IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මෛත්‍රීට සහායට ලන්ඩන් හවුලක්

ශ්‍රි ලංකාව තවත් සිම්බාබ්වේ රාජ්‍යයක් නොවීම සදහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම සඳහා ලන්ඩනයේ ස්වාධින දේශපාලන සංසදයක් පිහිටුවා ගැනිණි.

එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සෙසු දේශපාලන පක්ෂද සිවිල් සංවිධානද මෙම සංසදය යටතේ ‘මෛත්‍රී සහාය කණ්ඩායම‘ නමින් එකමුතුවක් අරඹා ඇත.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී 31 වසරක් ගත වන විට 18 වැනි සංශෝධනය මගින් වත්මන් ජනපතිට හා ඔහුගේ පවුලේ සාමාජිකයිනට හා රජයේ ඇමැතිවරුනට හා ඔවුන්ගේ ගෝලබාලයනට නීතිය හා සාමය සිඳ බිඳ දැමීමේ හැකියාව ලැබී ඇතැයි පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය කියයි.

පොලිසිය නඩු ඇසීමේ පමණක් නොව තීන්දු දීමේ රාජකාරියද කරමින් නිතියෙන් පරිබාහිර ඝාතනවලට සම්බන්ධ බවද, පොලිසිය පාලකයන්ගේ දාසයන් වී ඇති බවද, ස්වාධින මැතිවරණ කොමිසමක් ක්‍රියාත්මක නොවන බවද, රජය අධිකරණයට ඇඟිලි ගසන බවද, ඇස්තමේන්තු ඉක්මවා රජය අති විශාල ලෙස මුදල් වැය කරන බවද, ආර්ථික අර්බුදයක් ඇති කර ඇති බවද එම සංසදය පවසයි.

මෛත්‍රිපාල සිරිසේන දිනවිය යුත්තේ ඇයිද කියා ශ්‍රී ලංකාවේ ඉන්නා තම නෑදෑ හිතමිත්‍රාදීන් දැනුවත් කිරීම ඔවුන්ගේ අරමුණයි.

මැතිවරණය පසුබිම්කොට ගනිමින් දැනට ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවත්නා දේශපාලන වාතාවරණය පිලිබඳ සැලකිල්ලිමත්වීම අත්‍යාවශ්‍ය බවත් මෙවර මැතිවරණයේදී ඔවුනගේ වටිනා ඡන්දය ඥානාන්විතව පාවිච්චිකිරීම අත්‍යවශ්‍ය වන බවත් සිය ඥාතීන් වෙත දන්වා යැවීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලන්ඩන් නුවර අනෙකුත් ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ සහ ඔවුනගේ සහභාගීත්වය ලබාගැනීමේ ප්‍රසිද්ධ රැස්වීමක් "ඉවසුවා ඇති එක්වෙමු වෙනසක් කරමු" නමින් ලබන ඉරුදින (28) ලන්ඩන් විට්න් ප්‍රජා මණ්ඩලයේදී පැවැත්වීමට නියමිතය.

සංවිධායකයෝ - 075 3664 7037 /  075 0619 2180

ෆේස්බුක් - https://www.facebook.com/SupportMaithriUK

sss



අදහස් (0)

මෛත්‍රීට සහායට ලන්ඩන් හවුලක්

උදය Friday, 19 December 2014 02:09 PM

ආණ්ඩුව හොඳ නෑ කියන පලියටම සිරිසේන හොඳයි කියල වගකීමක් ගන්න පුළුවන් මොන මෝඩයටද ? (නදී)

:       0       0

ෆුටුරේ ශ්‍රී ලංකා Friday, 19 December 2014 02:17 PM

මේ වෙලාවේ පාට පක්ෂ බේදයකින් තොරව මෛත්‍රී මහතාව ජනාධිපති කල යුතුයි.මේක රට ගැන හිතන මොහොතක්. (අ)

