IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මත්තල මුල්ම වැටලීමෙන් කෝටි හතරක රන්

රුපියල් කෝටි හතරකට  ආසන්න  වටිනාකමින් යුතු වටිනා මැණික්,  ස්වර්ණාභරණ, ඇමරිකන්  දියමන්ති සහ මුතු තොගයක්  තම ගමන් මල්ලේ  සගවාගෙන   බැංකොක් සිට මෙරටට  පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය  ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමණී මහතා කීවේය.

සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 58 වියේ පසුවන  ප‍්‍රසිද්ධ  මැණික් හා ස්වර්ණාභරණ  ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගනු ලැබූ   ස්වර්ණාභරණ වල බර ග්‍රෑම් 2326 ක් වූ  අතර  එහි වටිනාකම රුපියල් දෙකෝටි තිස් අට ලක්ෂ හැත්තෑ අට දහස් පන්සිය හතලිස් පහකි.

මේ අතර  ග්‍රෑම් 241.19 ක් බර මැණික් ගල්ද විය.  එහි වටිනාකම රුපියල් පන් ලක්ෂ අනූ දෙදහස් හත්සිය හතලිස් එකකි. 

 මීට අමතරව  දියමන්ති ග්‍රෑම් 3.29 ද වූ අතර එහි වටිනාකම විසි හත් ලක්ෂ අනූ හත් දහස් අටසිය හැත්තෑ තුනකි.

අත් අඩංගුවට ගනු ලැබූ ඇමරිකානු දියමන්ති වල බර  ග්‍රෑම් 4077 හා වටිනාකම රුපියල් විසිහත් ලක්ෂ විසි හය දහස් දෙසිය අසූවක් විය.

 මීට අමතරව මුතු 500 ක් ද තිබූ බව රේගුව කියයි.

මොහු අද  උදෑසන  අටයි තිහට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 827 දරණ ගුවන්යානයෙන්  තායිලන්තයේ බැංකොක් නුවර  සිට මෙරටට පැමිණ ඇත.

රේගු නිලධාරීන් විසින්  සැකකරුගේ  ගමන් මළු  ස්කෑන් යන්ත‍්‍රයට දමා පරික්ෂා  කිරීමේදී  සැක සහිත යමක් ඇති බවට සංඥාවක් ලැබී ඇත. මේ පිළිබඳව මොහුගෙන් ප‍්‍රශ්ණ කිරීමේදී විද්‍යුත් කේතලයක් සහ ස්වර්ණාබරණ නිෂ්පාදනය කරන  මෙවලම්  කිහිපයක් ඇති බව ඔහු රේගුවට පවසා ඇත.  එහෙත් රේගු නිලධාරීන් විසින් වැඩිදුර පරික්ෂා කිරීමේදී මෙම මැණික් ගල් සහ ස්වර්ණාභරණ  තොගය සොයාගත් බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් (ප‍්‍රාදේශීය)  එස්. රාජෙනද්‍රන් මහතාගේ අධීක්ෂනය යටතේ  රේගු අධ්‍යක්ෂක(ප‍්‍රාදේශීය)  කේ.කේ විතාන සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී.එන් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ජගත් ඔබේසේකර, ඩබ්ලිව්.කේ රන්දෙණිය සහ සහකාර රේගු අධිකාරී චන්දිම කරුණාරත්න, රුවන් බංඩාර, ඒ.ඥානමෝහන්, ඇලෙක්ස් පෙරේරා, සනත් සිල්වා, චන්දන රත්නායක සහ සංජීව ලොකුගම  යන  නිලධාරීහු සිදු කරති.



අදහස් (0)

මත්තල මුල්ම වැටලීමෙන් කෝටි හතරක රන්

පෙරේරා Wednesday, 12 June 2013 03:44 PM

මත්තලටම එනකම් හිටියේ , කළුතර දිහාවින් බැහැගත්තනම් ඉවරයි නේ.(නදී)

:       0       0

මුන්සිර් Wednesday, 12 June 2013 04:07 PM

ලාල්ගේ කටේ සිනි දාන්න ඕනේ. මත්තල ප්‍රසිද්ධ කරන්න කරපු වැඩක්.(ස)

:       0       0

විමල් Wednesday, 12 June 2013 04:09 PM

මේක නම් අනිවාර්යෙන්ම මත්තල ජනප්‍රිය කරන්ඩ ප්ලෑන් කරලා කරපු ගේමක් .(නදී)

:       0       0

චමි Wednesday, 12 June 2013 04:28 PM

ලංකාවට එනකොට ගමන් මලු ස්කෑන් කරනවද දන්නේ නැති නිසා අහන්නේ.(නදී)

