IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මෛත්‍රීගේ රැස්වීමට පිට්ටනිය නොදේ

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමකට තලාව මහජන ක්‍රීඩාංගණය නොලැබුණු නිසා එය තලාව කොළඹ පාර අයිනේ පෞද්ගලික ඉඩමක සෙනසුරාදා පැවැත්වීය.

අක්කර බාගයක් පමණවූ ඉඩම මහජනයාගෙන් පිරී ගිය අතර එහි ඇතුළුවීමට නොහැකිවූ සෙනග පාරේ සිටියහ. මේ නිසා පැය 5 ක් පමණ එම මාර්ගය වසා දැමීමට පොලිසියට සිදුවිය.

මහජන ක්‍රීඩාංගණය හිස්ව තිබූ බවද පෙනිණි. එම පාරේ බස් ඇතුළු වාහන වෙනත් මාර්ගවලට හරවා යැවීමටද සිදුවිණි. 



අදහස් (0)

මෛත්‍රීගේ රැස්වීමට පිට්ටනිය නොදේ

ශිරන්ති Sunday, 14 December 2014 07:24 AM

නොදීපු කෙනා වැරදියි. (නදී)

:       0       0

විමල් දළුගම Sunday, 14 December 2014 07:30 AM

ඇත්තටම අවසර ඉල්ලලා නොදුන්නද නැත්නම් අදාල ආයතනය ගාවට ගිහින් ඇවිල්ල දුන්නේ නෑ කියනවද? මොකද එහෙම අයියලා ඉන්නේ. ඔය සමහර ආයතනවලත් නරුමයෝ ඉන්නවා. එ්කත් අමතක කරන්න බැහැ. (නදී)

:       0       0

සිරී Sunday, 14 December 2014 07:37 AM

මේ බලහත්කාරයට තිත තැබීමට තිබෙන අන්තිම අවස්තාව මේකයි (නදී)

:       0       0

සමන්ජය Sunday, 14 December 2014 07:43 AM

බන්දුල පෙරේරා තාම මේ පුවත සාධාරණ කරණීය කරේ නැත්තේ මක් නිසාද ? (නදී)

:       0       0

දිසානායක Sunday, 14 December 2014 07:44 AM

මේ පිට්ටනිය ඉස්කෝලේට පේන දුර. විභාගය තියෙන වෙලාවේ දෙන්ඩ පුළුවන්ද. (නදී)

:       0       0

එච්.පි.බි. රන්ජිත් Sunday, 14 December 2014 07:46 AM

මාත් ඡන්දය දෙන්නේ මෛත්‍රී මහතාට, ඒ අපේ කෙනෙක් නිසා. (ර)

:       0       0

සදුනි Sunday, 14 December 2014 07:48 AM

මෙයින් පෙනී යන්නේ මෛත්‍රී මැතිතුමාගේ ජය නියත බවයි. (ර)

:       0       0

දයානි Sunday, 14 December 2014 07:52 AM

කෝ අනේ ඒකෙ පින්තුර.? ඒවත් පල කලානම් නේද හොඳ.? මෙහෙම අකුරුවලින් විතරක් වාර්තා කලාම එක ගැන සැකයක් ඇතිවෙනවා. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 14 December 2014 07:56 AM

මෛත්‍රීට මහතාට හදවතින්ම "ජනතා ගඟක්" එකතු වෙනවා. ඒ "ජනතා ගඟ" කාටවත් නවත්වන්න බැහැ. (ර)

:       0       0

සේන Sunday, 14 December 2014 07:57 AM

මම නම් කාටවත් ඡන්දේ දෙන්නේ නෑ. (ර)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 14 December 2014 07:59 AM

මටම ලැජ්ජයි මේ කරන වැඩ වලට මෛත්‍රී මහතාට ගොඩ යාමට ඇති අවස්ථා මෙයින් රජය බලෙන්ම ඇති කරනවා. (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 14 December 2014 08:00 AM

