නුවරඑළියේ සෞඛ්‍ය සමාලෝචන රැස්වීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයේ වෛද්‍යවරුනට අවනම්බු කරමින් අපහාස කළැයි මධ්‍යම පළාත් රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය මධ්‍යම පළාතේ රෝහල් 40ක වෛද්‍යවරු 500 ක් පමණ අද (19) උදේ සිට වැඩ වරති.
මේ නිසා අත්‍යවශ්‍ය සේවා හැර සෙසු බොහෝ වෛද්‍ය සේවා ඇන හිටියේය.
ලෙඩ්ඩු සිය දහස් ගණනක් හිස් අතින් ආපසු හැරී ගියහ..
හගුරන්කෙත ඩෙංගු රෝගීන් පිළිබද ආණ්ඩුකාරවරයා ඉදිරිපත් කළ ගණන් හිලවු ද වාහන දෙකක් සම්බන්ධයෙන් දැක් වු කරුණුද වැරැදි බව වෛද්‍යවරු කියති.
ආණුඩුකාරවරයා වෛද්‍යවරුන්ගෙන් සමාවගත යුතු දැයිද ඔවුන් සදහන් කළහ.
තමා කිසිම ආකාරයෙන් වෛද්‍යවරුනට අපහාසයක් හෝ තර්ජනයක් නොකළ බව කොබ්බෑකඩුව මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුනේ, ස්ට්‍රයික් කාලේදී අනුරපුරේ ගොස් සිංහල කැඩුම් බිදුම් වෙදකම ඉගෙන ගත්තොත් හොදයි නේද? පිටරට දොස්තර කොච්චර දෙනෙක් දැනට එම වෙදකම හදාරනවද? (දී)
ලෝකයේ දියුණු රටවල සෞඛ්‍ය සේවයේ සාධාරණ හේතුවක් නැතුව මේ විදියට ස්ට්‍රයික් කළොත් කිසිම සමාවක් නැතුව බලපත්‍රය තහනම් කරනවා. අත්‍යවශ්‍ය සේවාවල සාධාරණ හේතුවක් නැතුව වර්ජනය කරන්න බැරි විදියට නීති සකස් කරන්න. රුසියාවේ ඉන්දියාවේ ඉගෙනගත් ලාංකික වෛද්‍යවරු ඕනෑතරම් ඉන්නවා රටට සේවය කරන්න බලපොරොත්තුවෙන්. මේ වැනි ක්‍රියා නිසා මැරෙන්නේ රටේ දුප්පත් මිනිස්සු. සල්ලිකාරයෝ පුද්ගලික රෝහල් වලට යාවි. අගෞරව කරලා නම් නීති මගින් කටයුතු කරන්න. දේශපාලන හේතු වලට අසරණ මිනිස්සු පලි නැහැ (නි)
අනුර, ඔබ වරදවා තේරුම් අරගෙන. මගේ අදහසෙන් කොටසක් සංස්කාරක තුමා විසින් කපාහැරීම නිසා ඒක වෙලා තියෙන්නේ. මං කිව්වේ ආණ්ඩුව හැමදාම දොස්තර මාෆියාව ඉස්සරහ දණ ගහනවා රෝගීන් ගැන හිතලා. නමුත් දණ ගහනවා වෙනුවට රජය විකල්පයක් සොයාගත යුතුමයි කියන එකයි. (නදී)
