IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මැණික් සොයන්න නිවසේ කුස්සිය අඩි 35ක් හාරලා

යක්කල අලුත්ගම බෝගමුවේ නිල්දියසෙවණේ සුවිසල් නිවසක් අසල මණික් පතලක් කපා ඇති බවට ලැබුණු තොරතුරක් මත වැටලු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම මැණික් පතල කැපීමට උපයෝග කර ගත් බව කියන කුළුගෙඩි, අලවංගු, වතුර මෝටර් ඇතුළු බොහෝ දේ අත්අඩංගුවට ගෙන ඇත. එම නිවසේ හිමිකාරිය පළාත් පාලන ආයතනයක ප්‍රධානියකුගේ ලේකම්වරියක් බවට තොරතුරු ලැබී ඇතැයි  මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ  සභාපති අමිත කුමාර ගමගේ මහතා පවසයි. මෙම කටයුත්ත සඳහා කැකිරාවේ කපුවකු ද, ආවතේකකරුවකු ද හවුල්කරගෙන ඇතැයි කියති.  ඇතැම් දිනවල මෙම නිවස දෙසින් පොළොව යට පිපිපුරුම් හඬ ඇසුණු බවත් අවට නිවාස බිත්ති පුපුරා ගොස් ඇති බවත් අසල්වැසියෝ කියති.



අදහස් (0)

මැණික් සොයන්න නිවසේ කුස්සිය අඩි 35ක් හාරලා

හිරාන් Monday, 19 May 2014 11:34 PM

මෙයා හාරල තියෙන්නෙ හරියටම අඩි 35යිනෙ.ඔය නිධානෙ තියෙන්නෙ හරියටම අඩි 40කට යටින් තව අඩි 5ක් හෑරුව නම් ගොඩම තමයි.!! (ස)

:       0       0

සෑම් Monday, 19 May 2014 11:43 PM

මය මන් දන්නැති කමට අහන්නේ තමන්ගේ ඉඩම හාරලා මැණික් හොයන එකේ වරද කුමක් ද ? (ස)

:       0       0

ඉන්දික Monday, 19 May 2014 11:46 PM

එතකොට තමාගේ ඉඩමේ පොලව යට මැණික් තිබුනොත් ඒවා කාටද අයිති............ (ස)

:       0       0

අනුර Tuesday, 20 May 2014 12:08 AM

රක්ෂිතවල පතල් කැපුවට වරදක් නැහැ . තමන්ගේ ඉඩමේ හාරන්න බැහැ. (ස)

:       0       0

අමිල සුගන්ද Tuesday, 20 May 2014 12:12 AM

එතකොට මගේ ඉඩම මගේ නෙමේද (ස)

:       0       0

නිසාර්-කුවේට් Tuesday, 20 May 2014 12:36 AM

අමිල සුගන්ද හරි (ස)

:       0       0

අජන්ත Tuesday, 20 May 2014 12:42 AM

"සෑම්" ඉඩම් ඔප්පුව කියවා බලන්න.නීති රීති සදහන්ව තිබෙනවා. රජයෙන් ලැබුන ඉඩමක්නම් අනිවාර්යෙන්ම දිසාපති තුමාගේ අවසරය ලබාගන්න ඕනේ. (ස)

:       0       0

රජින්ද Tuesday, 20 May 2014 12:48 AM

හුගක් අය අහල තියෙනවනේ "තමන්ගේ වත්ත තමන්ට හාරන්න බැරිද" කියල.. උත්තරය තමයි පුළුවන්.. එත් ඒ පළාත් පාලන ආයතන වල තියෙන නීති රෙගුලාසි වලට අනුව විතරයි. ඔය හැමෝම දන්නවා ඇතිනේ තමන්ගේ ඉඩමේ ගෙයක් හදනකොට ඒ ඒ ප්‍රාදේශීය සභාවලින් නිවසේ සැලැස්මක් අනුමත කරගත යුතුයි කියන එක. අන්න එකේ තියෙන පිබුරුපතේ පැහැදිලිවම දැක්විය යුතුයි ලිද, සහ වැසිකිලි වල කපන තැන. ඒ ගැන සරලව කිව්වොත් අපේ අවශ්‍යතාවයන් කියල අනික් මිනිස්සුන්ට කරදරයක්, හානියක් වෙන විදිහේ කිසිම කැණීමක් කරන්න බැරි නිසා. අනික් කාරනාව තමයි, මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිසි අවසරයකින් තොරව පතලක් පවත්වාගෙන යන්න බැරි කම. පතලකට අවසර දීමේදී ඔවුන් සතුව නීති පද්ධතියක් තියෙනවා. ළිදක් කපනකොට හම්බවෙන මැණික් ඊට අදාළ නැහැ. මොකද ළිද කපන්නේ ප්‍රාදේශීය සභාවේ අනුමැතියෙන් නිසා. (ස)