:       0       0

දහම් Friday, 19 December 2014 02:33 PM

රටට ආදරය කරන විදෙස්වල පදිංචි අය එදා වගේම අදත් සහය දෙන්නේ මහින්දට. හොඳම උදාහරණය ඒ රටවල නායක හාමුදුරුවරු කල ප්‍රකාශය. මේ සංවිධානය දේශපාලන හවුලක්නේ. එදත් මේ අය සහයදුන්නේ යූ එන පී එකට තමයි. (අ)

:       0       0

සිහින Friday, 19 December 2014 02:42 PM

උදය අන්න ඒක තමා මේ මෛත්‍රීරිගේ,කරුණාවෙන් අන්ධ වෙලා තියෙන අයට නොදැනෙන දෙය. (අ)

:       0       0

තිලක් අබේයවර්ධන Friday, 19 December 2014 02:51 PM

මහා බ්‍රිතාන්‍යයේ ඉන්න බහුතරය ජනාදිපතිතුමා සමගයි. අට වෙනිදා ජයග්‍රහණය වලක්වන්න බැහැ. (අ)

:       0       0

සිල්වා Friday, 19 December 2014 03:05 PM

මුළු රටම මෛත්‍රීට තමයි 60% කින් මෙවර ඡන්දෙ මෛත්‍රී දිනනවා රටේ යහපානලනයක් ඇතිකර සමුර්දිමත් රටක් අනාගත දරුවන්ට බාර කරනවා. (අ)

:       0       0

ලාල් Friday, 19 December 2014 04:10 PM

බුද්ධිමත්,රටට ආදරයකරන සියලු දෙනාගේ පැතුම මෛත්‍රී පාලනයක්.මෛත්‍රී මහාතාගේ ජය ස්ථීරයි.ජයවේවා..!(හේ)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 19 December 2014 04:18 PM

ඉතාලියේ අපිත් වගකීම ඉටුකළෙමු. ඔබටත් ස්තුති කරන අතර අනිත් රටවල සහයෝගයත් ලැබේවා! (නි)

:       0       0

රජිත් - කෙන්ට් Friday, 19 December 2014 05:49 PM

එංගලන්තයේ ( ඒ කියන්නේ ලන්ඩන් ඇතුළුව ) සිටින අතිබහුතරයක් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පක්ෂයි. (නි)

:       0       0

සකුණි එංගලන්තය Friday, 19 December 2014 05:56 PM

සිහින, ඔබ ඇත්තටම සිහින ලෝකයකයි ඉන්නේ.ඔය සිහිනය කවදාවත් ඇත්ත වෙන එකක් නොවෙයි.මමත් ඉන්නේ එංගලන්තයේ. මෙහෙ ඉන්න අයගෙන් 70% විතර ගරු මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට බරයි. අපි කාගේත් පැතුම එංගලන්තයත් අපේ රටත් අතර තිබෙන විරසකය අවසන් කරන උගත් බුද්ධිමත් ඒ වගේම වැදගත් නායකයෙක් අපේ රටට පත්කර ගැනීමයි. ඒ සඳහා ලංකාවේ ඉන්න අපේ සියලුම නෑදෑයින් දැනුවත් කරමින් තමයි ඉන්නේ. (නි)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Friday, 19 December 2014 06:21 PM

නොබෝදා සිට ටික ටික දළුලා වැඩුණු මෙම සංවිධානය බිහිකිරීමේ භාරධුර කාර්යය කළ මූලිකයින්ට සහ ලන්ඩනයේ තරුණ කැළට මගේ ප්‍රණාමය! මෛත්‍රීයෙන් පිරුණු රටක් බිහිවේවා යන්න මගේ පැතුමයි. (නි)

:       0       0

පියුමි Friday, 19 December 2014 06:52 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

