තමන්ට ‘හිජාබය‘ ඇඳගෙන පාසලට පැමිණිමට අවහිර කිරීමෙන් රාජගිරිය ජනාධිපති බාලිකා විදුහලේ විදුහල්පතිනිය තම මුලික අයිතිවාසිකම කඩ කැර ඇතැයි සඳහන් කරමින් ඊට අවසර ලබා දීමට නියෝග කරන ලෙස ඉල්ලා විදුහලේ මුස්ලිම් සිසුවියක ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට 13 වැනි දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධීකරණය නියෝග කළේය.
මෙම පෙත්සම චන්ද්‍රා ඒකනායක,ඊවා වනි සුන්දර සහ බුවනෙක අලුවිහාරේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අධිකරණ පද්දතිය තුලින් ලබාදෙන තිරනාත්මකම තීන්දුව වෙයි මෙය (දී)
මේ වෙලාවේ නිවැරදි තීරණයක් අධිකරණය ගත්තේ නැත්නම් ලොකු ගැටළු රැසකට මුහුණ දෙන්න සිදුවෙයි (දී)
අනාගතයේ පාසල් පද්දතිය වැටෙන්න මෙය හේතුවක් වෙයි (දී)
විදුහල් පති තුමිය හරි (දී)
සමස්ත පාසල් පද්දතියටම තියෙන්න ඕනේ එක නිල ඇඳුමයි (දී)
අපි බලමු මොකද වෙන්නේ කියල. රුසියාවේ ජනාධිපති තුමන් නිර්භීතව කල ප්‍රකාශය මේ මොහොතේ සිහිපත් වෙනවා.... "රුසියාව තුල සමානව සෑම ජනවර්ගයකටම වැසිය හැකි උවත් ඔවුන් රුසියානු නීතියට සහ සංස්කෘතියට හුරු විය යුතුයි, ඊට ගරු කල යුතුයි" ඒ එතුමන් කල ප්‍රකාශයේ සාරාංශයයි. අපි බලමු ලංකාවේ තත්වය කෙසේද කියා. මේ රටේද හැමෝටම තිබිය යුත්තේ එක් පොදු නීතියකි ඊට කිසිදු ආගමික නීතියක් වලංගු නොවේ. (දී)
මෙම නඩුව පිළිබදව සැවොම අවදියෙන් සිටිය යුතුයි. බ්‍රිතාන්‍යයේ මෙවැනිම නඩුවකින් මුස්ලිම් ඇදුම ඇදීම තහනම් කලා මතකයි. (දී)
පාසලේ නිල ඇඳුම එකක් විය යුතුය.එක එක ජාතීන්ට අනුව පාසලේ නිල ඇඳුම වෙනස් නොවිය යුතුය. (දී)
සිංහල හින්දු මුස්ලිම් කියලා ජාතීන්ට බෙදිලා පාසල් යන්න බැහැ මේ වැඩෙන් වෙන්නේ ළමයින් දෙකඩ වෙන එක (දී)
පාසලකට තිබිය යුත්තේ එක නිල ඇඳුමයි එය ජාතින් අනුව වෙනස් නොවිය යුතුය මේ නඩුවෙන් හොඳ තීරණයක් ලැබෙයි (දී)
රජින්ද ,රුසියාවේ ජනාධිපති තුමන්ගේ ප්‍රකාශය ගෙන දැක්වුවාට ස්තුතියි (දී)
පාසල් පද්ධතියටම තියෙන්න ඕනෑ එක නිල ඇඳුමයි නේද? (නි)
මම දන්නා තරමින් ඒ රටවල් වලවත් මෙය අනිවාර්ය කර නැහැ (දී)
නඩු තීන්දුවෙන් ජාතියක ඉරණම තීන්දු වේවිද? (නි)
ඔය කියන ඇඳුම අදින්න ඕනෑ නම් ඇයි ඒ ළමයා මුස්ලිම් පාසලකට යන්නේ නැත්තේ? වවුලගේ මඟුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනෑ කියන්නේ ඕකට තමයි (නි)
යුරෝපා රටවල ප්‍රංශය වැනි රටවල ළමුන්ට කැමති ඇඳුමක් ඇඳීමට හැකියි. නමුත් ආගමික සළකුනු සහිත ඇඳුම් පැළඳුම් ඇඳ හිස වසාගෙන එ්ම සම්පූර්ණයෙන්ම තහනම්. එය පාසළ තුළ ළමුන්ගේ එකමුතුකමට බාධාවකි. පාසලෙන් ආහාර ගන්නේ නම් ළමයි කැමති දෙයක් තෝරා ගත යුතුයි. විශේෂ හලාල් ආහාර ආපන ශාලා වල සැපයීමට ඉඩක් දී නැත.ලංකාවේ ළමයින්ට පාසල් ඇඳුමක් නියම කර තිබෙනවා. එයට ගරුකරන්න සියළු ජාතිවල අය බැඳී තිබෙනවා. ඒ තුලින් නීතිගරුක දරු පරපුරක් බිහිවීමට තුඩු දෙනවා. එසේ කළ නොහැකි නම් තමාට ගෙදර සිටීමට වේවි. මුස්ලිම් පාසළකට සිංහල ළමා සාරිය ඇඳීමට ඉඩක් නොදෙනු ඇත. පාසල යහපත් පුරවැසියන් රටට බිහිකරන සෙනෙහස පිරි මෑණි කෙනෙකි. (නි)
ප්‍රංශයේ මොට්ටැක්කිලිය ඇඳුම පාසල් වලට තහනම් කළ පසු මුස්ලිම් සිසුවියන් කොන්ඩ බු ගාගෙන ආවා. නමුත් ප්‍රංශ රජය කිසිවක් ගණන් ගත්තේ නැහැ. දැන් කවුරුවත් බූ ගාගෙන එන්නෙත් නැහැ, මොට්ටැක්කිලිත් නැහැ. (නි)
මුස්ලිම් පාසලකට සිංහල ගෑනු ළමයෙක් ගියොත් ඒ ළමයටත් එතකොට ඔහොමද ඉන්න වෙන්නේ? ඒ දේම මේ මුස්ලිම් ළමයටත් අදාලයි නේද? (නි)
ලෝකයේ ඕනෑම රටක පුරවැසිකම ගන්නේ නම් එම රටේ සියලුම නීති රීති වලට යටත් විය යුතුයි. අරාබි අය වෙළඳාමට ආවේ ඔවුන්ගේ නීතියත් අරගෙනයි. ලංකාවේ නීතිය සැමට සමයි. මෝට්ටැක්කිලිය ලංකාවෙන් ගලවන්නට ඉතාම සුදුසුයි කාලය මෙය බව මට සිතේ (නි)
මේ දැරිවියට උසාවි යන තැනටම කරුණු කාරනා පහදා දුන්,තිරයේ පිටුපස පැත්ත ගැනත් සෙවිල්ලෙන් හිටියොත් හොඳයි. (නි)
අරාබිකරයේ නීති අපේ රටට උචිත නැහැ.එකම රටක් එකම ධජයක් තුළ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි පොදු නීතිරීති පද්ධතියකට යටවත්ව ජීවත් විය යුතුයි. මෙතනට ජාති, ආගම්, කුල-මල බේද ඕනෑ නැහැ.හැමෝටම පොදු වූ එකම නිල ඇඳුමක් විය යුතුයි. (නි)
