IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මෝටර් රථයේ ගැටුණු මව මීටර් 23 ඈතට විසි වෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම කළුතර මාර්ගයේ යටියන ප්‍රදේශයේදී  මාර්ගයේ ගමන් ගත් වයෝවෘද්ධ කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි.

අනතුරින් මිය ගියේ බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි කිහිබියගේ ලිලි නැමැති 77 හැවිරිදි දෙදරු මවකි

මියගිය කාන්තාව රැකියාවක් වශයෙන් එම ප්‍රදේශයේ නිවසක රැය පහන් කර යළි නිවස කරා පාගමනින් යමින් සිටියදී මෙම අනතුර වී ඇත

තරුණයකු පදවා ගෙන යමින් සිටි මෝටර් රථයක් බණ්ඩාරගම සිට කළුතර දෙසට ධාවනය වෙමින් තිබියදී මෝටර් රථය එකවරම මාර්ගයේ වම්පසින් ඉවතට ගොස් පා ගමනින් යටියන දෙසට යමින් වයෝවෘද්ධ කාන්තාවගේ ශරීරයේ පිටුපසින් ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලීසිය කියයි

කාන්තාව මෝටර් රථයේ ගැටීමත් සමගම මීටර් 23 ක් ඈතට උඩින් විසි වී මාර්ගයේ පසෙක වැටී ඇති අතර අනතුරුව රියදුරුට මෝටර් රථය නවතා ගැනීමට හැකි වී ඇත්තේ අනතුර සිදු සිදුවූ ස්ථානයේ සිට මීටර් 70 වකට අධික දුරක් ගොස් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

මෝටර් රථයේ ගැටුණු කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි

මියගිය කාන්තාව මාර්ගයේ ගමන් කරන අයුරු අයුරුත් අනතුරුව ඇයව මෝටර් රථයේ ගැටෙන අයුරුත් අසල වෙළඳසැලක සවිකර තිබෙන සීසීටීවී කැමරාවක පැහැදිලිව සටහන්ව ඇතැයි ද පොලිස් නිළධාරියෙක් පැවසීය

මෝටර් රථය පැදවූ 23 හැවිරිදි තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන්ට නින්ද ගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය



අදහස් (7)

මෝටර් රථයේ ගැටුණු මව මීටර් 23 ඈතට විසි වෙයි

janahitha Tuesday, 13 September 2022 12:47 PM

රියදුරන්ගේ නින්ද නිසා විශාල පිරිසක් මිය යනවා.. මේ සඳහා කළයුතු වන්නේ නිදිබර දැනුණු මොහොතේම රථය නවතා ව්‍යායාමයක යෙදීමය. ඉන්පස් තවත් දුරක් ධාවනයේ යෙදිය හැකිමුත් නැවත නිදිබර දැනේ නම් රථය නවතා නින්දට යෑමෙන් මෙවන් අනතුරු වළක්වාගත හැකිය.

:       0       1

de silva berlin Tuesday, 13 September 2022 01:54 PM

අලුතෙන් වෙළඳපොළට එන ලොකු කුඩා වාහන වලින් සියයට අසූවක පමණ පාරේ ගමන් කරන මිනිස්සු හඳුනාගෙන අනතුරක් වළක්වා ගැනීමට හදිසි අවස්ථාවකදි ස්වයංක්‍රීයව තිරිංග තදවන ආරක්ෂණ පද්ධතියක් තිබෙනවා. ලංකාවේ වාහන පරණ නිසා මේවා නැහැ. ඉදිරියට වාහන අමතර කොටස් මිල ඉහළයාම සහ හිඟකම නිසා රටේ මාරාන්තික අනතුරු වැඩි වෙයි.

:       1       33

පිටිගල මිලානෝ Tuesday, 13 September 2022 03:05 PM

ලංකාවේ වේග සීමා නැද්ද? ජනයා ගැවසෙන මාර්ගයක අධික වේගයෙන් ධාවනය කරන මෘගයෙක්. මෙය සාපරාදී මනුෂ්‍ය ඝාතනයක්.

:       2       15

නින්ඳTuesday, 13 September 2022 04:55 PM

ඒ වීඩියෝ එක බැලුවාම අම්ම කෙනෙක්ට ජාතක නොවුණු අමනයෙක් මෙහෙම කරලා තියෙන්නේ.... දැන් ඉතින් කලුලෝගු කාරයෙක් එයි ඔය රියදුරාව බේරගන්න නින්ද ගිය නිසා ඔය අනතුර වුනේ කියලා..!

:       0       1

swene Tuesday, 13 September 2022 03:21 PM

මාර්ග තැනීමේදී පදිකයින් සහ පා පදිකරුවන්ගේ ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නොමැති වීමේ තවත් ප්‍රතිපලයක්. එසේ වන්නේ ඔවුන් දුප්පත් නිසාද ? දේශපාලකයෝ කතා කරන්නේ නම් දුප්පතුන් ගැනයි.

:       1       9

සෙනෙවිරත්න Tuesday, 13 September 2022 06:15 PM

පදිකයන් වම් පසින් ගමන් කිරීමත් මෙයට හේතුවක්

:       0       0

de silva Tuesday, 13 September 2022 08:13 PM

දේශපාලකයා ඡන්දෙ ගන්නකොට දුප්පතා ගැන කතාකරාට ඔවුන් මාර්ග හදනකොට පදික වේදිකා සහ පාපැදි වලට වෙනම තීරුවක් වෙන් කිරීම වැනි දේවල් සලකා බලන්නේ නැහැ. නිතරම උත්සාහ කරන්නේ අධිවේගී මාර්ග සහ වැඩකට නැති කුළුණු වගේ දේවල් හදන්න. ඒවාගෙන් කොමිස් ලැබෙන නිසා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 33 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1325 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 475 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2598 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 3056 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 7431 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24766 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18847 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 365 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1834 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site