IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මූතූර් ළිදකින් කාන්තා මළසිරුරක්

( අමදෝරු අමරජීව හා සුගත් බද්දේගෙදර)
 
තම පෙම්වතා සමග විවාහ වන බවට මවට පවසා නිවසින් ගිය තරුණියකගේ මළ සිරුරක්  කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳක  තිබී මුතූර් මහේස්ත්‍රාත් මොහොමඩ් පවුසාන් මහත්මිය ඉදිරියේ අද (05)දා මුතූර් පොලිසිය විසින් ගොඩගනු ලැබීය.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ සේරුනුවර තංගනගර් පදිංචි නඩේස් කුමාර් විනෝදනී  නැමති විසිපස් හැවිරිදි තරුණියකි. ඉකුත් ජූනි(13)දා තම පෙම්වතා සමග විවාහ වන බවට පවසා නිවසින් ගිය දියණිය ජූලි මස පළවෙනිදා දක්වා දුරකථනයෙන් කතා කළ බවත් ඉන්පසුව කතා නොකළ නිසා දියණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මව වන අරුණාචලම්  සසිකලා නැමැත්තිය සේරුනුවර පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. 

මේ අතරතුර අතුරුදහන් තරුණිය මරා දමා පාලු ළිදක දමා ඇති බවට මුතූර්  පොලිසියට ලද තොරතුරක් අනුව මූතූර්  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ජී.අයි.යූ.කේ. සෝමනුවර මහතා මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ මළ සිරුර ගොඩගනු ලැබීය.

මරා දැමූ තරුණියගේ පෙම්වතා යයි කියන තැනැත්තා කිලිවෙඩ්ඩි කොට්ඨාස අංක දෙකේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇත. මළ සිරුර සමඟ ගොඩගත් තරුණිගේ යැයි සැක කරන ගමන් මල්ලක තිබී භාණ්ඩ රැසක් ද පොලිසිය විසින් පරීක්ෂා කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ මහේස්ත්‍රාත්වරිය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර ත්‍රිකුණාමලය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය වෙත යොමු කරන ලෙස නියෝග කළ අතර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේය.



අදහස් (1)

මූතූර් ළිදකින් කාන්තා මළසිරුරක්

Udhuli Saturday, 06 July 2024 01:39 PM

සොයුරිය ඔබ‍ට නිවන් දක්නාතුරු මෙවන් අකල් මරණයක් නොම වේවා..! මෙවැනි පෙම්වතුන්ගේ ඇසුර නොලැබේවා... නිවන්සුව ඉක්මන් භවයකදී අත්වේවා..!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 13 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 310 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2186 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 236 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 975 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1033 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37582 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24770 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site