
(අංජුල මහික වීරරත්න)
අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්ව තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දැනටත් එකතු වී අවසාන බවද මරික්කාර් මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මරිකාර් මහතා මේ බව කීය.
" ඉදිරි වැඩකටයුතු වලට එක්සත් ජාතික පක්ෂයට එකතු වන ලෙස හදවතින්ම සමගි ජනබලවේගය ආරාධනා කරනවා. කෙසේ නමුත් ආණ්ඩුව පන්නා දමන්න ශක්තිය තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණක් බව ඔප්පු කර පෙන්වන්න සමගි ජන බලවේගයට අද හැකියාව ලැබුණා. සමගි ජනබලවේගයේ අරමුණ වර්තමාන ආණ්ඩුව පන්නා දැමීමයි යනුවෙන්ද එස්.එම් මරික්කාර් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට තනිවම ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබේ නම්, ඔබ එක්සත් ජාතික පක්ෂය (UNP) සමඟ එක්ව තරඟ කරන බව පවසන්නේ ඇයි? පක්ෂ දෙක ඒකාබද්ධ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නැවත කිසි දිනෙක සාකච්ඡා පවත්වනු ඇතැයි මම නොසිතමි. වෙනත් පක්ෂ සමඟ එක්ව මැතිවරණයට තරඟ කිරීම එක්සත් ජාතික පක්ෂයට වඩාත් යෝග්‍ය වනු ඇත. (එසේ නොකළහොත්) ඔබට හිමිවන ආසන සංඛ්‍යාව 5කටත් වඩා අඩු මට්ටමකට පහත වැටෙනු ඇත.
සිහින දකින එක කාටවත් නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. නමුත් සිහින සැබෑ වෙන එක තමයි ප්‍රශ්නේ…
ඉතින් අපට පාන්ද?