මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරයකුව සිටිය දී වත්මන් ජනපති සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අතුරින් තෝරාගත් ප්‍රකාශයක් රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ වෙළෙඳ දැන්වීමකට යොදා ගැනීම වළක්වාලන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලා ඇත.
ජනපතිවරණයට නාමයෝජනා භාර දීමට පෙර දේශපාලනඥයකු විසින් වෙනත් අපේකෂකයකු සම්බන්ධයෙන් කළ ප්‍රකාශ එම අපේක්ෂකයාගේ ප්‍රවර්ධනය සඳහා උපයෝගි වන සේ වැඩසටහනක හෝ වෙළෙඳ දැන්වීමක දී ප්‍රකාශය කළ දේශපාලනඥයාගේ එකඟත්වයකින් තොරව පළ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ඒවා ඇත්ත කියමු. ඒත් එයත් කළ දේ හරිද? (නි)
සමහරු දන්න දෙයක් ඕනෑ කියන්න. මේක මාධ්‍ය වලින් කරපු දෙයක් නෙමෙයි (නි)
එහෙම නම් නම් ඉතින් දැන් ඔය බල්ටි ගහපු හැමෝගෙම කටවල් වලින් ඉස්සර පිටවුණ ඒවා කොච්චර ඇද්ද? (නි)
ඉතින් එයාම කියපුවා කිවුවහම මොකද වෙන්නේ? (නි)
මෙවැනි කතා ප්‍රසිද්ධ කිරීම වැලැක්වීම, මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අතිය පැහැරගැනීමක්. මේ අය බලයට එන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයතිය තහවරු කරනවා කියලා නේද. මෙවැනි දේ වලින් දේශපාලකයන්ගේ හරිම ස්වරුපය එලියට එනවා.(හේ)
කියපු දෙවල් මතක් වෙනකොට ලැජ්ජා ඇති. ඒකට ජනමාධ්‍ය පළිද? (නි)
මාධ්‍යට බලපෑම් කළ යුතු නෑ. මැ.කෝ. වුනත් එහෙම කරන එක වැරදිය. මාධ්‍ය නිදහස ආරක්ෂා කරනවා කියන අයම බලපෑම් කිරීම අපට නම් හරිම ප්‍රශ්ණයක්.(හේ)
මේකනේ. වැඩිය ඕනෑ නැහැ. කලක් දීග කනකොට රඟේ දැනිලා දික්කසාද වෙන අය ගැන හිතන්නකෝ. ඉතින් කසාදෙට ඉස්සර කියපු කතා එතකොට කියනවාද? නැහැනේ. (නි)
මෛත්‍රිපාල මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා, මහින්ද ජනාධිපතිතුමා සමග පෞද්ගලික අමනාපයක් නැති බව සහ 2010 වන තුරු ඔහුගේ ක්‍රියාවන් අගයකරන බව. යුධ ජයග්‍රහණයේ හිමිකම දෙනබවත් ප්‍රකාශ කළා. එහෙත් මේ කතාව 2009-10 කාලයට අයත්. (නි)
සමහරු හිතන්නේ ජනතාව මෝඩයි කියලා. (නි)
අජිත් කරුණාරත්න, ඉතින් ඒකනේ ඒ දාන්නේ. ඒ එදා එයාම කියපු දෙයක්නේ. අද අවුල් නිසා බනිනවා. ඉතින් ඒවත් දානවනේ. එදා ඒ කතාකරන්නේ මහින්ද මහත්තයාගේ උත්සවයක. ඉතින් ඒ උත්සවය ගැන පෙන්වන්න මහින්ද මතයට අයිතියක් තියනවනේ. (නි)
එදා මෛත්‍රී කියපු දේ හරි නම් කරුණු තේරෙනකොට දැන් කියනදේත් හරි වෙන්න එපායැ (නි)
ඉතින් ඕකෙම අනිත් පැත්ත කළා නම් ඉවරනේ (නි)
මැතිවරණ කොමසාරිස්තුමා සමඟ මට එකඟවෙන්න බැහැ (නි)
එදා සුභදායී ලෙස කටයුතු කිරීම නිසා එම අදහස් ප්‍රකාශ කළා වෙන්න පුළුවන්. (නි)
