මහනුවර අස්ගිරියේදී පොලිස් නිල සුනඛ මඟුලේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයකට හානියක් සිදු කිරීම නොවන බවත්, එම වැඩ පිළිවෙළින් යම් කිසිවකුට අපහසුවක් වූයේ නම් පොලිසිය බලවත් කණගාටුව පළ කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
සංස්කෘතික ඇමැති ටී බී ඒකනායක මහතා මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිට දන්වා තිබිණි.
පොලිස් සුනඛයන් කරකාර බන්දවා පෝරුවට නැංවීමත්, ඒ සඳහා සිංහල සංස්කෘතියේ පාරිශුද්ධ වස්තු ලෙස සැලකෙන පුන්කලස්, ගොක්කොළ හා පොල් මල් යොදා ගැනීමත් ඇමැතිගේ විරෝධයට හේතු විය.
පොලිසිය කියනුයේ ඡායාරූප ගැනීම සඳහා ප්ලාස්ටික්වලින් තැනූ කුඩා පීටිකාවක් මත බලු ජෝඩු නංවා ඡායාරූප ගත් බවයි.
එය මංගල පෝරුවක් නොවන බවත්, ඡායාරූප ගැනීමේ කාර්ය සඳහාම සැරසූ වේදිකාවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
මේ උත්සවයේ සමහර අංග සිංහල සංස්කෘතියට නොගැලපෙන බව සිංහල රාවය ද තමාට දන්වා ඇතැයි ද, පොලිසිය සැමවිටම සියලු ජනතාවගේ සංස්කෘතිය උරුමයට ගරු කරන බව ද ඔහු කියයි.
නිල සුනඛයන් පිටරටින් ගෙන්වීමට යන ධනස්කන්ධය ඉතිරි කර ගැනීම සඳහාත්, මෙරට දේශගුණයට හා ආහාරවලට හුරු සුනඛයන් හුරු බිහි කිරීම සඳහාත් පශූ වෛද්‍ය නිර්දේශ මත අභිජනනය සඳහා තෝරා ගත් සුනඛයනට අභිජනන සහතික දුන් බවත් ඔහු කියයි.
2011 දී පමණක් නෙදර්ලන්තයෙන් සුනඛයන් ගෙන්වීමට රුපියල් හත් කෝටියක් වැය කළ බව ද, එතෙර ඇදී යන රට සල්ලි ශ්‍රී ලංකාවේ නතර කර ගැනීම මේ ව්‍යාපෘතියේ අරමුණ බව ද ඔහු අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් අපේ අය පිටරටින් මොනවා ගේන්න ගියත් එකට තුනක්වත් වියදම යනවා . ජෝඩුවක් ලක්ෂ එකහමාර ගානේ ගෙනාවත් ජෝඩු 350ක් ගේන්න පුළුවන්නේ කෝටි 7 කට. (ස)
පොලිසියෙන් මීට වඩා හොඳ දේවල් සංස්කෘතියට එකතු කරයි කියලා හිතන අපියි මෝඩයෝ.මොනවා වුනත් ඒකනායක මහතාට මේකට විරුද්ධවීම ගැන සතුටු වෙනවා. (ස)
මංගල උළෙලට කීයක් ගියාද දන්නේ නෑ, අඩු ගානේ කෝටියක්වත්. (ස)
ඉන්දියාවේත් තියෙනවා මෙහෙම විකාර
අපේ සංස්කෘතිය වනසල ඉවරි නේ> ඇමති තුමා නිදගෙනද හිටියේ මෙච්චර කල්. අපේ පුරාවස්තු කොල්ලකාලා පිට රට යවනවා කිසිම පියවරක් අරන් නැහැ පුරාවස්තු ආරක්ෂා කරන්න. බල්ලෙක් අල්ලාගෙන කෑගහනවා. (දී)
ෆොටෝ එක ලස්සනයි!
මගුල් උත්සවයට කියක් නම් ගියාද (දී)
ඔන්න දැන් ඉතින් කසාද බැදල තියෙන්නේ මිනිස්සු වගේ දඩාවතේ යනවා එහෙම නෙවි. (දී)
නව යුවල හිනාවෙවී ඉන්නේ කොච්චර සතුටින්ද? දෙපාර්ශවයේ ඥාතීන් එක්ක ඉඳන් මෙහෙම පොටෝවලට පෙනී සිටීමෙන් ලැබෙන සතුට ලබන්න පුලුවන්ද?
පොලියේ අරමුණ පැහැදිලියි, හොද බලු පැටවුන් ලබා ගැනීම. ඒත් ඔය උත්සවයේ තේරුම මොකක්ද? අඩුම ගානේ බල්ලට දැනෙනවද පොලිසියෙන් මට මෙහෙම දෙයක් කළා කියලා. බල්ලන් අභිජනනය කරලා පැටවෙක් ගන්න ඔච්චර දගලන්න ඕනෑද? අනේ මට නම් තේරෙන්නේ නැහැ. මම අහන්නේ, ඒකට මෙච්චර සල්ලි නාස්තිකරලා උත්සවයක් කරන්න ඕනෑද? නිලදාරීන් කීදෙනෙක් ආවද ඕකට, ඒවාට ඉන්ධන, බටා, කෑම බිම,වාහන කුලී ඒවා ගෙවන්නේ කවුද? ඇයි මේ තරම් සල්ලියක් නාස්ති කරන්නේ? මේවා ජනතාවගේ සල්ලි නේද? මේවා දැක්කහම මිනිසුන්ට රට ගැන තියෙන කැක්කුම ටික ටික අඩුවෙනවා, මීට වඩා කරන්න දේවල් ඇත්තෙම නැද්ද ලංකාවේ පොලිසියට? (නි)
පොලිසියෙන් මීට වඩා හොඳ දේවල් සංස්කෘතියට එකතු කරයි කියලා හිතන අපියි මෝඩයෝ. මොනවා වුනත් ඒකනායක මහතා මේකට විරුද්ධ වීම ගැන සතුටු වෙනවා. (නි) .
