ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 10 වායු පිස්තෝල ඉසව්වට (පිරිමි) අද (30) සහභාගි වු ශ්‍රී ලංකා ක‍්‍රීඩක මංගල සමරකෝන් 45 වැනි ස්ථානය ලැබීය. එම ඉසව්වේ රන් පදක්කම රුමේනියාව ද, රිදී පදක්කම ඉතාලිය සහ ලෝකඩ පදක්කම ඉන්දියාව ද දිනා ගත්තේය. මංගල, එහිදී ලකුණු 583 ක් ලබා අන්තර්ජාතික තරගයකදී සිය හොඳම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත්විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ. මංගල ක්‍රිඩාව ඔහොම තමයි. නිලුක ගැනවත් බලාපොරොත්තු තියා ගනිමු. (අ)
මෙයාව යවපු එකත් පාඩුයි (දී)
අමිල , එහෙනම් ඔයාට යන්න තිබ්බේ ? (දී)
ඔලිම්පික් තරඟයට 7 දෙනෙක් ගිය එක හොඳයි. ඕකට කියන්නේ ඔලිම්පික් වරම කියලා.ඔයා අපේ රටට ආඩම්බරයක්...(ස)
අපි අදක්ෂ නැහැ. අපිට පුළුවන් (දී)
මල්ලි, ගණන් ගන්න එපා. දිනන්නම අවශ්‍ය නැහැ. උත්සාහයයි වැදගත් වෙන්නේ. (නි)
මේ තරගයට කී දෙනෙක් හිටියද? (නි)
එහෙම කියන්න එපා අමිල. අපේ ලංකාවෙත් ඉන්නවා හොද දක්ෂකම් තියෙන කට්ටිය. (නි)
ගණන් ගන්න එපා.පස්සේ බලමු..(ස)
නදී ඔයා හරි....(ස)
කමක් නෑ..අපි ඔයත් එක්ක...(ස)
මම විශ්වාස කරනවා මීට වඩා දක්ෂ අය අපේ ලංකාවෙ ඉන්නවා දක්ෂ තරගකරුවන් තේරීමේ දුර්වල තාවයක්..!!(නු)
ඔලිම්පික්වල කවදාවත් අහපු නැති රටවල් රන් රිදී ලෝකඩ පදක්කම් ගන්නවා.. එහෙව් එකේ අපේ රටේ අය 45 වැනි තැන ගත්තා කියන එක ආඩම්බරයක් නෙමෙයි..(නු)
ශ්රී ලංකාවෙන් ඔයා ඉසව්වට යොමු වෙන්නෙ පාබල, නාවික, ගුවන් හා පොලිස් ඒකකයන්ගෙ පිරිස විතරයි.. ඉතිං තෝරන්න පුළුවං කට්ටිය හරිම සීමිතයි.. අනෙක් රටවල්වල නම් එහෙම නෙමෙයි.. වායු පිස්තෝල තරගය විවෘත ක්‍රීඩාවක්...!! (නු)
ඔලිම්පික් වලට යවලා තියෙන්නේ සුදුසුකම් තියෙන අය නෙමෙයි..!! හැකියාව තියෙන නියම දක්ෂයෝ ටික ඔක්කොම හිරේනෙ..!!(නු)