ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙපසින් හිටපු සභාපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තබාගෙන පක්ෂයේ 64 වැනි සංවත්සරය සමරන බව පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අද (18) පැවසීය.
සියලු ආසන සංවිධායකයන්, පළාත් සභා මන්ත්‍රීන් ඇතුළු සියලු පාක්ෂිකයන්ට පැරැණි සම්ප්‍රදායට අනුව ලිපි ලේඛන මගින් හා පොදුවේ මාධ්‍ය හරහා ද ආරාධනා කර ඇති බවද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුණසිංහ කියපු කතාව නම් හරියට හරි. (නි)
අනේ මන්දා, මේ මිනිස්සු හීනෙන් නැගිටලා කියවනවද කියලා. ගිය සුමානේ මහින්දට පාඩමක් උගන්වනවා කිව්වා. මේ සුමානේ අාරාධනා කරනවලු. "දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති වියයුතුය" (නි)
නමුත් දෙපස අසමතුලිත, නොගැළපෙන බවකුයි අපිට හැඟෙන්නේ (නි)
සම්පත් පතිරණ, ඔබේ අදහස තමය් සියලුම පාක්ෂිකයන්ගේ අදහස. (නි)
ඇයි යූඑන්පී අයත් සපෝර්ට් එකට එයිනේ (නි)
බොරු පොරොන්දු දුන් නිසානේ ඔච්චර දඟලන්නේ. මිනිස්සු රවට්ටන්න එපා (නි)
එක පැත්තකින් චන්ද්‍රිකා. අනෙක් පැත්තෙන් රනිල්. ඉදිරි පේළියේ අනෙක් අය, ඇමරිකන් තානාපති, නොර්වේ තානාපති, ඉන්දියන් තානාපති, එංගලන්තෙන් කෙනෙක්. මෙහෙමද වෙන්නේ? (නි)
මේවා ආණ්ඩු නෙමෙයි පාන්ඩු වෙලා දැන් අපිට නම් (නි)
කිරිගහට අැන්නා වගේ සාස්තරයක් කියන්න කාටවත් බැරිද? (ම)
අපේ රටේ දේශපාලනය මහා ජරා තත්වයට පත්වෙලා. වැදගම්මක් නැති රටට අහිතකර දේවල් කෙළවරක් නැතුව ජනතාවට පෙවිලා ඉවරයි. දැන් රටේ ස්වාධීන බව අවසානවේගන එන ලකුණු පහළවෙලා (නි)
ඔය කවුරු කවුරුත් ගැන අපි දන්නවා (නි)
ඒකම තමයි අපිටත් තියෙන ප්රශ්නය... (නි)
කෙනෙකුට යමක් දියයුත්තේ ගෞරවයකින් හා අාදරයෙන්. දැන් පුටුවක් වෙන්කරන්නේ මහජනයා තුළ ඔහුට අවමානයක් අැතිකිරීමට නොවේද? (නි)
ලස්සන මල් පෝච්චි දෙකක් වගේ තියේවි...(බ)
ගරු මහලේකම් තුමණි. විසකුරු සර්පයි ජනපති තුමන් ලග තියන්නේ කල්පනාවෙන් (අ)
මහලේකම් තුමා පරමාණු බෝම්බයක් තිබ්බා නම් ඊට වැඩිය හොදා .(අ)
අනේමන්ද මොනවද මේ වෙන්න යන්නේ දෙයියනේ .(අ)
සුදුම සුදු පුළුන් ගොඩක් මැද දෙපැත්තේ ගින්දරයි පැට්‍රොල් තිබ්බ වගේ හිටීවි .(අ)
මොනවද මේ විකාර කතා . (හේ)
එතකොට පිටිපස්සෙන් ඉන්නේ කවුද?(හේ)
එහෙමම වේවී කියල තමා බය... මහින්ද ඕකට ගියොත් අපේ ඡන්දෙ එයාටත් නෑ (බ)
කොච්චර අගේද?(හේ)
ඉස්සර වගේ නෙමෙයි දැන් ලැජ්ජයි ඉදිරියට එන්න. තමන්ගේ හොරකම් ඔප්පු කළොත් බඩ කපා ගන්නවා කිව්වා. (නි)
ශ්‍රී.ල.නි.ප. හිටපු සභාපතිතුමා ගෙන්වාගන්න හදන මේ අය අද කතාකරන හැටියට ඒ කාලෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියද කියලත් සැකයි. කොහොම වුණත් මහින්ද මැතිතුමා ඔය උත්සවයට ගියොත් ඒක එතුමාගේ දේශපාලන ගමනේ අවසානය තමයි. (නි)
එදාට තමයි බලන්න වෙන්නේ කුමක්ද සිදු වන්නේ කියා.(හේ)
දෙන්නම එකතුවෙලා පක්ෂයට මොනවා කරයිද කියලයි අපි බලාගෙන ඉන්නේ (නි)
ඉතින් අපිට මොකද? ඕවා දැන් අපිට විහිළු (නි)
මහජනතාව වශයෙන් අපි මේවා වර්ජනය කළයුතුයි. (නි)
නියම පාක්ෂිකයෝ රවටන්නේ නැතිව ඉන්න (හේ)
හිටගෙනද? (බ)
මෙදාට කොච්චර ආගේට තියෙයිද?(හේ)
මහින්දට අවලාද කිරීමයි මෙයාලා මේ දක්වා කළේ. දැන් කාවද අන්දන්න හදන්නේ? (නි)
අපි නම් කියන්නේ මේ දේවල් වලින් අපිට වැඩක් නැහැ. (නි)
අපි බලමුකෝ ඔය කියන ඒවා වෙයිද කියලා (නි)
මේ කට්ටිය සමඟ එකතුවුණොත් මහින්ද මහතාගේ දේශපාලන ගමනේ අවසානය තමයි ඉතින් (නි)
හිතාගෙන ඇති මුරුංගා අත්තේ තියන්න (නි)
මහින්ද රාජපක්ෂ කියන්නේ නියම කොන්දක් තිබෙන පිරිමියෙක්. එනිසා ඔය කියන දේවල් වනතුරු සිතන්නට අමාරුයි (නි)
හරි ලස්සන හීනයක්නේ දැකලා තියෙන්නේ. හෙට අනිද්දා වෙනකොට තරු පෙනේවි (නි)