ස්වාධීන රූපවාහිනී සේවයෙන් ප්‍රචාරය කළ දැන්වීම් සඳහා මුදල් ගෙවීම් කර තිබුණත් එම මුදල් නොගෙවූ බව සළකමින් ගණනය කළ අවස්ථා බොහෝමයක් ඇති බවත් රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් එළෙස ගණනය කොට ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අද (20) බරපතල වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැවසීය.
ස්වාධීන රූපවාහිනී සේවයේ අභ්‍යන්තර විගණන නිලධාරී ලසන්ත මංජුල අලගියවන්න මහතා තමන්ට ලබාදුන් ලේඛන අට පරීක්ෂා කිරීමේදී මෙම කරුණු හෙළිවූ බව මාරපන මහතා දැනුම් දුන්නේය.
කරුණු සැළකිල්ලට ගත් කොමිසමේ විනිසුරු මඩුල්ල ස්වාධීන රූපවාහිනී සේවයේ අභ්‍යන්තර විගණන නිලධාරියා ඉදිරිපත් කළ ලේඛන වල ඇති නොගැලපීම් සම්බන්ධයෙන් වගුවක් සකස් කොට පැමිණිල්ලේ නීතිඥ මහතා හා සාකච්ඡා කිරීමට සාක්කි විභාගය අතරමග නතර කළේය.
අලගියවන්න මහතාගේ සාක්කියේ ඇති අපහැදිලි තැන් නිරවුල් කරගන්නා ලෙස දැනුම්දුන් විනිසුරු මඩුල්ල ඔහුගේ සාක්කි විමසීම නතර කොට වැඩිදුර සාක්කි විමසීම දෙසැම්බර් මස 17 වැනිදාට කල් තැබීය.
මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන,අමේන්ද්‍ර සෙනෙවිරත්න,විකුම් කළුආරච්චි,ගිහාන් කුලතුංග , හිටපු විගණකාධිපති පී.ඒ.පද්මතිලක යන මහත්වරු කොමිසමේ සාමාජිකයෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය කෝටි ගණනක් කවුද ගෙවලා තියෙන්නේ? (නි)
අනේ මන්දා මේවා? (නි)
ඔය කොමිසමට වියදම් කරන සල්ලි අපරාදේ (බ)
කඩයක් ගත්තම පරණ ණය ගෙවන්න සිදුවන්නේ පරණ මුදලාලිට නෙමෙයි, අලුත් මුදලාලිට. එම නීතිය මෙතනටත් වලංගුයි. මේක තනිකර මාධය සංදර්ශනයක් කර මහජන මුදල් කාදැමීමක් සිය යුද්දය අවසන් කර රටට නිදහස ලබාදුන් නායකයින් ක්‍රමක්‍රමයෙන් හෑල්ලු කිරීම්. මිනීමරපු කොටි එලියට දාල කරන සමීක්ෂණ මොනවද? ලංකාව අද ඇමරිකාවේ පඹයෙක් විතරයි. සිංහලයෝ වගේ මෝඩ ජාතියක් ලේකෙම නෑ. (ස)
මහින්ද මැතිතුමාට මඩගහන්න ගෙනා තවත් නාටකයක් අවසාන වෙන්න වගේ යන්නේ. සීෂෙල්ස් මාළිගා, ඩුබායි මාළිගා, ඇමරිකාවේ බකිංහම් මාළිගය (එහෙමනේ කිවුවේ) රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි, භූගත මාළිගා නාටක මාලාවේ තවත් එක නාටකයක් වගෙයි... (නි)
පටන්ගත්තේ නම් සතයක්වත් ගෙවලා නැහැ කියලයි (නි)
මෙහෙම ගිහිල්ලා අන්තිමට මහින්ද මහතාට අතට ගණනක් ලැබෙයිද දන්නෙ නැහැ (නි)
ඔවු ලක්විඳු මහත්තයෝ, ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහට හොරකම් කරන්න ඉඩදීලා නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳ නේද? (නි)
මහින්දට විරුද්ධව තියෙන චෝදනා ඔක්කොටම වෙන්නේ ඔය ටික තමා. අන්තිමට සියලු දෙනාට සිද්ධ වෙයි නොදැන කරපු වරදට මට සමාවෙන්න කියලා කියන්න.(ම)
ඔහොම අපරික්සවෙන් ක්‍රියාකර ඇති සියලුම නිලධාරීන්ගේ වැඩ වහාම තහනම්කරන්න.ඔය මුදල් ගියේ කොහාටද කියා සොයාබලන්න.(රේ)
මේවා බොරු අවලාද විතරයි කියලා අපි නම් ජන්දෙට ඉස්සෙල්ලා කිවුවා. (ස)
කවදාද මේ ප්‍රශ්න අවසන්වෙන්නේ? (නි)
මේ කියන විදියට ඒවා ගෙවලා තියෙනවා නම් මහින්දට මුල ඉඳලම කියන්න තිබුනේ ගෙවලා තියෙනවා කියලා. පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන්නේ ඕවට තමා. (නි)