IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මෝඩි අගමැති පුටුවට

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම එරට වේලාවෙන් අද උදෑසන ආරම්භ වූ අතර, උදෑසන 10 වෙද්දී, ලෝක් සභාවේ ආසන 543 න්, ආසන 304 ක් හිමි කර ගත් නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂ සන්ධානය, පාලක කොංග‍්‍රස් පක්ෂය අභිබවා අති විශිෂ්ට ජයක් හිමි කර ගන්නා ලකුණු පෙන්නුම් කළේය.
ඒ අනුව මෝඩි ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වනු ඇත.  පාලක කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට ආසන 75 ක සීමාවේ සිටි බව ද වාර්තා විය.
මුලින්ම තැපැල් ඡන්ද ගණන් කෙරුණු අතර, ඉන්පසු ගෝව ප‍්‍රාන්තයේ ලෝක් සභා ආසන දෙකෙන් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බව ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
ලොව දීර්ඝතම මැතිවරණය ලෙස වාර්තා අතරට ද එක් වුණු ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම බොහෝ වශයෙන් සිදු වූයේ ඉලෙක්ට‍්‍රානික ඡන්ද ප‍්‍රකාශන යන්ත‍්‍ර ආධාරයෙනි. එහෙයින් ප‍්‍රතිඵල නිකුත් කිරීම ද කඩිනම් විය.
මැතිවරණ අනාවැකි අනුව භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය ආසන 279 ක් හිමිකර ගනු ඇතැයි පැවැසිණි. බහුතර බලය හිමි කර ගැනීමට නම් ඔවුන්ට අවශ්‍ය වන්නේ ආසන 272 ක් පමණි.

 

 



අදහස් (0)

මෝඩි අගමැති පුටුවට

කුසල් රන්දුනුගේ Friday, 16 May 2014 01:35 PM

බුලත් කොලේ සීනුව පංචායුදය නැහැ නේද එහෙ (දිල්)

:       0       0

බණ්ඩාර Friday, 16 May 2014 02:01 PM

මොධි මහතාට ශුබ පැතුම්. බලු නැට්ටෙන් බල්ලා වනවන්න හිතපු ජයලලිතාට එසේ කරන්නට නොහැකිවීම ගැන සතුටු වෙනවා. (මුදී)

:       0       0

බමුණු Friday, 16 May 2014 02:32 PM

ආසියානු රටවල බල තන්හාවේ කෙළවරක් නැහැ. මීමුත්ත, මිත්තනිය පියා, සහ පුතා වශයෙන් බල අරගලය දිගටම ගෙනියනවා. කිසිම දේශපාලන හත්මුතු පරම්පරාවක් සදාකාලික නැහැ කියලා අපේ ආසියාවේ දේශපාලන පවුල් වලට නම් කවදාවත් තේරෙන්නේ නැහැ. (ස)

:       0       0

අතුල Friday, 16 May 2014 02:36 PM

අපේ රටට බැරි ඇයි මේ වගේ විද්‍යුත් මැතිවරණ ක්‍රමයක් ගෙනල්ලා වියදම් අඩු කරන්න. (ස)

:       0       0

නාලක බස්නායක Friday, 16 May 2014 03:12 PM

කොන්ග්‍රස් පක්ෂයට ගාන්ධි පවුල නැති වීම අපිට හොඳක්. මෝඩි මහතාගේ ජයග්‍රහණය අපිට හොඳක් වන්නට ඉඩ තිබෙනවා (නි)

:       0       0

ගමගේ Friday, 16 May 2014 03:22 PM

වෙනස්වීම හොඳයි. ඒත් මෝඩි සහ ජයලලිතා අතර ඉදිරියේදී ඇතිවන සන්ධානගත වීම, ලංකාවට කරන බලපෑම නම් හොඳ එකක් වෙයි කියලා හිතන්න අමාරුයි (නි)

:       0       0

චානිල් Friday, 16 May 2014 03:33 PM

කිසිම දෙයක් සදාකාලික නැහැ කියලා තේරුම් ගන්න බැරිම ආසියාවේ දේශපාලකයන්ට තමා. (නි)

:       0       0

ප්‍රවීන් Friday, 16 May 2014 03:33 PM

නව අගමැතිතුමාට අන්තවාදය පරාජය කරන්න ලැබේවා! (නි)

:       0       0

රජින්ද Friday, 16 May 2014 04:12 PM

මෝඩිගේ සන්ධානය කිසිම ගැටළුවක් නැතුව අනෙක් ප්‍රධාන පක්ෂවල උදව්වක් නැතිව බහුතරයක් ලබාගත්තොත් එකේ වැඩිම වැදගත්කමක් තියෙන්නේ අපිටයි. දැන් පවතින ආණ්ඩුව බලයට පත් උනේ ජයලලිතලගේ සහයෝගයෙන් නිසා ඒ ආණ්ඩුවට කොන්ද කෙලින් තියාගන්න බැරි උනා. ඒත් භාරතීය ජනතා පක්ෂය එහෙම අනෙක් පක්ෂවල උදව්වකින් තොරව පත් වෙනකොට ඒ ආණ්ඩුවට ශක්තිය වැඩි. ඒක අපිට සුභාදායකයි.! (ස)

:       0       0

උදාර Friday, 16 May 2014 05:24 PM

අපේ රටටත් ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය ආවොත් හොඳයි. (නි)

