මගේ ගමට දුම්රිය පාරක් දීමටත් පෙර උතුරේ ජනතාව වෙනුවෙන් දුම්රිය මාර්ගය ලබා දුන්නා. මුළු ලංකාවම මට එකයි සිංහල දෙමළ හා මුස්ලිම් හැමෝටම මගේ සැලකිල්ල එක හා සමාන යැයි මහින්ද රාජපක්ෂ ජනපති කිලිනොච්චියේ දී ප්‍රකාශ කෙළේය.
ඕමන්තේ සිට කිලිනොච්චිය ගිය දුම්රිය පෙරවුරු 9.27ට කිලිනොච්චියට ළඟාවිය. හින්දු චාරිත්‍රයට අනුව අමුත්තෝ පිළිගනූ ලැබූහ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිං, ගමන ගමන අමැති කුමාර වෙල්ගම මහත්වරුද ජනපති සමග මේ ගමන ගියහ.
උතුරේ ජනතාව වෙනුවෙන් කළහැකි හැමදෙයක් ම කරන බව ජනපති කීවේය.
රජය උතුරු දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු නිම කිරීම ගැන ඉන්දියාවේ සතුටු වන බව මහකොමසාරිස් සිං මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද වැඩක් (දී)
මේක පුද්ගලික මුදලින් කල දෙයක්ද?නැතිනම් මොකටද මේ මගේ ගමක් ගැන කියන්නේ ? (දී)
අපේ රණ විරුවෝ ජිවිත පුද දී බේරා ගත්තු රට මේක
උතුරේ ඉන්නෙත් මේ රටේම පුරවසියොනේ,කොහොමත් මේවා රජයේ වගකීම්.
කෝ පින්තුර දාන්නකෝ උතුරට දුම්රිය යනවා බලන්න . (දී)
අපි හැමෝම එහෙම හිතන්න ඕනේ (දී)
රාධ..පුද්ගලික මුදලින් මේවා කරන්න බැරි බව කවුරුත් දන්නවා.නමුත් රට එක්සේසත් කල මේ ජනනායකයා මුළු රටටම භේදයකින් තොරව සේවය සැලසීමයි අප අගය කල යුත්තේ...කුහක වෙන්නේ නැතුව.(දී)
කියන්න නම් දේවල් ගොඩයි. මොනවා උනත් හොද වැඩක් .(දී)
රාදා, ඔයා පාට කන්නාඩිය දාලා ඉන්න කම් ඔයාට රජය කරන වැඩ පේන්නේ නැහැ. ඕක ගලවල රටක් විදියට හිතන්න. එතකොට තේරේවි රටේ දියුණුව. කව්රුත් කෑ ගහන්නේ ඔක්කොම දකුණට කියලනේ රටේ ඇවිදලා බලන්න හැම පැත්තම දියුණු වෙන හැටි.(නදී) i
හොද වැඩක් (නි)
මිනීමරු අමනුෂ්‍ය ත්‍රස්තවාදින් උතුරේ හැමදෙයක්ම විනාශ කළා.නැවත සියල්ල බිංදුවේ සිටන් පටන් ගන්න ඕනෑ. උතුමාණනි, ඔබ ද්‍රවිඩ භාෂාවෙන් කතාකරනකොට ඇත්තටම ආඩම්බරයි. (නි)
මේවා අගය කළ යුතුවුවත් ඒවා මහජනයා වෙනුවෙන් කළ යුතු දේවල්. (නි)
ඇත්තටම සතුටුයි.(නදී)
අපේ රටේ එක වැඩක් කරලා අවුරුදු ගණනක් පම්පෝරි ගහනවා තමන්ගේ පුද්යලික මුදලින් කල වගේ. මේ යුරෝපා රටවල හැම තැනකම එක හා සමානවම විවිධ සංවර්ධන කටයුතු සිදු කලත් කවුරු කරවනවද?කියා දන ගන්නවත් නැහැ.රජෙයේ ව්‍යාපෘති වලට තමන්ගේ මුණ දාගන්න කැමති නැහැ. (අ)