බන්දුල පෙරේරා ගොයිය මොකද කියන්නේ මේ වගේ වැඩ වලට තාමත් කඩේ යනවද නැත්නම් සත්‍යය තේරුම් බේරුම් කරගන්නවද ? (බ)

:       0       0

සිරිමෙවන් Monday, 15 December 2014 04:09 AM

මේවා නම් අනුමත කරන්න අමාරු වැඩ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 14 December 2014 08:01 AM

යුක්තිය, සාධාරණය.....කියල දෙයක් තියෙනවා. කවද හරි සොබාදහමින් හෝ ඵල දෙනවා දෙනවාමයි. (බ)

:       0       0

ජානක Monday, 15 December 2014 04:09 AM

මමත් මෙවැනි වැඩට අකමැතියි. ඒ නිසයි මම මෛත්‍රීට ඡන්දය දෙන්නේ (නි)

:       0       0

සරත් Monday, 15 December 2014 04:10 AM

බන්දුල පෙරේරාගේ කඩේ යාමේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා. පවු අනේ! මේ වගේ කට්ටියත් ඉන්න ඕනෑනේ සමාජයකට. (නි)

:       0       0

සෝබනා Sunday, 14 December 2014 08:14 AM

මිනිපිට්ටනි ලගදි සින්දුවක් කියාගෙන යන්නේ බයට. අද ඒ වගේ තමයි. කට්ටිය හොදටම බය වෙලා. (බ)

:       0       0

දර්ශන Sunday, 14 December 2014 08:15 AM

මීළඟ වෛරක්කාරී දේශපාලනයක් නැහැ අපේ හාමුදුරුවනේ (බ)

:       0       0

ගයාන් Sunday, 14 December 2014 08:15 AM

ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරෙනවා .ලැජ්ජයි මහත්තයෝ. (බ)

:       0       0

තිලක් ඩුබායි Sunday, 14 December 2014 08:18 AM

රටට, රටේ ජනතාවට ආදරේ කරන ඉතිරි ඇමතිලා,මන්ත්‍රීලත් එන්න මෛත්‍රී සමග එකතු වෙලා රට නිදහස් කර දෙන්න. (බ)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 14 December 2014 08:25 AM

මම අද තීරණය කළා මගේ ඡන්දයත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කියලා. (ර)

:       0       0

තිලක් ඩුබායි Sunday, 14 December 2014 08:50 AM

තවත් අවරුදු 6 කට දුන්නොත් කොහොම තියේවිද?හිතපල්ලා මිනිසුනේ! (නදී)

:       0       0

සරා Sunday, 14 December 2014 08:50 AM

කෝ අර පඩිත් අරන් මේවට ලියන බලකාය සද්දයක් නැහැ (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 14 December 2014 08:51 AM

රටේ මින්ස්සු දැන් "හු" කියන්නේ ඒක තමයි. (නදී)

:       0       0

සමන් Sunday, 14 December 2014 04:06 PM

අවුලක් නැහැ යුද්දේ දිනුවනේ (නදී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 14 December 2014 08:52 AM

ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැද්ද මන්ද? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 14 December 2014 08:52 AM

මෙවර මෛත්‍රී ට 65-70% ක ඡන්ද වැටෙනවා. ඒක "ඉර හද" වගේ විශ්වාසයි. (නදී)

:       0       0

පාලිත Sunday, 14 December 2014 08:54 AM

මීට කලින් බලයේ සිටි කිසිම පාර්ශවයකින් මෙහෙම කසි කබල් වැඩ සිද්ධ වුනේ නැති බව කනගාටුවෙන් ප්‍රකාශ කරමි. (නදී)

:       0       0

සරත් Sunday, 14 December 2014 08:54 AM

බන්දුල ඔයා දැන් මොකද කියන්නේ ? (නදී)

