“ජාතික ආණ්ඩු සංකල්පය මෛත්‍රීපාල සිරිසේන ජනපති හදන්නට පෙර වෙනත් ශ්‍රේෂට පුද්ගලයෙකු එය කළා. ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. එතුමා එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය මහතා ඇතුළු 17 දෙනෙකු සමග ජාතික ආණ්ඩුවක් හැදුවා. අපේ පක්ෂයේ හුඟ දෙනෙක්ට එය අමතකයි. ජාතික ආණ්ඩු එදා හොඳයි අද නරකයි.”
ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා අහංගම රැස්වීමකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කිසිම පිළිගැනීමක් නැහැ. එදා කරුණලා මහින්දට එකතුවුණේ රටට ඇති ආදරය නිසා යුද්ධය දිනවන්න. නැතුව ඇමතිකමට පෙරේතකමට නෙමෙයි. එදා මහින්ද විපක්ෂ නායක තේරුවාද? එයට ජාතික ආණ්ඩුව කිවුවද? කොටින්ට කඩේ ගියාද? (නි)
එම 17 දෙනා පක්ෂය අතහැර ගිය එක ජනතාව අනුමත කරන්නේ නැහැ. එදා 17 දෙනා ගියේ යුඑන්පී ඡන්ද වලින් රනිල් මහත්තයට පින්සිදු වෙන්න ජය ලබාගෙනයි. අද කළාම වැරදි නම් එදා කළ එකත් වැරදියි නේද? (නි)
බලයේ ඉන්න ඕනෑම පාවාදීමක් කරන නියම දෙපිට කාට්ටුවෙක්.(කෞ)
එදා එයාල අවේ අලියව අතැරලා අද මොකක්ද වෙන්නේ කියල පොඩ්ඩක් හිතන්න. ඔච්චරම අන්තවාදී වෙන්න එපා. (බ)
මේ ගැන ජනාධිපති හෝ අගමැති ප්‍රකාශයක් කරනු ඇතැයි මම සිතනවා (නි)
අනේ ඇමතිතුමා, මහින්ද මහතා එදා 17 දෙනෙක් අරගෙන කොටි විනාශ කළා. ඒ ආ 17 දෙනවා වැඩි හරියක් මහින්ද මහතාට පක්ෂව ඡන්දෙ ඉල්ලුවා. අද මොකද වෙන්නේ? මහින්ද මහතාට පින්සිදු වෙන්න දිනලා එජාපෙට ගිහින්. ගියාට කමක් නැහැ. ඉන්න පක්ෂය පාවානොදී. එක්කෝ එහෙ එක්කෝ මෙහෙ. නැත්නම් ඉල්ලා අස්වෙන්න ඕනෑ නම්බු පිටින් (නි)
දැන් කතා ඇති ඇමතිතුමනි! (නි)
ඇත්තටම.(හේ)
මසුරන් වටිනා කතාව ඇමති තුමෝ. (හේ)
හොද කතාවක්. පක්ෂ දිනවන්න කලින් රට දිනවන එක තමයි කළ යුත්තේ.(හේ)
ඉතින් ඕක නරක වැඩක්ද? හොඳ දෙය කවුරු කළත් හොඳයිනේ. (නි)
ඒ කාලේ යුද්ධය දිනන්න ඕනෑ නිසයි මේක අටවාගත්තේ. අනික ජනතා ඡන්දෙන් පැරදුන අය අරගෙන මොන ජාතික ආණ්ඩුවක්ද? (නි)
හොඳ නරක තීරණය වෙන්න කරන ක්‍රියාවෙන් (නි)
මහින්ද මහත්තයාගේ පෞරුෂය එදා ජනපති වෙලා ඉන්නකොට යු එන් පි එකේ අය අරගෙන ආණ්ඩු හැදුවා. අද ශ්‍රීලනිප අය අරගෙන ආණ්ඩු හදනවා. ඒකයි වෙනස (නි)
දැන් ඔය කතා වැඩක් නැහැ (නි)
කලින් අය ජාතික ආණ්ඩුව හැදුවේ කොහොමද කියලා අපි දන්නවා (නි)
බටර් ගාන එක තමයි උහුලන්න බැරි. ඒක විපක්ෂයක් නැති ජාතික ආණ්ඩුවක්ද? ඔය එන්නේ මොකටද කියලා අපිට හොදට තේරෙනවා (අ)
මහින්ද හැදුවේ අවජාතක ආණ්ඩුවක්! (කෞ)
මෙයා දන්නවා වැඩි වෙලා ඉස්සෙල්ලාම හැදුවේ ජාතික ආණ්ඩුවක් චන්දිකා මැඩම් එහෙනම්.ජ්විපී එක්ක. (කෞ)
මේ මහත්තයාගේ ඇගේ තරමට මොළෙත් තිබුන නම් කොච්චර හොදද (බ)
ඔව් මහින්ද නිසා තමයි අපි බය නැතුව පාරේ යන්නේ කියලවත් මේගොල්ලන්ට මතක නැත. මොනවා කරන්නද මහින්ද මහතා මෙය අපේ ජාතියේ වැරැද්ද. (බ)
මෙය වැලයන පැත්තට මැස්ස. ඒක ජාතික ආණ්ඩුව නොවේ (අ)
රට වෙනුවෙන් නොවෙයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අනිත් පක්ෂ විනාස කරන්න මහින්ද ඔය වැඩේ කෙළ් ,
මේවා වාද බයිල වගේ හිටි ගමන් හදන බොරු තර්ක (බ)
මහත්තයෝ, එදා කරුල එජාපෙ දාල ආවේ, මේ වගේ දෙපැත්තේ කකුල් තියන් හිටියේ නෑ! (බ)
එහෙනම් අපි උදෙන්ම ගිහින් නිදහස් පක්ෂයට ඡන්දෙ දෙන්නම්! (බ)
එදා කළේ රට විකුනන්න නෙවෙයි, ත්‍රස්තවාදයෙන් බේරගන්න. අද කරන්නේ ආණ්ඩුවේ ඇමතිකම් තියාගන්න. එ්ක අපිට මතකයි. (බ)
එදා කරූ පක්ෂයෙන් අයින් වෙලා ඇවිත් නේද මහින්ද එක්ක එකතු වුණේ. ජාතික ආණ්ඩුකළේ නෑනේ. (බ)
පසුගිය කාලේ හොද පෙන්වන්නේ මේ කාලේ වැරදි වහගන්න (බ).
17 දෙනෙක් සල්ලි දීල අරන් ආණ්ඩු හදනවා කියන්නේ ජාතික ආණ්ඩු සංකල්පය නෙමෙවි(අ)
මෙයට දිව දෙකයි ..පාට හතයි ... මුහුණ ජපන් ..කඳ ජර්මන් ..(අ)
එතන තිබුනේ ජාතික ආණ්ඩුවක් නොවේ.බලය රදවා ගන්න කරපු ඔලු ගෙඩි මාරුවක්.(අ)