කණගාටුව පළ කරන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැ මම හිතන්නේ (නි)
මීට වඩා කරන්න දේවල් හුගාක් තිබෙනවා (නි)
මෙය විරෝධාර සුනඛයින්ට කරපු කලගුණ සැළකීමක්. සංස්කෘතිය වනසන දේවල් ඕනෑතරම් රටේ සිදු වෙමින් පවතිනවා. මේ සතුන්ට ඊර්ෂ්‍යා නොකර ඉන්නවද?පොලිස් පතිතුමාත් කණගාටු වෙන්න ඕනෑ නැහැ. (නි)
කන්න නැතිව ළමයි ළිං වලට පැනලා මැරෙනවා. මේ බල්ලොන්ට මොන මඟුල්ද? මේ ගොල්ලො මේතරම් මෝඩ රැලක්. කලොත් විකාර. (ස)
පොලිසිය නියම වැඩක් කරලා තියෙන්නේ අනුන්ගේ මඟුල් වලට පැනලා ගහන්නේ නැතුව. කොහොම වුනත් ලංකාවේ පෝරු වලට දැන් නම් මේ සත්තුන්ටත් අන්ත වෙච්ච අය නැගලා පුන් කලස් තියලා ඒවා පෙරළලා කන පැලෙන්න බීලා ටයි කෝට් කලිසම් ගැලවෙනකම් නටලා, රන්ඩුත් වෙලා, පිහියෙනුත් ඇනලා, කෑමත් හලලා මොනවාහරි හොරෙන් අරගෙනත් යනවා. ඒකත් අපේ සංස්කෘතියට හරි ද මන්දා. (ස)
බලු මගුලකින්ම පටන් ගත්තා නේද එහෙනම්? (නි)
බල්ලන්ට මඟුල් ද අවමඟුල්ද කියලවත් තේරෙන්නේ නෑ..මේ සල්ලි වලින් මුන්ට හොඳට කන්න දුන්නම් නම් ඉවරයි..මේවත් කරන්න ඕනේ වැඩ ද ?? (ස)
මා නම් ආයේ ජීවිතේට පෝරුවට නගින්නේ නෑ. බල්ලොත් නැගපු පෝරුව! (දී)
පෝරුවට නැංවීමට විරුද්ධව මගේ විරෝධය දක්වන අතර පෝරුව මතට නන්වපු නව යුවලට බලු ජෝඩුව ලෙස පැවසීමට මගේ දැඩි විරෝධය ප්‍රකාශ කරමි. (දී)
කියලා වැඩක් නෑ. මල විකාරම තමා මේවා නම්,පිස්සු හැදෙනවා.මෙයාලට ලජ්ජා නෑනේ ඒ මදිවට ෆොටෝ වලටත් ඉන්නවා. රටේ සල්ලි නාස්ති වෙනවා කියලා වෙන කරන්න දේවල් නෑ වගේ. (ස)
අපේ සිංහල සස්කෘතියට අගෞරවය නොකළ යුතුයි. බලු මගුල් මොකටද?. මිනිසුන් හා බල්ලන් සමාන නොකළ යුතුයි. බල්ලන් පුරුදු කල යුතුයි හොරුන් , මිනීමරුවන් අල්ලන්න. ඒවාට උන්ට හොඳ කෑම, බීම සහ රැක බලාගත්තම ඇති. (ස)
මංගල පෝරුව බල්ලට දැම්මේ නැහැ. බල්ලෝ මංගල පෝරුවට දැම්මා. (ස)
මේක හොද වැඩක්, සතුන්ටත් අයිතිවාසිකම් තියනවා, දියුණු රටක දර්ශකයක් මේක. කැසිනෝ, වයින් ස්ටෝර්ස් වලට අනුබල දෙමින් නිහඩව සිටීම සංස්කෘතික ඇමැති කෙනෙකුගෙන් බලාපොරොත්තු විය යුතුද? (දී)
පොලිසියේ නම තියෙනවා මදි වෙලාද මෙහෙම වැඩ කරන්නේ (දී)
බල්ලන් පිටරටින් නැවත නැවත ගෙන්න වියදම් වෙන මුදල නවත්තන්න කළ තීරණය හොදයි. නමුත්, බල්ලන් සම්බන්ධව මේ වගේ දෙයක් කරලා පොලිස් දෙපාර්තමේන්තුවම හාස්‍යයට ලක්වන අන්දමේ තීරණය කරපු පොලිසියේ ලොකු මහත්තුරු දැනගෙන ඉදලා නැහැ වගේ "බල්ලන් ට පීනන්න උගනන්න ඕනෑ නැහැ" කියන කතාව (නි)
පොලිසියට යන මිනිස්සුන්ට බලු සැලකිලි ..බල්ලන්ට රජ සැලකිලි (ස)
අර හෝටල් වලට පැනලා අල්ලන හොර ජෝඩු වලටත් පොලිසිය අනාගතේ පෝරු වලට නංවන වැඩ සටහනක් අරඹන්න පෙරහුරුවක් මේ තියලා තියෙන්නේ. (ස)
කවුරු කොහොම කිවුවත් ලංකාවේ මනුස්සයට වඩා බල්ලට කලෙහි ගුණය කියනදේ දන්නවා... අවසානේ බල්ලා නකුට හරි වනනවා ... මනුස්සයා කන්න දුන්න අත හපා කනවා... (ස)
අනේ හොඳයි...දැන් කසාඳ බැඳලා තියන නිසා ...ළමයි ලැබුනම හොඳ පාසලකට ඇරලා උගන්නලා..උපාදියක් අරන් දෙන්න.කොහොම නමුත් කාලෙට ගැලපෙන වැඩක්...මේකට කවුද දන්නෑ සාක්කියට අත්සන් කරේ.... (ස)
ජපානයේ බල්ලන්ට සලකන විදිය හොයලා බලන්න; බල්ලාගේ සොහොනට විතරක් මිලියන ගනනක් වියදම් කරනවා.සතෙකුට ආදරය කරන්න පුරුදුවෙන්න (නි)
මේකෙ පෝරුවක් නැහැනෙ? ගොක්කොල සැරසිලි දෙකක් නම් තියනවා. ඒත් ඒවා පුන් කලස් ද කියලා මම නම් දන්නෙ නැහැ. (නි)
මේවා මහා බහුබූත වැඩ. උන් දෙන්නා දෙන්නා කුඩුවලට දාලා කන්න බොන්න දෙන එකනේ කරන්න ඕනෑ. (නි)
අනේ අපේ රටට ගිය කලක්. මේ වැඩේ කරගන්න මේ තරම් ගොන් වැඩ කරන්නම ඕනෙද? (ස)
අද හැමදෙම බල්ලට ගිහින් තියෙන එකේ මංගල පෝරුවත් බල්ලට ගියාට මක් වෙනවද එක අතකට බැලුවහම (ස)
පෝරුව, පුන්කලස්, මංගල ඇඳුම්, මදුසමය මේවා ඔය බල්ලන්ට තේරෙන්නෙ නැහැ.ලෑලි පෙට්ටියකට නැග්ගත් මගුල් මොහොතෙ, ඒක පෝරුවක්.හෙළ සංස්තෘතියට අවමන් කළේ නැහැ කීවට දැන් පිළිගන්න බැහැ.වැඩේ කරලා කනගාටුව ප්‍රකාශ කරන්නෙ වැරැද්දක් කල බව කීමටයි.මෙතන අපේ රාළහාමිලා පාඩමට ගන්න ඇති.ඇමතිතුමනි මේකට ගිය මුදල කොහෙන්ද වියදම් වුණෙ කියලා හොයන්න.මෙයට අනුමැතිය ලැබුණෙ කොහොමද කියලා හොයන්න. (ස)
