මාධ්‍ය නියෝජිතයන් හමුවෙ ලසිත් මාලිංගගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහුට දොස් පැවරීමට සිදුවන අතරම සහ මාධ්‍ය සමග ගනුදෙනු කිරීම පිළිබඳව ඔහුට අවවාද කිරීමටද අවශ්‍ය බව එම සිදුවීම සම්බන්ධයෙන් පරික්‍ෂණය මෙහෙයවූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී අජිත් ජයසේකර මහතා අදහස් කරයි.
ඉදිරියේදී මාධ්‍ය සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග තව දුරටත් අවවාද ලැබිය යුතු බව අජිත් ජයසේකර මහතා විසින් විධායක කමිටුවට ඉදිරිපත් කරන ලද වාර්ථාවේ නිර්දේශ කර තිබේ.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව විසින් ඔහුගේ නිර්දේශයන් පිළිගනු ලැබ ඇති අතර ලසිත් මාලිංග සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සඳහා කැමිලස් අබේගුණවර්ධන (විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සහ විධායක කමිටුවේ හිටපු සාමාජික), හරිගුප්තා රෝහණධීර (නීතීඥ සහ විධායක කමිටු සාමාජික) සහ අජිත් ජයසේකර (ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සංගමයේ ප‍්‍රධාන විධායක නිළධාරී) යන මහත්වරු පත්කර ඇත.
කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික කොන්ත‍්‍රාත් සම්බන්ධයෙන් තේරීම් කමිටු සාමාජිකයින් සමග තිබූ විශේෂ සාකච්ඡව පිළිබඳව මාධ්‍ය විසින් යොමු කරන ලද ප‍්‍රශ්නයක් හමුවේ උරණ වූ ලසිත් මාලිංග මාධ්‍ය නියෝජිතයන් හමුවේ නුසුදුසු ආකාරයට හැසිරීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට බඳුන් විය.
(**)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අවවාදද ඉවත් කරලා දාන්න (දී)
මාලිංග මිට පස්සේ කාට බැන්නත් කමක් නැහැ, මාධ්‍යට බනින්න එපා (දී)
මාලිංග ලැජ්ජයි නේද දැන් (දී)
ටිකක් නොවෙයි ගොඩාක් (දී )
මිනිස්සු ඉස්සරහා හැසිරෙන්න උගන්නන්න (දී)
කතා කරලා වැඩක් නැහැ (දී)
පුරුදු කරන්න වහාම (දී)
වැඩක් නැහැ (දී)
මමත් හිතනවා (දී)
අජිත් ජයසේකර මහතාගේ නිර්දේශය අපි ද අනුමත කරමු. (දී)
මාලින්ග් දැන්වත් හැදෙන්න (දී)
නවත ඉස්කෝලේ ගිහින් එන්න (දී)
මාලිංග ලජ්ජා ඇතිනම් මාධ්‍යට මුහුණ දෙන්නේ නැහැ (දී)
මාලිංගගේ ඔළුව කොහොමත් අමුතුයිනේ (නි)
සල්ලි ගැන විතරක් හිතන, රට ගැන නොහිතන, පුහු අහංකාර, මෝඩකම පෙන්වීම තමයි මෙතන වැරැද්ද. ඒ ගති අපි ක්‍රීඩකයින්ගෙන් අපේක්ෂා කරන්නේ නැහැ. (නි)
