IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මට ඕන ශ්‍රවණාබාධිත ළමයින්ටත් ගැළපෙන නව නර්තන පාඨමාලාවක් හදන්න

2016-11-01-ent-52

නිලාන් මලිගැස්ප යනු සිය නර්තන ශෛලිය ඔස්සේ විවිධ නිර්මාණ කරන අතරම සමාජ සේවාවන්ට කැපවූ නර්තන ශෛලියකි. මෙවරද ඔහුගේ පර්යේෂණයන් ගොනුව ඇත්තේ ඒ වෙනුවෙනුයි. මේ කතිකාව ඒ පිළිබඳවයි.

 

මුද්‍රාවලින් කතා කරන දරුවෝ

2016-11-01-ent-46ශ්‍රී ලාංකීය තාත්ත්වික රංගනය යන්න බිහිවෙන්නේ කාලයක් තිස්සේ නර්තනය කරගෙන යාම නිසයි. එහිදී මට හිතුණා මොනවහරි වෙනසකට වඩා මගේ වැඩවල පිටිපස්සේ තියෙන්නෙ සමාජ මෙහෙවරක්ය යන්න තහවුරු කරන්න. ඒ අනුව මට දැනිච්ච දෙයක් තමයි බොහෝ වෙලාවට අපි සංදර්ශන බලන්න එන්න කියලා කතා කරන්න බැරි ළමයින්ට ආරාධනාපත්‍ර දුන්නාම මොනවද ඔවුන් අහන්නේ සහ දකින්නේ කියන දේ. එය කාලයක් තිස්සේ මං හිතපු දෙයක්. නමුත් මොවුන් දැකල යන්නෙ පාට පාට දේවල් සහ දඟලන දේවල් විතරයි. ඔය හරහා මට හිතුණා මොනවහරි නර්තන ක්‍රමයක් ඔවුන් වෙනුවෙන් හදන්න ඕන කියලා. එහිදී මුද්‍රාවලින් කතාකරන භාෂාවත්, මමම හදපු මුද්‍රාත් එක්ක මේ ළමයි වෙනුවෙන් පාඨමාලාවක් හදන්න තීරණය කළා. පස්සෙ බලද්දි මට හිතුණා එය සාර්ථකයි කියල. අපි මේ ළමයින්ට මොනවහරි දෙයක් තේරෙන්න, එහි තියෙන අරුත මොවුන් වෙනුවෙන් කියන්න පුළුවන් නම් හොඳයි නේද කියල හිතුණා. ඔවුන් යමක් ඉගෙන ගන්නවා, ඔවුන්ට යමක් දැනෙනවා. ඔවුන් අමුතු පිරිසක් නෙවෙයි. ඔවුන්ට හැඟීම් දැනීම් තිබෙනවා කියන තේරුමත් එක්ක සමහර මුද්‍රාත් අරන් අලුත් දේවල් හදලා අවුරුදු තුන හතරක් තිස්සේ පර්යේෂණ කළා. දැන් මට ඕන මෙය දියත් කරන්න. මෙය ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් 2014 දී ICCAR හිදී එළිදැක්වුවා.

 

