ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව එහි සභාපතිවරයා ඉවත්කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාවට නොහැකි බව ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති එස්.බී. දිසානායක මහතා ‘‘ලංකාදීපය“ ට පැවැසීය.
මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඔහු ඉවත්කිරීමට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නේ යැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘‘ලංකාදීප‘‘ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
පක්ෂයේ බලය අල්ලන කතා, පක්ෂ සභාපතිවරයා එලවන කතා ආදිය කවුරුන් හෝ පවසන්නේ නම් එය පක්ෂයට කරන ද්‍රෝහිකමක් බව කී හෙතෙම සියලු දෙනාගේ අරමුණ විය යුත්තේ පක්ෂ සමගිය රැකගෙන සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්නහෙත් මට නම් ෂුවර් නැහැ. ඡන්දෙන් පස්සේ කරනගමක් ගහන්න හොඳටෝම ඉඩ තියෙනවා. (නදී)
ස.බ නොදන්නවා වගේ කතා කරන්න එපා මොන සබාපතියෙක් උනත් ඉවත් කරන්න ක්‍රම සහ විදි තියෙනවා. එ්කට බයේ පිස්සු කියවනවා (නදී)
මේ වාරයේ නම් එස් බි ට අමාරු වෙයි (නදී)
ගෙම්බෙක් වගේ දෙපැත්තට පැන පැන කටෙන්ද, කොහෙන්ද කතා කරන්නේ (නදී)
මේ අය ලෝකය කාලා වතුර බිලා ඉන්නේ. නොරැවටෙනු. (නදී)
මේ රටට ආදරය කරන ජනතාවනි. ඡන්දය දෙන්නට පෙර බුද්ධිමත් වී හොඳින් හිතා ඡන්දය පාවිච්චි කරන මෙන් ඉල්ලනවා. මේ මාස හයට අතට ගෙනත් දුන්නු සරුව පිත්තල බෝල වලට රැවටෙන්න එපා (නදී)
ජනතාව 17 වනිදාට හොරුන්ට නිසි පිලිතුරු දුන්නාම ඹය සද්ද ඉවරයි (අ)
අනේ තවමත් කුලියට කැහ කැහ ඉන්නේ නැතිව අලියා පිටේම නැග්ගණන් ඉවරනේ. මෙසැරේ තමා ඔයාගේ නියම තත්ත්වේ ඔයාටම දැන ගන්න පුළුවන්. (අ)
ඔය හොරුයි ගෑවුනු හොරුයි ඔක්කොම ගෙදර අරින්න මේ සැරේ ඡන්දය දෙන්න ඕන .පස්සේ නයා කනවා කියල ක නොගහ. (අ)
මෙවර ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න මහජනතාවගෙන් ඉල්ලනවා (නි)
චන්දෙන් පස්සේ එස්.බී. දිසානායක මහතා පනී වගේ (නදී)
නමුත් ඔබව ඉහලින්ම පරාජය කරන්නට නුවර ජනයා සැදී පැහැදී බලා සිටිනවා. (නදී)
මු වගේ කටවල් දෙකේ ගල් ඉබ්බෙක් මුළු ලංකා දේශපාලන ඉතිහාසයේම නැහැ. මෙයාගෙන් ප්‍රශ්ණ අහන අයට මොලයක් තියෙනවද කියන එකයි අපට තියෙන ප්‍රස්නේ? (නදී)
මහත්තයො, ඔයාල කියන එකක්වත් වෙන්නෙ නැති එකනෙ පුදුමෙ කියන්නෙ. ඔයා වගේමයි රාජිත මහත්තයා. කියන එක දෙයක්වත් හරියන්නේ නෑ. අන්තිමට මෛත්‍රීපාල මහත්තයාට වෙන්නෙ පක්ෂෙත් දීලා ජනාධිපති පට්ටමත් දීල ගෙදර යන්න වෙන එක කියලයි මැදිහත්ව හිතන අපිට හිතෙන්නේ.(නදී)
සැබෑ සභාපති කව්ද කියා 17 වෙනිදට දැනගන්න ලැබෙයි (නදී)
මෛත්‍රීපාල කියලා මෙදාපාර ජනතාවයි කියන්නේ (ම)
ද්‍රෝහී කම් කරන්නේ කව්ද කියා ජනතාව දන්නවා.(නදී)