:       0       0

ජනක Sunday, 14 December 2014 08:57 AM

තලාව විතරක් නෙමෙයි, මම ජීවත්වන ප්‍රදේශයේ රැස්වීමටත් කලේ ඕකමයි. පුද්ගලික ඉඩමක අන්තිමට රැස්වීම තිබ්බා. හරිම අසික්කිතයි. (නදී)

:       0       0

සී.කේ. ලංකාපුත්‍ර Sunday, 14 December 2014 09:16 AM

නෝනාවරුනි, මහත්වරුනි, මේ නිව්ස් එකට මේ වෙනකොට දාල තියන අදහස් දිහා බලල ඡන්ද ප්‍රතිපලය හිතා ගන්න පුළුවන් නේද.? (ර)

:       0       0

ජගත් Sunday, 14 December 2014 09:18 AM

බන්දුල, මෙතාක් කල් බොහෝ දෙනා දැක්කේ ඔබ වැරැදී කියා. ඔබ වැරැද්ද නිවැරදි කලා. (ර)

:       0       0

සිල්වා Sunday, 14 December 2014 04:38 PM

ඒ වගේ වැඩ කරන්න හොද නෑ.ඒකෙන් වෙන්නේ ලැබෙන ඡන්ද ටිකත් අඩු වෙන එක විතරයි.(හේ)

:       0       0

සල්ගාදු ප්‍රංශය Sunday, 14 December 2014 04:46 PM

ඔන්න අද පවතින ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ , විරුද්ධ පක්ෂයට රැස්විමක් පවත්වන්නට ඉඩක් නොදීම , ඒකාධිපති වාදයේ ලක්ෂණ මේවා තමයි.(හේ)

:       0       0

එරික් Sunday, 14 December 2014 10:01 AM

මේකද මහත්මා දේශපාලනය? මොකද මෙච්චර බය? (නදී)

:       0       0

අමිළ ගමගේ Sunday, 14 December 2014 10:07 AM

ගියපාර මහින්දට. මේ පාර මෛත්‍රීට (නදී)

:       0       0

කපිල Monday, 15 December 2014 05:54 AM

ඇයි ඔහුගේ රැස්වීමක් පවත්වන්න මේ පිට්ටනී නොදෙන්නේ.(හේ)

:       0       0

සිල්වා Sunday, 14 December 2014 10:21 AM

බාල දේශපාලනයේ මග සලකුණු ගෙන හැර දක්වන්නේ මෛත්‍රිගේ දිනුමයි (නදී)

:       0       0

පතිරණ Sunday, 14 December 2014 10:31 AM

මමත් අද තීරණය කළා මගේ ඡන්දයත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙනවා කියලා (නදී)

:       0       0

කුමාර් Sunday, 14 December 2014 10:44 AM

මේ වැඩ හොඳ නෑ,සාධාරණයක් තියෙන්න ඕනේ (නදී)

:       0       0

නිශාන්ත Monday, 15 December 2014 11:05 AM

මොන දේ කිව්වත් ඕනෑම රජෙකේ බයයි පරදී කියලා එ් හින්දා අනිත් අයට එලියට එන්න තියෙන ඉඩ පුළුවන් තරම් නැති කරනවා වැඩේ කැතයි.(හේ)

:       0       0

දිලාන් Sunday, 14 December 2014 10:59 AM

දැන් එතකොට ඉදිරි අවුරුදු 6 දී අපිට ගෙවල් වලින් එලියට බහින්න බැරි වෙන්න නිවාස අඩස්සි ගත වෙන්න සිද්ධ වේවිද මෙහෙම ගියොත් ? මොන ඉලව්වකටද මේක දැන් ප්‍රජාතාන්ත්‍රික රටක් කියල නම ගහගෙන ඉන්නේ ? (නදී)

:       0       0

කිරින්ද Sunday, 14 December 2014 11:14 AM

කවුරු මොනවා කිව්වත් ලබන 9 වැනිදා උදේට මහින්ද මහත්තයා ඉන්න තැනම කිසිම වෙනසක් නැතුව ඉඳීවි.මේක වලක්වන්ට බැහැ (නදී)