ජීවා මටත් අහන තියෙන්නේ ඔයාගෙම ප්‍රශ්නය තමයි. සිංහල ළමයෙක් මුස්ලිම් පාසලකට ගියොත් මොකද්ද අඳින්න ඕනේ (දී)
ඒ ළමයා මුස්ලිම් පාසලකට ගියා නම් ප්‍රශ්නය ඉවරයි. (නි)
ඇයි ඉතින් මුස්ලිම් පාසලකට නොයන්නේ? (නි)
ප්‍රංශය, ඉතාලිය වගේ රටවල් නම් මේ 'මොට්ටක්කිලි' තහනම් කරලා තියෙන්නේ. (දී)
විදුහල්පතිතුමියනි, නඩු තීන්දුව කුමක් වුවත් අපි ඔබ සමඟයි. මේවාට ඉඩදෙන්න එපා (නි)
මුස්ලිම් කාන්තාවක් යුධ හමුදාවට සෙබළියක් ලෙස බැඳුනොත් මොන ඇඳුමද අඳින්නේ? (දී)
නියපොත්තෙන් කඩන්න තියෙන එක කඩලම දාන්න ඕනෑ. නැත්නම් පොරවෙනුත් කපන්න බැරිවෙයි. රුසියාවේ, ප්‍රංශයේ විතරක් නෙමෙයි, ඕස්ට්‍රේලියාවේ අගමැති (කලින් හිටි කෙනා) කිවුවෙත් ඔය ටිකමයි. එහෙ ඉන්නවා නම් ඒ විදියට ඉන්න ඕනෑ, බැරි නම් ඒ රටින් පිටවීමේ සම්පුර්ණ නිදහස දීලා තියෙනවා කියලා කිවුවා. දැන් කිසිම සද්දයක් නැහැ! (නි)
කිසිම දේකට බයවෙන්න එපා. (නි)
ඔය ළමයා බළල් අතක් පමණයි කියලයි මට නම් හිතෙන්නේ. තිරය පිටුපස ඉඳගෙන බළල් අත මෙහෙයවන රූකඩ නැට්ටුවෝ ටික දිහා ටිකක් විමසිල්ලෙන් හොයලා බැලුවොත් හොඳයි. (නි)
අධිකරණය දක්වා ගිය ප්‍රශ්නයක් නිසා මෙහිදී අපේ තීන්දු දීම නොකළ යුතුයි. නමුත්, මේ ළමයා මෙතෙක් කල් පාසලට ගියේ කොහොමද? හිටපු ගමන්ම ඇයි මෙහෙම දෙයකට යොමු වුණේ? නිහාල් මහතා මෙහි දක්වා ඇත්තේ වැදගත් අදහසක්. මේ යුගය අපේ රට තුළ ඇතැම් අය විසින් ආගමික සංහිඳියාව බිඳවන ලෙසින් කටයුතු කරන නිසා මේ පිළිබඳව විමසිලිමත් වීම අවශ්‍යයයි. (නි)
නිර්භයව කෙළින් තීරණයක් ගත්තා නම් හරිනේ... (නි)
කතෝලික රටක් වන ඉතාලියෙත් මේ හා සමාන ප්‍රශ්නයක් සිද්ධ වුණා. මන්දයත් මෙහෙ හැම පාසලකම,හැම ගොඩනැගිල්ලකම කුරුසියේ ප්‍රථිමාව එල්ලා තියෙනවා. මේකට විරුද්ධ වුණ අය උද්ගෝෂණයක් කළා පාසල් ගොඩනැගිල්ලෙන් කුරුසිය ඉවත් කරන්න කියලා.නමුත් එම ඉල්ලීම පුස්සක් වුණා අන්තිමට. ඉතින් මම අසා සිටිනවා එක් දෙයක්.මන්දයත් සෞදි අරාබි රටේ මෙවැනි ඉල්ලීමක් කළොත්/කර සිටියොත් ඒ අය දෙන දඬුවම් භයානකයි නේද කියලා (නි)
මේ විසල් ප්‍රශ්නයක මුලයි.කල්පනාවෙන්!සමස්ත පාසල් වලටම බලපාන්න පුළුවන්.මගේ තිරණය නම් අවසර නොදිය යුතුයි යන්නයි. (නි)
මේක එච්චර ලොකු ප්‍රශ්නයක් හැටියට මම නම් දකින්නෙ නැහැ (නි)
මේවා පිටුපස ඉන්න අය ගැන හොයලා බලන්න කවුරුහරි යවන්න. නැත්නම් දුරදිග ගියොත් මහා විනාශයක් වෙන්නේ (නි)
මුස්ලිම් යුවතියක් තම ශරීර කොටස් වසාගෙන සංවරශීලීව ඉන්න එක අනිත් අයට ටිකක් ප්‍රශ්නයක් වගේ. (නි)
අපේ රටේ නීතිය එක සමාන විය යුතුයි , මෙය අපේ රටේ අනාගතය තීරණය කරන නඩු තීන්දුවක් වේවා.. (දී)
මම නො දන්නා නිසයි මේක අහන්නේ. දඹානේ ඇත්තන්ගේ කැකුලෝ කැකුලියෝ ඉස්කෝල පොජ්ජට මන්ගච්චන්නේ කොයි විදිහේ ඇඳුම් පොජ්ජකින්ද? (දී)
අයි අනෙක් යුවතියෝ ශරීරඅංග එළියේ දාගෙන අසංවරව ඉන්නවාද? (දී)
කාලෙන් කාලෙට මොකාක් හෝ දෙදරුම් කන මාතෘකාවක් තියෙනවා සාකච්චා කරන්න (දී)
එක එක එක්කෙනා එක එක විදිහට පාසල් එන්න ගියාම විකාරයක් වගේ තියෙයි කාට නොතේරුණත් විදුහල්පතිට ඒ දේ තේරුණා. (දී)
මෙතන අදහස් දල තියෙන අයගෙන් අහලා කැමති ජාත්‍යන්තර පැසල් වලට ඕනෑම් පාට පාට චාරයක් නැතිව අදින්න පුලුවන් හරිද ? (දී)
රිල්වාන් මිලානෝ, මුස්ලිම් රටක් විදිහට ඉන්න ඕනෑ නම් එහෙම රටකට යන්න ඕනෑ නේද? අපිව ජාතිවාදී කරන්න එපා (නි)
ආදරණීය ලංකාදීප,මේ සිද්ධියේ උසාවි තීරණයත් මෙහි පළ කරන්න.අපි බලාගෙන ඉන්නවා..මට හුනා කිවුවා වගේ කියන්න පුළුවන් මේ ළමයා සහ නියෝජනය කරන පිරිස දිනනවා. තෙරුවන් සරණයි! (නි)
එක් එක්කෙනාට ඕනෑ විදිහට ඇඳුම් ඇඳගෙන ළමුන් පාසල් එන්න ගියොත් ඒක මහා විකාරයක් වේවි. ලංකාවේ සිංහල පාසල් වලට අනන්‍ය නිල ඇඳුමක් තියනවා. කවුරුන් හෝ එම පාසල් වලට යනවා නම්, එම පාසල් වල නීතිරීති වලට ගරු කළ යුතුයි. පාසල් වල විදුහල්පතිවරු කියන්නේ කාට හෝ ඕනෑ විදිහට නැටවෙන්න ඕනෑ රූකඩ නොවෙයි. මෙම සිද්ධියේදීත් විදුහල්පතිනිය ගත් තීරණය නිවැරදියි. (නි)
රිස්වාන්, ඔයා ඒකෙන් අදහස් කරන‍්නේ දැනට තියෙන පාසල් නිල ඇඳුම සංවර නැහැ කියලද? එය කොච්චර සංවරද? ලස්සනද? සංවරශීලිකම කියන්නේ ඇඳුමෙන් ඇඟම වසාගෙන යන එකට නෙමෙයි. ඒක එක එක්කෙනාගේ හදවතේ ඇති වෙන්න ඕනෑ දෙයක් (නි)
රිල්වාන් මිලානෝ, ඔලුව වහගත්තම සංවරශීලියි කියලද ඔයා හිතන්නේ? (නි)
මේ ළමයා සංවිධානාත්මක පිරිසකගේ බළල් අතක් පමණයි.තිරය පිටුපසයි කට්ටිය ඇත්තේ. පාසලකට පොදු නිල ඇඳුමක් තියෙනවා නම් පාසලට ඇතුළත් වීමේදී එම ඇඳුම පිළිගන්න හැමෝම බැඳී ඉන්නවා. බැරි නම් එම ඇඳුම පිළිගන්න පාසලකට දෙමවුපියන් දරුවන් ඇතුළත් කළ යුතුයි.හිතාමතාම අවුල් ඇති කිරීමේ මේ කුමන්ත්‍රණය හඳුනා ගැනීම වගේම මෙම ක්‍රියාවලියන් ආරම්භයේදීම නිමා කරවන්න බලධාරීන් කටයුතු කළ යුතුයි. අධිකරණයෙන් මේකට ඉඩ දුන්නොත් මේ ප්‍රශ්නය ආගමික ගැටුමක් දක්වා දුර දිග යන්නත් පුළුවන් නේද? (නි)
රිස්වාන්, හිජාබ් ඇඳගෙන පාසල් යන්න ඕනෑම නම් මුස්ලිම් පාසලකට යන්න තිබුනා.අනිත් ආගම්වල දරුවන්ට හිජාබ් ඇදුම අඳින්නේ නැතුව මුස්ලිම් පාසලකට යන්න පුලුවන්ද? (නි)
රිල්වාන්,මෙච්චර කාලයක් ඒ ළමයට නොතිබුණ ප්‍රශ්නය එක පාරට ආවෙ ඇයි? කෝට්ටේ බාලිකා විද්‍යාලේ විදුහල්පතිතුමියට මම ගරු කරනවා මේ වගේ ප්‍රශ්නයකදී එතුමිය හරි කෙළින් හිටියට. ඒ පාසලේ මුස්ලිම් දෙමවුපියෝ බහුතරයක් එතුමිය එක්ක හිටියා. (නි)
මිට අවුරුදු 25 කට පමණ කලින් බටුවත්තේ සිටි මුස්ලිම් ගැහැණු ළමයි දෙදෙනෙක් ගම්පහ පාසලකට ඇතුලත්කර එයාලගේ අම්මා සෑහෙන්න දුක් විඳලා මුස්ලිම් නිල ඇඳුම මේ දෙන්නට ඇන්දුවා. එත් පසු කලෙක මේ දෙන්නම සිංහල කොල්ලෝ එක්ක යාළුවෙලා සිංහල කොල්ලන්ව බැඳගෙන සිංහල සංස්කෘතියටම ජිවත් වෙනවා .මේක එක සිද්ධියක් විතරයි. කොච්චර නවත්තන්න බැලුවත් ඉරණම නියම විදියට විසදෙනවා. (දී)
රිල්වාන්, ඔය මොට්ටැක්කිලි ඇඳුම් ඇඳගෙන සංවරශීලිකම විතරක් නොවෙයි ඇතුළෙන් අසංවර වැඩත්(හොරකම් වැනි) කරන්න ප්‍රයෝජනයට ගන්නවා.පසුගිය දිනවල පුවත්පත් වල තිබුණා නේද? (නි)
මේ ප්‍රශ්නය විහිළුවක් සේ දකින්න එපා රටේ සමගිය පවා බිදී යන්න හේතු වෙයි (දී)
ලංකාව යනු බහු අාගමික බහුජාතික බහුවාර්ගික බහු සංස්කෘතික සමාජයක් ජීවත්වන රටක්බව මෑතක ඉපදුන සමහරුන් නොදන්නවා වුනාට මුලු ලෝකයම ඒය දන්නා රහසක්බව සැෙවා්ම දැන ගෙන සිටීම ඉතාමත් යහපත් කරුණක් මෙතෙක් කලක් මෙවැනි පූශ්ණ පැන නොනැගුණබව කවුරුත් දන්නවා නමුත් තමුන්ගේ අනන්‍යයතාවය අනුව තම ස්වෛරී භාවය අාරක්ෂා කරමින් ජීවත්වීමට සියල්ලන්ටම මානුසික අයිතියක් අැත ඒය උල්ලංගනය කරන්ෙන්නමි ඒය මානුසික අයිතිවාසිකමි උල්ලංඝනය කිරීමක් වන්නේය ලංකාව ප්‍රජාතන්ත්‍ර වාදී රටක්වන බැවින් අසාධාරණයට ලක්වු දැරියට සාධාරනය ඉටුවනු අැතැයි අප බලාෙපාෙරාත්තු වෙමු (දී)
කාන්තාවන්ට ඔලුව වහන්න කියන එක අාවේ කාන්තාර වලිනුයි. ඉස්සර අරබිකරයේ ජීවත්වුණ මිනිසුන් වැලි කුණාටු වලින් ආරක්ෂා වෙන්න ඔලුව වහගෙන ගියා,ගැහැණු පිරිමි දෙගොල්ලොම.ගැහැණුන්ට හානිය වැඩි නිසා ගැහැණු අයව වැඩිපුර වැහුවා.මේක පටන් ගත්තෙත් මේ පැත්තෙන්. ඉන්දියාවේ ශික් ජාතිකයිගේ ආගමේ පිරිමි කොන්ඩෙ කපන්නේ නැහැ.ඒක එයාලගේ ආගමේ තිබෙන ලෝකේ පිළිගත් දෙයක්.ප්‍රංශය ඇතුළු රටවල් වල කාන්තාවන්ට ඔලුව වහන්න ඉඩ නැත්තේ මම ඉහත කියලා තියෙන හේතුව නිසා. (නි)
මම නම් දකින්නේ ඒ විදිහේ නීතියක් ගෙන එක කාලෝචිත නැහැ, මේ ප්‍රශ්නය දිහා ජාත්‍යන්තරය කට ඇර ගෙන බලාගෙන ඇත්තේ (දී)
මට හිතා ගන්නවත් බැහැ මොකද්ද දාන අදහස කියලා (දී)
බහුතරයක් සිංහල ළමයි අතරේ මෙවන් ඇඳුමකින් සැරසුණු ළමයෙක් පැමිණි විට ඒ ළමයා කොන් වීමකට ලක් වෙයි කියා මට හිතෙනවා එවන් දෙයක් උනොත් අනාගතයේ එය විශාල ප්‍රශ්නයක් වෙනවා දැම්ම ඊට නිසි පියවර නොගත්තොත් අනාගතයේ ආගම් බේධයකින් තොරව සියල්ලන්ටම අඬන්න වෙනවා (දී)
නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියා ගන්න එපා කියලා අපේ ගමේ ගොඩේ ජනවහරෙත් තියෙනවා, ලොකු ප්‍රශ්නයක මුලක් පේනවා මට (දී)
රොහාන් ලලිත් පොන්සු හුඟ කාලෙකින් ඔයාගේ අදහසක් දැක්කේ. (දී)
මේ රොහාන් ප්‍රනාන්දු අනුන්ගේ ප්‍රශ්න විසදන්න කලින් තමන්ගේ වැඩක් බලා ගත්තොත් නරකද (දී)