ඉන්දියාව සතුටු වෙන්නේ ඇත්තටමද? චීන බඩු ගෙනාවට දුක නැද්ද? මහ කොමසාරිස් සිං මහත්මයා මොන ගැටයක් ගහලා හරි අප පාඩුවේ ඉන්න එක නැති කරන්න බලන්න එපා කියලා ඔබලාගේ රටට කියන්න.(නදී)
රාධා, පුද්ගලික මුදලින් මේවා කරන්න බැරි බව කවුරුත් දන්නවා. නමුත් රට එක් සේසත් කල මේ ජනනායකයා මුළු රටටම භේදයකින් තොරව සේවය සැලසීමයි අප අගය කල යුත්තේ. කුහක වෙන්නේ නැතුව.(නදී)
ඔබ අපිට ආඩම්බරයක් ජනාධිපතිතුමනි.ඔබ නිර්භීත නායකයෙක් (නි)
සුබ අනාගතයක්! ඒත් කෝච්චියේ යන්න සල්ලි කෝ මිනිස්සු ළග? (නි)
රාධට සිංහල තේරෙන්නේ නැහැ වගේ. මම ඉපදුන, ඉන්න ගම මගේ ගම මිසක් වෙන මොකක්ද? කුහකකම කියන්නේ ඕකට තමයි. හොද දෙයක් අගය කරන්න. නැත්නම් මෝඩකම පෙන්නන්නේ නැතුව කට වහගෙන ඉන්න. (නි)
රට දියුණු වෙන්න නම් මිනිසුන්ගේ ජිවන බර අඩු කරන්න ඕනෑ,බඩු මිල අඩු කරන්න ඕනෑ (නි)
කිලිනොච්චි දුම්රිය ස්ථානය හැදූ අයට ගොඩක් පින්. (නි)
වේදිකාවේ පසුතලයේ දෙමළ අකුරු පමණක් තිබීමට මම කැමති නැහැ (නි)
රාධ , මීට පෙර සිටි ජනාධිපතිවරුන් තමන්ගේ පෞද්ගලික මුදලින්ද රට සංවර්ධනය කළේ? මෙතුමා උදාහරණයක් දීලා තියෙන්නේ! මේ තරම් අපේ රටට සංවර්ධනය කළ වෙනත් නායකයෙක් ඉතිහාසයේ නැහැ. බිහිවන්නේත් නැහැ. යහපත් දෙයක් දිහා බලා සාධාරණ ලෙස අදහස් ලියන්න. අපහාස කරන්න එපා. හැමදෙයක් දිහාම පක්ෂ පාට කෝණයෙන් බලන්න එපා. ඔයා වුණත් හිතලා නැතුව ඇති යාල්දේවි දුම්රිය අපිට නැවත බලා ගන්න හැකි වේවි කියලා. (නි)
සදුනි, මම පුද්ගලික මුදලින්ද කලේ කියා ඇසුවේ දන්නේ නැතුව.(නදී)
උතුරේ ජනතාව ලැබූ හොද ජයක් ග්‍රහනයක්. මෙය රැක ගැනීම ඔබගේ වගකීමක්. ජාතිවාදයට ඉඩ නොදී රට සංවර්දනය කරා ගෙනියන්න ඔබත් සහයෝගය දෙන්න. කොටි කල අපරාද වලට වන්දි ගෙවන්න වෙන්නේ ඔබටයි" කොටි රුකඩ අද වල්මත්වෙලා " කොටි වියරුව දියවෙනවා.(නදී)
ක්‍රිෂ්ණ උතුරේ ඉන්නෙත් මෙ රටේම පුරවැසියෝ කියල අපි දන්නවා. උතුරේ අයම තමා මේ ගැන හොඳින් තේරුම් ගත යුත්තේ.(නදී)
රාධා ඔබ වැනි අය නිසයි ලංකාව නැති වෙන්නේ. එක මනුස්සයෙකුට හරි හොදක් වෙනවා නම් සතුටු වෙන්න පුරුදු වෙන්න.(නදී)
රාධා සහ ක්‍රිෂ්ණ, තව ටිකක් කල්පනා කරන්න. රටේ ආණ්ඩුවට තව කොච්චර පැති වලට පාරවල්, පාලම් හදන්න තියෙනවාද කියලා. නමුත් ආණ්ඩුව උතුරට සහ නැගෙනහිරට විශේෂ අවධානයක් දීලා මේ වගේ දේවල් කරද්දී සාධාරණව සිතා අදහස් දාන්න. ජාතිවාදය මේවට ගාවන්න එපා. (නි)
