ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 200 කාන්තා ඉසව්වේ අවසන් මහා තරගයේදී එම ඉසව්වේ ලෝක ශූරිය වන ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල් පරාජයට පත්වුවාය. අවසන් වරට පැවැති බීජිං ඔලිම්පික් උළෙලේදී සහ 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී මීටර 200 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් කැම්බල් මෙවර ක‍්‍රීඩා උළෙලේදී සිවුවැනි ස්ථානය දක්වා පසු බැස්සාය. ඒ තත්පර 22.38 කිනි.
බීජිං සහ ඇතන්ස් ඔලිම්පික් උළෙල දෙකේදීම මෙම ඉසව්වේ රිදී පදක්කම් ලාභිණිය වු ඇමරිකාවේ ෆීලික්ස් ඇලිසන් මෙවර රන් පදක්කම දිනා ගත්තාය. ෆීලික්ස් තරගය තත්පර 21.88 කින් නිම කළාය. මෙවර ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 ඉසව්ව ජය ගනිමින් වේගවත්ම කාන්තාව වු ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රෙසර් රිදී පදක්කම දිනා ගත්තාය. ඇය තත්පර 22.09 කින් තරගය නිම කිරීමට සමත්වුවාය.
ඇමරිකාවේ පීටර් කර්මිල්ටා තත්පර 22.14 කින් තරගය අවසන් කර ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පතමි සුසන්තිකා හිටියනම් හොඳ තරඟයක් බලන්න තිබුණා.(අ)
මේව දකිද්දි මතක් වෙන්නෙම සුසන්තිකායි , ශ්‍රියන්තියි , දමයන්ති දර්ශායි .ඒ වගේ අය ආයෙත් අපිට කවදා දකින්න ලැබෙයිද දන්නේ නෑ....(ස)