:       0       0

යසිරු Sunday, 14 December 2014 11:17 AM

දිසානායක, ඔය කියන දෙය අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගනයට අදාල වුනේ නැති එක ගැන අපිට කනගාටුයි. (නදී)

:       0       0

ගාමිණි Sunday, 14 December 2014 11:12 PM

අපේ ජනාධිපතිතුමා දිනනවානම් ඇයි මෛත්‍රිපාල තුමාට තමාගේ දේශපාලනය කරගන යන්න දෙන්නේ නැත්තේ. එ් කියන්නේ මහින්ද ජනාධිපතිතුමා පරදියි කියා බයේ ඉන්න නිසාද. (හේ)

:       0       0

අශෝක රළපනාව Sunday, 14 December 2014 11:48 AM

ආරේ ගුණ නෑරේ කියන්නේ මේවට තමයි (නදී)

:       0       0

කපිල Sunday, 14 December 2014 11:55 AM

අනේ පව් මෛත්‍රී (නදී)

:       0       0

නලීන් Sunday, 14 December 2014 11:57 AM

ජයවේවා ජනපති! (නදී)

:       0       0

කුමාර Sunday, 14 December 2014 12:10 PM

දිසානායක, ගිය සදුදා සාමාන්‍ය පෙළ විභාගෙ හෙට කියල දෙමටගොඩ මියුසිකල් ෂෝ එකක් තිබුණා ගුණ ගායනා කරන්ඩ. ඒ හරියෙ තියෙන ෆ්ලැට් වල ඉන්න ළමයින්ට පාඩම් කරන්ඩ බැරි වෙනව කියල කව්රුත් හිතුවේ නැහැ (නදී)

:       0       0

නලින් Sunday, 14 December 2014 12:14 PM

අර මායිම් ගම්මානයෙන් ආව කියන බොරු කියන කෙනා දැන් සභාවේ පේන්නවත් නැහැ. බොරු අතේ පත්තු වුනාම අතුරුදහන්. (නදී)

:       0       0

ලාල් Sunday, 14 December 2014 12:21 PM

දිනෙන් දින පිරිහෙනවා. අවපක්ෂයේ හඳ වගේ. කනගාටුයි (නදී)

:       0       0

සුප්‍රීම් Monday, 15 December 2014 01:06 AM

අන්තිමට ඒ වැඩෙනුත් පාරවහලා කරදරයට පත්වෙන්න සිදුවුණේ පොදු මහජනතාවට (නි)

:       0       0

අමන්දා Monday, 15 December 2014 02:19 AM

මගේ ඡන්දයත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 15 December 2014 02:39 AM

රටේ නිදහස දිනුවත් වැඩක් නැහැ බයක් සැකක් නැතුව ජීවත්වෙන්න බැරි නම් (නි)

:       0       0

රවීන් Monday, 15 December 2014 02:54 AM

අනේ නිකම් යන්න බන්දුල. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 15 December 2014 02:58 AM

කෝ එතකොට සමානාත්මතාවය? (නි)

:       0       0

කරුණාදාස Monday, 15 December 2014 03:00 AM

ඇත්තටම මේවා නම් අනුමත කරන්න අමාරුයි (නි)

:       0       0

නිරෝෂන් වීරකෝන් Sunday, 14 December 2014 01:34 PM

බොරු මවා පෑම් තියෙනවා. අපිත් මෛත්‍රීට (නදී)

:       0       0

ශාන්ත Monday, 15 December 2014 03:04 AM

ඔය සෙනඟ හදවතින්ම පැමිණි අයයි (නි)

:       0       0

නිරූප Sunday, 14 December 2014 06:11 AM

දුන්නේ නැත්නම් එ්ක වැරදියි (නදී)

