රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුතු වටිනා මැණික්, ස්වර්ණාභරණ, ඇමරිකන් දියමන්ති සහ මුතු තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන බැංකොක් සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමණී මහතා කීවේය.
සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 58 වියේ පසුවන ප‍්‍රසිද්ධ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගනු ලැබූ ස්වර්ණාභරණ වල බර ග්‍රෑම් 2326 ක් වූ අතර එහි වටිනාකම රුපියල් දෙකෝටි තිස් අට ලක්ෂ හැත්තෑ අට දහස් පන්සිය හතලිස් පහකි.
මේ අතර ග්‍රෑම් 241.19 ක් බර මැණික් ගල්ද විය. එහි වටිනාකම රුපියල් පන් ලක්ෂ අනූ දෙදහස් හත්සිය හතලිස් එකකි.
මීට අමතරව දියමන්ති ග්‍රෑම් 3.29 ද වූ අතර එහි වටිනාකම විසි හත් ලක්ෂ අනූ හත් දහස් අටසිය හැත්තෑ තුනකි.
අත් අඩංගුවට ගනු ලැබූ ඇමරිකානු දියමන්ති වල බර ග්‍රෑම් 4077 හා වටිනාකම රුපියල් විසිහත් ලක්ෂ විසි හය දහස් දෙසිය අසූවක් විය.
මීට අමතරව මුතු 500 ක් ද තිබූ බව රේගුව කියයි.
මොහු අද උදෑසන අටයි තිහට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 827 දරණ ගුවන්යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇත.
රේගු නිලධාරීන් විසින් සැකකරුගේ ගමන් මළු ස්කෑන් යන්ත‍්‍රයට දමා පරික්ෂා කිරීමේදී සැක සහිත යමක් ඇති බවට සංඥාවක් ලැබී ඇත. මේ පිළිබඳව මොහුගෙන් ප‍්‍රශ්ණ කිරීමේදී විද්‍යුත් කේතලයක් සහ ස්වර්ණාබරණ නිෂ්පාදනය කරන මෙවලම් කිහිපයක් ඇති බව ඔහු රේගුවට පවසා ඇත. එහෙත් රේගු නිලධාරීන් විසින් වැඩිදුර පරික්ෂා කිරීමේදී මෙම මැණික් ගල් සහ ස්වර්ණාභරණ තොගය සොයාගත් බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් (ප‍්‍රාදේශීය) එස්. රාජෙනද්‍රන් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධ්‍යක්ෂක(ප‍්‍රාදේශීය) කේ.කේ විතාන සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී.එන් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ජගත් ඔබේසේකර, ඩබ්ලිව්.කේ රන්දෙණිය සහ සහකාර රේගු අධිකාරී චන්දිම කරුණාරත්න, රුවන් බංඩාර, ඒ.ඥානමෝහන්, ඇලෙක්ස් පෙරේරා, සනත් සිල්වා, චන්දන රත්නායක සහ සංජීව ලොකුගම යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදලා හිටලා එන ගුවන්යානයක් නිසා හොදට රාජකාරිය කරනවා රේග මහත්තුරු.(නදී)
ඔය සල්ලි ටික තියාගෙන ගෙදරට වෙලා හිටියා නම් මොකද? තණ්හාය ජායති සෝකෝ... (නි)
ඔය බඩු අයිති කාරයාගේ මස්සිනා නගරාදිපති කෙනෙක්ලු.?(නදී)
මමත් මේක අනුමත කරම්. මත්තල ප්‍රසිද්ධ කරන්න කරපු වැඩක්.(නදී)
ලංකාවට එනකොට ගමන් මලු ස්කෑන් කරනවද දන්නේ නැති නිසා අහන්නේ.(නදී)
මේක නම් අනිවාර්යෙන්ම මත්තල ජනප්‍රිය කරන්ඩ ප්ලෑන් කරලා කරපු ගේමක් .(නදී)
ලාල්ගේ කටේ සිනි දාන්න ඕනේ. මත්තල ප්‍රසිද්ධ කරන්න කරපු වැඩක්.(ස)
මත්තලටම එනකම් හිටියේ , කළුතර දිහාවින් බැහැගත්තනම් ඉවරයි නේ.(නදී)
මත්තල පාළුයි පාළුයි කිව්වට ඔය එන්නේ ගුවන්යානා..ඔය කරන්නේ වැටලීම්..(ස)
මත්තලින් අවොත් අල්ලන්නේ නැහැ කියන කතාව බොරුවක්ද? (ස)
ලාබ නැහැ කියන්නේ කොහොමද? (ස)
මත්තල නිසා අහුවෙන එකක් නෑ කියලා හිතන්න ඇති. මුල්ම එක නරකම නෑ. (ස)
මත්තල ගුවන් තොටුපලට අවශය මුදල් මේ වගේ දේ වලින් සොයා ගත්තම පාඩු වන එකක් නැහැ . මේ වගේ හොරෙන් ගේන කීදෙනෙක් රේගු ඇසට වැලි ගසා යනවද දන්නේ නැහැ . මත්තල රේගු නිලධාරින්ට අපේ පැසසුම්. ඉදිරියටත් මේ වගේ හොරු අල්ලන්න වරම් ලැබේවා!(නදී)
චිනේ ඉදලා එන ගුවන් යානයට බැංකොක් වලදී නැගලා කොහොමහරි නීතියෙන් ගැලවෙන්න බැලුවා නේද.(නදී)
ඕක කාගේ මෙහෙයුමක් ද?(නදී)
දැන් මේවා රාජසන්තක්යිද?(නදී)
මත්තල නම ප්‍රසිද්ද කර ගන්න කරපු වැඩක් ද දන්නේ නැහැ.(නදී)
ඉතින් මොකද වෙන්නෙ මේවා රට ඈතුලට ගෙනල්ලා මිසක් රටෙන් පිට කරල නෙමෙයිනෙ. තමිල් චෙල්වම් සාම සාකච්ඡා වලට ගිහින් ආයුද, කැටලොග් ප්‍රභාකරන්ට එල්.ඊ.ඩී ටීවී, චන්ද්‍රිකා උපකරන අරගෙන එද්දි කොහෙද හිටියේ? (නදී)
ලොකු තැන්වලට අහුවෙන්න් ලොකු හොර වැඩ තමා.(ස)
ඔන්න දැන් නම් මත්තල ජාත්‍යන්තර මට්ටමට ආවා. පළමුවැනි හොරබඩු කාරයත් රන් අකුරෙන් ලියවෙන කෙනෙක් වීම තවත් සතුටට කාරණයක්. (නදී)
එයාර්පෝට් එකෙනුත් ලාබයක් ප්‍රයෝජනයක් නැති එකේ මෙහෙමවත් අදායමක් හොයාගන්න බලමු. (ස)