සමහරු සතුටු වෙන්න දන්නෙත් නැහැ නේද? සමහර මිනිසුන්ට ඕනෑ නැවතත් යුද්ධයක්ද? හොද දේ අගය කරන්න පුරුදු වෙන්න (නි)
අති විශිෂ්ටයි (නි)
රාධ, හැමවිටම ධනාත්මකව සිතන්න (නි)
ජය වේවා ලක් මවට!(නදී)
ලංකාවේ ඉන්න අයට ලංකාව පහුගිය අවුරුදු 5 ට වෙනස් වෙලා තියන තරම පෙනුනේ නැති උනාට කණගාටුයි. අවුරුදු ගානකට පස්සේ මම ගිය අවුරුද්දේ ලංකාවට ගියා. මට හරිම සතුටුයි ලංකාව ගොඩක් ලස්සන වෙලා සංවර්ධනය වෙලා. මට පක්ෂයක් නැහැ ස්වාධිනයි. ඉතින් මම නම් ජනාධිපතිතුමා කරන වැඩ අගය කරනවා සහ තව ගොඩක් මේවගේ ලංකාවට සේවය කරන්න පුළුවන් වෙන්න කියල සුබ පතනවා.(නදී)
ඔයා හරි සඳුනි (නි)
වැඩේ නම් හොදයි. (නි)
ඔබට ස්තුතියි (නි)
සදුනි, උතුරේ රේල් පාර හැදුවේ සුද්දෝ නේද ඉසේල්ලම.(නදී)
මේවා හොද වැඩ. නමුත් තවම බාගයයි සම්පූර්ණ වෙන්නේ කවදාද? (නදී)
ජනාධිපතිතුමා කියන්නේ රටේ රජ්ජුරුවෝ. එතුමාට පුද්ගලිකත්වයක් නැත කියන එකයි ප්‍රකාශනයෙන් කියන්නේ. කරුණාකර තේරුම් ගන්න රාධා. සදුනිට මල් මිටක් !(නදී)
මට මුළු ලොවම ඔබයි (නි)
අපේ දෙමල සහෝදරයින්ට රටේ කොහේ හෝ යන්නට එන්නට පහසුකම් හදල දෙන්න. මේ එදිරිවාදිකම් මග හෙරිලා යාවී. (නදී)
කුහක අදහස් නම් එමටයි,..... ඒවා බහිරවය ගිලින්නේ නැතිව අගේට පලවෙනවා.(නදී)
රාධ, ජනාධිපතිට,කරන්න පුළුවන් මොනවාද ,බැරි මොනවාද,කියලා ඔයාලගේ ජේ ආර් මහත්තයා කියලා දුන්නා දැන් අමතකද?.(නදී)
මේකේ වැඩියෙන්ම ප්‍රතිචාර දාලා තියෙන්නේ කුහක අයයි. මොනවා කලත් වැරදියි. උතුරට දුම්රියක් යවන්න තියා දකුනේවත් දුම්රියක් දුවාගන්න දැරිව හිටිය කාලය දැන් ගොඩකට අමතකයි. පාට කන්නාඩි වලින් බලන්න එපා මිතුරනේ. කව්රු කලත් හොද දේ අගයකරන්න පුරුදු වෙන්න මෙතුමා කිව්වේ මුළු රටටම එක හා සමානව සේවය කරනවා කියන පණිවිඩේ .ඒකවත් හරියට තේරුම් ගන්න බැරිනම් මේකේ මොකුත් නොලියා ඉන්න.(නදී)
රාධ, රටේ සල්ලි වලින් ජනාධිපතිට ඕන නම් තිබුනා, හම්බන්තොටට මුලින්ම පාරක් හදන්න. මොකද එයා ජනාධිපති නිසා. නමුත් එහෙම නොකර එයා කිලිනොච්චි පාර හදන්න තරම් යහපත් මිනිසෙක් උනා. ඡන්ද බලාගෙන කරනවා නම් , යූ.එන්.පී ඡන්ද කඩාගන්න පුළුවන්. වෙන පළාතක ඔය සංවර්දන වැඩ කලත්.(නදී)
රාධා ඔයා තාමත් හැදිලා නැහැ වගේ.(නදී)
ඔව් ඡන්දේ ලග නේ.(නදී)
උතුරේ ජනතාව වෙනුවෙන් කරන මේ උදාර කටයුතු වලට අපගේ සුබසිසනය මෙසේ පිළිගන්වමු දිගාසිරි ජනදිපතිතුමනි (අ)
