එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක මහත්වරුන් එජාපයෙන් නෙරපීමට ගෙන ඇති තිරීරණයට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම ත්‍රිපුද්ගල ආභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට තීරණය කර ඇත.
මෙම පෙත්සම සිසිර ආබෘ, උපාලි අබේරත්න සහ චන්ද්‍රා ජයතිලක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝබර පළමුවැනිදා දින සලකා බැලීමට නියමිතය.
එදිනට පාර්ශ්වකරුවනට විරෝධතා ගොනු කරන ලෙස ද නියෝක කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ගියත් රනිල් කෙලින් (නි)
රනිල් මහත්තයෝ,මේ දෙන්නට සමාවක් දෙන්න. අපිට පක්ෂය වැදගත්. (නි)
රනිල් මහත්මයා, කරුණාකර සමාවක් දීලා බලන්න. මේ වෙලාවේ ජය ඔබට (නි)
කිසිම සමාවක් දෙන්න එපා.නායකත්වය කියන්නෙ මොකද්ද නායකයා කියන්නෙ කවුද කියලා දන්නෙ නැති දෙන්නෙක්. තැන තැන නායකයට බැන බැන යන එක කොහෙත්ම සුදුසු නැහැ.මේ අය අනිවාර්යෙන් ඉවත් කළ යුතුයි. (නි)
නැවතත් ගන්න එපා (නි)
කව්රු ගියත් රනිල් මහත්තයාකෙලින්.(අ)
කිසිම සමාවක් දෙන්න එපා.නායකත්වය කියන්නෙ මොකද්ද නායකය කියන්නෙ කවුද කියල දන්නෙ නැති දෙන්නෙක්.තැන තැන නායකයට බැන බැන යන එක කොහෙත්ම සුදුසු නෑ.අපේ මහ ගෙදර වගෙ සිරිකොතට ගහල විනාශ කරන්න හදුවෙ මේ අය.වීඩියෝ වලින් ඔප්පු උනා,ඒ නිසයි අයින් කරන්න හදන්නෙ.දයාසිරි පක්ෂෙන් යනකොට ජරාවිදියට කතාව ලියල දීල,එක කරන හැටි හිනාවෙවී බලන් හිටියෙත් ශිරාල්,මේ අය අනිවාර්යෙන් අයින් කළ යුතුයි..(අ)
ලංකාවේ ලොකුවටම පරජාතන්ත්‍ර වාදය කතා කරන පක්ෂයේ ඇතුලත ප්‍රජා අයිති කමා මෙයින් පෙනේ . කිසිම විටක වරද්දක් පෙන්වීමට කිසි වෙකුට ඉඩක් නැත . නායකත්වය සැමද බලයේ රනිල් මහතාණනි ඔබ තවත් චිරාත් කාලයක් අපගේ ආයුසද ගෙන ජිවත් වන්න . මම ඔබගේ පක්ෂයට විරුද්ධ උනත් ඔබට ආදරය කරමි . ඔබ නියම මහත්මයෙකි (අ)
මේ දෙන්නව විතරක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂය කලින්ම විනාශ කරන්න වැඩ කළ අයව පවා පක්ෂයෙන් පන්නන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ දක්ෂ කෙනෙක් නොවෙන්නේ නම් කෙසේද ඒ මහතා ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන්නේ ඉහළම මනාප ලබාගත්තේ? (නි)
අන්තිමට ඕකේ රනිලුයි එයාගේ ටිකදෙනෙකුයි විතරක් විපක්ෂයේ ඉතුරු වේවිද දන්නෙ නැහැ (නි)
අහවලාව තමයි මුලින්ම ගෙදර යවන්න ඕනෑ (නි)
කොහොමත් තව ටික දවසක් යනකොට විපක්ෂයේ ඉතුරු වෙන්නේ රනිලුයි, අහවලයි විතරක් වෙයිද? (නි)
අතුල මහතා, අද සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන් නම් ඡන්දයක් දිනලා මනාප අරන් පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. වෙනස අද පාර්ලිමේන්තුවේ සිටින්නේ උගත් අය නොවීමයි. රනිල් නියම මහත්මයෙකි (නි)
කිසිම සමාවක් දෙන්න එපා.මේ අය අනිවාර්යයෙන් ඉවත් කළ යුතුයි. (නි)
පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ඉන්නේ එක නායකයායි. රටේ දෙපාරක් අගමැති වූ උගත් පළපුරුදු නායකයා එළවන්න එහෙම පුලුවන්ද? (නි)
රනිල් මහත්තයට ඕනෑ දෙයක් කරගන්න කියලා නැවතත් රාජාලියා වැනි පක්ෂයක් ඇතිකරගන්න. රනිල් මහතාගේ ප්‍රතිපති වලට අකමැති අය ඒකට යන්න (නි)