‘දඩාස් ගාලා සද්දයක් ඇහුණා. දුම්රිය මැදිරියක් වෙළට වැටුණා.තවත් මැදිරි දෙකක් ගොඩනැගිල්ලකට හේත්තු වුණා.‘අනුරාධපුර පාසල් ගුරුවරියක වන අයිරීන් චන්ද්‍රකාන්ති මහත්මිය පොතුහැර දුම්රිය අනතුර විස්තර කරන්නිය.
පෙරැළි ගිය මැදිරිවලට මැදිරි හතරක් එහා මැදිරියක ඇය සිටියාය.
‘වේලාව උදේ 8.15 විතර ඇති. මා ආවේ රජරට රැජින දුම්රියේ.වෙනත් දුම්රියකට ඉඩ දීම සඳහා රැජින නවත්වාගෙන මිනිත්තු 15 ක් පමණ සිටියා.අපේ මැදිරිය අමුතු විදියතට ගැස්සුණා.දිරි දිරි වගේ සද්දයක් ඇහුණා. අපේ මැදිරියේ සිටි බොහෝ දෙනා ආසන අල්ලා ගත්තා .ඒ සමඟ දඩාං ගාලා මහා සද්දයක් ඇහුණා.මගීන් එහෙ මෙහෙ වැටෙනවා දැක්කා ඔවුන්ට තුවාල වෙන්නටත් ඇති ‘යැයි ඇය විස්තර කළාය.
දුමිරිය දෙකේ ඇන්ජින් දෙක එකට ගැටී ඇති බව ඕ කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවාල වූ අයට ඉක්මන් සුවය පතමි. (ස)
මේක ස්ටේෂන් එකේ ප්‍රශ්නයක් නොවෙයි, සංඥා පද්ධතියේ වරදක්. හිසරදයට කොට්ට මාරු කරලා වැඩක් නැහැ.නවීකරණයෙන් සාක්කු පිරෙන්නේ නැතිකම තමයි මුලික හේතුව. අලුත් ව්‍යාපෘතියක් නම් හොඳයි නේද? (නි)
තුවාල ලැබු සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)
වගකිවයුත්තන් මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
සුපිරි මාර්ග සංවර්දනය හැම අතින්ම අහන්න ලැබුනත් ගල් අගුරු යුගේදිවත් සිදු වුනේ නැති දේවල් තමයි දැන් අසන්න ලැබෙන්නේ. ඇත්තටම අපේ රට කොහෙටද මේ ගමන් කරන්නේ. (දී)
ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයිද? (දී)
හරි නම් මේවායේ වගකීම බාරගෙන ගමනාගමන ඇමති ඉල්ලා අස්වෙන්න ඕනේ (දී)
පැනගිය දේවල් පරිහරණය කරන්නේ. නව තාක්සනය උපයෝගී කරගන්නේ නැහැ. රටක් දියුණුව සදහා නව තාක්සනය උවමනයි (දී)
මෙය තනිකරම නොසැලකිල්ල, දැඩි වගකීමකින් ක්‍රියා නොකිරීම සහ දුම්රිය ධාවන අංශය සහ එයට සම්බන්ද අනෙකුත් මෙහෙයුම් අංශ අතර හරි පණිවිඩ හුවමාරුවක් සිදුනොවීම නිසා සිදු වූ අනතුරක් ( වලක්වා ගත හැකිව තිබු ) හැටියටයි මා දකින්නේ. නැතිනම් දුම්රිය පොලේ නවතා තිබුන දුම්රියක ගැටෙන්න කිසිම හේතුවක් නැහැනේ. සියල්ලන්ට ඉක්මන් සුවය පතමි.!! (දී)
මිනිස් ජිවිත සමග සෙල්ලම් කළ අයට උපරිම දඬුවම් දිය යුතුයි. (ස)
ලංකාවේ දුම්රිය සේවාවේ අලුත් ස්ටේෂන් හදුන්වාදිය යුතුයි. පැරණි ස්ටේෂන් වෙනුවට. (ස)
යුද්දෙන් පස්සේ මේ වගේ හදිසි අනතුරු වැඩි ඇයි? තුවාල වුණු අයට ඉක්මනින් සුව වේවා !!! (ස)
පාඩුව දුප්පතාට තමයි නිතරම (දී)
මෙවන් අනතුරු අහන්න දකින්න නොලැබේවා. (ස)
රට ඉදිරියටම යනවා…ඔහොම යන්! (ස)
දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙනවා කියන්නේ සෙල්ලම් නැහැ (දී)
ඔයවගේ සිදුවුණු පළමු අවස්ථාව නෙවෙයි.පරණ යල් පැනපු සන්නිවේදන ක්‍රම වෙනුවට නව ක්‍රම හදුන්වාදිය යුතුයි. (දී)
රියදුරාට නින්ද ගිහිල්ලද?? (ස)
යුද්ධය ජයගෙන අපේ මිනිස්සුන්ට නිදහස ලැබුනට පසු කොහේ හෝ තැනක් වැරදිලා තියෙනවා.දවසින් දවස අහන්න දකින්න ලැබෙන්නේ මේ වගේ සිද්ධි විතරයි.දුම්රිය එන්ජින් දෙකක් එකට ගැටුනා කියන්නේ එතන හිතන්න ගොඩක් දෙයක් ඉතුරු කරලා තියෙනවා. දුම්රිය ස්ථාන දෙක අතර සන්නිවේදනයේ කිසියම් ගැටළුවක් ඇති.(දී)