රාධා ,මෝඩ අදහස් පලකරන්න එපා.1977 සිට 2000 ගණන් වෙනකම් මහජන මුදලුත් ගියේ පුද්ගලික ගිණුම් වලට තමා. (අ)
ෂුවර් එකටම කිලිනොච්චි නේද? මැදවච්චි නෙමෙයිනේ.(නදී)
රධා රටේ කිසිම සංවර්දන වියාපෘතියක්වත් දේශපාලකයන්ගේ පුද්ගලික මුදලින් හදන්නේ නැහැ කියල තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද? ක්‍රිෂ්ණ අපි නම් හිතන්නේ උතුරේ ඉන්නෙත් රටේම පුරවැසියෝ කියල තමයි. නමුත් උතුරේ සමහර දේශපාලකයෝ උතුරෙ ජනතාව රවට්ටන්න ඊළම් සිහින පෙන්නමින් ප්‍රභාකරන්ගේ ෆොටෝ අරගෙන මැතිවරණ ව්‍යාපාරය කරනවා කියල නිවුස් එකක් තිබුනා දැක්කේ නැද්ද? (නදී)
අගය කල යුතු දෙයක් !!!!! ආයුබෝ ''වේවා'' මැතිදුණි.!!!! උතුරත් .., දකුණත් .., පිහිටා ඇත්තේ එකම රටක් තුල නිසා කවුරුත් එකට එක්වී එක්සේසත් රටක් ගොඩ නගමු !!!! (නමෝ .,නමෝ.,නමෝ., මාතා) (අ)
මේක හොඳ වැඩක්. ඒක පිළිගන්න ඕනේ. ඉස්ස්සර මම තලාවේ ඉන්දැද්දී මට ඇහෙනවා යාල් දෙවි කෝච්චිය යන සද්දේ උදේ පාන්දරම ඇහෙනවා. මේක හොඳ වැඩක්. සල්ලි ඉතින් ආණ්ඩුවේ තමයි මොකෝ ජනාධිපති ගේ පඩියෙන් හදන්න මේක එයාගේ ගෙදරට යන පාර නෙවි නේ.(නදී)
රාධා, මෙය කලේ පුද්ගලික මුදලින් නොවන වග ඔලුවේ අන් ඇති ඔයා නොදන්නවා වුනට රටේ කවුරුත් දන්නවා. ඒත් ඒ සදහා මොන රජයක් තිබුනත් රටේ රාජ්‍ය නායකයාගේ අනුමැතිය අවස්‍යයි. ඔය සහෝදරත්වය තමයි ජාතීන් අතර බැදීම් තර කරන්නේ. එසේ නොවන්න අපි නැවතත් පරණ වලට වැටෙනවා. (නදී)
ජයවේවා! මුළු රටම දියුනුවට පත්වේවායි පතමි.(නදී)
දුක විතරයි සබරගමුවට. මගේ ගමත් නොව මගේ රටත් නොව. මම සටන් කල පෙදෙසකුත් නොව සබරගමුව. මේ ලියන්නේ සත්තකින්ම දුකින්. මොනම ඉලව්වක්වත් මෙහෙට නැහැ. අපි හිතුවා මේ යුද්දයෙන් පසුවත් අපිට යමක් කරයි කියලා.(නදී)
සදුනිගේ කතාවට මම කැමතියි.(නදී)
දක්වන ප්‍රතිචාර ඉතාම බුද්ධියෙන් ප්‍රකාශ කල යුතුව ඇත මොකද ඔබගේ අදහස් වලින් පිළිබ්ඹු වන්නේ ඔබෙගේ මනසේ බුද්ධියේ සහ වටපිටාව මෙන්ම ඔබ කවුද යන වගයි.එම නිසා ඔබගේ ප්‍රතිරූපය විනාස නොකරන අතර ජාතික හා සාධාරණව පුවත් පලකරන ලංකාදීප මාධ්‍ය ජලයද ආරක්ෂා වනපරිදි ප්‍රකාශ කිරීම බුද්ධිමත් අයගේ වගකිමවේ.මෙය හුදෙක් දේශපාලන හිස් බව ප්‍රකාස කරන මෙවලමක් කොරනොගන්න මෙන් රටට ජාතියට ආගමට සංස්කෘතියට පරිසරයට සහ මාධ්‍යයට ආදරයකරන සබැ පුරවැසියෙකු මෙන් ඉතා අනුකම්පාවෙන් ආදරයෙන් සිරස නමා අනාගත පරම්පරාවේ නාමයෙන් නමස්කාරපුර්වකව යදිමි (අ).