පොලිසිය කොහොමත් වැඩිපුර කරන්නේ ඔහොම වැඩ තමයි (නි)
1 වන රූපයේ ඉන්නේ කවුද? මගුල් ගෙදරක ගහන පීඨිකාවට අපි කියන්නේ පෝරුව කියලා රාළහාමි. (නි)
අෂ්ටක කිව්වේ කව්ද දන්නෙ නැහැ නේද? (නි)
දැන් තමා පොලිසිය තමන්ට නියම තැනට ඇවිල්ලා ඉන්නේ. දේශපාලකයෝ සංස්කෘතිය බල්ලට දාලා, පොලිසිය දේශපාලනීකරණය කරලා තියෙන වෙලාවේ පොලිසිය ඒක ආදර්ශයෙන්ම පෙන්නලා දීලා තියෙන එක ගැන මොකද කියන්නේ? (නි)
මේ වැඩේට වියදම් කලේ මහජන මුදල් නේද ??? පොලිසියට වැඩ නැත්ද? (ස)
අනේ මෙහෙමත් මී හරක් ඉන්නවනේ ලංකාවේ. (ස)
පුවත්පත් වල මංගල දැන්වීම් දැක්කම දුක හිතෙනවා. මගුල් ගන්න මුදල් නැතිව එහෙම නැත්නම් බඳින්න කෙනෙක් හොයාගන්න තියෙන අමාරුව දැක්කම. අපේ රටේ තරුණ අය වැඩි හරියක් (පිරිමි) එක්කෝ මැරිලා නැත්නම් අංග විකල වෙලා.ඒකට අපේ පොලිස් බල්ලෝ කොතරම් පින් කරලා තියෙනවද? මෙහෙම ගියොත් අපේ කෙල්ලන්ටත් ඉතින් බලු පිහිටද මන්දා. (ස)
වැඩකට ඇති, හොඳ වර්ගයේ අයගේ බෝවීමක් නැතුවට මේ රටේ අඟලක් ගානේ වල් බල්ලෝ බෝවෙලා. (ස)
මේ නොදන්නාකමට අහන්නේ? මේ සුනඛයන්ට රාජකාරියෙන් නිදහස්ව ඉන්න වෙලාවට නිදහසේ හැසිරෙන්න දෙන්නේ නැද්ද? මගුලක් අරගෙනම ඒ අවස්ථාව දුන්ො කියන නිසා එහෙම අහන්න හිතුණා..සමාවෙන්න ඕන වැරදි දෙයක් ඇහුව කියලා හිතෙනවනම්.... (ස)
හරිම ලස්සන වැඩක් කරලා තියෙන්නේ. දැන් ලෝකය උඩුකුරු යටිකුරු වෙලා. (ස)
බල්ලා අනාචාරයේ හැසිරුනොත් බලු හාමිනේට පොලිසියෙන් කිසියම් සහනයක් ලබාගන්න හෝ දික්කසාද නඩුවක් දාන්න පුලුවන්ද? කොහොම වුනත් මංගල්ලේ සාක්කියට අපේ ප්‍රසිද්ධ ඇමතිවරු දෙන්නෙක් දාන්න තිබුණා. එහෙම වුනා නම් පංකාදුයි! (නි)
මේ උත්සවය ලස්සනයි. හොද වැඩක්. අහිංසක උත්සවයක්. මේක මහා ලොකු ප්‍රශ්නයක් කරගන්නේ බොරු ප්‍රසිද්ධියක් ගන්නයි. නිකන් බොරු පුරාජේරු... (නි)
දැන් මේ සුනඛ ජෝඩු තමන්ට කරකාර බැඳලා දුන්න සුනඛයා. හෝ සුනඛ ධේනුව සමගම පමණක් තම වර්ගය බෝ කිරීමෙහි යෙදෙන බවට මේ මගුල කරලා දුන් වගකිවයුත්තන්ට සහතිකයක් දෙන්න පුලුවන්ද?...රටින් ගෙනාවා උනත්, පොලිසියේ රාජකාරි කළා වුනත්, සුනඛයන් විදියට හැදින්නුවා වුනත් මේ සේරම අපේ භාෂාවෙන් බල්ලොනේ.....නැද්ද මම කියන්නේ? (නි)
මෙය කිසිසේත්ම අනුමත කල නොහැකි දෙයක්, මොකෝ බල්ලන්ට උත්සව තියලා මේක කරන්න ඕනිද මෙය වැරදි ආදර්ශයක්, (මගුල්,පෝරුව, හනිමුන්) ඒ සත්තුන්ට මොනවා තේරෙනවද, ඔය මුදල් වලින් පොලිසියට වාහනයක් ගත්තනම් මොකද, රටක සස්කෘතිය රකින්න ඉන්න අයද මේ, වෙන රටවල් වලත් බල්ලෝ හදනවා, (ස)
සහෝදරවරුනි, ඔබලා වැරදි විදියට තේරුම් ගන්න එපා.ඔය පොලිස් සුනඛයෝ හරිම කරුණාවන්ත, කියන දේ අහන, හරිම හොඳ විදියට හැදුනු සුනකයෝ ටිකක්.පුහුණු කරන්න ඔය මහත්වරු ගොඩක් මහන්සි වෙනවා. ලොකු සේවයක් කරනවා ඔය අස්ගිරියේ සුනඛ කොට්ඨාශයෙන්. ඔබලා ගිහින් බලන්න පොලිස් කොට්ඨාශට කොහොමද ඔය දේවල් වෙන්නේ කියලා. ඔබලටම තේරුම් ගන්න පුළුවන්.අමතක කරන්න එපා ලොකු ජිවිත හානි බේරුවා ඔය සුනඛ කොට්ඨාශයෙන්.ඔබට මතක ඇති යුද්ධය තිබුණු වකවානුව තුල බෝම්ම ඇල්ලුවා.ඔය කරලා තියන දෙයින් කිසිම හානියක් වෙලා නෑ ඔබලා කියන සංස්කෘතියට.ඒක නිසා වරදවා වටහා ගන්න එපා.මම ඔය ආයතනයේ පහුණුව කරපු කෙනෙක් හැටියට මම දන්නවා.පොලිස් නිල සුනඛ කොට්ඨාශය දිනෙන් දින සාර්ථක වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. සී.අයි.විජේසිංහ ඇතුළු කාර්ය මණ්ඩලයට මගෙන් සුබ පැතුම්. (ස)
සාක්කියට අත්සන් කරන්න ඇත්තෙ කවුද දන්නෑ නේද ? (ස)
මේ ගොල්ලෝ බන්ඳලා තියෙන්නේ උඩරට විදිහටද ? පහත රට විදිහටද ? දික්කසාද වන්න හැකියාවක් තියෙනවද ? අනියම් සම්බන්ධතාවයක් පැවැත්තුවහොත් මොන පොලිසියටද පැමිණිලි කරන්න ඕනේ ? (ස)
ටී බී ඒකනායක මැතිදුනි, ඔබ රටට ආඩම්බරයක් (නි)
ශ්‍රී ලංකා පොලිසිය කාලයකින් හොද වැඩක් කරලා තිබෙනවා. රට ගැන හිතනකොට නම් දුකයි. එහෙත් බල්ලෝ ගැන හිතනකොට සතුටක් දැනෙනවා. අපේ මොකෝ. (නි)
හොද වෙලාවට පෝරුව ළග පොලිසිය හිටියේ (නි)
