ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සබඳතා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඉන්දියාවේ නව නායක නරේන්ද්‍ර මෝඩි, මහින්ද රාජපක්ෂ ජනපතිට එවූ ට්විටර් පණිවිඩයක සඳහන් වේ.
මේ අතර මහින්ද රාජපක්ෂ ජනපති මෝඩිට විශේෂ පණිවුඩයක් යැවීමට නියමිතය.
මෝඩි අගමැති පදවියේ දිවුරුම් දීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම පණිවුඩට යවනු ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදි මහතාගේ දිනුම ඉන්දියාවට ලංකාවට චීනයට විතරක් නෙවයි ආසියාවටම ලැබුණු දිනුමක් වෙනවමයි සැකයක් නැහැ. දෙරටේ නායකයන්ටත් දෙරටටම ජය වේවා.(නදී)
භාරතීය ජනතා පක්ෂය කියන්නේ හින්දු අන්තවාදී ව්‍යාපාරයක්, රටේ සුළු ජාතීන් හිස ඔසවනවාට ඔවුන් කැමති වෙන එකක් නැහැ. එ්ක නිසා තමිල්නාඩු දේශපාලකයන්ට ඕන විදියට නටවන්න බැරිවෙයි. අනික බටහිර රටවල් උනත් බි ජේ පි එකට කැමති නැහැ. ඒ නිසා මානව හිමිකම් ප්‍රශ්නෙදි බටහිර රටවල් වලට විරුද්දව ලංකාවට උදව් කරන්න ඉඩතියෙනවා. ඒත් ඉතින් ලංකාණ්ඩුවේ හැසිරීමත් බලපානවා ඉන්දියාවේ සහයෝගය ලබාගන්න යන විට.(නදී)
මට හිතෙනවා 'මෝඩි මහත්තයා" ධාර්මිකව කටයුතු කරයි කියලා.එහෙම වුණොත් තමයි අපිට වටින්නේ. (නි)
මෝදී " මහතාණෙනි "කෝපි ටිකක් බිලා කුරහන් හැලපය්කුත් රස බලන්න එන්නම ඕනේ අරලිය ගහ මන්දිරේට ?ඔබට සුබ පැතුම්!!!(ස)
අපේ සුභ පැතුම් (අ)
ඉන්දියාව = ආත්මර්තකාමිකම කුහකකම ඊර්ෂ්‍යාව. ඔය කවුරු ආවත් ඔය සමීකරණයෙන් පිට ප්‍රතික්‍රිය බලාපොරොත්තු වෙන්න එපා. හොඳ ප්‍රතිපල තිබුනොත් ඒ අපේ මහින්දගේ දක්ෂකමයි, වාසනාවයි කියල හිතාගන්න. (අ)
ලංකා අගමැති වුණා නම් වගේ කෙනෙක් . කොයි තරම් අපි වාසනා වන්තයිද (අ)
අලුතට සීනිලු ..පරණ වෙද්දී ගොනිලු ...නේද (අ)
ඕනෑම දෙයක් මුලදී හොඳ වුණත් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවාළු (ස)
මෝදි මහතාට ඇමරිකාවේ බැරක් ඔබාමට පස්සේ දෙවනුව සුබ පතලා තියෙන්නේ ලංකාවේ ජනාදිපතිවරයා. (නදී)
ඉන්දියාවේ නව අගමැති ගේ නම ඉන්දියානුවන් උච්චාරණය කරන්නේ "මෝදී". මෝඩි කියන්නේ සිංහලෙන් මෝඩ කාන්තාවට. නව අගමැති ගැන කතා කරන්න කලින් ඔහුගේ නිවැරිදි නම යොදාගැනීම වැදගත් ඒ මොකද මීළඟ වසර කීපය මේ නම ලංකාවේ සැහෙන්න කියවෙන නමක් වේවි. (ස)
හොදයි, අපේ අසල්වැසියා සමග අපේ සම්බන්දතා ශක්තිමත් වේවා.(නදී)
වසන්ති නැන්දේ ඉන්දියාව දිනනවා එ්කෙන්ම ලංකාවට පරදින්ඩ වෙනවා කාරණේ දන්නවනේ.(නදී)
අපේ නායකයා අප රට වෙනුවෙන් ඉදිරි අනාගතය ගැන බුද්ධිමත් තීරණ ගනීවි.(නදී)
එහනම් අපිට වාසීයි නේද? ක්‍රිකට් මැච් එකක් ගහමු ලංකාවයි ඉන්දියාවයි කවුද දිනන්නේ බලන්ඩ.(නදී)
යහපත් පණිවිඩ හුවමාරුවක් වෙන්න කියලා පාර්ථනා කරමු.(නදී)
ගිරි ගෝරිස් -- ඔයාට ඔලුවක් තියනවද? (නදී)
කියන දෙයක් ඉක්මනට කියන එක හොදයි අනෙක් මිනිස්සු ඔලුව නරක් කරන්න කලින්.(නදී)
ඉන්දියානුවෝ ආගම් , කුල , බාසා, කියන කරුණු අනුව බෙදිලා විසිරිලා එකෙකුට එකෙක් නැති උනාට මාතෘ භූමිය කියන තැනේදී සියලු වාද බෙදා අමතක කරලා එකට එකතු වෙනවා එ් නිසා ඔය කොයි මෝඩිගෙන් උනත් පරෙස්සම් වෙන එකනම් ඇඟට ගුණයි රජෝ (නදී)
මෝඩි මෝඩ වැඩ නොකර හොඳට වැඩ කළොත් හොඳයි.(නදී)
බලමු නරේන්ද්‍ර සහ මහේන්ද්‍ර ගේ වැඩත්.(නදී)