ජනාධිපතිතුමනි,අපිට හරිම සතුටුයි ඔබ සිදුකරන මේ සංවර්දන ක්‍රියාවලිය ගැන.ඔබට ජයෙන් ජය. හදවතින්ම (අ)
දේශපාලන කුහකයන් හැර සියළු දෙනා පිළිගත් දෙය තමයි මේක හොඳ වැඩක් (අ)
කොතරම් සුන්දර දසුනක්ද .? සිංහල දෙමල මුස්ලිම් අප සියලු දෙනා සමගියෙන් ජීවත්වෙනකොට තව කොතරම් සුන්දරද .? (අ)
රට දියුණු කරන්න ගන්න වෙහෙසෙන මිනිසුන්ගේ පිරිහෙන ගුණ ධර්ම දියුණු කරන්නත් ගන්නවා නම් හොදයි.පන්සල් ගිනි තියනවා බෝ ගස් කපනවා.මේ පෙ රටේ අහන්න ඕනි දේවල්ද? (අ)
අපේ ජනපති (අ)
විජේපාල, ඔයා යුරෝපා රටවල් ගැන කතා කලාට තාම .යුරෝපය ඔය තත්වයට ආවේ ආසියාව අප්‍රිකාව වගේම ලතින් අමෙරිකාවත් සියවස් ගණනක් හුරගෙන කාල බව.අමතක කරන්න එපා. අනික ද්‍රවිඩ සන්ධානය කියන්නේ මේ සියල්ල කරන්නේ පිටරටවල් වලින් මිස ශ්‍රී ලංකා රජයෙන් නොවන බව. ඔයා ඒකවත් දන්නවද?(නදී)
බුලත් කොලයයි කතිරයයි ගහ ගෙන තියෙන්නේ හරියට එක පක්ෂයක මුදලින් කල වගේ නොවේද ?
මට කිලිනොච්චිය අමතක වේල්ල තිබුනේ. සිංහයා නාද කරන සද්දෙට මතකය පිබිදුනා.එක්සත් ලංකාවක ආඩම්බරය දැනෙනවා. ජය..ජය..ජය...
පොදු මුදලින් කරන ඒවාට දේශපාලන පක්ෂ වල ලාංචන කතිරය සමග යොදා ගැනීම ශිෂ්ට සම්පන්නද කියා සිතා බලන්න.(නදී)
රනා සහතික ඇත්ත, අපේ ඌව පළාතටත් ඔය සෙතේම තමයි. අපටත් ආණ්ඩුවෙන් ලැබෙන්නේ බස් ස්ටෑන්ඩ්, ටොයිලට් හා පාරවල් ටිකක් පමනයි. දකුණේ හා බස්නාහිර ක්‍රියාත්මක වෙනවා වගේ කිසිම රැකියා උත්පාදන යෝජනා ක්‍රමයක් නැත. කියන්නත් ලජ්ජයි. (නදී)
මේක හැදුවේ ඉන්දියානු ආධාර වලින් නේද (අ)
කොහෙ හිටියත් තමන්ගේ රට දීයුනු වෙනවා දැක සතුටු වියයුතුයි. පක්ෂ බේද ආගම් බේද වලින් මිදිලා.(නදී)
අපි ඊයේ ජනාධිපති කාර්‍යාලයට ගියා. ජනාධිපති තුමා කිව්වා හැමෝටගම දුකට කන්දෙනවා කියලා. ඒත මාස ගානක් වෙනවා අපේ දුක අහන්නේ නැහැ අපේ කරුමෙට.(නදී) .
