(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
"අයි.එම්.එෆ් එක පොඩි ඉන්ජෙක්ෂන් එකක් ගැහුව කියල පිම්බෙන්න හදන්න එපා. මේ වගේ බොරුවට පිම්බෙන මැට්ටෝ ටිකක් මේ රටේ ඉන්නේ කියලා අයි.එම්.එෆ් එක දැනගත්තොත් ඉදිරියේදී සත පහක් දෙන එකක් නැහැ" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
" මේවා දකින කොට අපිට කියන්න වෙන්නේ කපුටු කාක් කියලා තමයි" යැයිද ඔහු සඳහන් කළේය.
වීරවංශ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිටල් ආයතන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට එක දිගට බාධා කළ අවස්ථාවේදීය.
විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
"ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලංකා හොස්පිටල් වල තියෙන රජයේ කොටස් විකුණන්න පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීරණයක් අරගෙන තියෙනවා. මේ ලාභ ලබන ඒවා විකුණන්නේ ඇයි.
( ආණ්ඩු පක්ෂයෙන් දිගටම බාධා කිරීම්)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
මන්ත්‍රීතුමන්ලා නිශ්ශබ්ද වෙන්න.සභාව ගෙනියන්න බැහැ.
වීරවංශ මහතා:
කපුටු කාක් කියලා තමයි කියන්න වෙන්නෙ.
ජනාධිපතිතුමා කැමතිනම් පිළිතුරු දෙන්න. පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවා කියලා තමයි මුලින් කිව්වේ.ලාභ ලබන ඒව විකුණන්නෙ මොකටද. ලාභ ලබන ඒවා ගන්නෙත් පිටරට අය නම් ඩොලර් පීඩනය අඩු වෙනවද වැඩි වෙනවාද. එ අය රුපියල් ඩොලර් කරල ගෙනියන්නෙ. කරුණාකරලා අයි.එම්.එෆ් එකෙන් අහල හරි මට මේකට පිළිතුරක් දෙන්න.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’මැට්ටෝ කියලා දැනගත්තොත් අයි.එම්.එෆ් දෙනඑකක් නෑ’’
Sri Lankan Wednesday, 22 March 2023 01:41 PM
උඹ බැරිවෙලාවත් IMF එක පැත්ත පලාතේ යන්න එපා
emalin Wednesday, 22 March 2023 01:47 PM
දැන් ඔහේ හිතාගෙන ඉන්නේ ඔහේ හරි උගතෙක් කියලද? ඔතන ඉන්න අමුම මට්ටන් අතරේ ඔහේ ඉන්නෙත් ඉදිරි පේලියේම තමයි . ඊට අමතරව ඔහේ හොර පාස්පෝට් හදල අහුවෙලා නඩුවකුත් යනවා නේද? මවර මන්ඩියේ මිට අවුරුදු 20 කට ඉහතදී පොඩි කඩයක් දාගෙන හිටපු ඔහේ අදවෙනකොට හොයාගෙන තියෙන වත්කම් කොමොමොද උපයගත්තේ කියලත් පොඩ්ඩක් කියමුකෝ බලන්න .
අරවින්ද මොනරවිල Wednesday, 22 March 2023 02:38 PM
විපක්ෂයේ ඉන්න කොට තමයි මුන්ගේ දේශප්‍රේමය උතුරන්නේ, රාජපක්ෂලා සමග හවුලේ හොරාකන කොට කිසිම ප්‍රශ්ණයක් නැහැ.
ThisahamiWednesday, 22 March 2023 03:49 PM
ඊ ළඟ චන්දෙදි ගෙදර යවන්න ඕන අමුම අමු මැට්ටෙක් තමයි මේ අප්පුහාමිත් . උඩ දෙකට යට දෙක කැපුවහම උත්තරේ බිංදුවයි කියල කිවේ මේ අමු මැට්ට නේද?
මොලේ Wednesday, 22 March 2023 03:12 PM
පාඩු ලබන ඒවා ගන්න තමුන්ට මොලේ අමාරුව තිබුණට කවුද කැමති පාඩු ලබන තේ කඩයක්වත් ගන්න.
විජයන්ති Wednesday, 22 March 2023 03:31 PM
ඔබතුමා ඉස්සර වගේ අඩිරාජවදී කුමන්තොරන් ගැන කියවන්න යන්න එපා පුරුද්දට.
Muditha Wednesday, 22 March 2023 03:57 PM
ඔතන ඉන්න අමුම මුත්තන් අතරේ ඔහේ ඉන්නෙත් ඉදිරි පේලියේම තමයි
ruwan Wednesday, 22 March 2023 04:21 PM
උඹත් එන්න ඒන්නම චාටර් වෙනව.