සම්භාව්‍ය සංගීතය හා ගායනා

ඇවිත් හිටිය පිරිස ගොඩාක් සංවේදී වුණා. ඉක්මනින් කරන්න මෙය හොඳ වැඩක් කියලා කිව්වා. බොහෝ වෙලාවට සම්භාව්‍ය සංගීතය හා ගායනය වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කරනවා. නමුත් බොහෝ වෙලාවට ඉන්දියානු අභාසයෙන් ආපු භරත නාට්‍යම් හරහා තමයි මෙය ඉදිරිපත් කරන්නේ. මට හිතුණා ඒ සංදර්ශනය සඳහා නන්දා මාලනී, අමරදේවයන්, කපුගේ වැනි ප්‍රවීණ අයගේ ඇස් දෙක පියාගෙන වුණත් අහන්න පුළුවන් ගීත කිහිපයක් භාවිත කරන්න. අනිත් දේ තමයි සම්භාව්‍ය ගීතය වෙනුවෙන් නර්තනයක් ඉදිරිපත් කරන්න හොඳම අවස්ථාව තමයි මෙය. ඒ අනුව පැති දෙකකට විවර වුණු නර්තන කලාවක් තමයි මෙය. මුලින් කිව්ව වගේ මට ඕන වෙනසක් කරන්නවත්, තරුවක් වෙන්නවත් නෙවෙයි. සමාජ මෙහෙවරක් කරන්න. මම හැමදාමත් කළේ එවැනි දේ. මේ දේ අවුරුදු 23 ක් තිස්සේ යන ගමනක්. මෙය පර්යේෂණාත්මක කාර්යයක්. ශ්‍රවණාබාධිත ළමයි ඉන්න ආයතන තිබෙනවා. එමෙන්ම ප්‍රාදේශීය සංවිධාන තිබෙනවා. මේවායේ ඉන්න සංස්කෘතික අංශය භාරව ඉන්න ගුරුවරුන්ට මේ වෙනුවෙන් කතාබහ කරලා වැඩමුළු තියන්න පුළුවන්. ඇත්තටම ඒ ආයතනවල වාර්ෂිකව දැවැන්ත සංදර්ශන පවත්වනවා. ඔවුන්ව පුහුණු කරලා ඔවුන්ගේම නර්තන කලාවක් එළියට දැම්ම නම් ගොඩාක් ලොකු මෙහෙවරක් වෙයි.

 

ශ්‍රවණාබාධිත දරුවන්ටත් එක්ක සිලබස්

මෙය දියත් කරන්න මට උවමනායි. ඒ ඒ ආයතන හා ඒ පිරිස් ගැවසෙන ස්ථානවල මෙය සිදුකරන්න ඕන. මම මේක සමාජ මෙහෙවරක් ලෙසයි සිදුකරන්නේ. එමෙන්ම ඒ ළමයි වෙනුවෙන් සලකන බොහෝ සංවිධාන තිබෙනවා. මම විවෘත ආරාධනයක් කරනවා ඔවුන්ට පුළුවන් මට කතා කරන්න. මේ ගැන කතිකාවතකට ඇවිත් මෙය ඉදිරියට කරගෙන යන්න. එමෙන්ම තව දෙයක් කළ හැකියි. මම හිතුවා ලෝකයේ ඕන භාෂාවක් දන්නවා නම් මුද්‍රාවලට ඒ භාෂාවෙන් වචනයක් තිබෙනවා. මුද්‍රාවලිනුත් එය කරන්න පුළුවන්. එහි පළවෙනි වැඩමුළුව විදියට දෙසැම්බර් මාසෙ මට ලැබෙනවා ඉන්දියාවෙ දිල්ලිවල තිබෙන මෙවැනි ආයතනයකට සම්බන්ධ වෙන්න. එහි විවිධ ළමයි ඉන්නවා. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා සංවත්සරයක් වෙනුවෙන් පවත්වන උත්සවයකදී මට එය එළිදක්වන්න දෙන්න සහ වැඩමුළු කිහිපයක් දෙන්න කියා. ඔවුන් එයට කැමති වී තිබෙනවා. මුලින් කිව්වා වගේ චවනයක් දන්නවා නම් ඒ සමාජයට ගිහින් මෙය ඔවුන්ට කාවද්දන්න පුළුවන්. තමන්ගේ දරුවෙක් ඉන්න පුළුවන්. ප්‍රාදේශීය මට්ටමේ ළමයි එක්ක වැඩකරන ආයතන තියෙන්න පුළුවන්. මං කැමතියි මට පුළුවන් හැමදේම ඒ අය වෙනුවෙන් කරන්න. අනිත් දේ තමයි මේ වෙනුවෙන් නිර්මාණය වෙච්ච ඇඳුම් රටාවක් තිබෙනවා. එහි තිබෙනවා දේශීය විදේශීය නර්තන සංකලන. මොකද මම අධ්‍යයනය කරපු දේවල් අනුව මට හිතුණා දෙස් විදෙස් මුද්‍රා නාට්‍ය , බැලේ යන අංශ ඉරියව්වලින් නිර්මාණය කරන ඇඳුම්වල දේශීය සහ විදේශීය ගතියක සංකලනයක් තිබිය යුතුයි කියා. ආභරණවල වෙනම හැඩයක් තිබෙනවා. වෙනමම නර්තන සම්ප්‍රදායක් විදියට මෙය බිහිවුණා කියා අදාළ අය අතරට ගියේ නැත්තම් මෙය හැමදාම එකතැන පල්වෙනවා. ඒ නිසා මෙයින් වැඩක් කරන්න සුදුසු තැන්වලට කතා කරන්නයි මේ කතිකාව ගෙනියන්නේ.