අතිගරු ජනාදිපති තුමනි අපේ දුක කියන්න ඉක්මනින් අවස්ථාවක් ලබාදෙන්න.(නදී)
අපේ වෙල්ගම ඇමැතිතුමාටත් ප්‍රසංසාව හිමි විය යුතුයි. ද්‍රවිඩ අපේ සොයුරු සොයුරියන් ජීවත්වන ප්‍රදේශ වල තිබෙන රජයේ ආයතන වල දැන්වීම් පුවරුවල දැන්වත් මුල්තැන ද්‍රවිඩ භාෂාවට දෙනවනම් හොදයි නේද?. 1958 ඇතිවූ අවාසනාවන්ත තත්ත්වයට මේ කරුණත් ප්‍රධාන හේතුවක් උනා කියල තමයි මම අහල තියෙන්නේ. (නදී)
හොඳයි. ටිකයි.(නදී)
උතුරත් දිනුම්ද?(නදී)
අපේ රණ විරුවන් කී දෙනෙක් ජීවිත පුජා කලාද මේ ජයග්‍රහණයට ඔබලාට අප සදා නය ගැති සොයුර ....(නදී)
පාරවල් හදන එක පාසල් වලට පහසුකම් සලසන එක පවතින ඕනෑම ශිෂ්ට රජයක පරම වගකීමයි. මේවට මුදල් සපයන්නේ ජනතාව ලබාදුන් බදු වලින්. මේ ජනතා මුදල් අනවශ්‍ය දේ වලට විනාශ නොකර එහි ප්‍රතිලාභ ජනතාවටම ලබාදීම පත්වෙන ඕනෑම නායකයෙක්ගේ වගකීම වෙනවා. ගොඩක් රට පුරාම දකින රජයේ ඩිජිටල් පුවරු දකින විට මට හිතෙන්නේ එම මුදලෙනුත් රටට සේවයක් කරා නම් හොඳයි නේද කියලා. අද නායකයෝ හරියට කතා කරන්නේ මේවා තමන්ගේ අම්මගෙන් අප්පගෙන් හම්බ වුනු බූදල් මුදල් වලින් රට දියුණු කරනවා කියලා.(නදී)
කිලිනොච්චි දුම්රිය ස්ථානය හදල දුන්න කොමෙෂල් බැංකුවටත් ගොඩාක් සතුටුයි.(නදී)
රධාට තියෙන්නේ බලු කටක්. මේ අයත් එක්ක තමයි අපට යන්න වෙලා තියෙන්නේ. ඔහොම යන්.(නදී)
සබරගමුව ගැන රානාගේ අදහස මුළුමනින්ම අනුමත කරමි.(නදී)
ගරු ජනාධිපතිතුමනි ඔබ අපගේ මාතෘ භූමියට ඉමහත් ආඩම්බරයකි.. පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබලි වලට නොබෙදී ඤානය නිවහල් වේ ...බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙදෝ .......එහෙව් නිදහසේ ස්වර්ණ රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි......(නදී)
රටේ නායකයා, එකම පවුලක වැඩි හිටි පියා හා සමානයි. පියා, පිරිමි දරුවට ගැහැණු දරුවට වැඩිය ආදරෙන් සලකන්නේ නම් එය පවුලේ සමගියට බාධා වීමක් වෙනවා. මේ කියමන රටේ සියලු පුරවැසියන්ට ආදර්ශයක් වේවා.(නදී)
දැන් මැදවච්චියට වගේ කිලිනොච්චියටත් යන්න පුළුවන් වේවි .. සුබ පැතුම් ..(නදී)
දැනට වසර 5-6 කට කලින් අපි කලේ මල කදන් ගැන ගැන හිටපු එක වසර 30ක් තුල රට තුල තිබු අමු සොහොන නැතිකලේ වත්මන් ජනපති නායකත්වයෙන් අභීත රණ විරුවන්ගේ රුධිරයෙන්. අපි කුමන දේශ පාලන මතයක් දැරුවත් අඩුම තරමින් ඒවා සිහිකළ යුතුය. එසේ නොකරන්ට තරම් කුහක වෙනවා නම් මිනිසුන් සහ සතුන් අතර වෙනසක් නැහැ කරන හොද වැඩ වලට අපගේ ප්‍රණාමය. යුරෝපයේ සිටින අපිට කෙනහෙලි කම් කරන හොරිකඩ සුද්දන්ට පෙනෙන්ට මාධ්‍ය තුලින් පිටරට වලටත් පෙන්වන්න ඒක රටට ආදරේ කරන මාධ්‍ය මහතුන්ගේ යුතුකමක්.(නදී)