මගෙත් මුස්ලිම් යෙහෙළියෝ ඉන්නවා. මම ඉගෙනගත්තේ කොළඹ සිංහල කාන්තා විද්‍යාලයක. නමුත් සිංහල ඉගනගන්න කැමති මුස්ලිම් ළමයිනුත් 10% පමණ එහි හිටියා. එයාලා කවදාවත් ඔලුව වහගෙන ඇඳගෙන ආවේ නැහැ. නමුත් සුදු දිග කලිසම අන්දලා ඊට උඩින් අපේ පාසල් නිල ඇඳුම ඇඳගෙන කර වටා ශෝල් එකක් දමා ගෙන ආවා. අපි සිංහල කෙල්ලෝ එයාලගෙන් " මොට්ටක්කිලිය " අඳින්න කැමති නැද්ද කියල ඇහුවම එයාල කිවුවේ " අපි සිංහල ඉගෙනගන්නේ නුබලා එක්කනේ." කියලයි. එයාල අද ලංකාවේ ලොකු සමාගම්වල රස්සාවත් කරනවා. ඒ නිසා ලෝකය යන අතට අපි යා යුතුයි කියලයි මම හිතන්නේ. (දී)
සත්‍ය සත්‍යය ලෙස පහදාදුන් රොහාන් ලලිත් අපොන්සුට ස්තුතියි (දී)
රිල්වාන් මිලානෝ.මමත් සිංහලක්,මේ මිනිස්සුන්ගේ අදහස් වලින් මොනවද තේරෙන්නේ, 13 වැනි දින මේ මිනිස්සුන්ගේ කට වෙහෙන්න හොඳ පිළිතුරක් බලා ඉමු. (දී)
මුස්ලිම් සිංහල කියලා බේධ බින්න වෙලා හිටියොත් කවදාවත් ගොඩ ඒමක් නැහැ, ඒ නිසා මම කියන්නේ සෑම කෙනෙක්ටම ඒ රටට අදාළ නිතිය පමණක් ක්‍රියාත්මක කරන්න කියලා (දී)
දැන් අපේ සහජීවනය ගැන කතා කරන කට්ටිය මොනාද කියන්නේ? (දී)
මොට්ටක්කිලිය කියන්න කාන්තාවකගේ ශරීරය වැසෙන ආකාරයේ අඳින ඇඳුමක්. එයට ආගමක් අදාළ නොවේ තමන්ගේ ශරීරය අනුන්ට නොපෙන්වා වැදගත් විදිහට අඳින ඇඳුමක් ඇගේ ආත්ම ආරක්ෂාවට වඩාත් උචිතයි කියා සිතමි. මෙය ආගමික හෝ ජාතිවාදීව සිතන අයට අදාළ නොවේ. දෙයක් යහපත් ලෙස හා ගැඹුරුව සිතන්න කෙනෙකුට හැකියාව තිබෙනවා නම් කවාදාවත් මෙහි වරදක් දකින්නේ නැහැ කියා සිතමි. (දී)
සිතුමිණ..ඕක තමා අපේ ප්‍රශ්නේ? ටිකක් ඇස් අරින්න. අවදිවෙන්න (දී)
සියලු දෙනාටම සමව නිතිය ක්‍රියාත්මක කරන්න ඒකයි එකම විසදුම (දී)
සුදුසුම දේ දැරිය අලුතින් ජාතිවාදී ප්‍රස්නයක් ඇති නොකර මුස්ලිම් පාසලකට ඇතුලත් කිරීමයි. අපේ පාසලේ ඉගන ගත්ත මුස්ලිම් ළමයි ඇන්දේ පාසලේ නිල ඇදුම පමණයි. (දී)
මොට්ටක්කිලි ප්‍රශ්නයේදී මේ තරම් මිනිසුන් කලබල වෙයිකියලා හිතුනේ නැහැ (දී)
අධිකරණයට යන්න තරම් මේ ප්‍රශ්නේ දුරදිග ගියාද (දී)
ඉස්සල්ලම ළමය ඉගැන්න ගත යුතුයි පාසැල් නීතියට ගරුකරන්න . ඊටපසු ඒ ළමය වැඩිහිටියක් උනහම ඉගන ගන්නවා රටේ නිතීයයට ගරුකරන්න . මම මේ විදුහල්පතී තුමිය ගේ තීරණය ඉතා අගය කොට සලකනවා . (දී)
මේ ප්‍රශ්නෙදි මේ ළමයාගේ අධ්‍යාපනයට බාධාවක් වෙන්න දෙන්නත් බැහැ රටේ ආගම් ප්‍රශ්න ඇති වෙන්න දෙන්නත් බැහැ , හොදම දේ තමයි මේ දැරියව මුස්ලිම් පාසලකට යවන එක (දී)
ඇයි මෙහෙම හැසිරෙන්නේ අපේ ජාතිය ආගම අපිටත් වටිනවා... වෙනත් මුස්ලිම් පාසලක් ඇයට ලබදී තිබියදීත් ඇයි මෙහෙම හැසිරෙන්නේ (දී)
මේ ගොල්ලෝ මෙතන කොමෙන්ට් දාලා කැගැහුවට මේ ප්‍රශ්නය දුර දිග යන්නේ නැහැ කියල මට හිතෙනවා. මොකද කියනවනම්, මේක ලංකාව. ලංකාවේ පාසල්වල කාන්තා විද්‍යාලවල හොඳ විනයක් තියෙනවා. ඒකයි උදේට මඩම්ලා කෙල්ලන්ගේ ගවුමේ දිග මනින්නේ. අපේ සහෝදරිටත් මම කියන්න කැමතියි. කාගේවත් ඉල්ලීම් වලට නො රැවටී ඉස්කෝලේ පිළිගත් නිල ඇඳුම අඳින්න කියල. (දී)
කාන්තිලතා ඉහත ආකාරයට අදහස් පල කල ඇති රටක ඔබ වැනි අයත් ඉන්නවා කියන එක ආඩම්බරයක්. (දී)
එක ඇත්ත ඔය ඇදුම ඇදගෙන ඇවිත් ,ප්‍රශ්නය පාසැල අතුලදීම විසදුනටත් පස්සේ නඩු දාල දැන් මොකද වෙන්නේ ඔය ළමයාගේ පාසැල් ගමනත් දැන් දෙමව්පියන්ම නවත්තල දාල (දී)
මේ ළමය මුස්ලිම් පාසලකට ගියානම් වැඩේ ඉවරයිනේ . (දී)
මේ උඩ අදහස් කියන කට්ටිය මොන යුරෝපේ රටක් ගැනද කතා කරන්නේ. කිසිම රටක මේ ඇඳුම තහනම් කරලා නැහැ. ප්‍රන්සයේ තහනම් කලේ මුහුණ වහන එකයි (දී)
ප්‍රශ්න ඇතිවෙන ලෙස කටයුතු කරන්න එපා (දී)
ප්‍රංශයේ මේ ඇදුම කිසිම පොදු ස්ථානයක ඇඳගෙන යාම තහනම් ආගම සහ රාජ්‍යය, වෙන් වශයෙන් සලකන නිසා පාසල් වල ආගම කියල විෂයක් නැහැ.පාසල් ළමුන්ට තමන්ට කැමති ඕනෑම ඇඳුමක් අඳින්න පුළුවනි. අනික මේ රටේ ලෝකයේ විවිධ ජාතින් ජිවත් වුනත් රාජ්‍ය භාෂාව ප්‍රංශ පමණයි. උතුරට එකක්. දකුණට එකක් කියල නැහැ. ජාතික හැඳුනුම් පතෙත් ජාතිය ප්‍රංශ පමණයි. (දී)
පාසල් පද්දතිය නම් කඩා බිද දමන්න එපා (දී)
මේ ළමයාව මුස්ලිම් පාසලකට යොමු කරන්න (දී)
ආගම් අනුව වර්ග වෙලා අද්‍යාපනය විනාශ කර ගන්න එපා (දී)
වෙනින් ඇදන් ස්කෝලෙට යන්න ඕන කියල නඩුවක් දැම්මොත් මොකක්ද වෙන්නේ (දී)
විදුහල්පතිනියගේ නීතියට ගරුකළොත් මුස්ලිම් ආගමික නීතිය කඩවෙනවා. මුස්ලිම් ආගමික නීතියට ගරුකළොත් විදුහල්පතිනියගේ නිල ඇදුම් නීතිය කඩවෙනවා.කාටවත් හානියක් වෙන ප්‍රශ්නයකුත් මෙතන නැත.හැම කෙනෙකුගේම සංස්කෘතික සහ ආගමික නිදහස ආරක්ෂා කිරීමට අප බැඳී සිටිනවා. උත්තරය උසාවියට භාරයි (නි)