ක්‍රිකට වලට දක්ෂ වුණාට අනෙක් දේවල් අන්තිමයිනේ. (නි)
ඇයි මේවා මාලිංගට විතරක්? සමහර ඇමතිතුමන්ලා මාධ්‍ය කැමරා පොළවේ පවා ගහලා තියෙනවා. (නි)
මාලිංග වැරදි වෙන්න පුලුවන්. නමුත් ඔහු හොද ක්‍රීඩකයෙක්. (නි)
අනේ මාලිංගට ජේසු පිහිට පතන්නෙ ඇයි? (නි)
එයා කළ වැරැද්ද මුලු ලෝකයකම දැක්කා. දැන් මුලු ලෝකය ඉදිරියේදී දඩුවම්ද විදිය යුතුයි. (නි)
මල්ලී හරි මල්ලී. සුභ පැතුම්! (නි)
මාලිංග කියන්නේ අසාමාන්‍ය චරිතයක්. (නි)
මේ අපි දාන අදහස් මාලින්ගත් කියවනවා ඇති නේද (දී)
මධ්‍ය සමග ගැටීම් ඇතිකරගත් කිසිවෙකු ජය නොගනී. ඕනෑම පුරවැසියකු මාධ්‍ය සමග සුහදව කටයුතු කළ යුතුයි. (නි)
කැමරා පොළවේ ගහපු කට්ටියටත් යම් දඩුවමක් අවශ්‍යයි නේද? (නි)
මෙයා ඉන්දියාවෙදි නම් පුදුම සංවරයි. (නි)
අවවාද මොකටද ඉවත් කිරීම පමණමයි තියෙන්නේ (දී)
මෙයාව හොද ක්‍රිකට් වලට නෙමෙයි. (නි)
මාලිංග අපි ඔබ සමගයි හැමදාම. ඔබ කළ වරද,"මනුස්සයො" (මනසින් උසස්) කියපු එකද..?? මාලිංග, ඔබ අපිට වීරයෙක් හැමදාමත්. (නි)
දැන් මාධ්‍යයට කරන්න තියෙන්නේ මෙයාව ගණන් ගන්නෙ නැතුව ඉන්නයි. (නි)
ඔයා හොද ක්‍රීඩකයෙක්. ඔයාගෙ අහංකාරකමටයි මිනිස්සු බනින්නේ. මාධ්‍යයෙ අය ආවේ ක්‍රීඩාලෝලින් වෙනුවෙන් එයාලගෙ යුතුකම කරන්නයි. ඔයා බැනලා තියෙන්නෙ සමස්ත ක්‍රීඩා ලෝලීන්ටයි. වේගයෙන් පන්දු යැවුවාට, ඔයා තාම ලාමකයි. (නි)
මුල මතක නැති වුණාම එහෙම තමයි (අ)
ලොකු ලොකු අය නරක විදියට හැසිරෙන නිසා මාලිංගත් ඒ අය ආදර්ශයට ගන්න ඇති. (නි)
ලංකාවේ දේශපාලනටය අවශ්‍ය සුදුසුතම ඔබ සම්පූර්ණ කලා ඒතා (අ)
මාලිංග මාමේ දැක්කා නේද මාධ්‍ය මාමලට බනින්න එපා මිටපස්සේ පාරේ බැහැලා යන්න බැරි වෙයි, දැන් දැක්කනේ ඒ මාමාලා ඔයාගේ රෙදි ගලෙවුවා (දී)
දෙන්න තියෙන ගානක් දීලා අයින් කරලා දාන්න (දී)
අවවාද කියන්නේ පන්තියකට යවලා උගන්නන්න ඕනේ (දී)
අයියෝ! (නි)
සෙල්ලන් කරන්න විනයක් තියෙන්න ඕනේ (දී)
මාලිංග කෝව දන්නවාද, පොඩ්ඩක් කෝවට බැහැලා එනවාද (දී)
මාලිංග අපේ කණ්ඩායමට එපා. (නි)
නැතිනම් තවත් දවසක ඔහොම වෙයි (දී)
එක හොදයි (දී)
අපේ රටේ මෙතෙක් බිහිවුණු හොඳ ක්‍රීඩකයන්න කරන නිගරුකමක්,මේ වගේ පාසල්ප ගිහින් නැති අය ක්‍රිකට් ගහන්න ගත්තම මෙවැනි දේ වෙනවා. (අ0
මූලිකම දේ තමයි නුගතකම, මුල ඉදල පාසල් යවන්න (අ)
අහංකාර කමයි මෝඩකමයි, ගණන් ගන්න එපා