මමත් වෛද්‍යවරයෙක්. ජී එම් ඕ ඒ එකේ සාමාජිකයෙක්. වෛද්‍යවරු කියන්නේ උපේක්ෂා සහගත බව, ඉවසීම සහ පපුවේ තෙතමනය තියෙන්න ඕන පිරිසක්. දැන් ඉන්න අයට විශේෂයෙන්ම අලුත් පරම්පරාවේ අයගෙන් බහුතරයකට නැත්තෙත් එකමයි. දැන් වෛද්‍යවරු කව්රු හරි බැන්නත්, බේබද්දෙක් ඇවිත් කලබල කලත් වර්ජනය කරනවා. මධ්‍යම පළාත වගේ දුෂ්කර පළාතක ප්‍රදේශයක වර්ජනයක් කරනකොට පොඩ්ඩක් හිතන්න ඕන හතර අතේ නය වෙලා අමාරුවෙන් ඉස්පිරිතාලයකට එන අහිංසකයෙකුට හිස් අතින් හැරිලා යන්න උනොත් මොන පවක්ද? වර්ජනය තියා ගන්න ඕනේ අන්තිම ආයුධය ලෙසින් මිසක් පළමු ක්‍රියාමාර්ගය ලෙසින් නෙමේ. (දී)
පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කරලා මෙයාලගේ තියෙන ඒකාධිකාරය කඩලා දන්නා ඕන මම නම් කියන්නේ..එකට විරුද්ද වුනාට පෞද්ගලික ඉස්පිරිතාලේ චැනල් කරන්න හොදයි..මේ වගේ දේකටත් ලෙඩ්ඩු ඇපේට තියල වර්ජනය කරන මුන් ගැන තව කවර කතාද.? (අ)
අවනම්බු වෙන්න ඉතින් නමබුවක් තියෙන්න එපායැ. පහුගිය කාලේ වෙච්ච දේවල් වල හැටියට නැතිවෙන්න තව නම්බුවක් තියෙනවද ? හිතාගෙන ඉන්නේ නම් එයාලා තරම් උගත්තු ලෝකේ නැහැයි කියලා. රසායන විද්‍යාඥයෝ ඖෂධ නොහැදුවොත් ඉගුරු කොත්තමල්ලි තමයි ලියන්න වෙන්නේ ඖෂධ ලැයිස්තුවට. ඒක ගැනවත් හිතුවද අඩුම ගානේ? (නි)
හැමදේටම අසරණ රෝගීන් බිල්ලට ගන්න එපා. ලංකාවේදී පමණයි ඔහොම ඔය සෙල්ලම් දාන්න පුළුවන් වෙන්නේ ඔයාලට (නි)
දේශපාලකයන් මෙච්චර වෛද්‍යවරු එක්ක තරහා මොකද කියලා අපි දන්නවා (නි)
එයා තාම පුංචි (අ)
ඕන් එහෙනම් අපේ වරුණත් වැදගත් යමක් පැවසුවා! (දී)
මේ 'හුටපටෙනුත්' අන්තිමට බෙල්ල ගහලා යන්නේ දුප්පත් අසරණ රෝගීන්ගෙයි. ඒවාට වගකියන්න කවුරුත් නැහැ (දී)
මෙයා යටිනුවර සංවිදායක වෙලා ඉන්නකොට මෙලෝ වැඩක් කලේ නැ, , දැන් ඉන්න කෙනාගෙත් වැඩි වෙනසක් නැ (අ)
ඇත්ත කිව්වහම කේන්ති යා නම් පැත්ත ගියත් ඇත්තක්ම කියාපන්.. කැත්ත මඩින්නට පොල්ල ගෙනේ නම් මෙවන් වෙදාලා දඟ ගෙට යවපන්... (දී)
කොහොමද ටිකිරි මොලේ !! (දී)
මෙයාලගේ කතාව එයාලා හරියට හරි මිනිස්සු වගේ. ලෙඩ්ඩු ටික ඇපේට තියලා හැම වෙලාවේම වැඩ කරන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සු නේද මේ?(නදී)
චීනෙන් දොස්තරලා ගෙනත්ල හොඳ පාඩමක් උගන්වමු. අර පෞද්ගලික බස් සංගමේට කළ දේම ආණ්ඩුකාර තුමා කරයි. (අ)
වචන එහෙට මෙහෙට වුනා... දොස්තරලට තරහා ගියා.... (දී)