ඕකට තමයි කියන්නේ "කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන්" කියලා. (නි)
සමහර මිනිස්සුන්ගේ වැඩ නිසා පෝරුව විතරක් නෙමෙයි රටම බල්ලට ගිහිල්ලා (නි)
මධු සමයේ පින්තූරත් දාන්නකෝ (නි)
හැමදාම පොලිසිය හරි. අන්තිමට වැරදි මාධ්‍යය (නි)
කසාද බැඳපු ගමන් ළමයි හදන්නේ නැතුව පොඩ්ඩක් ඉන්න. උපත් පාලන ක්‍රමයකුත් ඔය ජෝඩු වලට කියලා දෙන්න. කසාද බැන්ඳුවේ නැත්නම් බලු පැටවූ හදන්නේ නැද්ද? අපේ පැත්තේ නම් බල්ලෝ බැල්ලියෝ කසාද නොබැදම පැටවූ හදනවා. (නි)
හොඳට හිතලා බලන්න, තව ටිකක් හිතන්න.මේකේ කිසිම වැරද්දක් නැහැ. (ස)
හරියට හරි ආනන්ද.ලංකාවේ ඩෝග් ෂෝ කියලා බල්ලන්ට ඇදුම් අන්දලා මෝස්‌තර දන තරඟත් තියනවා.මේ බල්ලන්ටත් වඩා අන්ත මිනිස්සු පෝරුවලට නගිනවා නම් බල්ලෝ නැග්ගා කියලා ප්‍රශ්නයක් නැහැ. (නි)
දුම්මලසූරිය, ඔබ හරි. හොද ප්‍රශ්නයක්. කිසිම බල්ලෙකුට එහෙම හැසිරෙන්න දෙන්නේ නැහැ. ඒක ලොකු වරදක් එහෙම වුනොත් අපිට එයාගෙන් අපිට ඕනෑ රාජකාරිය ගන්න බැහැ. තෝරාගත් කොටසකට විතරයි එහෙම කරන්න දෙන්නේ.මෙයාලා වෙන වෙනම ඉන්නේ.අද පවතින සමාජයේ මිනිසුන්ට වඩා හොද ගුණයක් තියනවා මෙයාලට. (නි)
රට බල්ලට යයිද හසන්ත මහත්තයෝ (නි)
මෝඩ මිනිස්සු , කරුණාකරලා ඇස් ඇරලා බැලුවොත් හොඳයි මේක පොරුවක්ද නැත්නම් පෙට්ටියක් උඩ බැලුන් වලින් සරසලා තියන එක ගැන. ගොක් කොළ ඕනම දෙයකට ගන්න තහනමක් නැහැ, ගොක් කොළ දෙන පොල්ගස් කපන එකේ ගොක් කොලයක් ගත්තහම මක් වෙනවද, ලංකාවේ සංස්කෘතිය මේ වගේ පොඩි දෙයක් කොලොත් තමයි ඔක්කොටම මතක් වෙන්නේ. මීට වඩා ලංකාවේ සංස්කෘතිය කෙලෙසෙන දේවල් මිලියන ගණන් තියනවා. සම ලිංගිකයෝ පෝරුවට නැගලා කසාද බඳින එකේ බල්ලෝ පෙට්ටියක් උඩ නැගලා කසාඳ බැන්ඳහම මොකද ??? (ස)
දෙවැනි ගමනෙත් ෆොටෝ දමන්න. (ස)
ඕක තමා ආශ්චර්යය.හොද හොද සෙල්ලම් අවසන් ජවනිකා වල. (නි)
බල්ලාගේ පාර්ශ්වයට සෙනග වැඩියි. කොයි දෙන්නද සාක්කියට අත්සන් කළේ? (නි)
පිරිමි සතා මොනවා ප්‍රශ්න කරයිද දන්නේ නැහැ මනාලියගෙන්? (නි)
මෙය සුළු දෙයක්. ඕකට වැඩිය මෙම රටේ කොච්චර දේවල් තියෙනවද ඇමතිතුමාට කතා කරන්න. (ස)
මෙවන් වැඩ නොකරන් මින් පසුවවත් (නි)
අපේ රටේ අලුත්ම කලාව තමයි මොන දේ කළත් ටිකක් සද්දෙට කරන එක. එහෙම නැත්නම් නිකන් ගතියක් නැහැ වගේ. අපේ පොලිසියේ මහත්වරුත් පොඩි වෙනසකට එක්ක කරලා තියෙන වැඩේ හොදයි. කරපු ක්‍රමේ තමයි වැරෑද්ද තියෙන්නෙ. දැන් අපටත් සන්දර්ශන, ව්ක්‍රම වගේ දේවල් දකින්න නැත්නම් මොකක්ද මොකක්ද වගේ. ඉස්සර කාලේ සමහර නිලතල ගැන කියනකොටම අපිට ඒවා බබලපු ශ්‍රේෂ්ඨ නිළධාරින්ගේ නම් නිලය පරයා සිහියට එනවා. හරියට පුරාව්ද්‍යාව කිව්වම පරණවිතාන, රේඩියෝව කිව්වම ර්ජ්වේ තිලකරත්න, යුද්දෙට නායකත්වය දුන්න ආර්ක්ෂක ලේකම්තුමා(මොන විවේචන තිබුනත් මෑතක බිහිවු හොදම පරිපාලකයා ලෙස මම පිළිගන්නවා). ඒකට හේතුව ඒ අයට තමන්ට නියමිත පරිචය පිළිබදව මනා අවබෝධයක් තිබිමත් ඔවුන් ඒ සදහා කැපවිමෙන් ක්‍රියා කිරිමත් නිසා.දැන් එහෙම නැහැ. දැන් නිළධාරින්ට තමන් වැඩ කරනවා කියලා ලොක්කන්ට පෙන්නන්න ක්‍රමයක් තිබුනොත් හොදටම ඇති. මම හිතන්නෙ අද රටේ වෙන්නෙ මේකයි කියලා. මම කියන දේ සම්පුර්ණයෙන්ම මෙම සිදුවිමට අදාල නැහැ. නමුත් මේවා දැක්කම නොකියත් බැහැ. (නි)
බල්ලා සතෙක් වුනත් ඌ කරන්නේ උතුම් කාර්යක් .ලෝකේ දරුණු අපරාධකාරයන්, මංකොල්ල කාරයන් වැනි අපරාධකරුවන් නීතියේ රැහැනට ගන්නේද ,සොයන්නේද මේ උතුම් සතා නේද? .එහෙනම් ඌ ටත් කෘත ගුණ සලකන එක වැරැද්දක්ද ? (ස)
කරුණාකර අවුරුදු අටේ, කුඩා පාසල් ළමුන් දුෂණය කරන ලංකාවේ සංස්කෘතිය ගැන සොයා බලා නිසි කටයතු කරන්න තමන්ගේ කාලය හා බලය යොදවන්න. (ස)
මේ වගේ වැඩක් කරන්න කවුද දන්නෙ නැහැ කිවුවේ (නි)
තමන්ගේ ආයතනයේ නියම යථාතත්වය පෙන්නන අවස්ථාව... හොදට කල්පනා කරන්න. නව යුගයට පයතැබූ බලු උතුමන්ලාට දිගාසිරි වේවා! සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා! සියලු දෙනාටම තෙරුවන් සරණයි! (නි)
කිසිම දෙයකට නොගැළපෙන, කිසිම දෙයක් දන්නෙ නැති,ලෝකයේ ඉන්න මෝඩම ජාතිය කවුද කියන එක තේරෙනවද? (නි)