:       0       0

චන්දන Sunday, 14 December 2014 06:17 AM

මෙවැනි ක්‍රියා නිසා ජනපති පිරිහෙනවා. (නදී)

:       0       0

ගුණේරත්න Monday, 15 December 2014 03:12 AM

හරි වැඩක්නේ දැන් එතකොට බන්දුල. මම හිතුවේ පරිහරණය කරන්න අදාළ වෙලාවේ වෙනත් කෙනෙකු නැත්නම් පොදු පහසුකම් පාවිච්චි කරන්න රාහු කාලයවත් බලන්න වෙලාද කියලා. (නි)

:       0       0

ඉන්දික Sunday, 14 December 2014 06:20 AM

ඇයි මෙච්චර බය මෛත්‍රීට. ආණ්ඩු පක්ෂයෙන් එයාල දිනලා කියනවා නම් විපෂයට මොකද ඡන්දෙ කරන යන්න දෙන්නේ නැත්තේ. ඕකට තමා කියන්නේ වෛරී දේශපාලනය කියා. (නදී)

:       0       0

විමුක්ති Sunday, 14 December 2014 06:25 AM

ලැජ්ජාවේ බෑ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය. (නදී)

:       0       0

දනුෂ්ක උඩුගම Sunday, 14 December 2014 06:25 AM

දිනන පරදින එක වෙනම දෙයක්. හැමෝටම අාදර්ශයක් වෙලා වැඩ කරන්න ඕන වෙලාවේ මේ වගේ නින්දිත දේශපාලනය රටේ කව්රුවත් පිලි ගන්නවා කියල මම නම් හිතන්නේ නැහැ. මේ වගේ දේවල් වලට වැඩි ආයුෂ තියෙනවා නම් හිට්ලර් තාම ජීවත් වෙන්න ඕනේ.(නදී)

:       0       0

රොහාන් Sunday, 14 December 2014 06:28 AM

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජය දැනිල දැන් බය වෙලා ද මේ වගේ වැඩ කරන්නේ ? (නදී)

:       0       0

ටෝනි නිශාන්ත Sunday, 14 December 2014 01:57 PM

ආයුබෝවන් අලුත් ජනාධිපතිතුමනි (බ)

:       0       0

අස්ලාම් Sunday, 14 December 2014 06:30 AM

නිදහසත් නැද්ද ? (නදී)

:       0       0

සමීර Sunday, 14 December 2014 06:32 AM

ආණ්ඩුව ලක්ෂ 22න් දිනනවලු. විපක්ෂයට රැස්වීමක් තියන්න පිට්ටනියක් ගන්න දෙන්නේ නැහැ. මර්ධනය හැම තැනම. අමතක කරන්න එපා අදත් ලක්ෂ 50ක් විතර මිනිස්සු ඉන්නේ බයෙන් කියලා. රජයෙන් හෝ වේවා බෙදුම්වාදීන්ගෙන් හෝ වේවා ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. (නදී)

:       0       0

තමිත් Sunday, 14 December 2014 01:59 PM

රටේ නිදහස දිනුවනේ ඒ ඇතිනේ (බ)

:       0       0

සකුන්ගලා Sunday, 14 December 2014 06:34 AM

මෛත්‍රී පාලනයකට අපේ ඡන්දය ? (නදී)

:       0       0

ගුණසේකර Monday, 15 December 2014 03:22 AM

පිට්ටනිය දෙන්නනේ තිබුනේ.මේවා ගැන තවදුරටත් හිතා බලන්න. (නි)

:       0       0

රසික Sunday, 14 December 2014 06:36 AM

මොනවා උනත් මේවා නම් අනුමත කරන්න බැහැ (නදී)

:       0       0

රෝයි Sunday, 14 December 2014 06:37 AM

අද පිට්ටනි නොදී බලය ව්‍යාප්ත කරනවා නේද ? (නදී)