ඕනෑම පුද්ගලයෙකුගේ ඡායාරූප,වීඩියෝ දර්ශන හා හඬපට එම පුද්ගලයාගේ අවසරයකින් තොරව භාවිතා කිරීම සදාචාරසම්පන්න ක්‍රියාවක් නොවෙයි කියලයි මම නම් කියන්නේ. එය රටේ පවත්නා නීතියටද අනුකූල නොවන කටයුත්තක් වන අතර මේ දිනවන සමහරුන් තම ප්‍රචාරක කටයුතු සඳහා මේ වැනි ක්‍රියාවන්හි යෙදෙන අයුරු රූපවාහිනි හා පුවත්පත්හි පළවෙන වෙළඳ දැන්වීම් වලින් දැකගත හැකිවන අතර මෙවැනි කටයුතු වැළැක්වීම සඳහා මැතිවරණ කොමසාරිස්තුමන් මැදිහත්වීම අගය කළයුතු කටයුත්තක් වන අතර එය සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඉවහල්වනු ඇත. (නි)
මේ මාධය බලපෑම් නෙමෙයිද?(හේ)
මොනවා වුණත් සමහරු හදිසියේ ප්‍රතිපත්ති මාරුකළ විදිය ටිකක් කැතයි. ඒත් මම එයාට දෙනවා මේ පාර. පාරවල්ම හදලම බැහැනේ. අපිත් ගෙයක් දොරක් හදාගන්න ඕනෑ. මැරෙන්න කලින් මරුටියක්වත් ගන්න ඕනෑ. අපේ ගෙවලුත් ටයිල් කර ගන්න විදියක් බලන්න ඕනෑනේ. (නි)
මේ වැඩෙන් මෛත්‍රීපාල ගැනම තමයි වැරදි චිත්‍රයක් මතුවෙන්නේ. ඒ කාලේ මහින්දගේ හොඳ කිව්වා නම් ඒක කෙළින් පිළිඅරගෙන දැන් ඒ කතා වලංගු නොවෙන බව සාධක ඇතුව පෙන්නලා දුන්නා නම් තමයි හොඳ. (නි)
මැතිවරණ කොමසාරිස්තුමා කරන ලද සාධාරණ ක්‍රියාව අගය කරමි. මෙම අවස්ථාවේදී හිටපු ජනපති හා හිටපු සෞඛ්‍ය ඇමති දෙදෙනාම ජනාධිපති අපේක්ෂකයන් නිසා මෙහිදී තමාගේ ඡන්ද ව්‍යාපාරයට අනෙක් අයගේ පැරණි ප්‍රකාශයන් භාවිත කිරීම වැරදිය. (නි)
ජනතාව බුද්ධිමත්. මේ වගේ වැඩ කරන එක හොඳ නැහැ (නි)
මෙයද සදාචාරය? (නි)
ඒ එදා. අපිත් ජනාධිපතිතුමාට සහයෝගය දැක්වුවා. මෙදා අපි මෛත්‍රීට සහයෝගය දක්වනවා. (නි)
ඔන්න මැකෝ්ගේ වැඩ.(හේ)
මාධ්‍යට මඟ පෙන්වීම හොදයි.කියපු දේ හරියට ක්‍රියාත්මක කරනවාද බලන්න.(හේ)
කොමසාරිස් තුමා සාධාරණය කරලා තියනවා ඔබට ස්තුතියි.(හේ)
කට්ටියගේ නියම තත්වය දැනගන්න පරණ අලුත් කියලා වෙනසක් අවශ්‍ය නැත. මේවා දාන්න ඉඩදෙන්න. තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කරන්න එපා. (හේ)
මැතිවරණ කොමසාරිස්තුමා හරි (නි)
මේ වගේ වැඩ කරන එක වැරදියි. හැම දෙයකටම සදාචාරයක් කියලා දෙයක් තියෙන්න ඕනෑ. මොකද මීටවැඩිය ප්‍රකාශ කළ අය නැත්තේ නැහැ. මේ වගේ ප්‍රකාශ කරන එක වැරදියි (නි)
දේශපාලකයන් කරන ප්‍රකාශ දෙපැත්ත මාරුවුණාම මිනිසුන්ට ඒ දේශපාලකයන් ගැන දැනගන්න කලින් කළ ප්‍රකාශ දාන්න ඕනෑ.මේ රටේ දේශපාලනය පුද්ගලික වාසි තකා වෙනස්වෙන ස්වරූපයක් තියෙන්නේ.පක්ෂ වලට පත්වෙන්නේ මහජන ඡන්දෙන්. පාක්ෂිකයන්ගේ කැමැත්තට නොවෙයි. මේ දේශපාලනය වෙනස්විය යුතුයි. (නි)
ඕවා අපිත් අනුමත නොකරන වැඩ . දැන් ජනතාව බුද්ධිමත්! (නි)