IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මධුගේ "ඔබ ගියා කියා" එළිදකියි

2016-04-07-ent-14

2016-04-07-ent-13සංගීත ක්ෂේත්‍රයට මෑත කාලයේ නවකයන්ගේ පිවිසීම ඉතා වේගයෙන් සිදුවෙයි. විවිධ පරාසයන් අතර වෙනස්ම තේමා ඔස්සේ නව නිර්මාණද ඔවුන් අතින් එක්වන ප්‍රමාණයද අතිවිශාල වී තිබේ. මෙලෙසින් සංගීත ක්ෂේත්‍රයේ දොරගුළු විවෘත කරගත් නවපරපුරේ යොවුන් ගායකයෙකු ලෙස මධු රොක්ස් හඳුන්වාදිය හැක. මේ දිනවල ඔහුගේ අලුත්ම ගීත රූප රචනාව වූ "ඔබ ගියා කියා" ගීතය රසිකයන් අතර වඩා ජනප්‍රිය වී ඇත.

"මේ ගීතය මට වුණ අත්දැකීමක් මත නිර්මාණය වුණ ගීතයක්. ලිව්වෙ විශ්ව එස්.මහානාම. සංගීතය එකතු කළේ හෂාන් දිලින. මෙහි මියුසික් වීඩියෝව නිර්මාණය කළේ "අනුහස්" මියුසික් හවුස් ප්‍රඩක්ෂන් එකෙන්. විඩියෝවේ අධ්‍යක්ෂණ කටයුතු සිදු කළේ ළහිරු හෙට්ටිආරච්චි. මා සමගින් ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළි ශෂි ඇන්ජලිනා හා නවක මෝස්තර නිරූපිකාවක වූ පියෝනා ප්‍රනාන්දු රංගනයෙන් දායක වෙනවා. මෙය ආදරය හා විරහව පදනම් කරගෙන නිර්මාණය වුණ ගීතයක්. නමුත්, අද තියෙන රැල්ලත් එක්ක ගත්තොත් මේ ගීතය ගොඩක් වෙනස් එක්ක කියලා සඳහන් කරන්න පුළුවන්."

ගී පද රචකයෙකු, නර්තන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ ඔහු කුංග්ෆු සටන් කලාව හදාරන්නෙකු ලෙසද නමක් දිනා ඇත. ඔහු දැනට "මධු ඩ්‍රිම් ප්‍රඩක්ෂන්" නමින් ආයතනයක්ද පවත්වාගෙන යමින් සිටියි. මීට වසර කිහිපයකට සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වී ඇති මධූ මේ වනවිට ගීත කිහිපයක්ම එළිදක්වා තිබේ. ඒ අතරින් %හිත පුරා සෙනෙහස^ මෙන්ම %සිංහ තේජස^ ගීත අතිශය ජනප්‍රිය විය.

"ඔබ ගියා කියා" ගීතයට අමතරව මේ දිනවල මම තවත් අලුත් ගීත කිහිපයක්ම එළිදක්වන්නට සූදානමින් සිටිනවා. බොහෝ විට ඒ අතරින් %මගේ ලොව හිරු^ කියන ගීතය ඉතා ඉක්මනින් මගේ රසික, රසිකාවියන්ට අහන්නටත්, දකින්නටත් ලැබෙයි කියලා හිතෙනවා. මේ ගීතය ලිව්වෙ සාගරිකා ශ්‍රීපාලි, මියුසික් කළේ චන්දන වල්පොල. "හරි" ක්‍රියේෂන්ස් ආයතනය තමයි මෙහි මියුසික් වීඩියෝව නිර්මාණය කළේ. මෙහි මා සමගින් ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වුණ නයෝමි තක්ෂිලා රංගනයෙන් දායක වෙනවා."

මධු ආ ගමන්මගේදී ඔහුව ධෛර්මත් කර ඇත්තේ ඔහුගේ පවුලේ උදවිය බව ඔහු පවසනවා. එමෙන්ම ක්ෂේත්‍රය තුළදී වචනයකින් පවා උදව් කළ පිරිස් බොහෝමයක්ද ඔහුට සිටින බවද ඔහු පවසයි. එමෙන්ම %ෆේස්බුක්^ සමාජ ජාලය තුළදී ඔහුට මුණගැසුණු මිතුරු, මිතුරියන්ද මතක් කළ ඔහු අවසානයේ "ඔබ ගියා කියා" ගීතයේ ඔහුගේ කොණ්ඩ සැකසුම් ශිල්පියා ලෙස කටයුතු කළ ලසිත් අමරබන්දුව විශේෂයෙන්ම මතක් කර සිටියා.


0710 351 494 - 0778 113 331

බුද්ධික සේනාධීර

 



අදහස් (0)

මධුගේ "ඔබ ගියා කියා" එළිදකියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 639 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 681 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2479 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 484 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 200 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site