IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මැදරට කුණුවලින් රජරට වැනසෙයිද

(කාංචන කුමාර ආරියදාස)

කන්ද උඩරට ප්‍රදේශවල මහජනතාව  ඉවතලන කැලි කසල ප්ලාස්ටික් අපද්‍රව හා කෘමිනාශක ඇසුරුම් බොහොමයක් මේ වන විට නාවුල බෝවතැන්න ජලාශයේ තම්පත්ව තිබීම නිසා ජලය පරිබෝජනය කරන රජරට ප්‍රදේශවල මහජනතාවට දැඩි සෞඛ්‍ය තර්ජනයකට ලක්වීමේ අවදානමක් තිබෙන බව බෝතැන්න ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා පවසයි.

මේ දිනවල කන්ද උඩරට ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟි විශාල කුණු කසල තොගයක් බෝව තැන්න ජලාශයේ තැන්පත්ව තිබේ.

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , නාවුල පොලිසිය , නාවුල ප්‍රාදේශීය සභාව බෝතැන්න කාර්යභාරය කාර්යාලය මහවැලි නිලධාරීන් එක්ව රජරටට මෙම කුණු කසල ගලා යෑම වැළැක්වීම සඳහා ඒවා ඉවත් කිරීමේ ශ්‍රම දානයක් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

 



අදහස් (7)

මැදරට කුණුවලින් රජරට වැනසෙයිද

SL Friday, 07 June 2024 03:42 AM

මගේ යාලුවෙක් ලංකාවට ඇවිත් ඉන්නවා. වැස්ස අස්සේ ගංගා වල තියෙන කුණු දැකල පුදුම වෙනවා. ආණ්ඩුව දැන් වත් මේ ප්ලාස්ටික් ඇසුරුම් කරන ආයතන වලට බල කරන්න ඕනේ තමන්ගේ ප්ලාස්ටික් එකතු කරගන්න කියල. මම ඉන්න රටේ ප්ලාස්ටික් ඇසුරුම් දෙද්දී Euro .20 ඉඳල .50 වෙනකල් මුදලක් තියාගන්නවා .ඒවා බාර දෙන්න ඕනේ. මෙච්චර මේ වෙන විනාශය දැකල , නොදැක්ක වගේ ඉන්න පාලකයොයි, රජයේ වගකිවයුතු නිලධාරින්, පඩි ගන්න එකල ලජ්ජා වෙන්න ඕනේ.

:       1       18

Kuma Friday, 07 June 2024 06:14 AM

ඕවා ගැන කතා කරපු මනුස්සයාව එලවා ගත්තා. තව ටිකකින් මැරුම් කනවා

:       1       14

මැක්ස් Friday, 07 June 2024 06:26 AM

මිනිසා යනු තිරිසනුන්ටත් අන්ත ජීවී කොටසක් බව මොනවට පෙන්වන පුවතක් සහ පින්තූර කීපයක්. මඩිහේ හාමුදුරැවන් කලෙකට පෙර දෙසූ ලෙස "මිනිසා නොහදා රට හැදිය නොහැකියි" යන්න මෙමඟින් තවත් පැහැදිලි වේ.

:       0       16

සෙනෙවිරත්න Friday, 07 June 2024 07:49 AM

මේක තමයි රටේ හැම තැනම තත්ත්වය , කොලපාට කිරී පැකට් , පැනිබීම බෝතල් නැවත එකතුකරගැනීමේ ක්‍රියාවලියක් නොමැතිව මෙම නිශ්පාදන වෙළදපොලට දැමීම තහනම් කල යුතුයි. මම ඕස්ට්‍රේලියාවෙදි දුටුව, ප්‍රසිද්ධ සුපර්මාකට් අසල බෝතල සහ කෑන් එකතුකිරීමේ යන්ත්‍ර ,ඒවට බොතල සහ කෑන් දෑවම ලොකු ගානක වවුචරයක් ලැබෙනව, සේරම ප්‍රතිචක්‍රිය කල හැකි නිශ්පාදන, එම රටවල යෝගට් සඳහා හැඳි දෙන්නෙ නැහැ ඒ නිවසෙදි කන්න හැකිවනසේ, පාරදිගේ කකා බිබි කසල පාරෙ නැත්නම් ඇල දොලට එකතුකරන කැත පුරුදු දුටුවෙ නැහැ ඒක නිසා පරිසරය පිරිසිදුව තිබුන. මේ රටේ මිනිස්සුන්ගෙ මොළ හදන්න ඕන ඒකට මාධ්‍ය සහ ඔය කොම්පැනි කිසිම සහයෝගයක් නැහැ.