ඉහත අදහස් දාලා තියන අය හුගක් අන්ඳ බව පේනවා, ලොකු උදවිය කියන බොරු වලට ලංකාවේ මිනිස්සු රැවටෙනවා. ප්‍රේමදස හිටපු ජනාදි පතිවරයත් මේවගේ රැවටිලි කළා. මමත් සිංහල තමයි. ඒත් සිංහල මිනිස්සුන්ව ඉක්මනින් රවටන්න පුළුවන් කියල ප්‍රසිද්දයි. බොරු අදහස් ලියන්නේ නැතුව ලංකාවේ වර්තමානේ වෙන දේවල් බලන්න. මොලයක් ඇතුව හිතන්න.(නදී)
ජනාධිපති පති තුමනි ඔබගේ සේවය ඉතා අගය කොට සලකමි. රට බේරා දුන්නට සහ රටේ සංවර්දනය දියුණුවට. එහෙත් රටේ වැඩිවන අපරාධ රැල්ලත් අපචාරත් නවතන්න මේ සමගම. අපි සැමදා ඔබ සමග සිටින්නෙමු.(නදී)
උතුරෙ අහිංසක ජනතවට මෙහෙම බලපොරොත්තුවක් දීම ගැන සතුටුයි. එහෙම නොවුනොත් අවස්ථාවාදී බෙදුම් වාදීන්ගෙ උගුල් වලට අහුවෙනවා.(නදී)
කාට හරි කියන්න පුලුවන්ද මේ ඡායාරුප දිහා බලල මේවා කරන්නේ, කතිරය බලාගෙන නෙමෙයි කියලා.(නදී)
ජනාධිපතිතුමනි, මෙවැනි සංවර්ධනයන් දැකීම සතුටුයි මට රටේ පුරවැසියෙක් විදිහට.සංවර්ධනයේ වෙගවත් බවට රටේ ජනගහන පාලනයක් අවශ්‍යයි. (නි)
දසුනි ,ඔබ හරි,මමනම් කියන්නේ මේ හදිස්සියෙන්ම මේක විවෘත කළේ කතිරය බලාගෙන තමයි. නමුත් මේකට සම්පූර්ණයෙන්ම වියදම් කළේ ඉන්දියාවෙන්. යුරෝපයේ නම් මීට වැඩිය ලොකු දෙයක් විවෘත කරන්න වුනත් ජනාධිපති තියා ඇමති කෙනෙක් වත් එන්නේ නැහැ.(නදී)
''පිටි...ගල'' වගේ කුහකයෝ ඉන්නකන් අපේ රටවල් හදන්න බෑ.(නදී)
හම්බන්තොටට රේල් පාර දාන එක එච්චර ලේසි නැහැ. ඒක අලුතෙන්ම දාන්නා ඕනෑ. කිලිනොච්චියේ කොහොමත් රේල් පාර තිබුනා. (නි)
මොන දේ දුන්නත් සමහරු බනිනවා මිස හොදක් කියන්නේ නැහැ (නි)
සුද්දෝ දාපු දුම්රිය මාර්ගය කොටි ගලවලා දැම්මා. දැන් ඒක නැවතත් දාලා. (නි)
වැඩේ නම් හොදයි. නමුත් අර ලාංඡන වලට නම් මම කැමති නැහැ (නි)
ගමගේ, කිලිනොච්චියේ කොහෙද රේල් පාර තිබුනේ? සමහර තැන් වල තිබුණු සලකුණක්වත් තිබුනේ නැහැ. කොටි රේල් පාර ගලවලා බංකර් හදලා තිබුනා කියලා දැක්කේ නැද්ද ඒ දවස්වල පෙන්නුවා. හම්බන්තොටට රේල් පාර හදන්න ප්‍රමාද වෙන්න හේතුව ඉඩම් පවරා ගැනීම සහ යටිතල පහසුකම් සංවර්ධනයට කාලය යන හින්දා. (නි)
පිල්ලේත් හිටියා නම්... (නි)
මේක පිල්ලේ යන්න පෙර කරන්න පුළුවන් වුණා නම් කොච්චර හොදද? (නි)
ලෝකේ හොදම දුම්රිය සේවය තියෙන්නේ ලංකාවේ කියලා කිව්වම ජපාන රජ කුමරිය පුදුම උනාලු.(නදී)
