මාතලේ මහ රෝහලේ සූතිකාගාරය දින නියමයක් නොමැතිව අද වසා දැමිණි.
සුතිකාර සේවයට පවුල් සෞඛ්‍ය සේවිකාවනට ඉඩ නොදීම ඊට හේතුවයි.
හෙදියන් ඔවුනට ඉඩ නොදෙන බව කියති.
ගැබිණි මව්වරුන් මහනුවර හා පේරාදෙණිය මහ රෝහලට මාරු කර යවනු ලැබුහ.
මාතලේ මහ රෝහලේ සූතිකාගාරය දින නියමයක් නොමැතිව අද වසා දැමිණි.
සුතිකාර සේවයට පවුල් සෞඛ්‍ය සේවිකාවනට ඉඩ නොදීම ඊට හේතුවයි.
හෙදියන් ඔවුනට ඉඩ නොදෙන බව කියති.
ගැබිණි මව්වරුන් මහනුවර හා පේරාදෙණිය මහ රෝහලට මාරු කර යවනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් අංශ වසාදෙමීමට කිසිවෙකුට අයිතියක් නැත. .ජනතාවගේ සේවයට කැප වී සිටින බව ඔබලා වැටුප් ලබන්නේ ඔවුන්ගෙන් බව අවධාරණය කරගන්න . (නදී)
කමනි දන්නේ බාගෙට. සේවා ආනයන ක්‍රමය ලොව පුරා අලුත් සංකල්පයක් නෙවෙයි. තමන්ගේ කවුරු හරි ඉන්නව නම් රස්සාව නැතිවෙයි කියල බයට මේවට විරුද්ධව අදහස් දායි. පුළුල්ව හිතුවොත් ලංකාවේ මේ සෞඛ්‍ය සේවයේ ප්‍රශ්නයට නම් කරන්නම තියෙන්නේ පිට රටවලින් සේවා ආනයනය කරන එක තමයි. (ස)
භානු" ශ්‍රමයට වැටුප් ගෙවන තවත් ක්‍රම තියෙනවා. කොන්ත්‍රාත් ක්‍රමයට අමතරව කාල ක්‍රමයට කෑලි ක්‍රමයට මේ ක්‍රමත් සලකා බලන්න පුළුවන්. (නදී)
මේ හෙදියන්ට හරියන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට රැකියා. එතකොට වත් තමන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා වෙන අයුරින් වැඩ කරාවි. හරියට වැඩක් කළා හෝ නොකළා හෝ ආණ්ඩුවෙන් අන්තිමේදී විශ්‍රාම වැටුප ලැබෙනවානේ. ඉතින් මෙහෙම තමා වැඩ. (නි)
හදවත උණු වෙන්නේ නැති හෙදියන්ට මොන පුහුණුව දුන්නත් වැඩක් වෙයිද?මවක් දරුවෙක් ලබන්න වේදනාවෙන් කෑ ගහද්දි හිනා වෙවී පත්තර බැලූ, මව ඒ දරුවා බිහිකළ පසු ඒ දරු පැටියා ඇඳේම මියයනතෙක් නොබලපු හෙදියන් කියන වචනයට නොගැළපෙන මේ අයට වඩා පවුල් සෞඛ්‍ය සේවිකාවන් දහස් ගුණයක් හොඳයි. ඔවුන් අවුව,වැස්ස නොබලා කරන මහඟු සේවය වටිනවා (නි)
මේවා දකින කොට හිතෙන්නේ අනේ අපොයි කියලා.
ඇයි මම ඊයේ දාපු අදහස නොදාන්නේ. මේ ඔක්කොම හෙදියන්ට බනින්නේ ඇත්ත කරුණු නොදැන. වින්නඹු අම්මලා නියම පොතේ අත්සන් කලා නම් ගැටලුව ඉවරයි.(නදී) .