:       0       0

ස්ටැන්ලි Sunday, 14 December 2014 06:38 AM

වෛරී දේශපාලනය කාගේද ? (නදී)

:       0       0

ජයන්ත Sunday, 14 December 2014 06:38 AM

මම ජනපතිට එකඟ උනා. ඒත් මේ වගේ වැඩ නිසා පිරිහෙනවා. අපිටම ලැජ්ජයි. මේවා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි නේද ? (නදී)

:       0       0

රවීන්ද්‍ර Monday, 15 December 2014 03:24 AM

මේ වැඩ කැතයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙයද? (නි)

:       0       0

නිරූපා Sunday, 14 December 2014 06:39 AM

ලොකු පිට්ටනියක් දුන්නොත් තමයි සෙනඟ ගාන හොයන්න පුළුවන් (නදී)

:       0       0

ගිහාන් Sunday, 14 December 2014 06:42 AM

දැන් එතකොට මේ මහජන ක්‍රීඩාංගන තියෙන්නේ මහජනයාගේ පරිහරණයට නෙවෙයිද ? මහා ලොකුවට හැමදෙයක්ම මහජනතාව වෙනුවෙන් කියලා තමයි කියන්නේ. (නදී)

:       0       0

ජනක Sunday, 14 December 2014 06:44 AM

තව ටිකකින් කියාවිද දන්නේ නැහැ විරුද්ධ දේශපාලන මත වලට ඇහුන්කම් දෙන අයට පොදු පාරවල් ගමනා ගමන සේවා රෝහල් ආදී පොදු පහසුකම් කිසිම දෙයක් පාවිච්චි කරන්න බැහැ කියලා. (නදී)

:       0       0

චානක. Sunday, 14 December 2014 02:38 PM

එහෙනම් කියන්නේ මා ළඟ ෆයිල් තියෙනවා නමුත් අපි පළිගන්නේ නැහැ හාමුදුරුවනේ කියල? (බ)

:       0       0

කමල් Sunday, 14 December 2014 06:48 AM

අපි බදු ගෙවන්නේ ආණ්ඩුවට පොදු පහසුකම් ලබා දෙන්න මිසක් තිබෙන ඒවා කප්පාදු කරන්න නෙවෙයි. මේ ක්‍රීඩාංගන නඩත්තු වෙන්නේ අපේ බදු මුදලින් බව දැන් මතක නැහැ. ඉස්සරහට අපි වෙනුවෙන් යමක් කරාවිද කියල කොහොමද විශ්වාශ කරන්නේ ? (නදී)

:       0       0

ජෙනී Sunday, 14 December 2014 06:49 AM

මේ නැති කරන්නේ පොදු අපේක්ෂකයාට පිට්ටනියක් නෙවෙයි තමන්ගේ මහත්මා දේශපාලනය ගැන ජනතාව තබූ විශ්වාසය බව අපි මේක කල පාර්ශවයට කියනවා. (නදී)

:       0       0

කල්පි Sunday, 14 December 2014 06:50 AM

මමත් මෙවැනි කැත වැඩට අකමැතියි. ඒ නිසයි මෛත්‍රීට ඡන්දෙ දෙන්නේ (නදී)

:       0       0

උමේෂ් Sunday, 14 December 2014 06:51 AM

එකක් කියමින් තව දෙයක් කරන්න ලැජ්ජා නැද්ද ? මේ නැති කරන්නේ පුරවැසියන්ගේ රැස්වීම් තැබීමේ කතා කිරීමේ ඇහුන්කම් දීමේ මානව අයිතිවාසිකම්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 14 December 2014 02:42 PM

මේවා ඡන්දෙ කාලෙට සුලභ සෙල්ලම්. පිට්ටනිය ඉල්ලනවා දෙන්න බැරි වෙලාවක් බලලා. ඊට පස්සේ කියනවා පිට්ටනිය දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ මහා පාරේ රැස්වීම තියනවා. සු ගාල සෙනග.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 14 December 2014 02:48 PM

