(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නිකුත් කළ සිතාසිය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනු කළ රිට් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් හමුවේ පෙබරවාරි 06 වැනිදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (28) දින නියම කළේය.
මෙම පෙත්සම විභාගයට ලැබූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස්වීම් ලැබීම හේතුවෙන් පෙත්සම විභාග කිරීමට නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමට තීරණය කරනු ලැබමෙන් අනතුරුව එලෙස දින නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොල සහ දමිත් තොටවත්ත යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එලෙස් දින නියම කරනු ලැබීය.
පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා සහ එම ත්‍රස්ත ප්‍රහාරයට ලක් ව තුවාල ලැබූ ජේසුරාජ් ගනේෂන් නමැත්තා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලිකව පැමිණිලි ගොනු කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් තමන් අපරාධ චෝදනා යටතේ සැකකරුවකු ලෙස නම් කරන්නැයි ඉල්ලා ඇතැයිද සඳහන් කර ඇත.
පැමිණිල්ල සලකා බැලූ කොටුව හිටපු මහේස්ත්‍රාත්වරයා එම පැමිණිලි සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් තමන්ට සිතාසියක් නිකුත් කර ඇති බව සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා එම සිතාසිය අත්හිටුවන්නැයි ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෛත්‍රීගේ රට් පෙත්සම පෙබරවාරි 6 විභාගයට