IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මංජුට-පුතෙක්, විශ්වට-දුවක්

කලා ලෝකයේ එකම විදිහේ සුන්දර ආරංචි දෙකක් ගැන කියන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ. ඒ තමයි යොවුන් පරපුරේ ජනප‍්‍රියම නළුවකු වන විශ්ව කොඩිකාර හාපුරා කියලා තාත්තා කෙනෙකු වීමත්, යොවුන් පරපුරේ ජනප‍්‍රියම නිළියක වන ආදරණීය ‘ ඕලූ’ එහෙමත් නැත්නම් මංජුලා කුමාරි හාපුරා කියලා අම්මා  කෙනෙකු වීමත් ගැනයි.

56456456


button මංජුලා ඉස්සර වෙලාම කියන්න... ඔයා අම්මා කෙනෙක් වුණ දවස. එහෙමත් නැත්නම් ඔයාගේ පුතා ඉපදුන දවස...?
”මගේ පුතා ඉපදුනේ ජූලි මාසේ පළවෙනිදා. ඒ තමයි මගේ ජීවිතය වැඩියෙන්ම වාසනාවන්ත දවස.”

 

button මොකක්ද පුතාට දාපු නම?
”තාම නමක් දැම්මේ නෑ. තව ටික දවසකින් එයාගේ වෙලාව එහෙම බලලා, ගැලපෙන සුබ අකුරකින් නම දානවා. එතකම් එයා මගේ රත්තරං පුතා තමයි.....”

 


button සමහරු නම් දරුවෝ ඉපදෙන්න කලින් ඉඳලාම දාන නම් හදාගෙනයි ඉන්නේ. ඔයා එහෙම දේවල් කරගත්තේ නැද්ද?
”එහෙම බෑනේ. එයා උපන් නැකතට අනුව.... එයාට සුදුසු අක්‍ෂරයකින්නේ නමක් දාන්න  ඕනේ.”

 


button ඔයාලා විවාහ වුණේ මොන අවුරුද්දෙද?
”2008 අවුරුද්දේ”

 


button අම්මා කෙනෙක් වෙන්න තරමක් කල් ගියා වගේ නේද?
”හැම දේකටම හොඳම කාලය එන්න  ඕනෑනේ. ඒ කාලය පුරා අපි අපේ ජීවිතයේ බොහෝ දේවල් ගොඩනගා ගත්තා. ඉටුකර ගත්තා. ඒ වගේම ජීවිතය සුන්දරව විඳගත්තා. ගිය අවුරුද්දේ ඉඳලා තමයි දරුවෙක් ගැන උනන්දු වෙන්න ගත්තේ.”

 


button පුතාගේ වැඩ කටයුතු තනියෙන් කරගන්න දැන් මංජුලාට පුළුවන්ද?
”ඒ දේවල් නුහුරු දේවල් උනත්, ඒ නුහුරු හැම දෙයක්ම හිතට සතුටක් එක්කරන දේවල් නිසාද කොහෙද, මේ දවස් ටිකට මට ඒ හැම දෙයක්ම පුරුදු වෙන්න පුළුවන් වුණා. ඒත් පුතාගේ වැඩවලට මට උදවු කරන්න මගේ අම්මායි, ආච්චි අම්මයි දෙන්නම මගෙ ළඟ ඉන්නවා.”

 


button පුතාගේ ඒ වැඩ වලින් තාමත් මංජුලාට නුහුරුයි කියලා දැනෙන්නේ මොනවද?
”ම්... එහෙම බැලූවොත් පුතාව නාවගන්න එක කමයි නුහුරු. ඒක නුහුරු කමක්මත් නෙමෙයි. හිතට බයයි වගේ හැඟීමක්.”

 


button කොහොමද පුතාගේ වැඩට සැමියාගෙන් ලැබෙන සහාය?
”අනේ එයත් පුළුවන් හැම උදව්වක්ම කරනවා. රෑට නැගිටලා දඟලන්න ගත්තහම අපි දෙන්නම තමයි එකතුවෙලා නලවා ගන්නේ. ඒ නිසා අපි දෙන්නටම දැන් රෑට නින්දක් නෑ. ඒත් මේ දේවල් අපි ආසාවෙන් කරන්නේ.”

 


button එහෙනම් පුතා අඬන වෙලාවට මංජුලා ගේ දරුනැලවිලි ගීත එහෙමත්, ඔයාලගේ ගෙවල් පැත්තෙන් දැන් ඇහෙනවා ඇතිනේද?
”ඔව්... ඔව්... ඒවටත් මම පුරුදු වෙලාමයි හිටියේ.”

 


button හොඳයි එහෙනම් කියන්නකෝ ඔයා පුතාව නලවන්න මේ දවස්වල වැඩිපුරම කියන නැලවිලි ගීතය මොකක්ද කියලා?
(සිනාසෙමින්) ”වැඩිපුරම කියවන්නේ දොයි... දොයි... දොයි.. දොයිය බබා කියලා තමයි.”



අලූත් අම්මා මංජුලාගෙන් පස්සේ අපි කතා බහට එකතු කරගත්්තේ අලූත් තාත්තා විශ්ව කොඩිකාරවයි.

