IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මාදුළුවාවේ සෝභිත නා හිමියෝ අපවත් වෙති

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ (73) අද අලුයම 4.30ට පමණ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ දී අපවත් වූ බව එසැණ සාතිශය සංවේගයෙන් දැනුම් දෙයි.

සෝභිත හිමියෝ ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක හදවත් සැත්කමකට බඳුන් කරනු ලැබූහ. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය තුන් වැනි දා  සිංගප්පූරුව බලා  වැඩමවාගෙන යනු ලැබූහ. ඒ සිංගප්පූරුවේ විශේෂ ගුවන් යානයකිනි.  සිංගප්පූරුවේ දී එරට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ සහ ලංකාවේ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සෝභිත හිමියන් ප්‍රතිකාර ලැබීය.

සෝභිත හිමියන්ගේ දේහය හැකි ඉක්මණින් ලංකාවට එවීමට කටයුතු කරන බව සිංගප්පූරුවේ ආරංචි මාර්ග කියයි.

යුද්ධය අවසන් කිරීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය වෙනස් කරන ලෙස මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලීම් කළ සෝභිත හිමියෝ පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා වෙහෙසුනහ. 

ඉන් පසු ස්වාධීක කොමිෂන් සභා හැකි ඉක්මණින් ස්ථාපිත කරන ලෙස හා ඡන්ද ක්‍රමය වෙනස් කරන ලෙස මේ ආණ්ඩුවට ද බල කළහ.

1942 මැයි නව වැනි දා මාදුළුවාව ගමේ දී සෝභිත හිමියෝ උපත ලැබූහ.  පියා පතිරගේ දොන් අප්පුහාමි ය. මව කරලිනාහාමි ය. සෝභිත හිමියන්ගේ ගිහි නම පී ඩී රත්නසේකරය.

1955 දී සසුන් ගත වු සෝභිත හිමියෝ 1962 දී උපසම්පදාව ලැබූහ.

(සෝභිත නා හිමියන්ගේ 70 වැනි ජන්ම දිනයට ලියැවුණු ගීතයක්)

(ලංකාදීප එසැණ සමඟ මාදුළුවාවෝ සෝභිත නා හිමියන් පැවැත් වූ සාකච්ඡාවක්)

(ලංකාදීප එසැණ සමඟ මාදුළුවාවෝ සෝභිත නා හිමියන් පැවැත් වූ සාකච්ඡාවක්)



අදහස් (0)

මාදුළුවාවේ සෝභිත නා හිමියෝ අපවත් වෙති

රතන Sunday, 08 November 2015 03:31 PM

ඔබවහන්සේ රටට ඉමහත් සේවයක් කළ සාසනයට සේවයක් කළ ඔබ වහන්සේ පැතූ යහපාලනය රටට උදාවේවා. මරණය නමැති ධර්මතාවය වැළඳ ගනිමින් ඔබ වහන්සේ අප සැමගෙන් සමුගෙන අපවත්වුණා. සේනාසනවාසී සියලු ස්වාමීන්වහන්සේලා ඇතුළුව මා ප්‍රාර්ථනා කරනවා නිවන්සුව ලබාගැනීමට හැකිවේවා කියා ! (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 08 November 2015 03:42 PM

ජාතිය වහල් යුගයකින් නිදහස් කරලීමට ඔබවහන්සේ කළ කැපවීම ම ඇති නිවන් දකින්නට .අපගේ සාතිශය සංවේගය! (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 08 November 2015 03:43 PM

ඒකාධිපතියෙකුගේ වහල්ලු වගේ ජිවත් වුන අපිව සහ අපේ දරු පරම්පරාවම නිදහස් කර දුන්නු,ඒ සදහා නායකත්වය දුන්නු ඔබ වහන්සේට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 08 November 2015 03:48 PM