:       0       0

මාලක සමීර Tuesday, 20 May 2014 01:06 AM

අපේ කුස්සියත් හාරල බලන්න ඕනේ.. (ස)

:       0       0

චන්දන ලන්ඩන් Tuesday, 20 May 2014 01:08 AM

රවී ජයවීර .. මාර අදහස් ටික හලෝ . අපේ රටේ නියම තත්වේ හරියටම කියනවා. ඒකෙන්. (ස)

:       0       0

සිල්වා Tuesday, 20 May 2014 01:08 AM

අමිල සුගන්ද ඔයාට ඉඩම දුන්නේ ඔයාගේ තාත්තා නේද ? (ස)

:       0       0

අරුණ Tuesday, 20 May 2014 01:18 AM

මේක කක්කුක්සි වලක් වෙන්න බැරිද,, මඩ ගහන්න කාව හරි බොරු තොරතුරු පොලිසියට දුන්න වෙන්න ඇති(ස)

:       0       0

හේවාවසම් Tuesday, 20 May 2014 01:30 PM

තමන්ගේ වත්තේ වළක් හෑරීම සාපරාධි ක්‍රියාවක් ලෙස නීතිගතවී ඇද්ද නැද්ද යන බව අපත් දැනගත යුතුය (නි)

:       0       0

අසෝකා Tuesday, 20 May 2014 02:17 AM

අමිල සුගන්දගේ අදහස බළල මට මේ ටික ලියන්න හිතුන. ඉඩම කොහොමද ඔයාගේ වෙන්නේ? ඔයා "මම " කියල හිතාගෙන ඉන්න ඔය ශරීරයවත් ඔයාගෙද? එකත් මේ ජීවත්වෙන කෙටි කාලයකට කුලියට ගත්ත ශරීරයක් නිසා යන කොට දාල යනවා. ඉතින් මේ ඉඩම් ගැන කවර කතාද? (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 20 May 2014 07:40 AM

තමන්ගේ ඉඩමේ, ගේ ඇතුළේ තියන නිධන් තමන්ට ගන්න බැරිනම් මෙරටේ දේශපාලකයෝ කොහොමද බැකෝ වලින් නිධන් හාරන්නේ? (නි)

:       0       0

කමණි Tuesday, 20 May 2014 08:45 AM

බණ්ඩාර, ඒකම තමා මටත් තියෙන ප්‍රශ්නය. (නි)

:       0       0

උදය Tuesday, 20 May 2014 09:57 PM

මගේ ඉඩම මගේ නෙමේද ? (ස)

:       0       0

ලකී Tuesday, 20 May 2014 09:23 AM

රජින්ද, ඔබට බොහොම ස්තුතියි (නි)

:       0       0

කසුන් Tuesday, 20 May 2014 09:46 AM

මගේ ප්‍රශ්නය නිධන් හැරීම නෙවෙයි. නිදන් හාරන නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන එක තමා ප්‍රශ්නේ. මේ නිවස කවුරු හරි ලොක්කෙකුගේ භවනක් වුනා නම් අද හිරේ ඉන්නේ වැටලීම කල නිලධාරින්. (දී)

:       0       0

රත්නේ Tuesday, 20 May 2014 10:46 AM

ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා .. (ස)

:       0       0

රවි ජයවීර Monday, 19 May 2014 10:31 PM

නිවසේ හිමිකාරිය ඉහළ තනතුරක් දරන සමාජයේ වැදගත් කෙනෙක් නිසා වැඩේ ගොඩින් ෂේප් කරමු. හානිවූ අවට නිවාස වලට වන්දි ලබාදීමේ සාකච්ඡා වට කීපයක්ම තියමු. ඕනෙනම් කපුවවයි, ආවතේවකරුවයි හිරේ දාමු. (ස)

:       0       0

පිටිගල Monday, 19 May 2014 11:18 PM

මේ වගේ උදවිය ලේකම් කමට තියාගත්ත ලොක්කා ගැන නියම පැහැදිලි කිරීමක්. (ස)

:       0       0

චමින්ද Tuesday, 20 May 2014 06:34 PM

වත්ත තමන්ගේ වුණාට නීතියට අනුව පොළොව යට තිබෙන මැණික්, වෙනත් වටිනා ඛනිජ වර්ග වල අයිතිය තියෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට. ඒවා පුද්ගලික පරිහරණයට ගත හැක්කේ අදාල රාජ්‍ය ආයතනවල අවසරය ලබාගැනීමෙන් පසුවයි. (නි)

:       0       0

අයේෂ් Monday, 19 May 2014 11:33 PM

තමන්ගේ වත්ත තමන්ට හාරන්න බැරිද ? (ස)

:       0       0

අනුර Monday, 19 May 2014 11:33 PM

තමන්ගේ වත්ත හාරපුවාම කාටවත් මොකද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3835 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2802 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3577 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3266 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 733 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1413 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36125 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site