ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය එක්ව කටයුතු කරන බවට 2007 වසරේ ගිවිසුමක් අත්සන් කරද්දීත්, එජාපයෙන් ආ 18 දෙනෙකු ශ්‍රීලනිපයට ගනිද්දීත් පක්‍ෂ බල මණ්ඩලවල අදහස් නොවිමසූ අය දැන් පක්‍ෂයේම සංවත්සර උළෙලට සහභාගී විය යුතුද යන්න ගැන බලමණ්ඩල වලින් විමසන්නේ කුමක් සඳහා දැයි තමන් ප‍්‍රශ්න කරන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
එදා එම කටයුතු පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ අනුව කරන්නට ඉඩ දුන් අය දැන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ පක්‍ෂය ඉදිරියට යද්දී පක්‍ෂ නායකත්වයේ කකුලෙන් අදින්නේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පමණක් බවද ඇමැති සඳහන් කළේය.
අබේවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහේ හිටියත් ඒ වගේ පිරිසක් ඉන්නවා.(හේ)
මහත්තයෝ බලමණ්ඩල බහුතරය යූ එන පී එකට ආණ්ඩු බලය අරන් දුන්නට විරුද්ධනේ. එකනේ ඒ අය මහින්ද එක්ක එකතු වෙලා ඉන්නේ.(හේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පාක්ෂිකයන්ට මිස මාධ්‍ය හමු තබා ජනප්‍රියවෙන පිරිස් වලට නෙමෙයි (නි)
අනේ පක්ෂයකට ගිය කලක්! (නි)
කළ කළ දේ පළ පළ දේ... (නි)
රටකට ඕනෑ මහින්ද යුගයක්, හිතේ හැටියට හොරකම් කළහැකි යුගයක් (නි)
ඉතාමත් නිවැරිදි කාලෝචිත අදහසක් (හේ)
ඔය කතා අහලා අපිට නම් දැන් එපාවෙලා (නි)
මහින්දගේ කාලේ වැට් බද්ද වැඩි කළවිට කවුරුත් කතාකළේ නැහැ නේද? (නි)
කොහොම වුණත් බල්ලෝ බිරුවට තවලම ඉදිරියට යනවා (නි)
අපි නම් මේවට උත්තර දෙන්නවත් කැමති නැහැ (නි)