
(අංජුල මහික වීරරත්න)
"Gem Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.
චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වේ.
"Gem Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්‍ෂණයටද එක්වූ අතර, මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා "Gem Sri Lanka - 2025" ප්‍රදර්ශනයේ සංවිධායක මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.
මෙවර "Gem Sri Lanka - 2025" ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 103 කින් සමන්විත අතර, මේ සඳහා දෙස් විදෙස් ගැනුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරිආරච්චි, චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති (CGJTA) මර්ජාන් ෆලීල් යන මහත්වරු, තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැණික් - ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ජනපති යයි
ජිල්බු Wednesday, 08 January 2025 05:19 PM
මැණික් කර්මාන්තකරුවන්ටත් ප්‍රශ්න නම් අපි ගැන කවර කතාද? ආර්ථික ප්‍රශ්න වෙන්න ඇති, පව්...!