මහේසි Friday, 19 December 2014 08:03 PM

අපි ඇත්තම කතා කරමුකො. පොදු අපේක්ෂකතුමා ගැන සීයයට සියයක්ම විශ්වාසයක් අපිට නැහැ. එහෙමයි කියලා රට ඒකාධිපති ක්‍රමයකට ගෙනයන්න දෙන්න බැහැ. ඔය කියන විධායකය අවසන් කළත් නොකළත් පුද්ගලයා කාලෙන් කාලෙට වෙනස් කරනවා කියන්නෙ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ලන්ඩන් වල ඉන්න අපේ ශ්‍රී ලාංකික මිතුරු මිතුරියන් මේ කරන්නෙ හොඳ ක්‍රියාවක්. (නි)

:       0       0

නන්දන Saturday, 20 December 2014 01:58 PM

ඔබ හිතනවද මෛත්‍රීට මේක කරගෙන යන්න වටේ ඉන්න අය වගේම ජාත්ත්‍යන්තර ප්‍රජාව ඉඩ දෙයි කියලා. අනිවාර්යෙන් මෛත්‍රීට වෙන්නේ දොන්ජුවන් ධර්මපාලට උන දේමයි. එතකොට අපි හොඳටම ප්‍රමාදයි (නදී)

:       0       0

අනිල් රෝහණ Friday, 19 December 2014 08:32 PM

මට හිතාගන්න පුළුවන් ගොඩක් දේවල් (නි)

:       0       0

මහින්ද Friday, 19 December 2014 08:45 PM

සිල්වා,ලාල්, කොටි දඟලන කාලේ ඔයාලා කොහෙද හිටියේ? (නි)

:       0       0

ධනංජය Friday, 19 December 2014 09:43 PM

මට නම් හිතෙන්නේ සමහරු දවල් සිහින දකිනවා කියලයි (නි)

:       0       0

සසික Saturday, 20 December 2014 03:22 PM

සකුණි දුවේ... ඔයයි ඔයාගේ 70% අද එංගලන්තේ ඉන්නේ මහින්ද මහත්තයට පින්සිද්දවෙන්න. නැත්නම් ඔයා අම්මගේ බඩේ ඉන්දැද්දීම කොටි බෝම්බ වලට අහුවෙලා අද ඔය ටික කියන්න මේ ලෝකේ නෑ. අම්මගෙන් ඉතිහාසේ අහගන්න. අපිනම් මැරිල ඉපදිලා නෑ. කොටි අපේ රට විනාෂ කරනකොට අපි හිටියේ ලංකාවේ. සමහරවිට ඔයාගේ අම්ම එංගලන්තේ හිටියද දන්නෙත් නෑ.මහින්ද මහත්තය හින්ද තමයි අද මේ විදිහට ජිවත් වෙන්න අපිට මේ රට ඉතුරු වෙලා තියෙන්නේ. (අ)

:       0       0

පියරේ Friday, 19 December 2014 10:20 PM

පැරිස් වලින් ඇරඹි සටන සාර්ථකත්වය කරා ගමන් කිරීම නවත්වන්න බැහැ (නි)

:       0       0

ඇසිලින් Friday, 19 December 2014 10:31 PM

දුර තියෙනදේට වැඩිය ළඟ තියෙන දේ ගැන බලන එක අගෙයි... (නි)

:       0       0

අප්සරා Saturday, 20 December 2014 01:18 AM

ඉඟුරු දීලා මිරිස් ගන්න අපිට ඕනෑ නැහැ (නි)

:       0       0

අමිල ගමගේ Saturday, 20 December 2014 02:06 AM

රටට ආදරය කරන බුද්ධිමතුන් වන අපි මෛත්‍රීගේ පැත්තේ තමයි (නි)

:       0       0

ශ්‍යාමා Saturday, 20 December 2014 03:39 AM

රජය හැමදාම කොටියාව පෙන්නන්නද හදන්නේ? රටට වෙන විනාශය පේන්නේ නැද්ද ? (නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 20 December 2014 04:26 AM

