රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදී මියගිය බුද්ධි චානක පියරත්න (29) ගේ දේහය ගාල්ල අකුරැස්ස මාර්ගයට රැගෙන ආ ගම්වාසීහු මහ මග හරස්කරමින් උද්ඝෝෂණයක නිරතවූහ. අකුරැස්ස මාර්ගයේ වායහන ධාවනයට ද බාධා ඇතිවිය. පොලීස් කැරළි මර්ධන ඒකකය ද එහි පැමිණියේය. පැය භාගයක පමණ උද්ඝෝෂණයකින් අනතුරුව ගම්වැසියෝ දේහය යළි නිවසට රැගෙන ගියහ. ඥාතීන් පවසන්නේ ඔහුගේ මරණයට පොලීසිය වගකිවයුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් වෙනුවෙන් ගිනි තියාගන්න රටේ මිනිස් ජිවිත වෙනුවෙන් කතා කරන්නවත් කවුරුත් නැහැනේ. (නි)
ඇත්ත දන්නේ නැතිව අදහස් පල කිරීමෙන් වලකින්න.(නදී)
සිංහලේ නමින් අමන අදහසක් පලකළ ැයටයි මේ.සතුන්ගේ නම් කියා ඔබ වැනි අයට කීම සතුන්ට කරන අපහාසයක්. ගරු ඉන්දරතන හිමියන්ගේ ලිපිය කියවා බලන්න (නි)
මේක අද ලංකාවේ සාමාන්‍ය ප්‍රවෘත්තියක්. ඉදිරියට මේ සදහා පොලිස් මරණ දැන්වීම් කියලා වෙනමම පුවත්පතක අවශ්‍යතාවය ඉස්මතු වේවි. (නි)
හරක් වෙනුවෙන් ගිනි තියාගන්න කට්ටිය ඉන්න නිසා, ධර්මේ, ඔයාට පුළුවන්නේ මිනිස්සු වෙනුවෙන් ගිනි තියාගන්න.... (නි)
රන්ජි ඉතාලි මේ දේත් හිතුවොත් හොදයි. ගමට රටට හිසරදයක් උනත් මිනිස් ජීවිතයක් නැති කරන්න කාටවත් අයිතියක් නෑ. නිතිය රකින්ට ඉන්න පොලිසිය විසින් මේ වගේ සාපරදයක් කරනවා නම් එක කියා නිම කරන්න බැරි තරම් වරදක් . අපි මිනිස්සු 100ක් මරපු අලියෙකුවවත් මරන්නේ නෑ අල්ලා කැලයට දමනවා මිසක්, ඌ සතෙක් වෙලත්. මම මගේ ජීවිතේ උනත් ඔට්ටු අල්ලනවා මේකේ වැරදි කාරයෝ නිදහසේ වෙනවා කියලා. හැබැයි ඒ ගොල්ලන්ට යන්න වෙනම ලෝකයක් තියනවා බුද්දාගමේ කියලා තියෙනවා. එහෙදි මේ වගේ දුෂ්ටයෝ නෑ බේරගන්න මහත්තයෝ.(නදී)
රජිත්, අහිංසකයන්ව නිකන් රිමාන්ඩ් කරන්නේ නැහැ.(නදී)
අමිල, කුහක සමාජයකට දෙවියන්ගේ බැල්මක් පිහිටක් නැහැ.(නදී)
මෙයා මැරුනේ බන්දනාගාරයේද? එහෙනම් රිමාන්ඩ් කියලද කියන්නේ? නැත්නම් පොලිස් අත් අඩංගුවේදිද මැරුනේ. පොලිසිය වග කියන්න ඕනේ කියන්නේ?(නදී)
මෙහෙම ගියොත් සිංහලයොත් නව ත්‍රස්ත්‍රවාදයක් පටන් ගන්න බැරිකමක් නැහැ.එය කොටි නොවෙයි සිංහ ත්‍රස්ත්‍රවාදයක් වෙන්න බැරි කමක් නැහැ. අධිවේග හැදුවට රට දියුණු වෙන්නේ නැහැ. පළමුව මිනිසා හදා පසුව රට සංවර්දනය කළ යුතුය.මේවා කවුරුවත් දන්නේ නැහැ. (නි)
කෝ එදාකථාකරපු මානව හිමිකම් එකේ අය. පොලීසියට ගහන අයට බුරුලක් දෙන්න එපා කියපු? (ස)
මේ වැඩ ඉවර වෙන්නේ නෑ වගේ. (ස)
දෙවියෙක් ඇත්නම් බලාවි.(ස)
ඔය පැත්තේ මැරිච්ච මිනිහෙකුටවත් ඉන්න බැහැ, එතරම් උගත් මිනිසුන් ඉන්නේ (නි)
කොටි ඉන්න කාලේවත් මෙහෙම දුෂණ භීෂණ තිබුණේ නැහැනේ. (නි)
මට නම් දැන් මේවට ප්‍රතිචාර දාලා එපා වෙලා.... (නි)
මානව හිමිකම් නඩුවක් දමන්න බැරිද? (නි)
ආසියාවේ ආශ්චර්යයේ පෙර ලකුණු. ඔහොම යන්...ඔහොම යන්... (නි)
මැරුණ හේතුව දන්නේ නැතුව අපි මොනවා ලියන්නද? (නි)
මේ සහගහන අපරාද ඉවර වෙන්නේ නැද්ද දෙවියනේ. මේ පොලිසියේදී වෙච්ච කි වෙනි එකද. මොකක්ද මේ තරුණ ජීවිත එක්ක තියන මේ තරම් තරහ.(නදී)
මරණයට පොලිසිය වගකිව යුතුනම් දේහයට පොලිසිය ඉදිරිපිට ගිනිතබන්න. වගකිවයුතු රිමාන්ඩ් බන්ධනාගාරය නම් එය ඉදිරිපිටදී අවසන් කටයුතු සිදුකරන්න. (නි)
දැන් මේ රටේ 'බලය' කියන දේ පාලනයෙන් ගිලිහිලා. 'බලයට' තිරිංග නෑ. බලවතා දුබලයාව පෙලනවා. ඉදිරියට මේ තත්වේ තවත් දරුණු වෙන තත්වයක් තමයි පෙන්න තියෙන්නේ. (නදී)
ගමට රටට හිසරදයක් නම් ඔහොම හොදයි අහිංසකයෙක් නම්?(නදී)