අර කෝටි 600යේ කුසලානය ගත්ත කෙනත් එක්ක බලද්දී ඔයා කවුද? (නි)
ලසිත් හොඳ කොල්ලෙක් හරියට ඉර්ශියකාරයෝ ඉන්නවා එයාට (අ)
දැන්නම් උණ හොදවෙලා ඇති. (නි)
අනේ මන්දා! 5 වසරේ විතර ඉදලම නැවත පාසල් යවන්න වෙයිද කියලා මට සැකයි. (නි)
මින් පසු මාධ්‍ය සමග මාලිංග සුහදව කටයුතු කරයිද (දී)
ආයෙත් පිට්ටනියට ආවොත් එයාට කට්ටිය හූ කියයි. (නි)
මාධ්‍යට සහ ක්‍රිකට් මණ්ඩලයට ස්තූතියි! (නි)
තීරණය ගැන මට නම් සතුටු වෙන්න බැහැ. (නි)
වෙනම කමිටු අවශ්‍ය නැහැ. අපේ අදහස් ටික බැලුවනම් ඒ ටිකම ඇති එයාට හැදෙන්න. (නි)
මාලිංගගේ වරදක් මම නම් දකින්නෙ නැහැ. (නි)
මාධ්‍ය සමග සෙල්ලම් කරන්න හදන්න (එපා දී)
මාධ්‍යට බය නැහැ කවුරුත් (දී)
මාලිංගට මම කියලා දෙන්නම් කතා කරන්න (දී)
මොනවාද අවවාද කරන්නේ, මාලිංග පොඩි ළමයෙක්ද (දී)
මාලිංගට බැනලා වැඩක් නැහැ. එයා බෝල යවන්න දක්ෂ වුණාට මාධ්‍යයට කතා කරන්න තරම් දැනුවත් නැහැ. (නි)
ලෙදර් බෝලයක් විසී කිරීමට අමතරව මේ ජීවිතයේ ඉගෙනිය යුතු දේවල් තව හුගක් තියෙනවා. (නි)
ඇයි අර කෑගහන ඇමතිතුමාට මෙහෙම නොකරන්නේ? (නි)
අනේ මාලිංග, ඔබට ජේසු පිහිටයි! (නි)
ලෝක කුසලානයක් දිනූ අපේ රටට මෙවන් ක්‍රියාවන් නින්දාවකි. (නි)
අවවාද නෙමෙයි, යම්කිසි දඩුවමක් දෙන්න. (නි)
දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් පරිණතබවින් අඩුයි. (නි)
හොද යෝජනාවක්. අවවාද කරලා වැරදි හදාගනිමු. (නි)
ඔවුන්ට අවවාද කර හදාගනිමු. (නි)
මොනවා වුණත් කලකදී මෙයත් පාර්ලිමේන්තුවේ ඉදිවී. "ජනප්‍රියත්වය" පමණක් අදහන ජනතාවක් ඉන්න එකම රට ලංකාවයි. (නි)
ටික දවසකටවත් කට වහගෙන ඉන්න බලන්න. (නි)
ක්‍රීඩකයන්ට ක්‍රිකට් ගහන්ඩ දීලා, මාධ්‍ය අයට ලියන්න දීලා, අපි ක්‍රිකට් නරඹමු. කවුරු මොනවා කීවත් අද විස්සයි විස්සේ සහ එක්දින තරග වලදී නැතුවම බැරි ක්‍රීඩකයෙක් නිසා ඔහු පරෙස්සම් කරගන ඉදිරියට යාම අප සැමගේම වගකීමකි. (නි)
දිනිදු, එයාව ගෙදර එක්කාගෙන ගියා නම් හරි. ඩයස් ඔයාගේ කථාව සහතික ඇත්ත. (නි)
ඒකද අවසාන තීන්දුව (දී)
ඔහු මීට වඩා නම්‍යශීලී වියයුතුයි. (නි)
සල්ලි වැඩිවෙලා ඔහුගේ ඔලුව ඉදිමිලා... (නි)
මාලිංග රත්ගම කියන කතාව ඇත්තද? වැඩිය තරහා ගන්න එපා. (නි)
ඉදිරියටවත් මොළේ කල්පනා කරලා බලලා වැඩ කරන්න. මාධ්‍ය ඔයාගේ බෝල පහරවල් වලට වැඩිය සැරයි. (නි)
ලසිත්ට ලේකම් කෙනෙක් ගත්තා නම් ප්‍රශ්නේ ඉවරනේ. (නි)