එදා ජාතික වීරයා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ පිළුණු බත් කනකොට ඒ වෙනුවෙන් නොබියව සටන් කළා. ඔබ වහන්සේගේ කටහඩ අපවත් කරන්න නොකරපු දෙයක් නැහැ.(මහනුවර සත්‍යග්‍රහය වලක්වන්න ඔබ වහන්සේ ගිය වහනය අනතුරට පත් කළා).ඒ කිසිවකින් නොසැලුන ඔබ වහන්සේ අවසාන ඉලක්කය දක්වා සටන් කළා. ඒ අපේ රට වෙනුවෙන් සහ උපදින දරු පරම්පරාව වෙනුවෙන්.ඔබ වහන්සේට නිවන් සුව. (බ)

:       0       0

ජීවන් Sunday, 08 November 2015 12:42 AM

වෙනසකට මුලපිරූ හිමියනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා ! (නි)

:       0       0

තරංග Sunday, 08 November 2015 12:54 AM

නිවන් සැප ලැබේවා හිමියනි! (නි)

:       0       0

සමන් Sunday, 08 November 2015 12:56 AM

ඔබ වහන්සේට දෙව් මිනිස් සැප කෙළවර නිවන් සැප ලැබේවා ! (නි)

:       0       0

කරුණාරත්න Sunday, 08 November 2015 05:40 PM

ඔබ වහන්සේ වැනි නිර්භීත බුදු පුතුන් අද වෙන නැත. ඔබ වහන්සේ අපවත්වීම අපේ අවාසනාවයි (නි)

:       0       0

රෂිත Sunday, 08 November 2015 01:01 AM

ඔබ වහන්සේගේ බලාපොරොත්තු වූයේද යහපාලනයයි. එය යථාර්ථය ඔබ වහන්සේට තේරුම්ගියේ අස්වනු නෙළීමට ගියවිටය. ඔබ වහන්සේ දැන් නෙළාගත් අස්වනු භුක්ති විඳීමට අප අතර නැත. නමුත් අප හා රටේ අනාගතය එම අස්වැන්න භුක්ති විදිය යුතු වේ. මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව...!!! (නි)

:       0       0

හේරත් Sunday, 08 November 2015 02:13 AM

හිමිනමක් ලෙස ඔබවහන්සේ රටේ සෑම පුරවැසියෙකුටම දැනෙන ලෙසයි වාසයකළේ. ඔබවහන්සේ කළ ශාසනික මෙහෙවර ආත්ම ගණනාවකට ඇති. නිවන් සුව! (නි)

:       0       0

උදේනි Sunday, 08 November 2015 02:20 AM

ඔබවහන්සේ පැතූ යහපාලනය ඔබවහන්සේට මෙන්ම අපටද සිහිනකයකි. ඔබවහන්සේට නිවන් සුව! (නි)

:       0       0

ආසිරි Sunday, 08 November 2015 04:04 AM

නිවන් සුව අත්වේවා (ම)

:       0       0

ආසිරි Sunday, 08 November 2015 04:01 AM

මහා නාහිමියන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා (ම)

:       0       0

අනිල් රෝහණ Sunday, 08 November 2015 04:51 AM

ඔබවහන්සේට නිවන්සුව අත්වේවා !!! අනේ ඔබවහන්සේ දේශපාලන මඩවලට පා නොතබුවානම් ??? (ම)

:       0       0

සුමුදු Sunday, 08 November 2015 04:57 AM

"හිමියනි, ඔබ දේශයේ නිදා සිටි අන්ධයින් අවදිකිරීමම ඔබවහන්සේට නිවන් දැකුමට හේතු වන මහඟු පිනකි. දේශයේ නියම සිංහලයන්ගේ උත්තමාචාරය '' (නි)

:       0       0

පාති Sunday, 08 November 2015 05:09 AM

හද සසලකල පුවතක්. ප්‍රයෝගිකව සමාජ යහපත උදෙසා අවසන් මොහොත දක්වා කැප වූ යතිවරයාණන් කෙනෙක්. උන්වහන්සේට නිවන්සුව සාක්ෂාත් වේවා.(ම)

:       0       0

හිමාලා Sunday, 08 November 2015 06:04 AM

ඔබ වහන්සේට නිවන් සැප (ම)

:       0       0

පනාවීර Sunday, 08 November 2015 06:13 AM

ජාතිය අවදි කල යතිවරයණෙනි,ඔබ වහන්සේට නිවන් සුව ! (ම)

