
(සුජිත් හේවාජුලිගේ)
රටේ මුදල් නාස්ති කරමින් කරන රැස්වීම්වලට සම්බන්ධ වන සියලු දෙනාට තම රජයක් යටතේ නිදහසට කරුණු දැක්වීමට අනිවාර්්‍යයෙන්ම සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
රටේ කිසිම සංවර්ධනයක් නොමැති අවස්ථාවක ජනපති රට පුරා යමින් මෙවැනි රැස්වීම් සංවිධාන කිරීම විශාල මුදල් නාස්තියක් බව ඔහු පෙන්වා දුන්නේය.
හෙතෙම මෙසේ පැවසුවේ ඊයේ(14) කොළඔදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
සාගර කාරියවසම් මහතා මෙසේද පැවසීය.
ලංකා ඉතිහාසයේ අපි පළමු වතාවට දකිනවා, ආණ්ඩු බලය රාජ්‍ය බලය තියෙන රාජ්‍ය නායකයා කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් හෝ සංවර්ධනයක් හෝ නැතිව ඡන්දයට කලින් වගේ බොරු කියමින් බොරු පොරොන්දු දෙමින් රැස්වීම් පවත්වනවා. මේ කරන්නේ රටේ මුදල් නිකරැණේ නාස්ති කිරීමක්. මේ රැස්වීම්වලට සම්බන්ධ වන සියලු දෙනාට අපේ රජය යටතේ අනිවාර්්‍යයෙන්ම කරුණු පැහැදිලි කරන්න වේවි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕන. තව අවුරුදු 25 කින් අපි ඒක බලාපොරොත්තුවෙනවා.
ඔයාලට තියෙන නඩු ටික ඉවර කරගන්නකෝ ඉස්සර වෙලා. මහජන මුදල් කබාසිනියා කරපු අයම මෙහෙම කියන එක විහිළු සහගතයි.
01. කවදාවත් ආය පොහොට්ටු ආණ්ඩුවක් එන්නෑ 02. රැස්වීම් වලට යන වියදම් NPP එකෙන් ගෙවනවා.
මේ ආත්මයේ නොඑන කෝච්චි
ඕකට පිස්සු
පොහොට්ටුවේ එකාලා රැස්විම් කරපු විදිය රටම දන්නවා.කුඩු ජාවාරම් කාරයන්ගේ පිහිටෙන් ,රජයේ වාහන යොදාගෙන, ලන්ගමේට පොලු තියලා සෙනග බලෙන් ගෙනත්, ඉතාම අසික්කිත විදියට තමා කටයුතු කෙරුවේ.
ටිකක් රෑවෙයි. 200029 විතර බලමු.
පිස්සුද සාගර. බෙහෙත් ටික බීල නිදාගන්න.
උබලාගේ කෙරුවාව තමා අපි තාම විදෝනවා සාගල.
ඒක හොඳයි. ඒත් ඉතින් ඒකට තව අවුරුදු දෙසීයක් විතර බලාගෙන ඉන්න වෙනවා