යකෝ දැන් ලංකාවට මේ බලු මගුල්ද අඩුවට තිබුනේ?අනිත් හැම දෙයකින්ම ලංකාව ස්වයන්පොශිතද? (දී)
පිස්සු නැත්නම් ශෝක් (දී)
බලු යුවල හරිම සතුටින් ඉන්නේ .. (නි)
බලු යාළුවේ, ඔන්න ළමයි ලැබුණම පොලිසිය ඉස්සරහ හෙම දාලා යනවා නෙමෙයි හොදේ මිනිස්සු වගේ (නි)
මේ ඊයේ තිබුණ පින්තුරය නෙමෙයි,ඒක මීට වැඩිය උසයි,අනික එම පින්තුර වල සෙනඟ හිටියා. (ස)
වට පිට, අහල පහළ ආරංචි අනුව ඉහළ තැනකිනුත් මේකට අනුමැතිය දීලා කියල තමා කියන්නේ. දැන් ඉතින් ඔක්කොම තීන්දුයි. නිවාරණයි. භවතු සබ්බ මංගලම්.. (නි)
මටත් හිතෙනවා අපේ ගෙදර ඉන්න පූසාගේ වෙඩින් එකත් මේ විදියට මහා ඉහලින් සල්ලි වියදම් කරලා ගන්න.දැන් ඉතින් ලංකාව හරි දියුණුයි නේ......මොනවා වුනත් අපේ පොලිසියට හොඳ මොලයක් තියෙනවා. (නි)
බැල්ලි මීට කලින් වෙන බල්ලෙක් හෙම යාලු කරගෙන පේරාදෙණියේ මල් වත්තේ ගස් අස්සේ හිටියද දන්නේ නැහැ. (දී)
සාමාන්‍යයෙන් මනමාලිව පෝරුවට නැග්ගවීම කරන්නේ ඥාති මාමණ්ඩි කෙනෙක්. එතකොට??? (නි)
සුසන්ත මහතාගේ වටිනා අදහස අගය කරමි. "සංස්කෘතිය" යන වචනයේ නිසි තේරුම නොදත් කම නිසා, බොහෝ මිනිසුන් නොයෙකුත් දුර්මත හා වැරදි ආකල්පයන් මත ඔවුන්ගේ පටු සිතුවිලි ක්‍රියාවට නැංවීම දක්නට පුළුවන්.සංකේතාත්මකව පෝරුව (පිටිකාව) හා පුන්කලසක් උත්සවය සඳහා යොදාගත්තත් එය සුනඛයෙකුට උචිත ලෙස සකසා ඇති බව මේ පින්තුරු වලින් පැහැදිලියි නේද? පොලිසියේම සේවය කරන සමහර පොලිස් නිලධාරීන්ට වඩා මේ සුනඛයින් ගෙන් පොලිසියටත්, සමාජයටත් විශේෂ සේවාවක් ඉටුවන බවත් , තවද මේ සුනඛයින්ට සුවිශේෂ වූ බුද්ධියක් ඇතිබවත් අප වටහා ගතයුතුයි නේද? සමහරවිට දඩාවතේ යන බල්ලන්ද, මේ සිද්ධිය දැක නකුට වනනු ඇත.එහෙත් බලු නකුටට කිසිදා බල්ලාව නම් වැනිය නොහැක. (නි)
බල්ලා සහ මිනිස්සු අතර වෙනසක් නැද්ද දැන්? (නි)
බල්ලා පෝරුවට නග්ගුවාද නැද්ද
මේ බල්ලෝ රටට වැඩ කරලා තියනවා. ඔය කෑ ගහන මිනිස්සුන්ට වඩා. (ස)
රෙදි නැන්දා මොනවා කියයිද දන්නේ නැහැ. (නි)
සුදට සුදේ ජාතික ඇඳුම ඇඳගෙන බලු වැඩ කරන ලොක්කෝ ගැනත් අපි කතා කළ යුතුයි (නි)
මේ විවාහයට බලපාන්නේ උඩරට නීතියද මේක බින්න දීගද අපි මෙව ගැනත් හිතන්න ඕනේ (දී)
තමුන්ගේ හිතට එකගව හොද වැඩක් කරා නම් සතුටු වෙන්න.අපේ මිනිස්සු මොන වැඩේද අගේ කලේ . මොකක් කලත් එකයි (දී)
එතකොට ජීනා මැඩම්ගේ ආයතනයට ගිහින් ගණිකාවන්ගේ පහස ලබා ගැනීම සිංහල සංස්කෘතියට සදාචාරයට ගැලපෙනවා ඇති නේද? (දී)
මෙතන ලොකුම ප්‍රශ්නය තමා ,බල්ලා දන්නවද බැල්ලිව කසාද බැන්ඳ බව ,බැල්ලි දන්නෙත් නැහැ . මින්සුන් සතුටු වෙන්න මේවා කලාට ,සතුන් මොනවද දන්නේ. (දී)
අනේ මන්දා පෝරු චාරිත්‍ර ගැන නම් අපි දන්නේ නැහැ,, ඒත් රට ගැන හිතන්න තව කොච්චර දේවල් තියෙද්දීද මේ සත්තු ටිකක් අරන් කෝලන් නටන්නේ, (ස)
මොකෙන් හැදුවත් පෝරුව පොරුවමය, දැන් මොනවා කීවත් කලදේ වැරදියි ,....වල් බල්ලෙකුට උවද, නිසි ලෙස පුහුණු කලොත් නියමෙට රාජකාරිය කරනවා, වියදම අඩුකරන්නේ එහෙමයි (දී),
අපේ රටේ බල්ලට වුනත් ආත්ම ගෞරවයක් තියෙන බව මෙයින් පේනවා නේද. (ස)
රටම පිරිහීමට පත් වෙලා. මේකට වගකියන්න ඕන පාලකයින්. (ස)
දඩාවතේ යන බල්ලොත් පැටව් හදන්නේ පෝරුවට නැගලා මගුල් කාලද ? පොලීසීයටත් කරන්න වැඩ නැතුවට. මෝඩ චූන් .... (ස)
කුසුම් ඔබ හරි .ඔබගේ වටින අදහස් මාද අගය කරමි. (දී)
මේවට වියදම් කලේ කාගේ සල්ලිද? කන්න,අඳින්න, පාසල් උපකරණ ගන්න,බේත් ටිකක් ගන්න බැරි දුප්පත් අසරණයෝ කොච්චර ඉන්න රටකද මේ තේරුමක් නැති මෝඩ වැඩ කරන්නේ? (දී)
හුඟක් වෙලාවට බල්ලෝ පාර පනිනිනේ කහ ඉරෙන්. ඒ වගේ ෆොටෝ අරගෙන දැම්මනම් මීට වඩා වටිනවා. (දී)
මේ වැඩේ යෝජනා කලේ කවුද (දී)
සුසන්ත මහතා මේ සුනඛ ප්‍රශ්නය ගැන යමක් කමක් දන්නා බව පේනවා....ඒකත් සතුටට කරුණක්.....අපි මේ ප්‍රශ්න කරන්නේ නොදන්නා නිසානේ......නමුත් .....පොදුවේ ගත්හම මේ අදහස් ප්‍රකාශ කරලා තියන ගොඩ දෙනෙක් අපේ සංස්කෘතික ඇමතිතුමා ඇතුළුව .....මේ සුනඛ විවාහය ප්‍රතික්ෂේප කරන බවක් තමා මට නම් පේන්නේ.. (ස)
අපි සත්ව කරුණාව ගැන මහා ඉහලින් කතා කරන ජාතියක්.ඇයි මේකට විරුද්ද වෙන්නේ. එතකොට සතුන් මැරුණම පාන්සුකුලේ දෙන එකත් වැරදිද. සංස්කෘතික ඇමතිතුමා නින්දෙන් ඇහැරුනේ කවදද? (දී)