කමල්,........ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිතුමාට කොන්ද පණ තිබුණා. (ස)
සූරී, බොහොම කණගාටු වෙනවා හෙදියෝ ඔසවලා කතාකරන්න බැරි එක ගැන. ඔබෙන් පීඩාවට පත්වන අනෙක් පාර්ශවය මගේ විතරක් නෙමෙයි, සමාජයේ හැමදෙනාටම ප්‍රිය මනාප චරිතයක්. මොකද ඔවුන් ඔවුන්ගේ රාජකාරිය හොඳින් කරනවා. එවැන්නන් අගය කිරීම යුතුකමක්. (නි)
මිඩි වයිබ් කෙනෙක් කියන්නේ ගමේ හැමතැනම ඇවිදලා මිනිස්සුන්ට ගොඩක් උපකාර කරන කෙනෙක්. ගොඩක් වෙලාවට නර්සස් ලාගෙන් පිඩාවට පත්වෙන්නේ හොස්පිටල් ඉන්න මිඩිවයිප්ලා. ගමේදී ගොඩක් හොදට සලකනවා. ඇත්තටම දුකයි. (නදී)
නිලුපුලි, ඔයාගේ කතාව තමා හරිම කතාව . බොරුවට ඉගන ගැනිම මුලට දාලා මිනිසුන්ගේ අනුකම්පාව ලබාගෙන කාටවත් පාලනය කරන්න බැරි සුපිරි ජාතියක් වෙන්න ද මේ වලි කන්නේ.(ස)
මට පේන්නේ හෙදියෝ සුතිකාගාර පුහුණුවත් ලබාගෙන රටම නටවන්න යනවා වගේ. ඕකේ අඩුව නිසා හරියට නටවාගන්න බැරුව ඉඳල තියෙන්නේ. ගැඹිණි මව්වරුන්ට අපල කාලයක්.(නදී)
රාජකාරියට බාධා කිරීම පිළබඳව නීතිය ක්‍රියාත්මක කර, වරදකරුවන් සේවයෙන් ඉවත්කර, මහජන මුදලින් යැපෙන බව පෙන්වා දිය යුතුය (නි)
නිමාලි, ජනතා මුදලින් ඉගෙනගෙන වැටුප් ලබන මේ රාජ්‍ය සේවකයන්ගේ මාෆියාවට පිළිතුරක් තිබිය යුතු තමයි. එහෙත් ඔබ කියන විදියට ඉන්දියාවෙන් ආනයනය කළොත් වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටේවි. එක්තරා පෞද්ගලික රෝහලක ඉන්දියාවෙන් සේවකයන් බඳවාගෙන සිදු වූ දේ අපි දැක්කා. (නි)
ටෙනිසන් ලංකාවේ හෙදියෝ මව්වරු වෙන්නේ නැහැ මොකද කවුරුත් කසාද බදින්ඩ කැමති නැහැ මේ යන විදියට (නදී)
මේ අයට පිස්සුද මන්දා! (නි)
අතුල - මාලදිවයින ඒ ලංකාවේ හැටි. (ස)
මේ වගේ වෙලාවට තමයි ප්‍රේමදාස මහත්තය වගේ වැඩ කරන්න ඔනේ. වර්ජනය කරන අයව ගෙදර යවල අළුත් අයව ගන්න ඔනේ. මිනිස්සුන්ගේ ජීවිතත් එක්කනේ මේ ගොල්ලෝ සෙල්ලම් කරන්නේ.(දී)
අහිංසක රෝගින් අසරණ කරනවා.(ස)
මේ සෞඛ්‍ය සේවයේ ඉන්න අය සාපේක්ෂව ඉතා ඉහළ වැටුප් ගන්නා රජයේ සේවකයින්. කිසි විලි ලැජ්ජාවක් නැතුව ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරනවා. මේකට තවත් ඉඩ තියන්න එපා. මේ ඔක්කොම ගෙදර යවලා ඉන්දියාවෙන් සහ වෙනත් අසළ රටවල් වලින් කට්ටිය බඳවා ගන්න. මොවුන්ට ගෙවන පඩියට වඩා ගොඩක් අඩු පඩියට හොඳ සේවයක් ඒ අයගෙන් ගන්න පුළුවන්. (නි)
ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නේ? (නි)
අනේ දෙවියනේ! (නි)
පොතේ අත්සන් කරලා නීතියට අනුකූලව සේවයට ආවා නම් මේ මොකවත් නැහැනේ (නි)
මේත් කවදාම හෝ මවු පදවියට පත්වන හෝ දැනටමත් මවු පදවිය දරන ගැහැනුන් ටිකක් නේ. දැන් මෙයාල අඩත්තේට්ටම් කරන්නේ පවුල් සෞක්‍ය සේවිකාවන්ටද නැතිනම් හෙට අනිද්දට මවු පදවියට පත් වන්න ඉන්න අයටද. මොටද ඔය උගත් කම? නීතියෙන් පිලි සරණක් නැතිනම් පොදු ජනයා නීතිය අතට ගැනීම සාදාරනයි.(නදී)
ලංකාවේ හෙදියෝ කොහොමත් නයිටිංගේල්ටත් පෙර බිහිවුණු අය. අපේ ගෙදරට අල්ලපු ගෙදරත් ඉන්නවා අලුතින් පත්වුණු හෙදියක්. එයත් ඉන්නේ හරියට විශේෂඥ දොස්තර කෙනෙකුටත් වඩා ඉහළින්. (නි)
මේ කරන දේවල් වලින් අන්තිමට දුක් විඳින්නේ මහජනතාව. මොවුන් පඩි ගන්නේ මහජනයාගේ මුදල් වලින්. ඉගෙන ගන්නේ මහජනයාගේ මුදල් වලින්. බඩදරු අම්මලාට මෙහෙම කරන අයට ජනතා අධිකරණයෙන් දඬුවම් ලැබෙයි ඉදිරියේදී. හෙදියෝ බහුතරයක් සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම ගරුසරුවක් නැතුව සළකන කොටසක්. හොඳ අයත් ඉන්නවා. ඒත් ඔවුන්ටත් සේවය කරන්න දෙන්නේ නැහැ. (නි)
ලංකාවේ හෙදියන් යනු වෙනත් ග්‍රහලොවකින් මේ ලෝකයට පහත් වුණ වෙනත් මිනිස් කොට්ඨාශයක්ද? ඔවුන් කරන කියන දේ ඔවුන්වත් නොදනී (නි)
ඕවට කියන්නේ, බල්ලා පිදුරු කන්නෙත් නැහැ - කන ගොනාට දෙන්නෙත් නැහැ කියලා (නි)
දෙගොල්ලොම ගැහැණුනේ. කෙස්වලු පටලවාගන්න ඇති. (නි)