DSC_4311


button විශ්ව, ඔයා තාත්තා කෙනෙක් වුණා කියන ආරංචිය ඔයාට ලැබුණ වෙලාවේ හිතට දැනුන දේ මොකක්ද?
”ඇත්තටම මම තාත්තා කෙනෙක් වුණා කියන රත්තරන් ආරංචිය මට ලැබුණා නෙමෙයි. මම ඒ වාසනාවන්ත මොහොත මගේ ඇස් දෙකින්ම දැක්කා. ඒක මම ලබපු වෙනස්ම අත්දැකීමක්. හැබැයි ඒ වෙලාවේ දුවගේ මූණ ඉස්සරවෙලාම දකිද්දී මගේ හිතට විතරක් නෙමෙයි මුළු ඇඟටම ඒ සතුට දැනුනා වගෙයි. ඒක වෙන්න මේ වගේ කියලා මට වචන වලින් කියාගන්න බෑ. එදා ඒ මොහොතේ මුළු ඇඟටම දැනුන ඒ සතුට තාමත් එහෙම්මමයි. ඒ සතුට ඇතුළේ දැන් මමත් තාත්තා කෙනෙක්නේ කියන ආඩම්බරකාරී හැඟීමකුත් තියෙනවා.”

 


button  ඒ වාසනාවන්ත දවස කවදද උදාවුණේ?
”ජූනි මාසේ 30 වෙනිදා”

 


button විවාහවෙලා අවුරුදු කීයකට පස්සේද?
”එරන්දියි මමයි බැන්දේ 2013 දෙසැම්බර් මාසෙනේ. එතන ඉඳලා අවුරුදු දෙකක්ම අපි දෙන්නා අපේ විවාහ ජීවිතේ සතුට විඳගත්තා. ඉන් පස්සේ තමයි දරුවෙක් ගැන හිතුවේ.

 


button ඔයාලා දෙන්නගෙම බලාපොරොත්තුව වුණෙ දුවෙක්ද?
”අපි දෙන්නගේ විතරක් නෙමෙයි. අපේ පවුල්වල අයගේ බලාපොරොත්තුව වෙලා තිබුණෙත් දුවෙක්ම තමයි. අපි ඒ ගැන කලින්ම දැනගත්න උනන්දු වුණෙත් නෑ. හැමෝම හිතපු විදිහට අපිට දුවෙක්ම ලැබුණා. දුව ලැබෙන්න ඉන්න කාලේ එරන්දි ගොඩක් ලස්සන වුණා. ඒ නිසා හැමෝම කිව්වා ලැබෙන්නේ දුවෙක්මයි කියලා.”

 


button ඒ දුවට දාපු නම මොකක්ද?
”කාවින්ද්‍යා ගංගාධාරි කොඩිකාර”

 


button විශ්වව තාත්තෙක් කරපු ඔයාගේ ආදරණීය බිරිඳ ගැන දැන් මොනවද හිතෙන්නේ?
”එරන්දි මගේ ජීවිතය අංගසම්පූර්ණ කෙරුවා. මට හිතෙනවා ඒ නිසාම එරන්දිට තියෙන මගේ ආදරේ දැන් ඉස්සරටත් වඩා වැඩියි කියලා.”

 


button දුව ලැබීමත් එක්ක විශ්වගේ ජීවිතයෙ සිද්ධවෙලා තියෙන සුවිශේෂී වෙනස් කම් මොනවද?
”සිද්ධවෙලා තියෙන එකම වෙනස තමයි ෂූටින් එහෙම ගිහින් ඉන්න වෙලාවට... මගේ වැඩ ඉවර වුණ හැටියෙම ගෙදර දුවගෙන එන්න හිතෙන  ඕනෑකම. දුව ළඟ නැති හැම වෙලාවකම ඒ මූණ මට මැවි මැවී පේනවා. ඒ කිරි සුවඳ දැනෙනවා දැනෙනවා.”

 


button දුවයි දුවගේ අම්මයි එක්ක තනි වුණහම මොනවද හිතෙන්නේ?
”අපි මොනතරම් වාසනාවන්තද කියලා හිතෙනවා...”

 

m21



අදහස් (0)

මංජුට-පුතෙක්, විශ්වට-දුවක්

අනුෂා Wednesday, 12 August 2015 04:56 AM

මොන ගැටලු බාධක ආවත් හැමදාම ඔයාලා වෙන් නොවි ආදරයෙන් ඉන්න. (ම)

:       0       0

ඔෂිලා Tuesday, 11 August 2015 04:36 AM

සුබ පැතුම් (බ)

:       0       0

දුලානි Wednesday, 05 August 2015 11:18 AM

සුබ පැතුම් ......(ම)

:       0       0

අදීෂ Thursday, 13 August 2015 09:10 PM

වාසනාවන්ත පවුල් දෙකක්. ඔය සතුට සැමදා රැ‍ඳේවා! (නි)

:       0       0

උත්පලා Monday, 27 July 2015 03:22 AM

සුබ පැතුම්.........ඔබ දෙපළටම (ම)

:       0       0

ලක්මිණි Thursday, 30 July 2015 08:34 AM

ඔය සතුට මැරෙන කම්ම තිය ගත්තොත් බොහොම හොදේ (ම)

:       0       0

දර්ශි Saturday, 01 August 2015 07:36 AM

චුටි දුවටයි පුතාටයි බුදු සරණයි (නදී)

:       0       0

සෙලිනා Friday, 24 July 2015 05:35 PM

ඔයාල දෙන්නටම මගේ උණුසුම් සුබ පැතුම්! චුට්ටන්ට දෙවියන්ගේ පිහිටයි...!! (නි)

:       0       0

නිල්මි Sunday, 09 August 2015 05:00 AM

සුබ පැතුම්. (නදී)

:       0       0

ශානි Sunday, 26 July 2015 11:59 AM

අනේ වාසනාවන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 294 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 587 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1453 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1690 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2163 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1103 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20381 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18304 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site