යක්කල අලුත්ගම බෝගමුවේ නිල්දියසෙවණේ සුවිසල් නිවසක් අසල මණික් පතලක් කපා ඇති බවට ලැබුණු තොරතුරක් මත වැටලු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම මැණික් පතල කැපීමට උපයෝග කර ගත් බව කියන කුළුගෙඩි, අලවංගු, වතුර මෝටර් ඇතුළු බොහෝ දේ අත්අඩංගුවට ගෙන ඇත. එම නිවසේ හිමිකාරිය පළාත් පාලන ආයතනයක ප්‍රධානියකුගේ ලේකම්වරියක් බවට තොරතුරු ලැබී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අමිත කුමාර ගමගේ මහතා පවසයි. මෙම කටයුත්ත සඳහා කැකිරාවේ කපුවකු ද, ආවතේකකරුවකු ද හවුල්කරගෙන ඇතැයි කියති. ඇතැම් දිනවල මෙම නිවස දෙසින් පොළොව යට පිපිපුරුම් හඬ ඇසුණු බවත් අවට නිවාස බිත්ති පුපුරා ගොස් ඇති බවත් අසල්වැසියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කුස්සියත් හාරල බලන්න ඕනේ.. (ස)
මගේ ඉඩම මගේ නෙමේද ? (ස)
වත්ත තමන්ගේ වුණාට නීතියට අනුව පොළොව යට තිබෙන මැණික්, වෙනත් වටිනා ඛනිජ වර්ග වල අයිතිය තියෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට. ඒවා පුද්ගලික පරිහරණයට ගත හැක්කේ අදාල රාජ්‍ය ආයතනවල අවසරය ලබාගැනීමෙන් පසුවයි. (නි)
තමන්ගේ වත්තේ වළක් හෑරීම සාපරාධි ක්‍රියාවක් ලෙස නීතිගතවී ඇද්ද නැද්ද යන බව අපත් දැනගත යුතුය (නි)
ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා .. (ස)
මගේ ප්‍රශ්නය නිධන් හැරීම නෙවෙයි. නිදන් හාරන නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන එක තමා ප්‍රශ්නේ. මේ නිවස කවුරු හරි ලොක්කෙකුගේ භවනක් වුනා නම් අද හිරේ ඉන්නේ වැටලීම කල නිලධාරින්. (දී)
රජින්ද, ඔබට බොහොම ස්තුතියි (නි)
බණ්ඩාර, ඒකම තමා මටත් තියෙන ප්‍රශ්නය. (නි)
තමන්ගේ ඉඩමේ, ගේ ඇතුළේ තියන නිධන් තමන්ට ගන්න බැරිනම් මෙරටේ දේශපාලකයෝ කොහොමද බැකෝ වලින් නිධන් හාරන්නේ? (නි)
අමිල සුගන්දගේ අදහස බළල මට මේ ටික ලියන්න හිතුන. ඉඩම කොහොමද ඔයාගේ වෙන්නේ? ඔයා "මම " කියල හිතාගෙන ඉන්න ඔය ශරීරයවත් ඔයාගෙද? එකත් මේ ජීවත්වෙන කෙටි කාලයකට කුලියට ගත්ත ශරීරයක් නිසා යන කොට දාල යනවා. ඉතින් මේ ඉඩම් ගැන කවර කතාද? (ස)
මේක කක්කුක්සි වලක් වෙන්න බැරිද,, මඩ ගහන්න කාව හරි බොරු තොරතුරු පොලිසියට දුන්න වෙන්න ඇති(ස)
අමිල සුගන්ද ඔයාට ඉඩම දුන්නේ ඔයාගේ තාත්තා නේද ? (ස)
රවී ජයවීර .. මාර අදහස් ටික හලෝ . අපේ රටේ නියම තත්වේ හරියටම කියනවා. ඒකෙන්. (ස)
නිවසේ හිමිකාරිය ඉහළ තනතුරක් දරන සමාජයේ වැදගත් කෙනෙක් නිසා වැඩේ ගොඩින් ෂේප් කරමු. හානිවූ අවට නිවාස වලට වන්දි ලබාදීමේ සාකච්ඡා වට කීපයක්ම තියමු. ඕනෙනම් කපුවවයි, ආවතේවකරුවයි හිරේ දාමු. (ස)
හුගක් අය අහල තියෙනවනේ "තමන්ගේ වත්ත තමන්ට හාරන්න බැරිද" කියල.. උත්තරය තමයි පුළුවන්.. එත් ඒ පළාත් පාලන ආයතන වල තියෙන නීති රෙගුලාසි වලට අනුව විතරයි. ඔය හැමෝම දන්නවා ඇතිනේ තමන්ගේ ඉඩමේ ගෙයක් හදනකොට ඒ ඒ ප්‍රාදේශීය සභාවලින් නිවසේ සැලැස්මක් අනුමත කරගත යුතුයි කියන එක. අන්න එකේ තියෙන පිබුරුපතේ පැහැදිලිවම දැක්විය යුතුයි ලිද, සහ වැසිකිලි වල කපන තැන. ඒ ගැන සරලව කිව්වොත් අපේ අවශ්‍යතාවයන් කියල අනික් මිනිස්සුන්ට කරදරයක්, හානියක් වෙන විදිහේ කිසිම කැණීමක් කරන්න බැරි නිසා. අනික් කාරනාව තමයි, මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිසි අවසරයකින් තොරව පතලක් පවත්වාගෙන යන්න බැරි කම. පතලකට අවසර දීමේදී ඔවුන් සතුව නීති පද්ධතියක් තියෙනවා. ළිදක් කපනකොට හම්බවෙන මැණික් ඊට අදාළ නැහැ. මොකද ළිද කපන්නේ ප්‍රාදේශීය සභාවේ අනුමැතියෙන් නිසා. (ස)
"සෑම්" ඉඩම් ඔප්පුව කියවා බලන්න.නීති රීති සදහන්ව තිබෙනවා. රජයෙන් ලැබුන ඉඩමක්නම් අනිවාර්යෙන්ම දිසාපති තුමාගේ අවසරය ලබාගන්න ඕනේ. (ස)
අමිල සුගන්ද හරි (ස)
එතකොට මගේ ඉඩම මගේ නෙමේද (ස)
රක්ෂිතවල පතල් කැපුවට වරදක් නැහැ . තමන්ගේ ඉඩමේ හාරන්න බැහැ. (ස)
එතකොට තමාගේ ඉඩමේ පොලව යට මැණික් තිබුනොත් ඒවා කාටද අයිති............ (ස)
මය මන් දන්නැති කමට අහන්නේ තමන්ගේ ඉඩම හාරලා මැණික් හොයන එකේ වරද කුමක් ද ? (ස)
මෙයා හාරල තියෙන්නෙ හරියටම අඩි 35යිනෙ.ඔය නිධානෙ තියෙන්නෙ හරියටම අඩි 40කට යටින් තව අඩි 5ක් හෑරුව නම් ගොඩම තමයි.!! (ස)
තමන්ගේ වත්ත හාරපුවාම කාටවත් මොකද ? (ස)
තමන්ගේ වත්ත තමන්ට හාරන්න බැරිද ? (ස)
මේ වගේ උදවිය ලේකම් කමට තියාගත්ත ලොක්කා ගැන නියම පැහැදිලි කිරීමක්. (ස)