වෙනස් කරන්න දැන් කාලේ හරි. (නදී)

:       0       0

කාන්ති Sunday, 14 December 2014 07:11 AM

දැන් හෙට වෙනකොට මේ රැස්වීමට ඉඩම දීපු කෙනාට අච්චුවක් ලැබේවිද දන්නේ නැහැ. ඒ වගේ යහ පාලනයක් දැන් රටේ තියෙන්නේ. (නදී)

:       0       0

තිලංක Sunday, 14 December 2014 02:48 PM

අසාධාරණ වැඩ තමයි වෙන්නේ හැම තැනම (නදී)

:       0       0

සෑම් Sunday, 14 December 2014 07:11 AM

අමුම අමු දුෂ්ටයෝ තමයි මෙහෙම වැඩ කරන්නේ. (නදී)

:       0       0

ගුණසේකර Sunday, 14 December 2014 07:13 AM

පිට්ටනිය නොදී වෛරය දෝරේ ගලනවිට අපි කොහොමද කළගුණ සලකන්නේ. (නදී)

:       0       0

සේන Sunday, 14 December 2014 07:12 AM

මෙයාලාගේ ප්‍රජාතන්ත්‍රවාදය මේකනම්, අපි මේ අය තවදුරටත් බලයේ තැබිය යුතුද? (නදී)

:       0       0

නලින් Sunday, 14 December 2014 07:14 AM

මේවාද දේශපාලන ප්‍රතිපත්ති ? බොහොම ලැජ්ජයි ! (නදී)

:       0       0

රූපවතී Sunday, 14 December 2014 07:15 AM

මෛත්‍රී මැතිඳුනි, නොබියව ඉදිරියටම යන්න. (ර)

:       0       0

යසිරු Monday, 15 December 2014 03:41 AM

විරුද්ධ පාර්ශවයටත් රැස්වීම් පවත්වන්නට අවශ්‍යයි නේද? (නි)

:       0       0

තුසිත් Sunday, 14 December 2014 07:17 AM

හෙට අනිද්දට කියාවිද දන්නේ නැහැ මහජනයා මේ රැස්වීම් වලට ගියොත් පොදු පහසුකම් ඔක්කොම කපනවා කියලා.(නදී)

:       0       0

අශාන් Sunday, 14 December 2014 07:18 AM

නින්දිතයි. (නදී)

:       0       0

පතිරණ Sunday, 14 December 2014 07:19 AM

මහින්ද මහත්තයා තව අවරුදු 100 ක් ලංකාවේ ජනාධිපති උනත් කමක් නැහැ, නමුත් මේ අශීලාචාරත්වයට නැවතුම තැබිය යුතුයි. එ්ක නිසා මමත් අනිත් පැත්තට. (නදී)

:       0       0

ගාමිණී Monday, 15 December 2014 03:47 AM

මෛත්‍රීපාල මැතිඳුනි, පසු නොබසින්න. ජය නියතයි! (නි)

:       0       0

වර්ණ Sunday, 14 December 2014 07:20 AM

මේ ඉඩම ලබාදුන් අයත් ප්‍රවේශම් උනොත් හොඳයි. මොකද අද රෑ ජාමෙ අර අංක නැති ඩිපෙන්ඩර් වාහන එහෙම එන්ඩ ඉඩ තියෙනවා (නදී)

:       0       0

අනුෂ් Sunday, 14 December 2014 07:22 AM

මේ පාර නම් ආණ්ඩුව ඡන්දෙ උඩින්ම දිනයි වගේ (නදී)

:       0       0

ඇන්ටන් Sunday, 14 December 2014 07:23 AM

අපේ හාමුදුරුවනේ අපිනම් කාගෙන්වත් පළි ගන්නේ නැහැ, වෛරී දේශපාලනය කරන්නේ නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 657 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 245 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1368 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2600 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1515 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site