:       0       0

සහන් Sunday, 08 November 2015 06:27 AM

රටට අත්‍යවශ්‍ය හිමි නමකි ඔබවහන්සේ.ඔබගේ වියෝව අපට හොදටම දැනේවි.ඔබවහන්සේට නිවන් සුව පතමි. (ම)

:       0       0

රොහාන් Sunday, 08 November 2015 06:29 AM

සංවේගයෙන් උවද ඔබවහන්සේ මේ රටට කල අමිල මෙහෙවර කිසිදා අමතක කළ නොහැක ලාංකිකයන් වන අප සියලු දෙන්න්ගේ හිත වල ඔබවහන්සේ සදාකාලයටම සිටි ඔබවහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා (ම)

:       0       0

රුවන් අබු ඩාබි Sunday, 08 November 2015 06:34 AM

උන්වහන්සේ නිර්දය ලෙස විවේචනය කරන මෝඩ මිනිසුනේ උබලා කෙතරම් අපහස කරාද උන් වහන්සේ උබලාට අනුකම්පා කරනු ඇත .(ම)

:       0       0

ශෂී Sunday, 08 November 2015 06:38 AM

ඔබ වහන්සේට නිවන් සුව ! (ම)

:       0       0

තුවාන් Sunday, 08 November 2015 06:48 AM

මතු සසරදී වත් සාසනය වෙනුවෙන් චීවරය දරන්න ලැබේවා! (ම)

:       0       0

පද්මිනි Sunday, 08 November 2015 06:54 AM

ජාතිය වහල්යුගයකින් නිදහස් කරලීමට ඔබවහන්සේ කල කැපවීම ම ඇති නිවන්දකින්නට . අපගේ සාතිශය සංවේගය .(ම)

:       0       0

කසුන් Sunday, 08 November 2015 07:38 AM

බොරු ආටෝප නැති .. යථා වාදී තතා කාරී නිමිනමක් . ඔබවහන්සේට මොක් සුව! (ම)

:       0       0

නන්දනී ගුණරත්න Sunday, 08 November 2015 07:47 AM

නිවන් සුව අමාමහ නිවනින් සැනසිම ලැබේවා (ම)

:       0       0

ගිතාන්ජලි Sunday, 08 November 2015 07:58 AM

ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා !!! (ම)

:       0       0

සොයිසා Sunday, 08 November 2015 08:47 AM

යහපාලයේ සතුටට ඔබට නිවන් සුව.(ම)

:       0       0

රොහන Sunday, 08 November 2015 08:55 AM

හිමියනි ඔබ වහන්සේ මැවූ / සිතු යහපාලනය අපට කවදා හෝ ලඟා වේවා.ඔබ වහන්සේ වැනි හිමිවරු මේ පොළොවේ තවත් ඉන්නවාද සැකයි.ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා.(ම)

:       0       0

නිශාන්ත Sunday, 08 November 2015 08:54 AM

රටට කල සේවයට ඔබට නිවනම අත් වේවා (ම)

:       0       0

මෙවන් Sunday, 08 November 2015 10:13 AM

ශ්‍රී ලාංකීය අභීත සිංහ නාදය! ඔබ වහන්සේට අමා මහා නිවන් සුව අත්වේවා! (ම)

:       0       0

චතුරංග Sunday, 08 November 2015 10:11 AM

ඔබ වහන්සේට අමා මහ නිවන් සැප ලැබේවා.! ඔබ වහන්සේ රටට කියා දුන් ඒ දහම සදාකල් පවතීවා.! (ම)

:       0       0

පුජ්‍ය ඉලුක්පිටියේ පන්නාසේකර Sunday, 08 November 2015 10:30 AM

ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා !!! (ම)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Sunday, 08 November 2015 11:08 AM

සංඝ පීතෘවරයාණෙනි... ඔබ වහන්සේගේ අපවත් වීම මුළු මහත් සංඝ සමාජයටම පුරවාලිය නොහැකි පාඩුවකි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4626 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නිකවැරටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


පණ්ඩුවස්නුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 5 0


රුවන්වැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 11 0


අනුරාධපුරම අනුරට
2024 සැප්තැම්බර් මස 22 39 0


වැලිමඩ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 90 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14937 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 245 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site