අපේ දොස්ස්තර මහත්වරු හිතන්නේ "වෙදකම" තනිකරම එතුමන්ලාගේ වික්‍රමයක් කියල. වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන සියලුම උපකරණ නිපදව ඇත්තේ " විදුලි, යාන්ත්‍රික, ඉලෙක්ත්රොනික් " ඉංජිනේරුවන්ගේ එකතුවකින්. මේ ත්‍රිත්වය වැඩ වරු දිනට දෙසිය වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නයි වෙන්නේ අර දොස්තර මහත්වරුන්න්ට. . එක නිසා අපේ දොස්ස්තර මහත්වරු ටිකක් කල්පනා කලොත් හොදා. (අ)
උපාලි ඔයා වෛද්‍ය වරයෙක් වුණත් ඔයා හිතන විදිය වැරදි රජය ඔයාල ඉස්සරහ දන ගහන කලේ දැන් අවසන් නිසා ඔයාලගේ රුදිර පීඩනය වැඩි වෙලා ලංකාවේ ඉන්න බලවත්ම 'ප්‍රෙෂර් ගෘප්' එක වෛද්‍ය වරු වන කාලය දැන් එන්නේ (අ)
මේ වගේ තවත් අපහාස කතා අහන්නේ නැතුව වෛද්‍යවරුනේ, රාජකාරි පටන් ගන්න ඉක්මනටම. නැත්නම් වෙන අවනම්බුව තව වැඩි වෙනවා. වැඩ පටන් ගත්තා කියලා අපි දැක්කම ඔයාලගේ හොද අපි කියන්නම් (දී)
වර්ජනයකදී මහජනතාවට වඩාත්ම රිදවිය හැකි කණ්ඩායම තමයි වඩාත්ම බලවත්. අපේ රටේ දොස්තරලා ඒ අනුව අංක එක. රජයක් මහජනතාවගේ දුකගැනවිලි වලට කන්දිය යුතු නිසා ජනතාවට දැනෙන පීඩනය වලක්වන්න මේ බලවත්ම 'ප්‍රෙෂර් ගෘප්' එක ඉස්සරහ දන ගහන්න වෙනවා. මේක හැමදාම සිදවෙන දෙයක්. (දී)
ටිකිරි මොලේට එන හැම අදහසම ටිකිරි කටින් එලියට නොදමනු. (දී)
හෙදියෝ ස්ට්‍රයික් කරන්නේ ජීවත් වෙන්න අමාරු හින්දා පඩිය වැඩි කරන්න කියලා. ඒත් වෛද්‍යවරු ස්ට්‍රයික් කරන්නේ එයාලට අවනම්බු අපහාස වුණා කියලා.වෛද්‍යවරු හිතන්නේ එයාලා කවුරු කියලද? වෛද්‍ය පඩිය අඩු කරලා හෙදියන්ට පඩි වැඩි කලොත් සාදාරනයි කියල හිතෙනවා මේවා බලනකොට (දී)
එයාලා හිතන්නේ ලංකාවේ ඉන්න ලොක්කෝ එයාලා කියලා. ටිකක් බැන්නට මොකක් වෙනවද? අර කැප්ටන් කෙනෙක් ගුටි කාලත් නිකන් හිටියේ. වර්ජනය කියලා පුද්ගලික පරීක්ෂා කිරීමුත් දැන් නවත්වනවද? (දී)
වෛද්‍යවරුන්ගෙන් සමාව ගන්න එපා. එයාලා හිතන්නේ ලංකාවේ ඉන්න ලොක්කෝ එයාලා කියලා. ස්ට්‍රයික් කරන වෛද්‍යවරු සේවයෙන් පහකරලා දාන්න කියලා මම කියනවා (දී)
ටිකිරි මොලෙන් කියන කතා බුද්ධිමතුන් ගණන් නොගෙන ටිකිරි වර්ජනය අත් හරින්න! (අ)
ලෙඩ්ඩු මැරුනත් දොස්තරලා නම් ස්ට්‍රයික් නවත්තන්නේ නැහැ (දී)