වැඩි දෙනෙකුගේ අදහස් ජාතිවාදීයි.පොදුවේ සිතන්න.කාන්තාවන් ශරීරය වසාගෙන පාසලට පමණක් නොව ප්‍රසිද්ධ ස්ථාන වල ගැවෙසන එක පිරිමි අපිට කොතරම් සතුටුද ?අපේ අම්මලා අක්කලා නංගිලා කුරිරු වූ සමාජයේ කතාබහට ලක්නොවීම හිරිහැර වලට මුහුණ නොදීම අපට සතුටක් නේද? (නි)
රිලවානෝ කියන විදියට ඉන්නවා නම් හොඳයි හැම තැනදීම. එහෙත් මෙහෙ එන සමහර අය ලෝගුව ගලවන්නේ ගුවන් තොටුපළින් එළියට එනකොටමයි.මෙහෙන්දි වලින් කළ පච්ච දැක්කම තමා කොහෙන්ද අාවේ කියලා දන්නේ. (නි)
මෙතුවක් කාලයක් නොතිබුණ ගැටළුවක් දැන් අාවේ ඇයි? මේ ළමයා යම්කිසි පිරිසකගේ ඉත්තෙක් පමණයි. ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, රුසියාවේ වගේ වැදගත් තීරණක් මේ රටෙත් ගත යුතුමයි. (නි)
මුහුණු ආවරණය සහිත "බුර්කාව" ගැනයි මම ඉහත සටහන තැබුවේ. (නි)
රොහාන් ලලිත් අපොන්සු, මේ දැරියට සිදු වී ඇති අසාධාරණය කුමක්ද? පාසලේ විනයට අවනත නොවීම හොඳ අාදර්ශයක්ද?ප්‍රජාතන්ත්‍රවාදය කාටත් සමාන ,පොදු දෙයක්. එය රැක ගත යුත්තේ අප විසින්මයි. දමිල දරුවන් සාරියක් ඇඳ ඒමට අවසර ඉල්ලුවොත්? මුස්ලිම් දරුවන් කිවුවොත් කළු පාට ගුරුකාව අඳින්න ඕනෑ කියලා? මේ රටේ වැදි ජනතාව අමතක කිරීමට නොහැකියි. වැදි දරුවන් කිවුවොත් චීත්තය හැට්ටය, නැත්නම් අතුකොළ ඇඳගෙන එන්න අවසර දෙන්න කියලා, දැන් ඒ අයටත් අවසරය දෙන්න වෙනවා ඔබ කියන විදිහට. පොදු නීතිය ක්‍රීයාත්මක නොවීම, එයට ගරු නොකිරීම නිසා අද සමාජයේ නිතරම අසන්නට ලැබෙන්නේ අසංවර සිද්ධීන්. මුස්ලිම් නොවන සියලුම රටවල මේ ප්‍රශ්නය විසදා හමාරයි.අපි බහුතරයකගේ මතයට ගරු කරන්න ඉගෙනගත යුතුයි. සෑම රටකම එය පොදුයි. (නි)
හිජාබයට විරුද්ධ වන සහෝදරවරුනි, ලංකාව ජාතිවාදී රටක් නොවෙයි. සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාටම තමන්ගේ ආගම් සංස්කෘතිය අනුව ජීවත්වීමේ නිදහස නීතියෙන් ලබාදීලා තිබෙනවා. එම නිසා මෙය ජාතිවාදී විදිහට බලන්නේ නැතුව මානුෂික අයිතියක් විදිහට සිතන්න. (නි)
අපේ පාසල් වලත් හිටියා මුස්ලිම් යාලුවෝ.ඇන්දේ අපේ නිල ඇඳුමමයි.අපි උදයට ආගම සිහිකරනකොට අපේ පිටිපසයන් ඇවිල්ලා හිටගෙන ඉන්නවා. මේ ළමයගේ දෙමවුපියන්ට අධ්‍යාපනයට වැඩිය ඇඳුම ලොකුවෙලා. (නි)
අර අහවල් නම ඇහුවමත් ඇඟ සීතල වෙනවා. (නි)
ඒ ගමන එතනත් ප්‍රශ්නයක්? (නි)
ගුව්ම අඳින ඉස්කෝලෙට ළමා සාරිය අඳින්න දෙන්නේ නැත්නම් මොට්ටක්කිලිය අඳින ලමයාටත් එය ඇඳිය නොහැක. යුනිෆෝර්ම් යන වචනයේ තේරුම ඒකාකාර යන්න වේ. කරුණාකර ජාතිභේදය ආගම භේදය ඇවිස්සීමට පෙර ඇයට සුදුසු මුස්ලිම් පාසලක් ලබා දෙන්න .(දී)
සැම්,මට කියන්න ප්‍රංශයේ මොන පාසලේද ලමයි ද මොට්ටක්කිලිය දාගේන ඉන්නේ මුස්ලිම් ළමයි පරේදි දාගේන ඇවිත් පාසල් ගේට්ටුවලඟදි ගලවලා පාසලට ඇතුල්වේනවා.නිකන් නොදන්න දේවල් කථා කරන්න එපා.(දී)
ශිෂ්‍යත්වය මගින් දඹානේ ආදිවාසි දරුවෙක් අමුඩය ගසාගෙන පොරෝ කෙටියක් කරේ දමාගන අවොත් ඒ පාසලේ විදුහල්පති තුමාටත් මෙම ප්‍රශ්නයම පැන නැගේවි.ඒ නිසා යුනිෆෝර්ම් යන වචනයේ අරුත අනුවම ඒකාකාර සම්මත ඇඳුම අනිවාර්යෙන්ම ඇඳිය යුතු වේ.චන්ද්‍රසිරි (දී)
පාසලකට නිල ඇඳුමක් තියෙනවා නම් එම පාසලට යන හැම සිසු සිසුවියක්ම එය ඇඳ පාසලට ය යුතුයි. මුස්ලිම් පොලිස් නිලධාරිනියක් නිල ඇඳුම වෙනුවට ඒ ඇඳුම අඳින්න ඉල්ලුවොත් එකත් දෙන්න වෙයි. (දී)
සිංහල අයව මුස්ලිම් පාසල් වලට කවදාවත් ගන්නේ නැහැ නේද? (නි)
රිල්වාන්, ගෆූර්, ඔයාලගේ දේවල් අරගෙන යන්න ඒවාට ගැළපෙන තැනකට.අපොන්සු, ඔයත් එහෙටම යන්න. මෙහෙම අය මේ රටට අවශ්‍ය නැහැ. (නි)
රටේ නීතියට කැමති නැත්නම් මුස්ලිම් පාසලකට දැම්මා නම් හරිනේ. අපේ දරුවෙක් කවදාවත් මුස්ලිම් පාසලකට ගන්නවද? නැහැනේ. එහෙනම් මේ පාසලේ අනිත් සිසු දරුවෝ අඳින පළදින විදියට මේ දැරියටත් අඳින්න වෙනවා. නැත්නම් කොහොමද පාසලක විනය පවත්වා ගන්නේ? අනිත් දරුවෝ කිවුවොත් අපිත් අපිට කැමති විදියට ඇඳගෙන එනවා කියලා මොකද වෙන්නේ? (නි)
