(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
අත්තුඩාව ගල්බන්ට් එකේ කොටසක් කඩා ගෙන ගොස් ගංවතුර පිටාර ගැලීමට පටන් ගැනීම නිසා යුද හමුදා සාමාජිකයන් යොදවා වැලිකොට්ට ගසා එම බැම්ම ආරක්ෂා කර ගැනීමට අද (05) කටයුතු කළ බව මාතර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
විශේෂයෙන්ම එම බැම්ම තව දුරටත් කඩා ගෙන ගියහොත් මාතර නගරය අවධානමට ලක්විය හැකි නිසා එම තීරණය ගෙන තිබුණි.
ඒ අනුව වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ අධීක්‍ෂණය යටතේ යුධ හමුදා සාමාජිකයින් ගල්බන්ට් එක පිලිසකර කරන අයුරු දැක ගත හැකි විය.
එම බැම්ම පැවති ප්‍රමාණයට වඩා උස් කරන බවට පැතිර ගිය තොරතුරක් මත ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියේය.
ඔවුන් ගල්බන්ට් එක කිසි ලෙසකින් උස් කිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කලේය.
පසුව එම ස්ථානය නිරික්ෂණය කිරීමට දකුණු පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද පැමිණියේය.
එහිදී වාරි මාර්ග නිලධාරීන් හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් ද ඇති විය.ගල්බන්ට් පැවති ප්‍රමාණයට පමණක් පිලිසකර කරන ලෙස එහිදී ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එසේ බැම්ම උස් කරන්නේ නම් දෙපාර්ශ්වයම කැදවා සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බව අබේවර්ධන මහතා කියා සිටියේය.
මෙම බැම්ම හේතුවෙන් මාලිම්බඩ හා අවට ගම්මාන ජලයෙන් යට වන බවත් එය තවත් උස් කළහොත් තම ගම්මානවල පදිංචි කරුවන්ගේ පීඩාව වැඩි වන බවත් ප්‍රදේශවාසීන් පැවසීය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාතර බන්ට් එකක් කැඩේ