වැඩේ හොඳයි. එහෙත් මේවා වෙන්න ඕනේ කොමිස් කුට්ට්ය් සාක්කුවට නොයා. ඔය හදන අධි වේගී මාර්ගවලින් කොච්චරනම් කොමිස් කුට්ටි සාක්කුවලට ගියාද උතුරේ ඡන්දය ඉලක්ක කරගෙනයි ඕක කලේ. පිටින් පේන ඔපය දිහා විතරක් බලන්න එපා. තව කාලයක් යනකොට අපිට ලංකාව කියලා කියන්න රටක් තියෙයිද දන්නෙත් නැහැ ඔක්කොම දැනට චීන්නු ගිලගෙන ඉන්නේ. කොහොම වුනත් මේ යුද්දය ඉවර කරපු එකට නම් ජනාධිපති තුමාටත් හිටපු යුද හමුදපති තුමාටත් ගුවන් හා නාවික හමුදපති තුමාටත් දිවිපිදු රණවිරුවන් සැමටත් මගේ ප්‍රණාමය පුදකරනවා.(නදී)
ජනාධිපති තුමාගේ ඒ කතාව අපිට හොද ආදර්ශයක් (දී)
ගරු ජනාදිපති තුමනි ඔබ තුමාට ජයෙන් ජය මට නම් එච්චරයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි!.(නදී)
හොද දේ අගය කරන්න මිනිසුනේ, මේ වගේ නායකයෙක් අපට හිටියේ නෑ. ආයේ එන්නෙත් නෑ. (දී)
මෝඩ විජේපාල, එක පාරම අපේ රට යුරෝපීය රටක තත්වයට ගේන්න බැහැ. අපේ රට මීට අවුරුදු 5 -6 කට කලින් තිබුනේ කොහොමද කියල මතක් කරගන්න. (දී)
ජනපති තුමාට අපේ ආචාර්ය (දී)
ජනාධි පති තුමනි ඔබ තමයි අපේ වීරයා (දී)
දසුනිට හිතෙන්නේ නැද්ද ජනාධිපති තුමාට කතිර පෙන්නන පුළුවන් කම තියෙනවා මෙතන ලැජ්ජාවක් බයක් නැතුව. එත් ස්වයන් පාලනය ඉල්ලන අයට මොනාද පෙන්නන්න තියෙන්නේ. පෙන්නන්න දේවල් නැති නිසා නිකම් (හෙළුවෙන්) ඉන්නයි තියෙන්නේ.(නදී)
ශ්‍රී ලංකාවේ ජනතාවට සාමය උදාකරදුන් මේ නායකයට.දීර්ග යුස ලැබේව. අවරුදු 30ක් රට වැනසිලා තෙබුනේ. ජනතාවට සාමෙන් ජිවත් වෙන්න. පුළුවන් රටක් ගොඩ නැගුවේ. කව්රුන්ද. මහින්ද මහත්තයා නේද. රටේ සියලුම වැසියන් පක්ෂ බේදයෙන් තොරව . සහය දෙන්න මහින්ද ජනාදි පති තුමාට. කොන්ද පන ඇති නායකයෙක්.අප ලංකාවට ආඩම්බරයක්.ඔබතුම.ජේසුගේ පිහිට ලැබේවා (දී)
මට මුළු රටම එකයි . මට මුළු ලොවම ඔබය . ජනාදිපති තුමනි අප ඔබට සදානයගතිය .දකුණේ සිට උතුරට එක රටක් . අපේම රටක් කියා අපට යන්නට වරම් ලබා දුන්නට . බොහෝ දෙනෙකුට ඉක්මනින් අතීතය අමතකව ඇත (දී)
සමහරු අද ඉපදිලා වගේ අදහස් දානවා. වසර ගණනකට පෙර විනාශ වුනු රට ගොඩ ගන්න ඔය අදහස් දාන මම ඇතුලු කිසිවෙකුට බැහැ. රට ගොඩ නගන්න භාර දුන්නු ජනාධිපතිතුමා එතුමාගේ කොටස කරනවා. එහෙම කරනකොට ඇද කුද හොයන්න කියන්න ඕනෑම කෙනෙකුට පුලුවන්. (දී)
තව ටික දවසකින් පාමංකඩ විතරක් නෙවෙයි අලිමන්ඩදත් යන්න පුළුවන් කෝච්චියෙන්.(නදී)
ජනාධි පති තුමාට අපි ඉන්නවා
සමස්ථ ලෝකෙටම ආදර්ශමත් එඩිතර ජන නායකයන් අතර ශ්‍රී ලංකාවේ නම රන් අකුරි ලියු එකම වීරයා ට ජය. (අ)
නාවක්කුලියේ සිංහල පවුල් ටික තවම මහ පාරේ ... උතුරේ ඉපදුන හදුනා වැඩුන සිංහල අපට මහපාරත් නැති හැඩයි (අ)