මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු රාගම සිරි සුගතාරාමාධිපති කොහුවල විමලධම්ම හිමි ඇතුළු ආගමික නායකයෝ ඊට සහභාගි වූහ.
දරුපරපුරේ ජීවිත නොවනසා අනාගතයක් උදාකර දීමට මත්ද්‍රව්‍ය තොරතුරු පොලිස්පතිට දැන්වීම හැම පුරවැසියකුගේම යුතුකම බව කාදිනල්තුමෝ කීහ.
ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරී යන මේ උවදුරින් දරුවන් බේරාගැනීමට ඉදිරිපත් වන්නැයි එතුමෝ ඉල්ලති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය , විරෝදී පාගමනක් !!! අහන්නත් සන්තෝසයි ... අපේ රටේ ආගම , ධර්මය , සංවරය , ශීලාචාරකම ...මේ හැම දෙයක්ම මත්ද්‍රවය නිසා නැතිවේගනයි යන්නේ .. එනිසා පුජකයින් එකතුවෙලා .. මේවා තේරුම් අරගෙන මනුස්සයින්ව එකතුකරලා ඔවුන්ට තෙරුම්කරලා ... ග්‍රාමීය වශයෙන් පොලිසියට උදව්කිරීම ඉතාමත් වැදගත් ආදර්ශමත් ක්‍රියාවක් ! (අ)
මත ද්‍රව්‍ය වලින් දරු පරපුර බේරා ගැනීම වගේම ලංකාවේ සැම නගරයකම පිහිටුවා ඇති මත් දියර සැල් ගැන කතා නොකරන්නේ මන්ද (බ)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමනී ඔබතුමා වයින් වලටත් වැට බඳිනවාද (බ)
ආගමික සිද්ධස්ථාන දේශපාලන පක්ෂ කාර්යාල බවටත්, සමහර ආගමික නායකයන් දේශපාලකයන්ට දර දිය අදින තත්ත්වයටත් මේ නිසාම ජනතාව ආගම ගැන තිබෙන විශ්වාසය ඉවත් වෙන යුගයක මෙවැන්නක් කාටත් ආදර්ශයකි. ආගම ධර්ම කැපවිය යුතු තැනට කැපවීම අගය කළ යුත්තකි. (ර)
ඉතා කාලෝචිත සද් ක්‍රියාවකි. (ර)
බමුණු වගේ අය ඉන්න නිසා තමයි ලංකාව ගොඩගන්න බැරි. (බ)
ඇන්ටන් මොනවා වලින්ද ගොඩ ගන්න බැරි? මත් පැන් වලින්ද? උත්තරයක් ලැබුනම ඉතිරි ටික කියන්නම්. (ර)
මහත්වරුනි, රාජ්‍ය ඉස්කාගාර තිබෙන රටේ ,මත් ද්‍රව්‍ය වෙළදාමට දේශපාලකයෝම අනුබල දෙන්නේනම් සම්බන්ධ නම් ,කෙසේ නම් අපි මේවා තුරන්කරන්නද? (අ)
කරන දේ හොදයි ඒත් මේ දේ ප්‍රතිඵලයක් තියෙයිද?(හේ)
මේ කරන දේ හොදයි.(හේ)
මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ සියළු දේශපාලකයන් සම්බන්ධයෙන් තීරණයක් ගතයුතුයි (නි)