අනේ මාමේ, දැන් අපේ පාසලේ පෙරදිග අපරදිග තූර්ය වාදක කණ්ඩායමේ සහ උඩරට නැටුම් කණ්ඩායමේ ඉන්න මුස්ලිම් ළමයිනුත් හිජාබ් ඇඳගෙන බෑන්ඩ් එකේ යන්න ඉල්ලයිද දන්නේ නැහැ (නි)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
දැන් අපේ වැදි ළමයින් සිදාදියේ කොලිජි වලට මන්ද වුණහම කමිස පොජ්ජ නැතුව කෙටේරි පොජ්ජකුත් එල්ලාගෙන යන්න පුළුවන්. (නි)
කට්ටිය මේවට අදහස් දදා ඉන්නකෝ. අරහේ අායෙත් බඩු මිළ වැඩිවෙලා. මේ වගේ දේවල් වලින් ජනතාවගේ දැවෙන ප්‍රශ්න අමතක වෙනවා. (නි)
මුළු ශරීරයම වහගෙන ඇස් දෙක විතරක් එළියට දාගත්තම සංවරයි කියලද සමහරු හිතන්නේ? ඉතින් එහෙනම් නරකද ඇස් දෙක විතරක් වහගත්තම? අසංවරකම පටන්ගන්නේ ඔතනින්නේ. (නි)
සිංහල පාසලකට යන ඒ ළමයට මේ නඩු තීන්දුවෙන් පස්සේ මානසිකව ඇති වෙන තත්ත්වයට වග කියන්න ඕනෑ නඩුව දාපු දෙමවුපියන් නේද? ඒ වගේම දෙන තීන්දුව රටට ගැළපෙන තීන්දුවක් නම් වඩා යහපත්. (නි)
මෙම ළමයා පසුපස සිටින අය ගැන සොයා බැලිය යුතුයි.මෙම පාසලට පැමිණෙන අනිත් මුස්ලිම් ළමයින්ට ගැටළුවක් නැත්නම් මෙයා මුස්ලිම් පාසලකට යවන්න.තුවාලය වැඩිවන්න පෙර නියම බෙහෙත දැමිය යුතුයි. නැත්නම් වනයක් විය හැක (නි)
අර අපේ ෆ්‍රෙඩි සිල්වා ගයන "කුන්ඩුමනි" සින්දුවත් කියාගෙන ඕනෑ නම් මොට්ටැක්කිලියත් දාගෙන සතුටින් ඉමුකෝ නිකන් රණ්ඩු වෙන්නේ නැතුව. (නි)
මම හිතන්නේ ගුරුතුමිය හරි. ලංකාවේ පාසල් පද්ධතියටම අනිවාර්ය වූ නිල ඇඳුමක් තියෙනවා. සිසු දරුවෝ ඒක අනිවාර්යෙන්ම අඳින්න ඕනෑ. එම සිසුවාට එම පාසලට අනිවාර්ය ඇඳුම අඳින්න බැරි නම් ලංකාවේ තියෙනවානේ මුස්ලිම් පාසල්. ඒ පාසලකට ගියා නම් ඒ ළමයට පුළුවන් තම ආගමටත් හරියන පාසලටත් හරියන ඇඳුම අඳින්න. (නි)
සුගත්,ඔබ කී කතාව හරියටම හරි (නි)
ඉවසිමෙන් බලාසිටිමු වෙන්නේ මොකක්ද කියලා (නි)
මොහොතකට පෙර මා කළ විමසීමකදී මගේ මුස්ලිම් හිතවතෙකු විසින් මට දුන් උපදෙසක් අනුව මම " සුරට්-උන්-නුර්:31 " කොටස කියැවීමි. එහි හිජාබ් සම්බන්ධයෙන් සඳහන් වන්නේ මුස්ලිම් කාන්තාවකගේ පෞද්ගලිකත්වය රැකගැනීම සඳහා හිජාබ් වස්ත්‍රය කෙසේ උපකාරී වන්නේද යන්නය. සමස්තයක් වශයෙන් එය තේරුම ගත්කල සිංහල දමිල කාන්තාවන් පවා සංස්කෘතිකව හෝ ආභාෂයෙන් හෝ පුරුද්දෙන් තම විලි වසා ගැනීම සඳහා අඳින පළඳින ඇඳුම ආගමික දර්ශනයක් අනුව, රීතියකට අනුව සංස්කරණය කිරීමක් ලෙස සැළකිය හැකිය. (නි)
රිල්වාන්, පුලුවන් නම් ඔබ ඔබේ දියණිය මිලානෝ වල පාසලකට මොට්ටැක්කිලිය දාලා යවන්න.ඔලුව වැහෙනවා කියන්නෙ තමන්ගෙ සභ්‍යත්වය පෙන්න්වන ක්‍රමයක් කියලා හිතන්න එපා. එහෙනම් ගොඩක් තක්කඩියො බන්ධනාගාරයෙන් උසාවි ගෙනියද්දි ඔලුව වහගෙන යන්නෙ තමන්ගෙ හැදිච්චකම පෙන්වන්නද? මුස්ලිම් පාසල් වලට යන සිංහල ගැහැණු ළමයි අදාල පාසලේ නිල ඇඳුම අඳිනවා(උදා:-ගම්පොල සහිරා) ඒ නිසා පාසැල් නිල ඇඳුම අඳින්න බැරි ළමයි සුදුසු පාසලක් සොයා ගත යුතුයි. (නි)
චන්ද්‍ර වීරසිංහලා වගේ අය ඉන්නකම් අපේ පරම්පරාවට මෙහෙම වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
1980 ගණන් වල රාජගිරියේ ඔය පළාතේ හිටියේ අන්‍යාගමික පවුල් දෙකයි. පසුව සංවිධානාත්මක පිරිසක් විසින් සියලුම සිංහල ඉඩම් මුදලට ගත්තා. මෙම පිරිස් කිනම් ප්‍රදේශයකින් අාවාද නොදනිමු. දැන් පාසලද ආක්‍රමණය කිරීමට අර අඳිනවා කියලයි මට පෙනෙන්නේ. මුදලට ඇති තණ්හාව නිසා රටත් නැතිකර ගන්න මිනිස්සු කවදා හෝ පලස්තීනුවන් මෙන් අතරමං වෙනවා සිකුරුයි. (නි)
පාසලේ විදුහල්පතිනියට මල් මිටක්. (නි)
අසෝක බඩ ගැන බඩු මිල ගැන කතා කරනවා. කුම්මැහිකම අපේ සමාජය වෙලාගෙන අවසානයි. දේශපාලුවන්ට ජනතාව නිෂ්පාදනයට යොමුකරන වැඩ කරන්න වෙලාවක් නැහැ. මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. මුදලට තණ්හාවේ අපේ අය ඉඩකඩම් වෙනත් සංවිධාන වලට විකිණීම නිසා ඇති වුණ ප්‍රශ්නයක් (නි)
ලංකාව අතීතයේ පටන් අල්ලා දෙවියන්ගේ ආශීර්වාදය ලැබූ රටක්. ආගම නොඅදහන දෙවියන් නොඅදහන පිරිස් වැඩි වුණත් එම ආශිර්වාදය තිබෙනවා.කොහොම වුණත් මෙම රට වසර 30 ක් ඇතුළත දේවාශිර්වාදය නැවත ලබනවාමයි (නි)
පාසලකට හෝ වෙනත් යම් ආයතනයක නිල ඇඳුමක් තිබේ නම් එම ඇඳුම පිළිගැනීමට සිදු වේ. ආගමික නීති මඟින් රටක් පාලනය කළ නොහැක. රටක නීතිය කාටත් පොදු විය යුතුය. මානව හිමිකම් ගැන බලකරන විදේශිය රටවලද ඇත්තේ කාටත් පොදු නීතියකි. ආගමික නීති ඇත්තේ මැදපෙරදිග පමණි. (නි)
