මහනුවර මඩවල නගරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලිය සහ මඩවල ජාතික පාසල අද (10) අලුයම සොරුන් විසින් බිඳින ලදැයි වත්තේගම පොලිසියට පැමිණිලි කැර ඇත.
මුස්ලිම් පල්ලියේ සහ ජාතික පාසලේ කාර්යාල කාමර සොරුන් කඩා ඇති බවත් ලිපි ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවත් එම ආයතනවල ප්‍රධානීන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් මෙම ස්ථාන දෙකෙන් සොරුන් රැගෙන ගොස් ඇත්තේ කුමක්ද යන්න තවමත් නිශ්චිත නොමැති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපි ද්‍රව්‍ය රැගෙන ගියා නම් යමක් යට ගහන්න කරපු වැඩක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
මොනවට ආවද දන්නේ නැහැ (නි)
ඔන්න බලන්න දෙවියන්ගේ කැමැත්ත , දැන් මේක නැහැයි කියන්නේ කොහොමද ? නැහැ කියනවනම් දෙවියන්ගේ කැමැත්තෙන් තොරව වෙන දේවල් තිබෙන බව පිළිගන්න වෙනවා නේද ? (නදී)
හා, හා, හොරු ඕනෑ දෙයක් ගෙනිච්චාවේ. දෙවියන්ගේ කැමැත්තනේ!!! (නි)
පැමිණිලි කරන්න තිබුනේ පොලිසියට නොවෙයි, ඊටත් වඩා ලොකු පල්ලියකටනේ. දැන් දෙවියන්ටත් පොලිස් පිහිටයිද? (නි)
ඕක කාගේ වැඩක්ද? (නි)
පොලීසියට වැඩිය අල්ලාහ් බලවත්.අල්ලාහ් හොරුටික අල්ලලා දෙයි.දැන්වත් පිළිගන්නවද එම කැමැත්තට සියල්ල සිදුනොවේ කියලා? (නි)
බල සේනාවේ වැඩක්ද ? පල්ලියේ සභාපතිගේ වැඩක්ද ? දෙවියන් දනී , (ස)
මේවා ඇතුලේ අයගෙම වැඩ බොරුවට ලෝකෙට පෙන්නන්න... (ස)
මේකේ මෝඩ අදහස් දාන අයත් ඉන්නවනේ. මේකෙන් තේරෙනවා ඔවුන් කොයි ජැටියේ අයද කියලා. (ස)
කවුරු උනත් කරපු කෙනාට වරදට දඩුවම ලැබෙ යි. කැමැත්ත බලා ගන්න පුලුවන් එතකොට. (නදී)
මේ සිංහල නම් වලින් අපිටම බනින කොමෙන්ට් දාන්නේ අපේ අය නෙමේ කියල අපිට නොතේරෙනවා කියලා හිතනවා ඇති මේ අය.(නදී)
පුදුමයි. දෙවියන් මේ ගැන ගත් ක්‍රියාමාර්ගයක් නැද්ද? (නි)