අයවැයෙන් ධීවරයන්ට සහන නොලැබුණැයි කියමින් දහස් ගණනක් ධීවරයෝ මාතර කොටුවේගොඩ මහපාර හරස් කරමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ඔවුන්ගේ විරෝධයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගත් පොලිසිය එය ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් ඔවුනට දැනුම් දීමට ද සැරසෙයි.
අයවැයෙන් ධීවරයන්ට සහන නොලැබුණැයි කියමින් දහස් ගණනක් ධීවරයෝ මාතර කොටුවේගොඩ මහපාර හරස් කරමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ඔවුන්ගේ විරෝධයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගත් පොලිසිය එය ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් ඔවුනට දැනුම් දීමට ද සැරසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැයට ඉස්සර ඉන්දන මිල අඩු කලානේ. තව මොනවාද කියන්නේ. (හේ)
සාම කාමීව හර්තාල් කලාට කාරී නැහැ දේපලවලට හානියක් නොකර.(හේ)
මෙහෙම අසාදාරන දේවල් ඇහුවම අපිටත් කෙන්ති යනවා. මේ මිනිස්සු මුහුදේ යන්නේ නාගන්න නොවේ, බද වියත රැකගන්න. (ර)
මොනවා වුනත් මේ මහපාර අවහිර කරගන කරන උද්ඝෝෂණවලට පොදු මහජන සහය නම් නැහැ. අනික පාර මැද ටයර් දල්වාගන පාරට කරන හානියත් අනුමත කරන්න බැහැ. (ර)
ප්‍රධාන පාරක් අවහිර කර කරන ඕනෑම උද්ගෝෂණයක් උසාවි නියෝගයන්ගෙන් තොරව විසුරුවා හැරීමේ බලතල පොලිසියට පාර්ලිමේන්තු පනතක් මගින් ලබා දිය යුතුයි..හිතා මතාම තමන්ගේ ප්‍රශ්න විසදගන්න අනුන් අපහසුතාවයට පිඩාවට පත් කරවන මේ ක්‍රමයට තිත තැබීමට දැන්වත් නිවැරිදි ඍජු ක්‍රමවේදයක් සැකසිය යුතුයි...උද්ගෝෂණ පැවතීමේ අයිතිය තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සීමාවක් ඇතුලත..ඒකෙන් ඔබ්බට ගිහින් අනෙකෙක්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරනවානම් කිසිදු තරා තිරමක් දේශපාලනයක් ගැන සැලකීමක් නැතුව නීති රාමුව තුල දිය හැකි උපරිම දඩුවම් අනෙක් අයටත් පාඩමක් ඉගෙන ගත හැකි වන සේ ලබා දිය යුතුයි.(හේ)
බන්දුල මහත්තයෝ, එතකොට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සමහර උදවිය මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංගනය කරනකොට ඒවාට විරුද්ධව නීති අවශ්‍ය නැද්ද? දැන් ඔබතුමා කියන විදියට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කරන අනිත් අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවද? (නි)
මෙහෙම යනකොට මෙයාලා මුහුදු ගිහිල්ලා මාළු අල්ලන්න බැරි වුණත් උද්ඝෝෂණය කරාවි. (නි)
මට නම් හිතෙන්නේ මේ විරෝධය අසාධාරණ එකක් (නි)
බන්දුල, පාර්ලිමේන්තුවේ ඉන්න සමහර අය පාරවල් අවහිර කරගෙන වාහන දහයක් විතර අරගෙන යන එකත් ඊට කලින් නවත්වන්න වෙයි එහෙනම් (නි)
සමන් වසන්ත මහත්තයෝ, මම නම් දැකලා නැහැ පාර්ලිමේන්තුවේ කවුරුවත් පාරවල් හරස් කරගෙන ටයර් පුච්චනවා. පැහැදිලි කරලා දෙන්නකෝ මොනවද ඔය එයාලා කඩකරන දේවල් කියලා. දන්නේ නැති නිසයි දන්නා ඔබගෙන් අහන්නේ. (නි)
බන්දුල පෙරේරා අදහස් දාන්නේ පෙරපාසල් ළමයෙක් වගේ නේද? (නි)
බන්දුල පෙරේරා මහත්තයාට නම් වහාම පිළියමක් අවශ්‍ය බව පෙනෙනවා. (නි)
රජයට විරුද්ධව සාධාරණව හෝ අසාධාරණව මහජනයා පිඩාවට පත් කරවමින් කරන ඔය උද්ගොෂනවලට හුරේ තියන කට්ටිය නොදන්නා දේ තමයි හෙට තමන්ගේ රජයක් ආවමත් මේ දේවල් සිදුවන්නේ මෙහෙමයි කියන එක.. මේ සිදුවීම් පවතින රජයන් එක්ක ගැලපීමක් කරන්න එපා.. වැරදි ක්‍රියාව වැරදි විධියට දකින්න.. (ර)
බන්දුල මහත්තයෝ, අපිට නම් කවදාවත් අපේ කියල රජයන් නැහැ. මොකද ඔය කවුරු ආවත් අපිට වැදගත් වෙන්නේ රටේ ජනතාවට ඔවුන් සලකන්නේ කොහොමද කියන එක. මේ මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ කෝටි ගණන් මුදල් තේරුමක් නැතිව නාස්ති කරන රටක ඔවුන්ට සහනයක් නොලැබුන නිසයි. ඇයි ඔබතුමාට බැරි පවතින රජයේ වැරදි, වැරැද්දක් විදියට දකින්න. (නදී)
ඕනම විරුද්ධයක් දක්වන්න අදාල අමාත්‍යාංශය ඉදිරියේ නමුත් මහ ජනතාවට හිරි හැරවන අයුරින් මාර්ග අවහිර කොලොත් තරාතිරම නොබලා විසුරුවා හරින්න.(අ)