IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මාධ්‍ය විශිෂ්ටයෝ රනින් පුද ලබති

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ විශිෂ්ට කුසලතා ඇගයීමේ අරමුණින් ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත්  ආයතනය  එක්ව සංවිධානය කළ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල  ගල්කිස්ස මහා හෝටලයේදී   පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වු අතර ඔහුද ඇතුළුව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ  සය දෙනෙක්  මෙහිදී විශේෂ උපහාරයෙන් පිදුම් ලැබුහ.

ඒ අනුව මෙරට පුවත්පත් කලාවට සිය ජිවීත කාලය තුළ සිදු කළ දීර්ඝ කාලීන හා  විශිෂ්ට සේවාව වෙනුවෙන් එස් පියසේන, එන් පද්මසීලන්, ඩන්ස්ටන් වික්‍රමරත්න , කැරල්  ඇලෝසියස් හා කැමිලස් පෙරේරා යන ප්‍රවීණ මාධ්‍යවේදී හු  රන් සම්මානයෙන් පිදුම් ලදහ. 

ලංකාදීපයේ මාතර ප්‍රාදේශිය මාධ්‍යවේදී  ක්‍රිෂාන් ජීවක ජයරුක් වසරේ හොඳම දුෂ්කරතා මැද වාර්තාකරණයට හිමි කේ කෛලාසපති සම්මානයෙන් පිදුම් ලැබීය.

  විජය පුවත්පත් සමාගමේ ඩේලී මිරර් පුවත්පතේහි ලක්නා පරණමාන්න වසරේ හොඳම තරුණ මාධ්‍යවේදීනියට හිමි ඩෙන්සිල් පිරීස් සම්මානය ද,  චන්නක ද සිල්වා  වසරේ හොඳ ක්‍රිඩා පුවත්පත් කලාවේදී  හා වසරේ හොඳම වාර්තාකරණයට හිමි සම්මානද, වසරේ හොඳම කාටුන් ශිල්පියා ලෙස  ඩේලි මිරර් හි අවන්ත ආටිගල , සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි සමිත්‍රි  ඩැනියෙල් වසරේ හොඳම විශේෂාංග ලේඛිකාවට හිමි  ( ඉංග්‍රිසි) උපාලි විජයවර්ධන සම්මානයද, වසරේ හොඳම තීරු ලිපි රචකයා ට හිමි බී ඒ සිරිවර්ධන සම්මානය ඉරිදා ලංකාදීප පුවත්පතෙහි සී ජේ අමරතුංග ද  එහි කුසලතා  සම්මානය (ඉංග්‍රිසි) ඩේලි එෆ් ටී පුවත්පතෙහි දරීෂා බැස්ටියන්ද, සිය සගයන්ගේ  ඇගයීමට ලක් වන පුවත්පත් කලාවේදීයාට හිමි  ඩී ආර් විජයවර්ධන සම්මානය සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි චාන්දනී කිරින්දේ විසින්ද, වසරේ හොඳම  පිටු සැකැස්ම සහිත පුවත්පත ලෙස සන්ඩේ ටයිම්ස්  පුවත්පතද සම්මානයෙන් පිදුම් ලදහ.

වසරේ හොදම මාධ්‍යවේදීයා  ලෙස මර්වින්ද සිල්වා සම්මානය  - දිල්රුක්ෂි හදුන්නෙත්ති

( සිලොන් ටුඩේ)

වසරේ හොඳම ව්‍යාපාර මාධ්‍යවේදීයා(සිංහල) - රුවන්  තිළිණ සමරසිංහ ( රාවය)

වසරේ හොඳම ව්‍යාපාර මාධ්‍යවේදීයා(දෙමළ) -රොබට් ඇන්තනී ( වීරකේසරී)

වසරේ හොඳම ව්‍යාපාර මාධ්‍යවේදීයා(ඉංග්‍රිසි)- අබිදුල් රසාක් මොහොමඩ් ( ද නේෂන්)

වසරේ හොඳම විශේෂාංග  ලේඛකයා උපාලි විජයවර්ධන සම්මානය ( සිංහල) -කසුන් අමිල පුස්සවෙල (රාවය)

වසරේ හොඳම විශේෂාංග  ලේඛකයා උපාලි විජයවර්ධන සම්මානය ( දෙමළ) - යෝගේෂ්වරන් තුෂිකරන් ( උදයන්)

වසරේ හොඳම තීරු ලිපි රචකයා - බී ඒ සිරිවර්ධන සම සම්මානය (සිංහල) -විමලනාත් වීරරත්න (රාවය)

වසරේ හොඳම තීරු ලිපි රචකයා -බී ඒ සිරිවර්ධන සම සම්මානය (දෙමළ) - අබ්දුල් රහිම් (විඩිවෙල්ලි)

වසරේ හොඳම තීරු ලිපි රචකයා -බී ඒ සිරිවර්ධන සම සම්මානය (ඉංග්‍රිසි) -මන්දනා ස්මයිල් අබේවික්‍රම (සන්ඩේ ලීඩර්)

වසරේ හොදම පාරිසරික මාධ්‍යවේදීයා - අබිදුල් කාදර් (මෙට්‍රෝ නිවුස්)

වසරේ හොඳම සමාජ ගැටළු පිළිබද වාර්තාකරණ  මාධ්‍යවේදීයා  - සුබ්‍රමනීයම් චෙට්ටියාර් සම්මානය -එස් දුෂ්‍යන්තන් (තිනක්කුරල්)

