
(අංජුල මහික වීරරත්න)
මෝටර් රථ ක්රීඩා සංගමයේ පරිපාලන වගකීම් තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ ලේකම්වරයා වෙත පවරමින් තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ඒ අනුව ශ්රී ලංකාවේ මෝටර් රථ ක්රීඩාවට අදාළ ජාතික ක්රීඩා සංගමයේ ලියාපදිංචිය ද තාවකාලිකව අත්හිටුවීමට ද තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යවරයා පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති අංක 2511/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, එම සංගමයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත්කර තිබේ. එම පත්කිරීම 2026 ඔක්තෝබර් 15 වැනිදා සිට ක්රියාත්මක වේ.
සංගමයේ පරිපාලන කටයුතු විධිමත් කිරීම, පවතින ව්යවස්ථාව ක්රීඩා පනතට අනුකූලව සංශෝධනය කිරීම සහ නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම සඳහා අවශ්ය කටයුතු සිදුකිරීම අමාත්යාංශ ලේකම්වරයා වෙත පැවරී ඇති වගකීම් වේ.
සංශෝධිත ව්යවස්ථාවට අනුව වාර්ෂික මහා සභා රැස්වීමක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගන්නා තෙක් සංගමයේ පරිපාලන කටයුතු මෙහෙයවීමේ බලය ද අමාත්යාංශ ලේකම්වරයාට පවරා ඇත.
මෙම පියවර මගින් අදාළ ක්රීඩා සංගම්වල පරිපාලන ව්යුහයන් විධිමත් කිරීම, ව්යවස්ථා සංශෝධන සිදුකිරීම සහ නීත්යනුකූල ක්රමවේදයක් යටතේ නව නිලධාරී මණ්ඩල පත්කර ගැනීම අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd