පිළියන්දල වවනවත්ත ප්‍රදේශයේදී කැස්බැව බෝකුන්දර අලුතින් තනන මාර්යේ සෙල්ලම් කරමින් සිටි අය්යා නගෝ දෙදෙනකු මඩගොහොරුවක ගිලී මියගොස් ඇතැයි ද, මළසිරුරු පිළියන්දල රෝහලේ තබා ඇතැයි ද පොලිසිය කියයි.
පී සී කවිදු කෂ්මීර (9) සහ කවිනි නිවර්තනා (7) එලෙස මිය ගියහ.
ඔවුහු මාකන්ද ශ්‍රී සුදර්ශන විදුහලේ දෙවැනි සහ හතර වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබන් සිටියහ.
උපකාරක පන්තියකට සහභාගී වී මව සමග පැමිණි සිසුන් දෙදෙනා පාරට ගොස් සෙල්ලම් කර ඇති බවත්, එම අවස්ථාවේ මඩගොහොටුවට වැටී ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම ගෙවල් අසල අනතුරුදායක තැන් තියෙන දෙමව්පියන් මීට වැඩිය සැලකිලිමත් විය යුතුයි . (ස)
අපේ රටේ සංවර්ධනයේදී ...ආරක්ෂක විදි භාවිතය එතම අඩුය. (දී)
පැටියනේ මෙවන් විපතක් සංසාරයේ ඇති නොවේවා .දෙදෙනාට නිවන් සුව පතමු (දී)
දෙමාපියෝ මීට වඩා දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න ඕන (දී)
මාර්ග සංවර්දන අධිකාරිය මීට වැඩ සැලකිලිමත් විය යුතුය කරන්නම් වලේ වැඩ කිරීමෙන් මෙවෙනි අහිංසක දරුවන්ගේ ජිවිත බිලිවිමෙන් එම පාඩුව එයාලට දැනෙන්නේ නැහැ. මනුසත්වය කියන එකේ තිබෙන්න ඕනේ (දී)
දෙදෙනාටම නිවන් සුව ලැබේව (දී)
දින 3කින් පත්තරේ පොඩ්ඩක් බලන්න ගත්තේ !!! ළමා මරණ දෙකක් ඇග හිතල වෙලා ගියා.., මොනවා ලියන්නද කියල හිතා ගන්නත් බැහැ..., දරු දෙදෙනාට නිවන් සුව පතනවා (දී)
සිංහල ජාතිය වඳ වෙනවා . ඉන්න එවුන් ළමයි හදන්නෙත් නැහැ . හදපු අයව පරිස්සම් කර ගන්නෙත් නැහැ . එක අතකට ආශ්චර්ය කරා යනකොට ඔය වගේ පාරවල් හදන්න වලවල් කපල ඒවා ඕන කෙනෙකුට බැහැල නාන්න තියල තියෙන එකෙත් ප්‍රශ්නයක් නැහැ . (දී)
අනේ දුවේ පුතේ මේ පුවත දැක්කම හිත වාවගන්න බැරිඋනා....මෙවන් අකල් මරනෙකට ජාති ජාතිත් ගොදුරු නොවේවා......නිවන්සුව ලැබේවා......! (දී)
මාර්ගය ඉදිකරන සමගම, ඉංජිනේරුවන් සම්පුර්ණයෙන් වගකිවයුතුය. ආරක්ෂක පියවරවල් ගැන තැකීමක් දැනුමක් නැත (දී)
එක්සත් රාජධානියේ මෙහෙම දෙයක් වුනා නම් අඩුම ලක්ෂ 500ක් වන්දි ගන්න පුළුවන් අදාල ආයතනයෙන්. ලංකාවේ වුනත් බැරි නැහැ. නමුත් වැඩි දෙනෙක් ඒ ගැන දන්නේ නැ. ළමුන්ගේ ජීවිත වලට පණ දෙන්න බැරි බව ඇත්ත. ඒත් ආයේ එහෙම වෙන එක වලක්වා ගන්න පුළුවන් නීති මඟට බැස්සොත්. මේක කියවන කවුරු හරි ධානපතියෙක්, සංවිධානයක් ඒ සඳහා ඉදිරිපත් වුනොත් මහත් ආනිසංසයක්. බලයට කෑදරව නිතර නඩු මඟට බහින දේශප්‍රේමින්ට මේ අහිංසක ජීවිත නොපෙනෙන්නේ ඇයි. (ස)
දෙමාපියන්ගේ නොසැලකිල්ලත්, මාර්ග සංවර්ධන අධිකාරියේ නොසැලකිල්ලත් නිසයි මේ වගේ විපතක් සිදුවුනේ.. පුතේ..දුවේ.. මෙවන් අකල් මරනෙකට ජාති ජාතිත් ගොදුරු නොවේවා....!! ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවායි.. ප්‍රාර්ථනා කරමි..!!! (ස)
ඔබ දෙදෙනාටම නිවන් සුව පතනවා (දී)
අපිට මේ රට හදන්න මොනවා හරි කරන්න බැරිද? (ස)
දෙමව්පියෝ කොහොම ඉවසන්න ද මේවා, රට පුරා අර සංවර්ධනය මේ සංවර්ධනය කියා කියා කොන්ක්‍රීට් ගොඩවල් දානවා. මේ වගේ දෙයක් වලක්වන්න කිසි ක්‍රියා මාර්ගයක් නැ. මම කිව්වේ පාර හදන එක වරැදියි කියලා නෙවෙයි. (ස)
දරු දෙදෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. අදාල නිලධාරීන් මේවට වග කිව යුතුයි. (ස)
නිලධාරී පළි. වැඩ බිම් වලට යන්නේ ඇයි? දෙමව්පියන්ගේ නොසැලකිල්ල. (ස)
ආසියාවේ ආශ්චර්ය. රටක් වටිනා ළමයින් දෙදෙනක්. නිවන් සුව දරුවනි !! මෙවන් කුරිරු රටක නැවත නොඉපදේවා ! (ස)
බොහොම දුක්මුසු පුවතක්. නොසැළකිලිමත්කමට දැඩි දඬුවම් ලබා දියයුතුයි. (නි)
පාරවල් හදලා දීලා තව වන්දිත් ගෙවන්න කියලද කියන්නේ.දරුවන් ආරක්ෂා කරන්න දෙමාපියන් දැන ගන්න ඕනනේ.රජයෙන් දරුවන් ආරක්ෂා කරන්න කියලද කියන්නේ. (ස)
හදවත නවතිනවා මේ වගේ දේවල් ඇහුවහම ...පවු අහිංසක දරුවෝ දෙන්නා ..ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා දරුවනේ! මේවා නොවෙන්න දෙමව්පියන් වගබලාගන්න ඕනෑ (නි)
දුවේ,පුතේ,ලබන ආත්මේ මේ පාරක හරියට යන්න බැරි මෙහෙවු රටේ ඉපදෙන්නෙ නැතුය ලෝකේ හොඳ රටක ඉපදෙන්න.ලංකාව කියන්නේ හරියට පාරක්වත් නැති රටක්.ඔබට අවසානයේ නිවන් සුව! (නි)
සංවර්ධනයේ ප්‍රතිලාභ ගමට ලැබී ඇත! (නි)
මම මේ ගැන දුක්වෙනවා ඇත්තටම දෙමව්පියන් ලමින් ගැන සොයා බලනවා මදි දෙමව්පියන් කොච්චර කාර්යබහුල උනත් ළමය ගැන සොයා බලන්න ඕන මීට වඩා අනිත් අයවත් මේක ආදර්ශයක් කරගන්න (දී)
මේවා නිකන් යන්න දෙන්න එපා , නගර සබාවට නඩු දාල වන්දි ඉල්ලන්න එතකොට නැවත මේ වගේ දේවල් වෙන එකවත් වලක්වා ගන්න පුළුවන් (අ)
පව් පොඩි එඋන් දෙන්නා......මේ වයසට එනකන් හදාගන්න කොච්චර අමාරුද? (නි)
පවු අහිංසක ළමයි! නිවන් සුව අත්වේවා! (නි)
දරුවෝ ගැන මේ වගේ ආරංචි ලැබෙනකොට මගේ පපුව හිරවෙනවා වගේ. අනේ අම්මේ තාත්තේ, ඔයාලගේ දරුවන්ට මේ වගේ දෙයක් වෙන්න කිසි ලෙසකින්වත් ඉඩ තියන්න එපා. (නි)
දෙමව්පියෝ තමුන්ගේ දරුවන් ගැන මීට වඩා සෙවිල්ලෙන් ඉන්න ඕනෑ. කොහොම වුනත් මේක විපක්ෂයට හොඳ මාතෘකාවක් වෙයි. මම කියන්නේ බොරු ද කියලා බලන්න හෙට. (නි)
මට හිතෙනවා, එක දරුවෙක් වැටෙන විට අනෙත් දරුවා එයාව බේරගන්න යන්න ඇති කියලා. දරුවො දෙන්නට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)
දුවේ පුතේ, ඔබ දෙදෙනා මේ සසරෙන් මිදී දිව්‍ය ලෝකෙක ඉපදේවා! (නි)
මෙවැනි දේ ගැන දෙමව්පියන් හා වගකිවයුත්තන් සැළකිලිමත් විය යුතුයි . මේ අසරණ ළමයි දෙන්නාට නිවන් සුව ලැබේවා! (නි)
මේ සිඟිති දරුවන් ගැන අපට ඇතිවන්නේ විශාල දුකක්. ඔබලාට නිවන් සුව පතමි. (නි)
දෙමාපියන්ගේ නොසැළකිල්ල නිසා මල් කැකුළු දෙකක් අකලට පරවුණා (නි)
දෙමව්පියෝ වැඩිහිටියෝ දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඔනී ! ඊට පස්සේ කාටවත් දොස් කියල වෙඩක් නැත ! (අ)
ඔබ දෙදෙනාට නිවන්සුව ලැබේවා !(අ)
දරුවන්ට නිවන්සුව ලැබේවා! (නි)
මේවා නිකන් යන්න දෙන්න එපා , නගර සබාවට නඩු දාන්න (අ)
මෙවැනි ස්ථාන ගැන බලධාරින් ඇයි විමසිලිමත් නැත්තේ,, පව් අසරණ ජීවිත 2ක් නැතිඋනා, (අ)
දෙමව්පියන් දරුවන් ගැන මීට වඩා සෙලකිලිමත් විය යුතුයි. (අ)
ඔබලාට නිවන් සුව
එකම කතාවක වෙළුම් දෙකක් --------------------- පිළියන්දල-එගොඩවත්ත ප්‍රදේශයේ දී එකම පවුලක කුඩා දරු දෙදෙනෙකු කෙසෙල්කොටයක ආධාරයෙන් ඔරු පැදීමටගොස් ජීවිතක්ෂයට පත්ව තිබේ. මඩවගුරක ගිළීමෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ නව හැවිරිදි කවිඳු හෂ්මිර නමැති පිරිමි දරුවෙකු සහ හත් හැවිරිදි කවිනි නිවර්තනා නමැති දැරියකි. ඊයේ සවස මෙම ඛේදවාචකය සිදුව ඇති අතර දරුවන්ගේ මෘත ශරීර මේවන විට පිළියන්දල රෝහලේ තබා ඇති බව පොලීසිය පවසයි.
පුංචි දරුවෝ නොවෙයි ල්ලොකු කෙනෙක් උනත් ඔය මඩ ගොහොරට වැටුනත් සිදුවනුෙය් ඔය සිදුවීමමයි. දරුවෝ සෙල්ලම් කරන්න කැමතියි. පාරක් සාදන විට උනත් ඒය මහ ජනතාවට හිරිහැරයක් ෙනාවන විදියට සිදු කිරීම වගකිවයුත්තන්ෙග් යුතු කමක් සහ වග කීමකි. (දී)
මල් කැකුළු දෙක මිලින උනාදෝ අපේ පවට... (දී)
මේවගේ අනතුරු ස්ථාන ආවරණය කල යුතුයි .පව් කිරිසප්පයෝ දෙන්න. නිවන්සුව පතමු. (දී)
උදේම දුටු දෙයින් මොහොතකට හදවත නැවතුනා දුවේ පුතේ, ඔබ දෙදෙනා මේ සසරෙන් මිදී දිව්‍ය ලෝකෙක ඉපදේවා (දී)
අපේ රටේ මිනිස්ජීවිත වලට කිසිම වටිනාකමක් නැති බවට තවත් හොද නිදසුනක්.ඔය වල හාරපු අයට සහ , පළාතේඉන්න මිනිස්සුන්ට ඔයවගේ අපරාදයක් වෙයි කියල කලින් හිතුනේ නැද්ද. දඩුවන්නම් දෙන්න ඕන . එත් ඉතින් මේක ශ්‍රී ලංකා වනේ. වැඩක් වෙන එකක් නැහැ . නමුත් මේවට කම්පාවෙන සුළු පිරිසක් හරි රටේ ඉන්නබව කියන්න ඕන නිසා ලියනවා (දී)
අනේ දුවේ පුතේ මේ පුවත දැක්කම හිත වාවගන්න බැරිඋනා....මෙවන් අකල් මරනෙකට ජාති ජාතිත් ගොදුරු නොවේවා......නිවන්සුව ලැබේවා......! (දී)