IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


මැද පළාත් රෝහල් 40 ක් කොට උඩ

නුවරඑළියේ සෞඛ්‍ය සමාලෝචන රැස්වීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා  රජයේ වෛද්‍යවරුනට අවනම්බු කරමින් අපහාස කළැයි මධ්‍යම පළාත් රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය මධ්‍යම පළාතේ  රෝහල් 40ක වෛද්‍යවරු 500 ක් පමණ අද (19) උදේ සිට වැඩ වරති.

මේ නිසා අත්‍යවශ්‍ය සේවා හැර සෙසු බොහෝ වෛද්‍ය සේවා ඇන හිටියේය.

ලෙඩ්ඩු සිය දහස් ගණනක්  හිස් අතින් ආපසු හැරී ගියහ..

හගුරන්කෙත ඩෙංගු රෝගීන් පිළිබද ආණ්ඩුකාරවරයා ඉදිරිපත් කළ ගණන් හිලවු ද වාහන දෙකක් සම්බන්ධයෙන් දැක් වු  කරුණුද වැරැදි  බව වෛද්‍යවරු කියති.

ආණුඩුකාරවරයා වෛද්‍යවරුන්ගෙන් සමාවගත යුතු දැයිද ඔවුන් සදහන් කළහ.

තමා කිසිම ආකාරයෙන් වෛද්‍යවරුනට අපහාසයක් හෝ තර්ජනයක් නොකළ බව කොබ්බෑකඩුව මහතා කියයි.



අදහස් (0)

මැද පළාත් රෝහල් 40 ක් කොට උඩ

විජේ Friday, 19 July 2013 04:12 PM

කොහොමද ටිකිරි මොලේ !! (දී)

:       0       0

නීල් රණා Friday, 19 July 2013 04:26 PM

ඇත්ත කිව්වහම කේන්ති යා නම් පැත්ත ගියත් ඇත්තක්ම කියාපන්.. කැත්ත මඩින්නට පොල්ල ගෙනේ නම් මෙවන් වෙදාලා දඟ ගෙට යවපන්... (දී)

:       0       0

සැනට් Friday, 19 July 2013 04:38 PM

මෙයා යටිනුවර සංවිදායක වෙලා ඉන්නකොට මෙලෝ වැඩක් කලේ නැ, , දැන් ඉන්න කෙනාගෙත් වැඩි වෙනසක් නැ (අ)

:       0       0

වරුණ Friday, 19 July 2013 05:07 PM

මේ 'හුටපටෙනුත්' අන්තිමට බෙල්ල ගහලා යන්නේ දුප්පත් අසරණ රෝගීන්ගෙයි. ඒවාට වගකියන්න කවුරුත් නැහැ (දී)

:       0       0

බණ්ඩාර Friday, 19 July 2013 05:29 PM

ඕන් එහෙනම් අපේ වරුණත් වැදගත් යමක් පැවසුවා! (දී)

:       0       0

පියල් Friday, 19 July 2013 06:02 PM

එයා තාම පුංචි (අ)

:       0       0

ගයාන් Friday, 19 July 2013 06:18 PM

දේශපාලකයන් මෙච්චර වෛද්‍යවරු එක්ක තරහා මොකද කියලා අපි දන්නවා (නි)

:       0       0

දර්ශන් Friday, 19 July 2013 06:19 PM

හැමදේටම අසරණ රෝගීන් බිල්ලට ගන්න එපා. ලංකාවේදී පමණයි ඔහොම ඔය සෙල්ලම් දාන්න පුළුවන් වෙන්නේ ඔයාලට (නි)

:       0       0

රේමා Friday, 19 July 2013 02:21 PM

මෙයාලගේ කතාව එයාලා හරියට හරි මිනිස්සු වගේ. ලෙඩ්ඩු ටික ඇපේට තියලා හැම වෙලාවේම වැඩ කරන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සු නේද මේ?(නදී)

:       0       0

මිලාන් Friday, 19 July 2013 02:26 PM

ලෙඩ්ඩු මැරුනත් දොස්තරලා නම් ස්ට්‍රයික් නවත්තන්නේ නැහැ (දී)

:       0       0

උඵාලි Saturday, 20 July 2013 03:22 AM

අනුර, ඔබ වරදවා තේරුම් අරගෙන. මගේ අදහසෙන් කොටසක් සංස්කාරක තුමා විසින් කපාහැරීම නිසා ඒක වෙලා තියෙන්නේ. මං කිව්වේ ආණ්ඩුව හැමදාම දොස්තර මාෆියාව ඉස්සරහ දණ ගහනවා රෝගීන් ගැන හිතලා. නමුත් දණ ගහනවා වෙනුවට රජය විකල්පයක් සොයාගත යුතුමයි කියන එකයි. (නදී)

