(ඩයනා උදයංගනී)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන පළමු පනත කළු සල්ලි සුදු කරන පනතක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ආණ්ඩුව මේ අවස්ථාවේ සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වුවත් ඔවුන් නව පනත ගෙනඑන්නේ බදු වංචා කරන්නන්ට සහනදීමට බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
ආණ්ඩුව තම යාළු මිත්‍රයින්ට සහන සලසා දෙමින් කොවිඩ් බොරදියේ මාළු බෑමට උත්සාහ කරන බව ද ඔහු කීවේය.
භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව ඇත්තක් වුවත් එයට මුවා වී තම ගජ මිත්‍රයන් අයථා මාර්ගවලින් ඉපයූ මුදල්වලට සුජාතභාවයක් ලබාදීම වරදක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම පනත හරහා අයථා මාර්ගවලින් මුදල් ඉපයීම දිරිගන්වන බව කී හඳුන්නෙත්ති මහතා එය ඉතා බරපතළ එකක් බව ද කීවේය.
එබැවින් එම පනත් කෙටුම්පතට විරුද්ධව අධිකරණයට යාමට ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.
හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
“මුදල් ඇමතිගේ පළමු පනත කළු සල්ලි සුදු කරන එකක්’’
මැක්ස් Wednesday, 21 July 2021 09:45 PM
කවුරු හරි මුදල් ඇමැති කෙනෙකුට පුලුවන් නම් ජේවීපී ගිණුම්වවලට සල්ලි ගලන්නෙ කොහෙන්ද කියලා හොයලා ඒකට ටැක්ස් ගහන්න ,රජයේ බදු ආදායම් වැඩි කරගන්න පුලුවන්. කැට හොල්ලන සාමාජික පෙළ පෙරටුගාමී එකට ගිහිල්ලත් ජවිපෙ ගිණුම් තරවෙන හැටි සොයා බැලිය යුතුයි.
මුණසිංහ Thursday, 22 July 2021 08:04 AM
ඔයාලගෙත් පිටරටවල තියෙන සල්ලි ගේන්න දැංවත්......
Prase Thursday, 22 July 2021 08:26 AM
කරන හැම දෙයක්ම වැරදියි කරන්න ඔිනි හරි දේවල් කියන්නැ
Deepal Nirosh Thursday, 22 July 2021 09:01 AM
ගොනා පොල් වත්තට පැන ගත්තෙ පොල් පැල ටික කන්න මිසක මහ ගස්වලට නැගල පොල් අතු උලා කන්න නෙවෙයි, සාමාන්‍ය දැනීමක තරම?
BamunuarachchiThursday, 22 July 2021 02:22 PM
දැන් පෙනෙනවනේ... ගොනාගෙන් ගතයුතු ප්‍රයෝජනය ගන්න සමහර ගොන්නු දන්නේ නැති බව... අපි අහල පහළ ගොන්නුන්ව අපේ පොල්වත්තේ බඳින්න කියනවා.. තණකොළ ටික කාලා දමන අසුචි, මුත්‍ර වත්තට පොහොරක් නිසා. මොනවා කරන්නද? මොඩයා කියලා මරන්නයැ නේද ආයුබෝවන්...?
Bamunuarachchi Thursday, 22 July 2021 11:27 AM
එතකොට කියන්න 1970 ගණන්වල එන් එම් පෙරේරා මහතා රුපියල් 50 ,100 නෝට්ටු කැන්සල් කලේ මොකටද? හලෝ කළු සල්ලි හම්බ කරන්නේ කුඩු බිස්නන් වලින්. හම්බ කරපු ඒ සල්ලි, රටේ සංසරණය වියයුතු මුදල් ඔය බිං ගේවල් වල සැඟවිලා තිබෙන්නේ. මුලිකව කල යුත්තේ කලුසල්ලි ඇතිවීම වලක්වීමයි.
kamal Thursday, 22 July 2021 01:12 PM
අර සහෝදරයාගේ පුතාව ඒරොප්පෙට යවලා උගන්වන්නෙත් ඔය සල්ලි වලින්ම තමයි සහෝදරයා