:       0       18

සෙනෙවිරත්න Friday, 07 June 2024 07:56 AM

ඔය පාවෙල එන ඒව පමණයි , තවත් ගෝනි මලුවල බැඳල පාරෙ තැන් තැන් වලත් ජලාශ ඇල දොල වල පතුලේත් තියෙනවා. මේක මහ කැතම සිරිත්.තියෙන ජනතාව ඉන්න රටක්, යහපත් පුරවැසයෙන් ⁣වෙන්න ඉගෙන ගන්න යන ළමයි, යතිවරයො වෙන්න ගානට දහම් පාසල් ගාටන ළමයි කන බොන බිම පැකට දැවටුම පාරෙ දාල යනව අනන්තවත් දැකල තියෙනව, දෙමාපියන් මේව නොදනිනවා නොවේ, ට්‍රිප් යන අය කාපු බීපුව ෂොපින් බෑග් එකේ ගැට ගහල පාර දාල යන ආත්මාර්තකාමී ජනතාව තමයි වැඩිය ඉන්නෙ. මම දැකල අහල නැහැ පරලොව සුගතියට බණ දෙසන කවුරුවත් මේව කියනව. අපි කියන ඒව නොඅසන සමහරු ඒ අය දෙසන ඕනෑම දෙයක් අහන නිසා උන්නාන්සෙලගෙ නිහඬතාවය පුදුමයි.

:       0       14

Lalla Friday, 07 June 2024 09:41 AM

ප්ලාස්ටික් විතරක් නොවේ.විවිධ ආහාර ඇසුරුම් කරන බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කරන විදියක් නෑ.පත්තර බෝතල් එකතුකරන අය ගන්නේ අරක්කු බෝතල් සහ සමහර බියර් බෝතල් පමණයි.වෙනත් කෑම ජෑම් බෝතල් වර්ණ ගැන්වූ බෝතල් පාරවල් අයිනට විසිකරල දාන හේතුව මේකයි. මොනව හෝ ක්‍රමයක් ඕන මේ නොදිරූ ද්‍රව්‍ය සඳහා.

:       0       1

අරවින්ද මොනරවිල Friday, 07 June 2024 09:45 AM

රට ගැන එහි ජීවත්වන ජනතාව ගැන හැගීමක් හා දැනීමක් නැති, කයෙන් පමණක් මෙහි සිටින සිතින් බටහිර ජීවත්වෙන, ලංකාවේ තිබෙන තම දේපළ වතුපිටි හා හරකාබාන රැක බලාගන්න වගේම තම දාසයන්ගේ වැදුම් පිදුම් ගරු බුහුමන් ලබා ගන්න වගේම, ඩීල් දේශපාලනය හරහා කූඨ ලෙස මුදල් උපයන්න ලංකාවේ ජීවත් වෙන තක්කඩි මජර දේශපාලකයන්ට මේ රටේ ස්වභාවික සම්පත් කළමනාකරණ පරිසරය සුරැකීම හා තිරසාර ආර්ථික සංවර්ධනය රූපවාහිනී සංවාද හා පත්තර පිටු පුරවන්න පුළුවන් හොද ටොපික් විතරක් බව සනාත වෙලා බොහෝ කල්ය. ඒ නිසා මේක තමන්ගේ රට කරගත් තම දරු මුණුපුරන් සමග හැමදාම මෙහි ජීවත් වෙන්න සිතන පතන මිනිස්සු දැන්වත්, මේ රටට ආදරය කරන මේ මහ පොලවේ පය ගහලා ජීවත් වෙන මේ රට තමන් උපන් රට, තමන් ජීවත්වෙන රට, හා කවදා හො තමන්ගේ සිරුර පොලවට පස් වෙන රට බව අවබෝධයක්, හැගීමක් හා දැනීමක් ඇති අයෙක් මේ රටේ නායකත්වයට කර ගත යුතු බවට අවබෝධ කර ගත යුතුව ඇත.

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 887 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4019 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1443 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2443 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site