:       0       0

අමල් Friday, 16 May 2014 11:01 AM

පටන් ගත්ත ගමන්ම ජාතිය ඉදිරියට දාගෙන.ඉස්මිල් , ඇයි අපිට ශ්‍රී ලංකිකයෝ විදිහට ලෝකෙට යන්න බැරි.අපි සිංහල ජාතිකයෝ.එත් ලෝකය ඉදිරියේදී අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ .මිනිසුනේ ගෝත්‍රික වාදය ,ආගම් වාදය , මනසින් තුරන් කරමු.අපි හැමෝම මිහි මවගේ දරුවෝ වෙමු. මෝඩිට ශ්‍රී ලංකික අපගේ සුභ පැතුම්. (ස)

:       0       0

අල්විස් Friday, 16 May 2014 11:04 AM

නරේන්ද්‍ර මෝඩි මහතා ඉන්දියාවේ බලය ලබා ගැනීම, ඔහු මධ්‍යස්ථ මතධාරීයෙකු වීම අප රටට වාසිදායක වීමට ඉඩ ඇති අතර ජයලලිතා ජයරාම් මෙනවිය සමග ඇති තරඟකාරී තත්වය තුළ එම ජයග්‍රහණය අපට කෙසේ බලපාවිදැයි ගැටලුවකි. (ස)

:       0       0

සෆ්ෆ්රාස් Friday, 16 May 2014 11:12 AM

සුළු ජාතිකයන් හොඳින් තේරුම් ගත් නරෙද්‍ර මෝඩිට මගෙන් පැතුම්, (ස)

:       0       0

නුවන් Friday, 16 May 2014 11:17 AM

අනේ ඉස්මිල්, යන්නකෝ ඉන්දියාවට! ලොකු උදව්වක්! (ස)

:       0       0

සහන් Friday, 16 May 2014 06:23 PM

සදාකාලික නම් නැහැ තමයි බමුණු. නමුත් පරම්පරාවකට සෑහෙන කාලයක් මේ සෙල්ලම කරන්න පුළුවන් බව දකුණු ආසියාතික පසුගාමී බහුතර ජනතාව ඔප්පු කර තිබෙනවා. (නි)

:       0       0

සමන් Friday, 16 May 2014 11:24 AM

ලබන මහ චන්දෙදි ලංකාවේ වෙන්නෙත් ඕකම තමා. (ස)

:       0       0

සමන් කුමාර Friday, 16 May 2014 11:31 AM

පාලක කොංග්‍රස් පක්ෂයට අත්වූ ඉරණම අපේ රටටත් ළඟදීම අත් වෙනවා. (ස)

:       0       0

නිරෝෂ් Friday, 16 May 2014 11:37 AM

සමන් ඔයා ඉන්නේ ලංකාවේද? මහින්ද රාජපක්ෂ සිටින තාක් කල් විපක්ෂය සිහිනයක් පමණි. (ස)

:       0       0

ක්‍රිෂ් Friday, 16 May 2014 11:55 AM

ඒ ලංකාවේ සාධාරණ මැතිවරණයක් තිබුනොත් විතරයි. (ස)

:       0       0

නලින් Friday, 16 May 2014 12:18 PM

පාලක පක්ෂයට අත් වූ ඉරණම අපේ රටටත් ළඟදීම අත්වේවි. (ස)

:       0       0

ගමගේ Friday, 16 May 2014 07:42 PM

ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

සරත් බංඩාර Friday, 16 May 2014 12:27 PM

නරේන්ද්‍ර මෝඩි ජයග්‍රහණය ලැබුවේ රකින්න පරම්පරාවක් නැති නිසා. මිනිස්සු පිලිගන්නවා දුෂණය නැහැ කියා.(නදී)

:       0       0

ඇසළ Friday, 16 May 2014 12:30 PM

නලින්, සින්දුව මතකද, ඉන්දියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (නදී)

:       0       0

ජගත් Friday, 16 May 2014 12:38 PM

එයාලටත් මෝඩයෙක් ඉන්න එක කොච්චර දෙයක් ද? (ස)

:       0       0

රජී Friday, 16 May 2014 08:15 PM

ඔබට ජය පතනවා ඒ වගේ ම දැනට ඉන්දියාව ලංකාව පිළිබඳව ක්‍රියා කරන ආකාරය වෙනස් වේවි කියල හිතනවා. (ස)

:       0       0

බිනර Friday, 16 May 2014 12:40 PM

රනිල්ව එ ජා ප නායකත්වයෙන් අයින් කරගන්න පුලුවන් වුනොත් අද හෙටම, ඊලඟ මහ චන්දෙදි ලංකාවේ ප්‍රතිපලයත් අනිවාර්යෙන්ම ඔය වගේ වෙනවා.බැරි වුනොත් අපි හැමදාම අහන ප්‍රතිපලය තමයි. අද මේ ආණ්ඩුව රකින එකම ආරක්ෂක වැට රනිල් වික්‍රමසිංහ. (ස)

:       0       0

ලලත් දමාම් Friday, 16 May 2014 01:21 PM

වහා ලංකාවේ මිනිස්සුත් බුද්දිමත් තීරණයක් ගතයුතු අතර වෙනසක් ඇතිකළ යුතුයි (දිල්)

:       0       0

නිශාන්ත Friday, 16 May 2014 01:27 PM

මොනවා වුනත් අපේ රටට හොද නම් කොටියට නරක නම් අපිට ඕන එච්චරයි. ලංකාවේ ඊළගට තියෙන්නෙ ජනාධිපතිවරණයක්නෙ? මේකත් එක්ක පටලවාගෙන බොරුවට හීන දැකලා වැඩක් නැහැ (දිල්).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2725 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1962 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2835 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2869 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 651 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1292 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36028 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site