වසරේ හොඳම පුවත්පත් කලා ඡායාරූප මාධ්‍යවේදීයා - ගැමුණූ වැල්ලගේ (සිලෝන් ටුඩේ)

වසරේ හොඳම ගවේෂණාත්මක මාධ්‍යවේදීයා - හර්ෂා සුගතදාස ( ඉරිදා ලක්බිම)

 ශ්‍රී ලංකාවේ  පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සදහා කැපවීම වෙනුවෙන්  පිරිනැමෙන  සේපාල ගුණසේන  සම්මානය  සීතා රංජනී මහත්මියට හිමි විය

 



අදහස් (0)

මාධ්‍ය විශිෂ්ටයෝ රනින් පුද ලබති

ජයී තිසර Wednesday, 31 July 2013 07:08 PM

ජනතාවගේ දැනුම දිනෙන් දින දියුණු කරමින් දහසකුත් එකක් දුෂ්කරතාවලට මුහුන පාමින් විශිෂ්ට සේවයක් කළ ජයග්‍රහයකයින් සැමටම සුබ පැතුම්. (අ)

:       0       0

ගාමිණි Wednesday, 31 July 2013 07:13 PM

අර කාරියකරවන මහත්තයා දැන් කොහෙද කියලා දැනගන්න ආසයි (නි)

:       0       0

උපාලි Thursday, 01 August 2013 06:22 AM

සියලුම සම්මාන ලාභීන්ට මගෙත් සුබපැතුම්! අපේ ජාතික පුවත්පත් සියල්ලම වගේ ආරම්භ කරපු ඩී.බී.ධනපාල නම් වූ ශ්‍රේෂ්ඨ පුවත්පත් කලාවේදියා ළඟට එඩ්මන් රණසිංහ ශුරීන්ට මම ගරුකරනවා. එතුමා මෙතන ඉන්න වැඩි දෙනෙකුගේ ගුරුවරයාත් විය හැකියි. නරකද "මැර තර්ජන නොතකා වාර්තාකරණය' යටතේත් සම්මානයක් පිදුවොත් සුදුස්සෙක් තෝරලා, ඊ ළඟ අවුරුද්දේ සිටවත්? (නි)

:       0       0

චන්දි Wednesday, 31 July 2013 07:50 PM

ඔබ සැමට මාගේ හදපිරි උණුසුම් සුබ පැතුම් !!!තව තවත් ලිවීමට සිතට සක්තිය හා දිරිය ලැබේවා (අ)

:       0       0

මහරගම කුරේ Wednesday, 31 July 2013 08:02 PM

පියසේන සේනාධීර මාධ්‍ය විද්වතාණන් ( සුගීස්වර සහ ගොමි ගේ පියාණන්) ඇතුළු සියලු දෙනාට චිරං ජයතු !! ආයු රඛ්කන්තු ආවඩා !!!!! (අ)

:       0       0

දයා අළහකෝන් Wednesday, 31 July 2013 03:36 PM

විදේශ රටවල සිට ලියන අය ඇතුළත් වෙන්නේ නැද්ද මෙම උපහාර සම්මාන වලට? (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 31 July 2013 09:32 PM

අපට සුගී ගැනත් ආඩම්බරයි. එස්. පියසේන පියාණන්ට දීර්ඝායුෂ පතමු. (අ)

:       0       0

රූපවතී Wednesday, 31 July 2013 03:55 PM

ඔබ සැම කලමෙහෙය අපි ඉතා අගයමු..!අදිෂ්ඨාන ගමනක් යන්නට ඔබ සැමට සුබ පතමු ..!! (ස)

:       0       0

සිල්වා Wednesday, 31 July 2013 04:09 PM

කාටවත් කඩේ නොයන, සාදාරණය දකින හෙටක් උදා වේවා! එයයි ඔබේ වගකීම. (ස)

:       0       0

රමණි Wednesday, 31 July 2013 04:16 PM

රටට වෙනුවෙන් ඔබගේ වගකීම ඉටුකරන්න මුදලට යට නොවී. (ස)

:       0       0

චානක. Wednesday, 31 July 2013 10:29 PM

ජනතාවගේ දැවෙන ප්‍රශ්න, ඔවුන්ට වෙන අසාධාරණකම් පෙන්වා දෙන මාධ්‍යකරුවන්ව ඇගයිය යුතුය (නි)

:       0       0

විජය Wednesday, 31 July 2013 11:00 PM

සුදුසුකම් තිබෙන අය තවත් ඉන්න පුළුවන් සැගවිලා (නි)

:       0       0

නීරෝ Wednesday, 31 July 2013 06:13 PM

මේකේ ඉන්න කාන්තාවන් නම් ලස්සනයි. අපේ රූපවතීත් පුළුවන් නම් උත්සාහ කරලා මේ අයට එකතු වෙන්න (නි)

:       0       0

දුම්න්ද Wednesday, 31 July 2013 06:37 PM

හොඳ මාධ්‍යෙව්දීන් රටේ වාසනාවන් .ලංකදීපයටත් සම්මාන ලැබෙවා. (අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 31 July 2013 06:46 PM

ලස්සනට පෑන හසුරවපු අයට බොහොම ස්තුතියි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 120 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 147 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1855 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2731 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2052 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 532 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site