IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මෛත්‍රී එක ගලින් කුරුල්ලන් දෙන්නෙක් අල්ලයි

2014 නොවැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ආ මෛත්‍රිපාල සිරිසේන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ජනවාරි 8 වැනිදා ජනපතිවරණය ඡන්ද හැට දෙලක්ෂයකින් ජය ගත්තේය.

ඔහු සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහත්වරුද ආහ. පසුව අර්ජුන හා හිරුණිකාද මෛත්‍රී පිලට එක්වූහ. මාස 7ක් ඉක්මෙන්නට පෙර එනම් පසුගිය ජූලි 28 වැනිදා ඔහු සිය සගයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරියේය. ඔවුන් කළ වරද වූයේ එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණින් අලියා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමයි. ජනවාරි 8 වැනිදා ජනපතිවරණය හංසයා පිට නැගී මහින්ද රාජපක්ෂ පරාජය කරමින් ජය කණුවට ළඟාවූ මෛත්‍රිපාල එවැනිම දෙයක් කළ සගයන් පන්නා දැමීම දෛවයේ සරදමක් බව බොහෝ දෙනෙක් කියති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර වැඩි ප්‍රසිද්ධියක් නැති පක්ෂයකින් ජනපතිවරණය දිනූ මෛත්‍රිපාල කිසිම වරදක් නොකළ කෙනකු නොවන බව පෙනේ. එහෙත් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය සමග එකතුවී තරග කරන එම්.කේ.ඩී.ඇස්, රාජිත, හිරුනිකා බරපතල අපරාධයක් කර ඇති සැටියකි. යහපාලන නීතියේ සාධාරණත්වය කෙතරම් දුරට තිබේද? මෛත්‍රිපාල සිය සගයන් මෙසේ පන්නා දැමූයේ එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු මරා ගැනීමට විය හැකියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මහින්ද හිතවතුන්ට යම් ආශ්වාදයක් ලබාදීමට ඔහු එක් ගලක් පාවිච්චි කළා විය හැකිය. අනෙක් ගල පාවිච්චි කරන්නට ඇත්තේ සැබැවින්ම සිය අතිජාත මිත්‍රයන් පස් දෙනාට යහපතක් කිරීම සඳහා විය හැකියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීම නිසා ශ්‍රීලනිප ඡන්දද එක්සත් ජාතික පක්ෂයට කඩා වැදීම නිසා එජාප ඡන්දද අහිමිව අසරණ තත්ත්වයකට වැටී සිටි මිතුරන්ට ඔහු උදව් කළා විය හැකියි. ඔවුන් එක්සත් ජාතික පක්ෂ ගොඩටම තල්ලු කිරීමෙන් මේ කට්ටිය අපේ මිනිසුන් යන හැඟීම එක්සත් ජාතික පාක්ෂිකයනට ඇතිවී ඔවුන්ට ඡන්දය දී මන්ත්‍රීන් කිරීමට යම් හැඟීමක් ඇතිවිය හැකිය.

මෛත්‍රිපාල මේ ක්‍රියා මාර්ගයට පිවිසියේ දැනට උසාවි නියෝගයකින් නතරවී තිබෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ඔහුට එල්ල විය හැකි රැවුම් ගෙරවුම් ඇනුම් බැනුම් වලින් බේරීම සඳහා විය හැකියි.

මැතිවරණය පසුවී මධ්‍යම කාරක සභාව රැස්වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වී තිබුණහොත් ඔහුට එල්ලවන දෝෂාරෝපණ තවත් වැඩිවිය හැකියි. පුරාණ රාජධානියේ පාචියන් දුනුවායන් පවනට බඳු වේගයෙන් අශ්වයන් මෙහෙයවා සතුරන් අන්ද මන්ද කර පහරදීමේ ශිල්පය ගැන ජනපති ඉතිහාසයෙන් යම් පාඩමක් ඉගෙන ගත්තා විය හැකියි. පසුබසින බව හඟවා ආපසු හැරී දෑතින් දුනු හීද දෙපයින් අසුද හසුරුවමින් සතුරාට පහරදීමේ සංග්‍රාම ශිල්පයේ කෙළ පැමිණියකු සේ මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කළේදැයි අපට දැකගැනීමට හැකිවනුයේ ලබන 18 වැනිදායි.



අදහස් (0)

මෛත්‍රී එක ගලින් කුරුල්ලන් දෙන්නෙක් අල්ලයි

ධම්ම Thursday, 30 July 2015 05:53 PM

කොයි දේ වෙතත් ජනාධිපතිතුමා අවුරුදු පහයි නේ බලයේ ඉන්නවා කිව්වේ. ඊට පස්සේ බලමුකෝ මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

කැළුම් Monday, 03 August 2015 09:07 AM

මහින්ද පරදින එක අනිවාර්යයයි (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 31 July 2015 04:49 AM

ජාතික රජයක් පිහිටුවීම එක පියවරක් (නදී)

:       0       0

දුමින්ද Saturday, 01 August 2015 03:56 AM

දේශපාලන කටුසු න්‍යායට තීන්දුව ලබන 18 වෙනිදා (නදී)

:       0       0

නාරද Saturday, 01 August 2015 03:22 PM

මේක ඉන්න අයට සංඥාවක්! (නි)

:       0       0

ධම්ම Saturday, 01 August 2015 05:20 AM

ලබන දහඅට වෙනිදා වෙනතුරු මේ ගැන මා නම් කතා කරන්නේ නෑ.(නදී)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 31 July 2015 05:13 PM

දුරදක්නා, මෙවැනි උපක්‍රමශීලී රාජ්‍ය නායකයන් සිටින රටක් කවදාවත් සතුරු බලවේග වලට යටත් නොවේ. කකුලෙන් ඇද, ප්‍රගතිශීලී, සංවර්ධන වැඩකටයුතු අඩාල කරමින් රට ආපස්සට ඇදගෙන යාමට වලිකන කුක්කන්ට ජනපතිගෙන්, අම්ම මුත්තා සිහිවෙන, හොඳ කම්මුල් පාරවල් ටිකක් නම් වැදිලා වගෙයි. (නදී)

:       0       0

සරත් Saturday, 01 August 2015 08:10 PM

ධම්ම වගේ කට්ටිය ගැන පව් කියලත් හිතෙනවා. මෛත්‍රී මහතාව අවුරුදු 10 කට හොල්ලන්න බැහැ. (නි)

:       0       0

සත්‍යයා Saturday, 01 August 2015 11:25 PM

ඔහුට බැන්න බොහොම දෙනෙකුට කටවල් වැහෙන්න අගෝස්තු 17 වෙනිදායින් පසු වැඩ සිද්ධවෙයි කියලා මටත් හිතෙනවා. නිශ්චල දිය ගැඹුරුයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 02 August 2015 01:25 AM

කවුරු මොනවා කළත් ජනතාව හොරුන්ව එළවලා දාන්න ඡන්දෙ පාවිච්චි කළොත් රටටම සුභදායක වෙයි. (නි)

:       0       0

දහම් Thursday, 30 July 2015 02:59 PM

18 වෙනිදට ඔහෙලට දැක ගන්න පුළුවන් මහින්දට තනියම ආණ්ඩුවක් පිහිටුවන්න ඕන කරන ආසන ප්‍රමාණය ජය ගෙන ඇති බව.(නදී)

:       0       0

රණවීර Thursday, 30 July 2015 04:21 PM

කොච්චර ලොකු දෙයක් ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2684 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2345 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2924 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5848 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1968 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6654 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18599 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site