බල්ලන් බලහත්කාරයෙන් විවාහ කරවීමට මමනමි විරුද්ධයි. බල්ලන්ගේ අයිතිවාසකමක් තමයි රැළේ වැටිලා ප්‍රියංබිකාව තෝරා ගන්න එක. පොලිසිය අනවශ්‍ය රාජකාරී නොකල යුතුයි. ඒ වගේම තමන්ගේ රාජකාරිත් අනුන්ට නොපැවරිය යුතුයි. රාජකාරි ලැයිස්තුව නැවත සංශෝධනය කර දිය යුතුයි. (දී)
දහසක් අසරණ දරුවන් බඩගින්නේ ඉන්නවා තවත් දරුවන් ඉගෙනගන්න අදාරයක් නැතුව දුක් විදිනවා. එහෙව් රටේ පිටරටින් බල්ලෝ ගෙන්නන්න අපේ රටේ ලොක්කෝ කොටි ගණන් වියදම් කරනවා. ඔය බල්ලෝ ගෙන්වන සල්ලිවලින් අහිංසක මිනිස්සුන්ට යන්න එන්න පාරට ටර ටිකක් දල දුන්නොත් බලු මංගල්ල වලට වඩා වැදගත් වේවි නේද. ලොක්කෝ ඉතින් පොඩි මිනිස්සුන්ගේ දුක දන්නේ නැහැනේ. (දී)
මගුල් පෝරුවත් බල්ලට ගියා හත්වලාමේ.. (ස)
කුඩා ළමුන් දුෂණය කරන කකුල් දෙකේ බල්ලන්ට වැඩිය කකුල් හතරේ බල්ලෝ හොඳයි. (ස)
මා මුලින්ම මේ සුනඛයින් අපේ රට වෙනුවෙන් කරන මෙහෙවරින් බිඳක් ඔබ වෙනුවෙන් සඳහන් කරමි. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගෙන් රටේ තරුණ සම්පත රැකගැනීමට උරදීම, මිනීමරු අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීම, ත්‍රස්තවාදීන්ගේ බෝම්බ සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය සොයාදීමට උපකාර කිරීම, බහුතර සිංහල අපි අදහන බෞද්ධ දර්ශනයට අනුව මෙයම ප්‍රමාණවත් මේ අහිංසක සතුන්ට ඊළඟ භවයෙදී මනුස්ස ආත්මයක් ලබාගන්න. සිංහල අවුරුද්දට ලිඳ සමඟ අපි ගනුදෙනු කිරීමෙන්ම අපේ සිංහල ජාතියේ උතුම් කෘතගුණ සැලකීම ලොවට කියාපායි . එවන් වූ උතුම් සංස්කෘතියකින් ඔපවත් වූ අප, ජනතාවගේ ජීවිතය රැක දීමට, තරුණ දුවා දරුවන්ගේ ජීවිත රැක දීමට තම ජීවිතය කැපකිරීම වෙනුවෙන්වත් මෙවන් වූ උපහාරයක් ඔවුන් වෙනුවෙන් කිරීම උතුම් සිංහලයන් වශයෙන් අපි කෙසේ නම් විරෝධය පාමුද ? . මෙය එම සතුන් වෙනුවෙන් කල උපහාරයක් පමණක් නොව තිරිසන් සතුන් කෙරෙහි අපේ ඇති උදාර වූ ආදරය, අපේ කුඩා දරුවන් වෙනුවෙන් ඔවුන්ට කියාදෙන උතුම් පාඩමකි. මනුස්ස ජීවිතය තඹ දොයිතුවකට නොසලකන අප රටේ අපේ දුවා දරුවන් වෙනුවෙන් ඔවුන්ට ලබාදුන් හොඳම පණිවිඩයක් වශයෙන් මම ඉතා අගේ කොට සලකමි. කරුණාකර "සමාව නොයදින්න" . පොලිස් සේවයේ ඇති අක්‍රමිකතා, දුෂණ, දේශපාලන ගැතිකම් පිළිබඳව පමණක් "ජනතාවගෙන් සමාව යදින්න ". තිරිසනුන්ට දක්වන දයානුකම්පාව අහිංසක ජනතාව වෙනුවෙනුත් දක්වන්න මේ ආරම්භයක් කොට ගන්න . ජාතියට ආරක්ෂාව සලසන විනීත නීතිගරුක නිලධාරීන් සිටින බවත් අප අමතක නොකළ යුතුව ඇත . " කරුණාකර සියල්ල පලකරන්න. විවේචනයක් නොව පැහැදිලි කිරීමක් පමණි ... (ස)
වෛද්‍ය අමල් මහතා තමයි පොලිස් නිල සුනඛ අංශයේ පශු වෛද්‍යතුමා. මම එතුමා එක්ක මේ සම්බන්ධව කතා කලා.ඇත්තටම පොලිසියේ නිල සුනඛ අංශයේ අභිජනන අංශය නිල වශයෙන් ඇරඹීම තමයි ඔය වෙලා තියෙන්නේ. ඒකට පොඩි හැඩයක් දෙන්න කරපු උත්සහයක් විතරයි ඕක. (ස)
බල්ලන් නැග්ගුවේ මොකටද එහනම් .අශ්ටකත් කියුවද (දී)
පොලිසියට අපගේ උපහාරය වැරදි දෙයක් නෙවෙයි. (ස)
ඒ පාර අපේ මිනිස්සුන්ටත් අර ඉන්දියාවේ සමහර පැතිවල ජනතාවට තියෙන ලෙඩ බෝ වෙලද කොහෙද .පොඩි වුනත් ලොකු වුනත් මේක පෝරුවේ හිටවීමේ අදහස තමයි.දියුණු රටවල බල්ලන්ට ඔය වගේ තැනක් දෙනවා තමා.ඒත් අපේ රටේ මෙහෙම දේවල් වෙලා නැ.කාගේද මංදා අදහස . මේක මගේ පෞද්ගලික මතයේ හැටියටත් අපේ වටිනා සංස්කෘතික අංගයන්ට කරපු නිගරුවක්. අපේ මිනිස්සුත් පෝරුවේ ඉඳලා පොරොන්දු වෙනවා එකම කෙනා එක්ක ජීවිත කාලයම එකට ඉන්නවා කියලා. නමුත් පෝරුවෙන් බැස්ස දවසේ ඉදලා පර ස්ත්‍රී, පුරුෂ සේවනය කරනවා. හරියට මේ බලලත් බැල්ලිත් හෙට ඉඳලා කරනවා වගේ. නමුත් අපි මේවට ගරු නො කලොත් මේ වගේ තියෙන මේ තත්වෙවත් නැතුව යනවා මගේ රටට දළදා හිමි සරණයි. (ස)
සමලිංගික බල්ලෝ බළල්ලු නැති එක හොදටගියා. පහුගිය ටිකේ වෙබ් අඩවි වල තිබුණු ඒවා දැක්කහම . (දී)
බල්ලන්ට ගිය කල
මේවා ලෝකෙ හිනස්සන වැඩ (දී)