මෙච්චර කල් ඉස්ලාම් ආගම අදහන දරුවෝ පාසල් ගියේ මොට්ටැක්කිලි ඇඳගෙනද?ඇයි මේ හදීසියේ හිජාබ් අඳින්න ඕනෑ වුණේ? මීට කලිනුත් මේ ඇඳුම අඳින්න අවසර ඉල්ලලා නොලැබුණහම පොදු පාසැල් ඇඳුම ඇඳගෙන පාසැල් යන්න ඇති. මේ දරුවා බළල් අතක් කරගෙන මේ රටේ ආගමික සංහිඳියාවක් නැති බව පෙන්නන්න හදන අයගේ වැඩක් වගෙයි මේක. අපේ රටේ අවුරුදු සිය ගණනක් තිස්සේ අන්‍ය ජාතිකයින් අනෙකුත් ජාතීන් එක්ක ඉතාම සමගියෙන් ජීවත් වුණා. ඒකාලේ අර ලලිත් අපොන්සු කියන කෙනා කියන වර්ගයේ බහුබූත තිබුනේ නැහැ. ලංකාව සිංහල බෞද්ධ රටක් කියන එක අවිවාදාත්මකව පිළිගෙන තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් රැකගෙන යස අගේට ජීවත් වුණා. මේ විශේෂිත ඇඳුම් ලංකාවේ කාන්තාවන්ට බලෙන් අන්දවන්න පටන්ගත්තේ මෑතකදී බව විශේෂයෙන් කිවයුතුයි. මේවා පිටුපස බහු වුවමනාවන් තිබෙනවා (නි)
මෙය ප්‍රස්නයක් කරගන්න එපා,ගරු අධිකරණය සාධාරණ තීන්දූවක් ලබා දෙන තුරු බල ඉමු, (දී)
පාසෙලේ නිල ඇඳුම පාසලට පොදු නීතියකි . ආගමික අනුව වෙනස් උනොත් ලොකු වෙනසක් ඒ අතර ඇතිවේ . මුස්ලිම් අය සමග බේදයක් නෑ. දරුවෝ විදියට පාසලට එවන්න . දරුවන් අතරේ ජාතිය වෙනස පෙන්වන්න එපා. එවිට අපි හැමෝටම එකට සිටිය හැකි වේ . පාසලේ නීතිය පාසලට අබිමානය ගෙනදේ. කරුණාකර එය අවශ්‍ය නම් මුස්ලිම් පාසලකට යවන්න . (දී)
පාසලේ නීති පද්දතියේ දරුවෝ අඳින පාසල් ඇඳුම නිල ඇඳුමක් තිබේ නම් එම ඇඳුම පිළිගැනීමට සිදු වේ. ඒ නිසා පාසැල් නිල ඇඳුම අඳින්න බැරි ළමයි සුදුසු පාසලක් සොයා ගත යුතුයි.මෙයා මුස්ලිම් පාසලකට යවන්න.තුවාලය වැඩිවන්න පෙර නියම බෙහෙත දැමිය යුතුයි. නැත්නම් වනයක් විය හැක. (දී)
මට නම් හිතෙන්නේ දැන් අපි ඉන්නේ ගැනුන්ගේ ඇඟේ රෙදි අඩු වෙන එක අගය කරන , වැඩි වෙනකොට දඩ ගහන ලෝකයක... (දී)
රට තුල ඕනෑම කෙනුකට ජිවත් වෙන්නද පුළුවන් රටේ නීතියට එකඟව. ප්‍රස්න්නේ තියන්නේ රටේ නිතිය සමානව ක්‍රියාත්මක වෙන්නවද කියන එක. (දී)
සිංහල මුස්ලිම් ළමයි කියලා වෙනසක් තියෙන්න බැහැ (දී)
මොට්ටක්කිලිය අදින්නම ඕන නම්, ඒවා අදින පාසලකට ගියා නම් වැඩේ ඉවරයිනේ. (දී)
අදහස් ප්‍රකාස කරන විට ජාති වාදී නොවී පොදු විසදුමක් ඉදිරි පත් කරන්න.අපගේ අදහස් බලලා උසාවියෙන් තින්දු දෙන්නේ නැහැ.ලංකාදීප සහෝදර පාටකයනි! පුවත් පත් කියවන අපි බුද්දි මතුන් බව නොදන්නවාද ?අපි බුද්දිමත්ව අදහස් සමාජයට දිය යූතූයි.කුමන තීන්දුවක් දුන්නත් එය සමාජයට ගැලපන බවයි අපගේ අදහස් විය යූතූයි. (දී)
අශ්රෆ්, ඔබතුමා හීනයක්වත් දැක්කද? (දී)
මේ ප්‍රශ්නය පන නැගිලා තියෙන්නේ ඔය ශිෂ්‍යාව සිංහල විද්‍යාලයකට යාම නිසයි. මුස්ලිම් විද්‍යාලයකට ගොස් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ඉගෙන ගන්න බලන්න. මොන පාසලෙත් උගන්වන්නේ එකම විෂය ධාරාවක් නිසා අවුලක් වෙන්නෙත් නැහැ. ඇරත් මෙච්චර කාලයකට මෙහෙම ප්‍රශ්න ඇවිල්ල නැහැ. මොකද? පාසල්වල පවත්වාගෙන යන විනය වෙනස් කරන්න එපා (දී)
මම ගියේ මුස්ලිම් පසෙලකට. එහෙ දෙමල මාද්‍යයෙන් මෙන්ම සිංහල මද්‍යයෙනුත් පන්ති තිබුණා.ඒ වගේම සිංහල බෞද්ධ ලමුනුත් ඉගෙනුම ලැබුවා. ඔවුන් මේ ඇඳුම නැතුව පසෙලට ආවා.කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ වගේම මගේ දුවල දෙන්න යන්නේ සිංහල බෞද්ධ පාසලකට. එයාලත් මදුෂානි කිව්වා වගේ කලිසමක් අදාල ඊට උඩින් ශෝල් එක ඇදල පාසලට යනවා. කිසිම ප්‍රශ්නයක් නැ තවද ලංකාවේ හැම මුස්ලිම් පාසලකම සිංහල මාද්‍යයෙන් උගන්වන්නේ නෑ නේද?.. (දී)
පාසැල තුලදී පාසලේ නීතියට අවනත වියයුතුය. මුස්ලිම් ළමයට අවසර දුන්නොත් , බර්ගර් ළමයකුට ඒ ඇඳුම් ඇඳගෙන එන්න ඉඩ දෙන්නත් වේවි. (දී)
මේ ක්‍රියාව පිටුපස කුමක් හෝ අපි නොදන්නා දෙයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ (දී)
සිහල බෞද්ධ ජනතාවටත් ඉවසීමේ සීමාවක තිබෙන බව සැවොම තේරුම් ගත යුතුයි. ප්‍රශ්ණ ඇති කිරීමට සැලසුම් කරන කල්ලිය පිළිබද විමර්ශණයක් වහාම කල යුතුයි (දී)
රිල්වන්, ඔයා කියන්න හදන්නේ අපේ සිංහල සහ අනිත් ආගම් වල ළමයි ඔලුව වහන්නේ නැති නිසා අසන්වරයි කියලද ? මෙතන තියන්නේ අසන්වරද සංවර්ද කියන ප්‍රශ්නය නෙමෙයි. පාසල් නිල ඇඳුමක් නියම කරලා තියන්නේ කිසිම බේදයකින් තොරව සැම සිසුවෙකුටම පොදුවේ අඳින්න සුදුසු විදිහට. විදුහල්පති තුමිය ඔබ නිවැරදියි. (දී)