අනිත් කාරණය තමයි මෙහිදී බොහෝ නර්තන ඉරියව් සංකීර්ණ නෑ. හුස්ම ගැනීම සහ සමහර අවස්ථාවල බඩගාගෙන යාම පවා නැත්තම් සිරුරෙන් සිදුවන චලන පවා මෙහි විෂය නිර්දේශ ඇතුළෙ තිබෙනවා. කතා කරන්න බැරි ළමයින්ට ඇහෙන මට්ටමත් අඩුයි. ඒ නිසා ඔවුන්ට පහසුවෙන් නර්තනයේ යෙදෙන්න පුළුවන් ආකාරයටයි මේ විෂය නිර්දේශය සකසා තිබෙන්නේ. ඔවුන් හරි ප්‍රබලයි. සංගීතය වගේ දේවල්වලට දක්ෂ ළමයි ඉන්නවා. මම බැලුවේ මෙය තවත් තීව්‍ර කරන්න.

 

සිනමා නර්තන දායකත්වය

ඇත්තටම මම චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයෙන් සම්මාදම් වෙනවා. නොවැම්බර් මාසේ අගදී සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරපු, විශ්ව සහෝදරයා නිෂ්පාදනය කරපු පටාචාරා චිත්‍රපටය එළිදකිනවා. මම ලොකු අභියෝගයක් බාරගත්තා. ඔවුන් මගේ නර්තන ශෛලිය දැකලා ආස හිතිලා මට කිව්වා සම්පූර්ණ චිත්‍රපටයේ නර්තන කටයුතු බාරගන්න කියා. එය මම ඉන්න ඉසව්වෙන් දුර වැඩක්. සෑහෙන්න මහන්සි වෙන්න වුණා මට එය හදාරා කරන්න. චිත්‍රපටය එළිදකිනවා වගේම ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ "අයිස්ක්‍රීම්" චිත්‍රපටයේ මම නැටුම් අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා. හේමාල් එහි රංගනයෙන් දායක වෙනවා. එමෙන්ම ප්‍රියන්ත සමරකෝන්ගේ ළමා චිත්‍රපටයකටත් මේ දවස්වල නර්තන නිර්මාණයෙන් දායක වෙනවා. මගේ කොළඹින් දෙවැනි ගෝලයා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න නර්තනය පුහුණු කරන්න සූදානම් වෙමිනුයි ඉන්නෙ. ජනවාරි පෙබරවාරි වන විට එහි රූගත කිරීම් පටන් ගන්නවා. එමෙන්ම බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ හා හර්ෂණගේත් චිත්‍රපට දෙකක් ලැබී තිබෙනවා. මං කියන්න කැමතියි නර්තනයට කැමති, පිළිවෙළට වැඩක් කරන්න කැමති දෙස් විදෙස් නර්තනයට හැකියාවක් තිබෙන අවුරුදු 13 ත් 27 ත් අතර දුවා දරුවන්ට මට ලියන්න කියල.0714740799 අංකයට කතා කරන්න. නැත්නම් මට ලියන්න නිලාන් මලිගැස්ප, 289/12, සේපාලිකා උයන, ACDDA කලායතනය, වටරැක, පාදුක්ක යන ලිපිනයට.

 

සටහන ඉඳුනිල් සින්දු

 

2016-11-01-ent-53
2016-11-01-ent-51
2016-11-01-ent-50
2016-11-01-ent-49
2016-11-01-ent-48
2016-11-01-ent-47
2016-11-01-ent-54



අදහස් (0)

මට ඕන ශ්‍රවණාබාධිත ළමයින්ටත් ගැළපෙන නව නර්තන පාඨමාලාවක් හදන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 992 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2039 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1069 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 355 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1589 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site