:       0       0

විමලසේන හ.ද. Wednesday, 12 June 2013 04:44 PM

මමත් මේක අනුමත කරම්. මත්තල ප්‍රසිද්ධ කරන්න කරපු වැඩක්.(නදී)

:       0       0

සීල Wednesday, 12 June 2013 05:06 PM

ඔය බඩු අයිති කාරයාගේ මස්සිනා නගරාදිපති කෙනෙක්ලු.?(නදී)

:       0       0

සුනිල් Thursday, 13 June 2013 12:21 PM

ඔය සල්ලි ටික තියාගෙන ගෙදරට වෙලා හිටියා නම් මොකද? තණ්හාය ජායති සෝකෝ... (නි)

:       0       0

කුමාරි Wednesday, 12 June 2013 02:08 PM

මත්තල නිසා අහුවෙන එකක් නෑ කියලා හිතන්න ඇති. මුල්ම එක නරකම නෑ. (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 12 June 2013 02:29 PM

එයාර්පෝට් එකෙනුත් ලාබයක් ප්‍රයෝජනයක් නැති එකේ මෙහෙමවත් අදායමක් හොයාගන්න බලමු. (ස)

:       0       0

උපාලි Wednesday, 12 June 2013 02:27 PM

ඔන්න දැන් නම් මත්තල ජාත්‍යන්තර මට්ටමට ආවා. පළමුවැනි හොරබඩු කාරයත් රන් අකුරෙන් ලියවෙන කෙනෙක් වීම තවත් සතුටට කාරණයක්. (නදී)

:       0       0

චානුක රණවීර Wednesday, 12 June 2013 02:35 PM

ලොකු තැන්වලට අහුවෙන්න් ලොකු හොර වැඩ තමා.(ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 12 June 2013 02:37 PM

ඉතින් මොකද වෙන්නෙ මේවා රට ඈතුලට ගෙනල්ලා මිසක් රටෙන් පිට කරල නෙමෙයිනෙ. තමිල් චෙල්වම් සාම සාකච්ඡා වලට ගිහින් ආයුද, කැටලොග් ප්‍රභාකරන්ට එල්.ඊ.ඩී ටීවී, චන්ද්‍රිකා උපකරන අරගෙන එද්දි කොහෙද හිටියේ? (නදී)

:       0       0

ලාල් Wednesday, 12 June 2013 02:41 PM

මත්තල නම ප්‍රසිද්ද කර ගන්න කරපු වැඩක් ද දන්නේ නැහැ.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 12 June 2013 02:42 PM

දැන් මේවා රාජසන්තක්යිද?(නදී)

:       0       0

ජගත් Wednesday, 12 June 2013 02:47 PM

ඕක කාගේ මෙහෙයුමක් ද?(නදී)

:       0       0

නදී Wednesday, 12 June 2013 02:48 PM

චිනේ ඉදලා එන ගුවන් යානයට බැංකොක් වලදී නැගලා කොහොමහරි නීතියෙන් ගැලවෙන්න බැලුවා නේද.(නදී)

:       0       0

මර්සි ලංකා Wednesday, 12 June 2013 02:49 PM

මත්තල ගුවන් තොටුපලට අවශය මුදල් මේ වගේ දේ වලින් සොයා ගත්තම පාඩු වන එකක් නැහැ . මේ වගේ හොරෙන් ගේන කීදෙනෙක් රේගු ඇසට වැලි ගසා යනවද දන්නේ නැහැ . මත්තල රේගු නිලධාරින්ට අපේ පැසසුම්. ඉදිරියටත් මේ වගේ හොරු අල්ලන්න වරම් ලැබේවා!(නදී)

:       0       0

වරුණ Wednesday, 12 June 2013 02:51 PM

ඉදලා හිටලා එන ගුවන්යානයක් නිසා හොදට රාජකාරිය කරනවා රේග මහත්තුරු.(නදී)

:       0       0

අශෝක ඇෆ්ග්හින්ස්ටන් Wednesday, 12 June 2013 03:06 PM

ලාබ නැහැ කියන්නේ කොහොමද? (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 12 June 2013 03:25 PM

මත්තලින් අවොත් අල්ලන්නේ නැහැ කියන කතාව බොරුවක්ද? (ස)

:       0       0

ධම්ම Wednesday, 12 June 2013 03:26 PM

මත්තල පාළුයි පාළුයි කිව්වට ඔය එන්නේ ගුවන්යානා..ඔය කරන්නේ වැටලීම්..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1123 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 757 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1160 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 850 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 510 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 926 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site