:       0       0

චාමික Friday, 19 July 2013 07:39 PM

අවනම්බු වෙන්න ඉතින් නමබුවක් තියෙන්න එපායැ. පහුගිය කාලේ වෙච්ච දේවල් වල හැටියට නැතිවෙන්න තව නම්බුවක් තියෙනවද ? හිතාගෙන ඉන්නේ නම් එයාලා තරම් උගත්තු ලෝකේ නැහැයි කියලා. රසායන විද්‍යාඥයෝ ඖෂධ නොහැදුවොත් ඉගුරු කොත්තමල්ලි තමයි ලියන්න වෙන්නේ ඖෂධ ලැයිස්තුවට. ඒක ගැනවත් හිතුවද අඩුම ගානේ? (නි)

:       0       0

ආනන්ද Friday, 19 July 2013 02:45 PM

ටිකිරි මොලෙන් කියන කතා බුද්ධිමතුන් ගණන් නොගෙන ටිකිරි වර්ජනය අත් හරින්න! (අ)

:       0       0

සම්පත් Friday, 19 July 2013 02:47 PM

වෛද්‍යවරුන්ගෙන් සමාව ගන්න එපා. එයාලා හිතන්නේ ලංකාවේ ඉන්න ලොක්කෝ එයාලා කියලා. ස්ට්‍රයික් කරන වෛද්‍යවරු සේවයෙන් පහකරලා දාන්න කියලා මම කියනවා (දී)

:       0       0

නන්ද Friday, 19 July 2013 02:59 PM

එයාලා හිතන්නේ ලංකාවේ ඉන්න ලොක්කෝ එයාලා කියලා. ටිකක් බැන්නට මොකක් වෙනවද? අර කැප්ටන් කෙනෙක් ගුටි කාලත් නිකන් හිටියේ. වර්ජනය කියලා පුද්ගලික පරීක්ෂා කිරීමුත් දැන් නවත්වනවද? (දී)

:       0       0

ඉදුනිල් Friday, 19 July 2013 02:59 PM

හෙදියෝ ස්ට්‍රයික් කරන්නේ ජීවත් වෙන්න අමාරු හින්දා පඩිය වැඩි කරන්න කියලා. ඒත් වෛද්‍යවරු ස්ට්‍රයික් කරන්නේ එයාලට අවනම්බු අපහාස වුණා කියලා.වෛද්‍යවරු හිතන්නේ එයාලා කවුරු කියලද? වෛද්‍ය පඩිය අඩු කරලා හෙදියන්ට පඩි වැඩි කලොත් සාදාරනයි කියල හිතෙනවා මේවා බලනකොට (දී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 July 2013 08:11 PM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කරලා මෙයාලගේ තියෙන ඒකාධිකාරය කඩලා දන්නා ඕන මම නම් කියන්නේ..එකට විරුද්ද වුනාට පෞද්ගලික ඉස්පිරිතාලේ චැනල් කරන්න හොදයි..මේ වගේ දේකටත් ලෙඩ්ඩු ඇපේට තියල වර්ජනය කරන මුන් ගැන තව කවර කතාද.? (අ)

:       0       0

දම් Friday, 19 July 2013 03:08 PM

ටිකිරි මොලේට එන හැම අදහසම ටිකිරි කටින් එලියට නොදමනු. (දී)

:       0       0

උපාලි Friday, 19 July 2013 03:09 PM

වර්ජනයකදී මහජනතාවට වඩාත්ම රිදවිය හැකි කණ්ඩායම තමයි වඩාත්ම බලවත්. අපේ රටේ දොස්තරලා ඒ අනුව අංක එක. රජයක් මහජනතාවගේ දුකගැනවිලි වලට කන්දිය යුතු නිසා ජනතාවට දැනෙන පීඩනය වලක්වන්න මේ බලවත්ම 'ප්‍රෙෂර් ගෘප්' එක ඉස්සරහ දන ගහන්න වෙනවා. මේක හැමදාම සිදවෙන දෙයක්. (දී)

:       0       0

සමන් Friday, 19 July 2013 03:12 PM

මේ වගේ තවත් අපහාස කතා අහන්නේ නැතුව වෛද්‍යවරුනේ, රාජකාරි පටන් ගන්න ඉක්මනටම. නැත්නම් වෙන අවනම්බුව තව වැඩි වෙනවා. වැඩ පටන් ගත්තා කියලා අපි දැක්කම ඔයාලගේ හොද අපි කියන්නම් (දී)

