(පුෂ්පකුමාර ජයරත්න)
පොලීසියට ලද තොරතුරකට අනුව කළ හදිසි සෝදිසියකදී මාවතගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන නවතම වර්ගයේ මත්ද්‍රව්‍ය සහිත උපකරණයක් සොයා ගැනීමට හැකිවූ බව මාවතගම පොලීසිය පවසයි.
සාමාන්‍ය ප්‍රමාණයක සුවඳ විලවුන් බෝතලයකට සමාන හැඩහුරුවකින් යුත් මෙම උපකරණය තුළ අඩංගු ද්‍රව්‍ය පානය කිරීමෙන් මත් ගතියක් ලැබෙන බව අත්අඩංගුවට ගත් සිසුන් ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් එක් සිසුවකු ඔහුගේ පොත් බෑගය පාසල ආසන්නයේ පිහිටි නිවසක තබා ගොස් තිබූ අවස්ථාවේදී නිවෙස් හිමි කාන්තාවට සැක සිතී කළ පරීක්ෂාවකදී මෙම මත් උපකරණය බෑගය තුළ තිබෙනු දැක ඇත.
පසුව ඇය ඒ බව මාවතගම පොලීසියට කළ දැනුම් දීමකට අනුව බෑගය හිමි සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙම නවතම මත් උපකරණ පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.
එම සිසුවාගෙන් වැඩි දුරටත් කළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව ඔහුට ඒවා අලෙවි කළ බව කියන මාවතගම නගරයේ ව්‍යාපාරික ස්ථානයක් වටලා සිදු කළ පරීක්ෂාවකදී එහි තිබූ එවැනිම තවත් මත් උපකරණ දෙකක්ද එම පාසල ආසන්නයේ පිහිටි නිවසක පදිංචි මෑතකදී පාසලෙන් ඉවත්වූ තවත් සිසුවකු සතුව තිබී තවත් එක් උපකරණයක්ද පොලීසියට හමුවී තිබේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මත් උරණ උපකරණ සමග සිසුන් දෙදෙනා මාට්ටු