රටේ මිනිසුන්ට කන්න අදින්න නැහැ.නර දුක් විදිනවා.උදේට තේ කහට කෝප්පය බිලා සෙරෙප්පු දෙකක් නැතිව යන පාසල් දරුවන් ලක්ෂ ගණනින් ඉන්නවා.එහෙව් රටේ විවිධ ප්‍රදේශ වල රජ මැදුරු 5-6 ගහගෙන හෙලිකොප්ටර් 5-6 ගෙන්වාගෙන,වෙන වෙනම ගුවන් නියමුවන් වෙන් කරගෙන යන ඒකාධිපති ගමන ගැන නම් කියන්න වචන නැහැ.(හේ)

:       0       0

අසංග Saturday, 20 December 2014 04:26 AM

මේ ඉන්නේ ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ පිරිසක්. ලංකාවේ හරියට මොනවද වෙන්නේ දන්නේ නෑ.(හේ)

:       0       0

ශිරන්ති Saturday, 20 December 2014 04:32 AM

ඔය හවුලේ කොටිත් ඉන්නවද ?(හේ)

:       0       0

බන්දුල Saturday, 20 December 2014 04:58 AM

රටට ආදරය කරන බුද්ධිමතුන්? (හේ)

:       0       0

විද්‍යා බංඩාර Wednesday, 24 December 2014 02:50 AM

ඔය ඉන්නේ ගොඩ ඉදන් පිනන අය. (නදී)

:       0       0

සිහින Friday, 19 December 2014 12:36 PM

ලන්ඩන් වල ඉන්න බහුතරය ජනාදිපතිතුමා සමගයි. මොන හවුලටවත් අට වෙනිදා ජයග්‍රහණය වලක්වන්න බැහැ. (නදී)

:       0       0

යස අමරසිංහ Saturday, 20 December 2014 06:52 AM

මාගේ පැතුම ධර්මිෂ්ට ජනධිපතිවරයකු ලැබේවා! මෛත්‍රී සිරිසේන මහතාට සෑම දෙවියන්ගේ පිහිටි ලැබේවා මුගාබි රජයක් අපිට අවශ්‍ය නැහැ. (අ)

:       0       0

සෙනරත් Saturday, 20 December 2014 07:30 AM

ඔබ කැමති චන්ද්‍රිකා සහ රනිල් පන්තිය නම් මෛත්‍රීට ඡන්දය දෙන්න. ඔබ කැමති මහින්ද සහ සජිත් ප්‍රේමදාස පන්තිය නම් මහින්දට ඡන්දය දෙන්න. මතක තියා ගන්න ඔබ මෛත්‍රී දිනවන්නේ චන්ද්‍රිකා සහ රනිල් දිනවල සජිත්ව පරද්දන්න කියල. (අ)

:       0       0

චම්පික - අරලගන්විල Friday, 19 December 2014 01:11 PM

බුද්දිමත් අය නියම තත්වය දන්නවා. අාණ්ඩුවට කඩේ යන්නේ තමන්ගේ බඩ පුරවා ගන්න. බංකොලොත් දේශපාලකයෝ මහින්දට. රට ආදරය කරන අය මෛත්‍රීට. (නදී)

:       0       0

පත්මසිරි මාපලගම Friday, 19 December 2014 01:14 PM

ජයවේවා, ජයවේවා, මෛත්‍රී අපේ අනාගත ජනාධිපති තුමාට (නදී)

:       0       0

කිඹුලාපිටියේ Friday, 19 December 2014 01:46 PM

විදේශ ධර්මප්‍රචාරයේ යෙදෙන හිමිවරුන් ඒකාබද්ධ ප්‍රකාශනයක් මගින් කියා තිබුණා අහල අහල එපා වෙච්ච "විදේශ කුමන්ත්‍රණයක්" ගැන. මේ පිලිබඳ යථා තත්ත්වය එම ස්වාමීන් වහන්සේලා ට පහදා දෙන ලෙස ඔබ තුමන්ලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 450 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 50 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 371 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 469 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 685 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site