:       0       0

අනුර Friday, 19 July 2013 03:26 PM

උපාලි ඔයා වෛද්‍ය වරයෙක් වුණත් ඔයා හිතන විදිය වැරදි රජය ඔයාල ඉස්සරහ දන ගහන කලේ දැන් අවසන් නිසා ඔයාලගේ රුදිර පීඩනය වැඩි වෙලා ලංකාවේ ඉන්න බලවත්ම 'ප්‍රෙෂර් ගෘප්' එක වෛද්‍ය වරු වන කාලය දැන් එන්නේ (අ)

:       0       0

සරත් Friday, 19 July 2013 03:26 PM

අපේ දොස්ස්තර මහත්වරු හිතන්නේ "වෙදකම" තනිකරම එතුමන්ලාගේ වික්‍රමයක් කියල. වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන සියලුම උපකරණ නිපදව ඇත්තේ " විදුලි, යාන්ත්‍රික, ඉලෙක්ත්රොනික් " ඉංජිනේරුවන්ගේ එකතුවකින්. මේ ත්‍රිත්වය වැඩ වරු දිනට දෙසිය වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නයි වෙන්නේ අර දොස්තර මහත්වරුන්න්ට. . එක නිසා අපේ දොස්ස්තර මහත්වරු ටිකක් කල්පනා කලොත් හොදා. (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 20 July 2013 04:22 PM

ලෝකයේ දියුණු රටවල සෞඛ්‍ය සේවයේ සාධාරණ හේතුවක් නැතුව මේ විදියට ස්ට්‍රයික් කළොත් කිසිම සමාවක් නැතුව බලපත්‍රය තහනම් කරනවා. අත්‍යවශ්‍ය සේවාවල සාධාරණ හේතුවක් නැතුව වර්ජනය කරන්න බැරි විදියට නීති සකස් කරන්න. රුසියාවේ ඉන්දියාවේ ඉගෙනගත් ලාංකික වෛද්‍යවරු ඕනෑතරම් ඉන්නවා රටට සේවය කරන්න බලපොරොත්තුවෙන්. මේ වැනි ක්‍රියා නිසා මැරෙන්නේ රටේ දුප්පත් මිනිස්සු. සල්ලිකාරයෝ පුද්ගලික රෝහල් වලට යාවි. අගෞරව කරලා නම් නීති මගින් කටයුතු කරන්න. දේශපාලන හේතු වලට අසරණ මිනිස්සු පලි නැහැ (නි)

:       0       0

අමිල කටුනායක Friday, 19 July 2013 03:51 PM

වචන එහෙට මෙහෙට වුනා... දොස්තරලට තරහා ගියා.... (දී)

:       0       0

දිල්හානි Friday, 19 July 2013 04:06 PM

චීනෙන් දොස්තරලා ගෙනත්ල හොඳ පාඩමක් උගන්වමු. අර පෞද්ගලික බස් සංගමේට කළ දේම ආණ්ඩුකාර තුමා කරයි. (අ)

:       0       0

එස් එස් Friday, 19 July 2013 09:30 PM

මමත් වෛද්‍යවරයෙක්. ජී එම් ඕ ඒ එකේ සාමාජිකයෙක්. වෛද්‍යවරු කියන්නේ උපේක්ෂා සහගත බව, ඉවසීම සහ පපුවේ තෙතමනය තියෙන්න ඕන පිරිසක්. දැන් ඉන්න අයට විශේෂයෙන්ම අලුත් පරම්පරාවේ අයගෙන් බහුතරයකට නැත්තෙත් එකමයි. දැන් වෛද්‍යවරු කව්රු හරි බැන්නත්, බේබද්දෙක් ඇවිත් කලබල කලත් වර්ජනය කරනවා. මධ්‍යම පළාත වගේ දුෂ්කර පළාතක ප්‍රදේශයක වර්ජනයක් කරනකොට පොඩ්ඩක් හිතන්න ඕන හතර අතේ නය වෙලා අමාරුවෙන් ඉස්පිරිතාලයකට එන අහිංසකයෙකුට හිස් අතින් හැරිලා යන්න උනොත් මොන පවක්ද? වර්ජනය තියා ගන්න ඕනේ අන්තිම ආයුධය ලෙසින් මිසක් පළමු ක්‍රියාමාර්ගය ලෙසින් නෙමේ. (දී)

:       0       0

කුමාර Friday, 19 July 2013 04:09 PM

වෛද්‍යවරුනේ, ස්ට්‍රයික් කාලේදී අනුරපුරේ ගොස් සිංහල කැඩුම් බිදුම් වෙදකම ඉගෙන ගත්තොත් හොදයි නේද? පිටරට දොස්තර කොච්චර දෙනෙක් දැනට එම වෙදකම හදාරනවද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2343 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1537 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3223 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24490 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site