පාසල් වල විතරක් ප්‍රශ්න ඇති කරන්න එපා මොකද රටේ අනාගත තිරණය වෙන්නේ මේ තැනින් (දී)
මුස්ලිම් ජාතිකයන් අවරුදු දාහක පමණ සිට ලංකාවේ ජිවත් වෙනවා.එදත් ස්ලාම් ධර්මය.අදත් තියෙන්නේ ඒ ධර්මයයි.මෑත කාලයක ඉදල ඇදුම මෙය වෙමින් තියෙනවා.මූලධර්මවදය හිස එසවීම මේකට හේතුවයි.පැමිණිල්ලට වාසී සහගතව තීන්දුව දුන්නොත් පැතී කීපයකින් අපටත් රජයටත් බරපතලලෙසම බලපානවා. පාසලක නම් විභාගයට වාඩිවෙන්නේ කව්ද යන්න බලන්න ක්‍රමයක් නැ.තීන්දුව අයිතිහාසික වෙයි.කිමට ඇත්තේ පුටින් ජනපතිගේ කතාවයි !!!!!!!! (දී)
මුලින්ම මා කියන්න කමතියි මේ සිසුවිය උසාවි යාම තුලින් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න බොහෝ සේ ඉඩකඩ ඇතිවිය හැක. ඒ වගේම එයට මුස්ලිම් පාසලකට යාම තම වඩාත් උචිත ක්‍රියා මාර්ගය. විදුහල් පති තුමිය එතුමියගේ වගකීම පැහැර හැරලා නැත. මෙහි අදහස් ලියන අය කරුණාකරලා එක දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්න. ලංකාවේ ඕනෙම නගරයක ඕනෙම ගමකට අපි ඔබ ගියොත් අනුන් ඇඳන් ඉන්න ඇඳුමෙන් කවදාවත් බැහැ මෙයාල සිංහලද? දමිලද? බුර්ග්ර්ද? ක්‍රිස්තියානිද කියල? හඳුනා ගන්න නමුත් මුස්ලිම් කෙනෙකු විදිහට එදා ඉඳල අදවෙනකම් ආගමේ තිබෙන යම් යම් නීතිය අනුව අඳින විශේසයෙන් කාන්තාවන්ගේ ඇඳුමින් ඔබ අපට හඳුනාගන්න පුළුවන්. තම තමන්ගේ ආගම අනුව ජීවත් වීම මා සිතන්නේ කිසි කෙනෙකුට කිසිම බල පෑමක් ඇති කරන්නේ නැහැ. අනුන් මොනවද අඳින්නේ මොනවද කන්නේ කියන එක කාටත් ප්‍රශ්නයක් නැහැ එය ඔබ අප සැමට තිබෙන නිදහස හා අයතිවාසිකම. (දී)
ලංකාවේ හැම තැනම හැම දේකදිම එකම නීතිය පාවිච්චි කරමු (දී)
මේ ප්‍රශ්නය විසදා ගන්නා විදිහට කල්පනා කරන්න ප්‍රශ්න ඇති කර ගන්නේ නැතුව (දී)
මම නම් ගියේ සිංහල බෞද්ධ බාලිකා විදුහලකට . මට මුස්ලිම් මිතුරියන් සිටිනවා. ආගම් ජාති පැත්තකට දැමුවොත් මම හිතන්නේ තමන්ට අවශ්‍ය විදියට විලි වසා ගැනීමේ අයිතිය කාන්තාවකට ලැබෙන්න ඕන. ප්‍රශ්නයක් වෙන්නේ අඩුවෙන් විලි වසා ගෙන ගියොත් නේ. මෙතන එහෙම දෙයක් නැති නම් දුර දිග නොයා මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. මට නම් දැන් මේ රටේ තියෙන ජාති, ආගම් වාදී ප්‍රශ්න දැකලාම ඇති වෙලා. (දී)
ඓතිහාසික නඩු තින්දුව ලාංකිකයින් සැවොම බලා සිටි (දී)
අධ්‍යාපනය නැති කර ගන්න එපා (දී)
ජපානයෙ ලමයි පාසැල් යන්න්‍ෙ කිමෝනාව ඇදගෙන නොවෙි. (දී)
දැන් මේ ඉස්කෝලේ අඳින ගවුම මොන එකක් ද? එකත් බටහිර පන්නේ එකක් ,හින්දු ,බෞද්ධ අය ඒකට විරුද්ධ උනාද ? මොකද මේ හදිස්සියේම .. සිසුවියට අවැසි නම් වෙන පාසලකට යා හැකියි .මොකද මෙම පාසලට එනවිට අයගේ මවුපියන් හොඳටම දැනගෙන හිටිය මොකක්ද අදින නිල ඇඳුම කියල (දී).
ප්‍රායෝගික නැති කරුණක් තමයි හේතු වෙලා තියෙන්නේ (දී)
චාන්දනී කිව්වත් වගේ අපි කලබල වෙන්න ඕන බාලිකාවන් අඩුවෙන් විලි වසාගෙන පාසල් යන්න ලැස්ති වුනොත් තමා. හොඳ වෙලාවට විශ්ව විද්‍යාල වලට නිල ඇඳුම් නැහැ. (දී)
මේක මෙච්චර ලොකු දෙයක්ද? (නි)
සෞදි අරාබියෙවත් නැති නිතියක්නේ ඒ ළමයා ඉල්ලන්නේ. මෙහෙ පාසලට ඇතුළු වුණහම කිසිම කෙනෙක් හිජාබය පළඳින්නේ නැහැ.පාසලෙන් පිට වෙද්දියි නැවත එය භාවිතා කරන්නේ.වෙන ප්‍රශ්නයක් මේක පිටුපස තියෙන්නේ. පාසල් නිල ඇඳුම අඳින්න බැරිනම් තමන්ට අවශ්‍ය ඇඳුමක් ඇඳගෙන වෙනත් මුස්ලිම් පාසලකට යන්න අවසරය තියනවනේ. අපි සමඟත් මුස්ලිම් ගැණු ළමයි ඉගෙන ගත්තා. අනේ එයාලා නම් පාසලේ ඇඳුම ඇරෙන්න වෙන ඒවා ඇන්දේ නැහැ. (නි)
නිල ඇඳුමකට ජාතිය,ආගම ගාවාගන්න එක නම් වැරදියි (නි)
මම ඉන්න රටේ කොටටත් අදින අය ඉන්නවා.(නදී)
මොන පාසලකට ළමයි ගියත් සමහර ළමයි හොඳ වෙනවා. සමහර ළමයි නරක වෙනවා. නමුත් මොන ආගම දහමකට ලැදි වෙලාවත් ළමයෙක් නරක ළමයෙක් වෙන්නේ නැත. එම නිසා පළමුව ආගමට ලැදි විය යුතුය. අප මුතුන්මිත්තන් ඉගෙනීම අතින් දුර්වල වුණත් සාරධර්ම අතින් ඉහළින් ජිවත් වුණා. ඒ ආගමට ලැදි නිසා. අපිත් ඒ වගේ තමයි විය යුත්තේ (නි)
ඇස් ගෙඩි වලට හෙණ ගැහිලද සිහලුන්නේ (ස)
ඔහොම යමුකෝ. (නි)