මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ නම් ප්‍රකාශ කිරීම හැර තමා කිසිම මාධ්‍යවේදියෙකුට තර්ජනය කළේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (29) ප්‍රකාශ කළේය.
අමාත්‍යංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමින් ඒ බව සඳහන් කළ අගමැතිවරයා එහිදී මෙසේද කීය.
“මා ඊයේ කළ කතාවෙන් පසුව මන්ත්‍රීවරයෙක් මේ සභාවේ ප්‍රකාශයක් කරල තියෙනවා මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළා කියලා.
සිසිර ජයකොඩි ඒ මන්ත්‍රීවරයා කියන පරිදි මම තර්ජනය කළේ නැහැ. නම් කළා ඒවා පිටුපසින් ඉන්නේ කවුද කියලා. ඒක මගේ අයිතියක් නොවෙයිද?
මේ අය ඉල්ලනවා තොරතුරු දැනගැනීමේ පනතක් ගේන්න කියලා. ඔන කෙනෙක් නම් කරන්න පුළුවන්. මේ අය නම් කරන්න බැහැ.
අයිලන්ඩ් පත්‍රයේ කොච්චර දුරට වැටුනාද? සිසිර ජයකොඩි නග්ගලා ගන්නවා තව මොනවද ඉතින්, මගේ මිත්‍ර සිසර ජයකොඩි නග්ගලා ගනන්නවා.
මම මෙතැන ප්‍රකාශ කළේ මාධ්‍ය ඇතුලෙන් එන අදහස්. ඒවා දේශපාලඥයන්ගේ අදහස් නොවෙයි.
මෙතැන දැන් වෙලා තියෙනන්නේ මාධ්‍යයේත් බමුණු කුලයක් තියෙනවා. ඒක ඇති කළේ මහා බ්‍රහ්මයා ඉන්න කාලේ. එයා තෝරා ගන්නා මේ අය විතරයි යන්නේ. අනික් අය නොවෙයි කියලා.
දැන් ඒ බමුණු කුලේට තේරෙන්නේ නෑ ඒ බමුණු කුලේ වසලයෝ වෙලා කියලා.
මේ මාධ්‍යයේ ඉන්නවා මාධය නිදහස වෙනුවෙන් සටන් කරපු අය. දැන් අපි අහන්න ඕනා ඒ අය කියන ඒවා නොවෙයිද? මහා බ්‍රහ්මයාගේ බමුණු කුලේ අපට දැන් වැඩක් නැහැ. ඒ අය දැන් වසලයෝ වෙලා.
මම කළේ නම් කිරීම විතරයි. මන්ත්‍රීවරු නම් කරන්න පුළුවන් නම් ඇයි අපට බැරි මාධ්‍යවේදීන් නම් කරන්න.”
මහා බ්‍රහ්මයා එක්ක දඩයමේ ගිය කෑව, බිව්ව අය අපට වැඩක් නැතැයි ද අගමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහතා එහෙම කරන කෙනෙක් නෙමෙයි (නි)
අයියෝ, අනේ මටනම් හරිම හිනා...(හේ)
මාධ්‍ය නිදහස ලැබුණේ මේ රජයෙන් නේද? පසුගිය කාලයේ දී මෙයාල ගොලුඑවෙලා හිටිය නේද. දැන්වත් ටිකක් ඉවසල ඉන්නවා තවම පොඩි කලයි ගත වුණේ (අ)
බොහොම හොඳ කතාවක් (නි)
නියමයි. මම යූඑන්පී කාරයෙක් නොවුණත් රනිල්ගේ කෙළින් කතාව අගය කරනවා. ඔව්, අපි සාධාරණ සමාජයක් හදමු (නි)
තිලංග, කරුණාපාල, පරාක්‍රම මහතුනි, මම ඔබගේ අදහස් අනුමත කරමි. ජාලිය මහතාත් කාලයට ඔබින වැදගත් අදහසක් පළකර ඇත. පරණ දේවල් ගැන කිය කියා ඉන්නේ නැතුව ඉන්න ටික හදාගන්න ඕනෑ. ජය වේවා! (නි)
පාර්ලිමේන්තුවේ අගය නොදන්නා අය නන් දොඩවනකොට ජනතාව ඒවා ගැන බලාගෙන ඉඳලා මේ මොකද වෙලා තියෙන්නේ කියලා හිතනවා. බැරි බර කරේ තියාගෙන ඉන්නේ මොකටද? වසල සුත්‍රයෙන් දේශනා කරලා තියනවා කවුද වසලයෝ කියලා. ඉතින් තව මොන කතාද? (නි)
අපි නම් ඇත්ත දන්නවා (නි)
හරියටම හරි මහත්තයෝ (නි)
නියමයි, යහපාලනය කියලා ගොනි නැතුව කරේ යන්න දෙන්න බැහැ (කෞ)
අර නටන්න බැරි මිනිහාත් කියන්නෙම පොළොව ඇදයි කියලානේ. (නි)
මට නම් පෙන්නේ පිස්සුවට ගන්න ඕනේ බෙහෙත් වෙනුවට මත පෙති ගහල වගේ. අය්යෝ අහෝ.(කෞ)
වසලයින් කවදත් බමුණු කුලේ අයට පහර ගහනවා. ඔය කියන කතා කවුරුවත් ගණන් ගන්න එපා. (කෞ)
සුසන්ත බමුණු කුලේද ? පරණ ඒවා මතක් කරන්නේ දැන් ඉන්න එවුන් හදාගත්තොත් නරකද? (බ)
ප්‍රේමකීර්ති, රිචර්ඩ් ද සොයිසා, රෝහණ කුමාර යුගය මතක් වෙනවා....(බ)
චලනයෙන් ශබ්දයෙන් දැනෙන්නේ පෙනෙන්නේ සිංහයා අවදිවෙමින් සිටිනව වගෙයි. (කෞ)
මාධ්‍යවේදීන් හෝ මාධ්‍යට සම්බන්ද සමහරක් හිතාගෙන ඉන්නේ, ඔවුන් කියන, ලියන, හා පෙන්වන සියලු දේ ජනතාව හිස්මුදුනුන් පිලිගන්නවා හෝ පිළිගන්න ඕනා කියලයි. (කෞ)