හොඳ අවස්ථාවක් ,මෙම.පොලිස් ක්‍රියාවට මගෙන් සුබ පැතුම් ......ටී, බී. ලකුණු දමාගන්න සද්දේ දානවා, සත්ව කරුණාවට වඩා අහිමි දෙය මතුවෙලා (දී)
හොද දෙයක් කෙලෙහි ගුන දන්න ඔයවගේ සතුන්ට තවත් සලකන හැටි ඉගෙන ගන්න උවමනානම් ජපානයට එන්න (දී)
රටේ හැම තැනකම හැම දෙයක්ම ආපස්සට (දී)
අද සංස්කෘතිය පිරිහිලා තියෙන හැටියට ඕකත් වැඩක්ද (දී)
අනේ ඇත්තට රටේ මෙච්චර කතාකරන්න ප්‍රශ්න තියෙද්දී ඇයි මේ සියලුදෙනාම බලු ප්‍රස්නෙකට මැදිවෙලා.ඔය බල්ලෝ මිනිහෙකුට කරන්න බැරි වැඩ කන්දරාවක් කරනවා (දී)
මට දුක මධුසමයට මැක්කොත් යන එක... (නි)
කකුල් හතරේ සුනඛයින් අපේ රට ජාතිය වෙනුවෙන් මෙහෙවරක යෙදෙද්දී ජාතික අපරාධ, මිනීමැරුම්, මත්ද්‍රව්‍යය ජාවාරම් කරන කකුල් දෙකේ සුනඛයින් තරු පහේ හෝටල්වල මංගල පෝරුවට නගිද්දී, අපේ සුවහසක් ඇමතිවරු මන්ත්‍රීවරු ඇතුළු නිලදාරීන් මදුවිතින් දෙකට කපපු පනුවන් සේ නටද්දී වගකිවයුත්තන් සිටියේ නොහේද? සංස්කෘතිය ආදරය කරුණාව දයාව මේ සියල්ල එක පුරුකේ දේවල් මිස වෙන් වෙන් වශයෙන් සළකන්න තරම් අපි කුරිරු නොවිය යුතුයි. අපේ මෙවැනි උපහාර දෙස දෑස් යොමුකළ යුත්තේ මෛත්‍රී කරුණාව මුලික කරගෙන විය යුතුයි. (නි)
ඉහළ අංක 3 රූපය බලන්න,බල්ලෝ පෝරුවේ තියලා රාළහාමිලා බිම දන ගහලා. රාළහාමිලා මෙහෙම දණ ගහනවා දැකලා තියෙනවද? මෙයද රතුපස්වල සිද්ධියට දෙවැනි නැත (නි)
රටට වැඩදායක මෙම සුනඛයන් රටක සම්පතකි. මහජන මුදල් විනාශ කරමින් රටට වැඩදායක නොමැති සමහර කට මැත දොඩවන්නන් අපි නම් හෙළා දකිමු (නි)
කලබලවෙන්න දෙයක් නැහැ
බල්ලන්ටත් අලුත් පෝරුවක් (දී)
මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද? (දී)
මෙය පොලිසියේ තවත් එක බලු වැඩක් පමණි. මේ වියදම් කරපු එකෙන් ඔතන ඉන්න ගැහැණු ළමයි ටික බැඳලා දුන්නනම් හරිම හොඳයි. (අ)
වටිනා සුනකයන් බෝකිරීම හොද වඩකි එහෙත් මෙය කිරීමට මෙතරම් මුදලක් වියදම් කර බල්ලන් පෝරුවට නගවා නුවර එලියට හුනිමූන් රැගෙනයාම මොනතරම් හත්‍යය ජනකද (අ)
මෙම පුවත කියවූ සංඛයාව සහ ලැබී ඇති ප්‍රතිචාර ගණන බැලුවම මට නම් හිතෙන්නේ මෙම උත්සවය එයින් බල පොරොත්තු වුනටත් වැඩිය හොදින් එහි අරමුණ ඉෂ්ට කර ඇති බවයි. රටේ ඇති අර්බුද ගැටළු, පිල්ලේ මහත්මියගේ පැමිණීම මේ සියලු දේ අමතක කරවන්න බලු විවාහය ඉහලින්ම සමත් වෙලා. (අ)
මේ බල්ලන් ගෙන් වෙන සේවයට උපහාරයක් දැක්වීමක්. ප්‍රශ්නේ....ඔය බල්ලෝ ටික ඒක දන්නේ නැති එක.අනික මේක පොලිස් නිලධාරී ටික ගේ විනෝදය තකා කල වැඩක්.එහෙනම්..පළමු අවුරුද්ද, දෙවනි අවුරුද්ද පිරුණු ඉතාම කුඩා ලමින්ගේ උපන්දින,දෙමාපියන් විසින් ලොකුවට සමරන්නේ ඔව්න්ට විනෝදවෙන්න ඕන නිසා. (අ)
බල්ලෝ මංගල පෝරුවට දැම්ම මිසක.(අ)
පොලිස්පතිතුමනි , කණගාටුව ප්‍රකාශ කරන්න තරම් වරදක් වෙලා නැහැ. (දී)
අනේ මෙහෙමත් පොලිස් ලොක්කෙක් පොලිස්පතිතුමනි ඔබතුමාම තීරණය කරන්ට(දී)
ඉතින් කවුද දම්මේ (දී)
2 වන සහ 3දාගෙන ඉන්න අය ගැනනම් මගේ ප්‍රසාදය. (දී)
ම්කෙව්න් විකාර වැඩක් කලාට නම් පොලිසියට දෙඕ කිනන්න ඕනේ (දී)
මේකෙන් සිංහල සංස්කෘතියට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ .මේක උන් කරන සේවයට උපහාරයක් .ඇමති තුමෝ ඇස ඇරලා බලන්න අන්තවාදී කල්ලි වලින් ජාතියට ආගමට වෙන හානිය .ඔබ තුමා දැන්ද නැගිට්ටේ... (දී)
මේකට වැය කරපු සල්ලි අපරාදේ..රටේ ලෝකේ මිනිස්සු බඩගින්නේ මැරෙනවා..මේක බොහෝ දෙනෙකුගේ හිනාවට ලක් උන වගේම පොලිසියේ තත්වයත් බාල්දු වුනා. අපරාදේ (දී)
අනේ බල්ලෝ උබලා අපිට වඩා කොච්චර පින් කරලා තියෙනවද ? (දී)
සංස්කෘතියක් කොහෙද මේ රටේ (දී)
දෙය්යෝ සාක්කි. අපි නැග්ග නම් බල්ලෝ නැග්ගම මක් වෙනවද කියල හිතන්න ඇති. මේ වගේ නරි නාටක. (දී)
සුනඛයා මිනිසාගේ කල්‍යාණ මිතුරෙක්. මිනිසා ගැන මතක් වන හැම විටකම සුනඛයන් ගැන තිබෙන ආදරය තව තවත් වැඩි වෙනවායි එක චින්තකයෙක් කීවේ ඒ නිසයි. මේ සිද්ධියේදී, සමාව ගන්න තරම් වරදක් පොලිසිය කළා යයි කියන්න බැහැ. ගණිකා මඩම් අස්සේ දේශපාලකයන් රිංගන එක, දේශපාලකයන් කුඩු බිස්නස් කෙරීම හා ඔවුන්ට ආරක්ෂාව සැපයීම හා උදවු කිරීම වගේ දේවල් කොපමණ අපේ සංස්කෘතියට කොපමණ ගැලපෙනවාද..පොලීසියට නිදහසේ, දේශපාලන ඇඟිලිගැසීම් වලින් තොරව කටයුතු කරන්න ඉඩ දියයුතුයි. එය, සංස්කෘතිය රැකීමට බෙහෙවින් උපකාරී වේවි. (දී)
