 නම් මටත් ඉන්නවා රජයේ ඉන්න ඇමතිලා කීප දෙනෙක් සහ හිටපු ඇමතිලා කීප දෙනෙක් ඔලු පලන්න.ඊටපස්සේ 50000 ගානේ ගෙවන එක නේ තියෙන්නේ......(කෞ)

:       0       0

කමල් Tuesday, 09 February 2016 05:20 AM

වන්දි ගෙවලා විතරක් මදි. මේ වගේ අය පොලිසියෙන් ඉවත්කරන ක්‍රමවේදයක් ඇති කළයුතුයි. නැත්නම් නිලයෙන් පහළ දමා නැවත කිසිදින උසස්වීම් නොදෙන ක්‍රමවේදයක් ඇති කළයුතුයි. නමුත් කාටද ඇත්තටම ගුණාත්මක පොලිසියක් හදන්න අවංක උවමනාවක් තියෙන්නේ? (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 09 February 2016 05:28 AM

ගරු ,විනිසුරු තුමියට අපේ ප්‍රණාමය නිතිය නියම විදියට පොලිසියට කියා දීම ගැන ,(ම)

:       0       0

කින් බෙනට් Tuesday, 09 February 2016 10:14 AM

වන්දි මුදල මදි ..(කෞ)

:       0       0

උදාර Tuesday, 09 February 2016 11:03 AM

රුපියල් 150,000 ගෙවන්න තිබ්බේ (හේ)

:       0       0

හෆීල් Tuesday, 09 February 2016 08:10 AM

පොලීසියට විතරක් දොස් කියල හරියන්නේ. ඒ කලේ පොලීසිය හැසිරුනේ පාලකයන්ගේ උවමනාවට. (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 216 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1822 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 219 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 841 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 991 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1210 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37575 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site