හරියටම හරි විමල් මහත්තයෝ සංස්කෘතියක් කොහෙද මේ රටේ (දී)
ටී. බී. වැඩක් නැතුවට කෑගහනවා. මර්වින් සිල්වා ඝස් බදිනකොට කව්රුවත් නැහැ. පොලිස්පති තුමා බය නැතුව ඉන්න.(නදී)
පිස්ස්සුද හැටිද ? ජනතාවගේ මුදල් නාස්ති කරමින් බලු සාදයක් පැවැත්වූ පොලිස් ලොක්කන්ට වැඩ තහනම් කරමින් පරීක්ෂණයක් පැවැත්විය යුතයි. දුප්පත් මිනිසුන් එදා වේල හම්බකරන්න අරගලයක යෙදෙන විට බලු මගුලට ධනය වියදම් කිරීම හාස්‍යයක්. අනෙක මේ පොලිස් නිලධාරීන් සිටිය යුත්තේ නීතිය ආරක්ෂා කරන්න. මේවගේ වෙලාව නාස්ති කරන්න නෙවෙයි.(නදී)
මේ පොලිස් බලු මගුල් අදහස කාගෙද දන්නෙ නැහැ (නි)
බල්ලන්ගේ නෑදෑයෝ කෝ? (නි)
අහිංසකයින්ගේ හිස මතට බැටන් පොලුවලින් සංග්‍රහ කරන පොලිස් උත්තමයෝ පිටරටින් ආ නිසාදෝ උන් ළඟ දණ ගහලා පින්තුර අරන්. පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහත්තයෝ! ඕගොල්ල බල්ලට දාල තියෙන්නේ පෝරුව නොවෙයි. පොලිස් දෙපාර්තමේන්තුව. ඇයි මේකට විතරක් අහවළුන්ගේ මග පෙන්වීම යටතේ කියලා නොකිව්වේ?(නදී)
ඔය වැඩේ කෙරුවත් නැතත් පුළුවන් පැටව් හදලා දෙන්න. කොහොම වුනත් ඕකට කීයක් විතර වියදම ගියාද කියලා හොයලා බැලුවොත් හොඳයි. නැත්නම් ඒකත් අපේ අය පිටින් යාවි. (නි)
එක්කෝ මෙයාලට පිස්සු.නැත්නම් අපිට පිස්සු.නැත්නම් අපි දෙගොල්ලටම පිස්සු. (නි)
ඔය බල්ලෝ ටික පිට රටින් ගෙන්වන්න ගිය ගාන කීයද කියලත් අන්තර්ජාලයේ සදහන් කරලා තිබුනා.රටේ දරුවන්ට කන්න අදින්න නැහැ.මොනතරම් බඩගින්නේ ඉන්න දරුවෝ ලංකාවේ ඉන්නවද?තේ කහට එක බීලා පාසල් යන දරුවන් මොනතරම් ලංකාවේ ඉන්නවද?මේවා ජාතික අපරාධ (නි)
පරීක්ෂණයක් කැදවීම නතර කරන්න එපා. මෙම අදහස දුන්, සංවිධානය කළ සියලු නිලධාරීන්ට සුදුසු ක්‍රියාමාර්ග ගන්න (නි)
මේකේ ලියපු අය බොහොමයකට යමක් තේරුම් ගැනීමට බැරි වී තිබෙනවා. පොටෝ එකේ ඉන්න කකුල් දෙකේ අය අන්‍ය ආගම් කාරයෝ නිසා වෙන්න ඇති මගුල් පෝරුව බල්ලන්ට වෙන් කරේ. එම නිසා සිංහලයන් අවදිවන්නේ බොහොම පරක්කු වෙලා නිදි මත වෙලා ඉන්නේ.(නදී)
බල්ලත් පොලිසියත් අතර වෙනසක් නැති බව ඔප්පු කරපු තවත් අවස්ථාවක්. බල්ලෝ පොලිසියට ගිහිල්ලද පොලිසිය බල්ලොන්ට ගිහිල්ලද දැන් හොඳට පේනවා. නැත්නම් නූරි වත්තේ සිදුවූ දෙය විතරක් නොවේ රට වටා දේසපාලනේ කරන අයට මුට්ටි අල්ලමින් රට අරාජිත කරමින් අයට මෙයත් හොඳ පාඩමක්. අද නීතියට දක්වන ගරුත්වය බල්ලෝ හොඳින් ඉටු කෙරුවට බලු මහත්තුරුත් දක්වනවානම් රට යන අත වෙනස්වෙයි. නමුත් බල්ලෝ දේසපාලනේ නොකර හිටියට බලු මහත්තුරුත් එසේ නොකර ඉදියිද? (නදී)
පොලිසිය කළ දේ වරදක් නැ.වෙන කතා කරන්න දේවල් නැ වගේ ඇමතිතුමාට. ඕන තරම් නරක වැඩ අද අපේ රටේ සිද්ධ වෙනවා.මෙයාලට වඩා වැදගත් සේවයක් මේ බල්ලො ඉටු කරනවා. ඉතා කණගාටුයි. (ස)
මම දැක්ක ප්‍රවෘතියක් පිල්ලෙයි මහත්මිය බඳින්න කෙනෙක් කැමතියි කියලා. එයා දන්නවද දන්නේ නැහැ මෙහෙමත් ක්‍රමයක් තියනවද කියල? (නදී)
කොහොමත් පොලිසියේ ගොඩක් අය කරන්නේ බලු වැඩම නේ. විශේෂයෙන් ලොකු අයට ඔලුවක් කොහොමත් නෑ භාවිතා කලේ මගල් පොරුවට සමාන එකක් ගොක් කොළ,පොල් මල් භාවිතා කරලා තිබුන ආකාරය දැක්කේ නැද්ද. (නදී)
ඩී.අයි.ජී මහත්තයෝ මොක වුනේ?(නදී)
මේක මඟුල් සක්වලක්නෙ......ඉස්සරහට ඩිවෝස් නඩුත් තියෙයි එහෙනම්. (ස)
මුන් ඉතින් පොලිස් බල්ලොනේ (නි)
අපිව පෝරුවට නංවලා කසාඳ බන්ඳ වන්න කියලා යෝජනා කල බල්ලගෙ නම ඉතිහාස පොතට එක්කල යුතුයි. අපිටත් දැනගන්න පත්තරේ පල කරන්න පුලුවනිනන් වටිනවා. (ස)
ලංකාවේ සදාචාරය නැති කරන්නේ පොලිසිය මිස සිවිල් ජනතාව නොවේ.සිවිල් ජනයා මේක කරා නම් අද ඉහල උසාවියේ නඩුද දමා අවසානය.අනිත් එක තමා මේකට පොලිසියේ ලොකු මහත්තුරුත් සහභාගි වීම.ලොක්කන්ට මොලේ නැතිකොට පොඩ්ඩන්ට මොලේ තියේවිද ? (ස)
හොරු, මංකොල්ලකාරයෝ,දුෂිතයෝ නිදැල්ලේ. පොලිසිය බල්ලොත් එක්ක වෙඩින් කර කර ඉන්නවා. කාටද මේවා කියන්නේ . (නි)
මේකේ කපුවා කවුද? (නි)
රටේ සංස්කෘතිය බල්ලට ගියා කියන්නේ ඕකට තමයි. (නදී)