ඉන්දියාවේ නව අගමැති භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝඩිට එම පදවියේ දිවුරුම් දීමට ඉඩ සලසමින් ඉන්දියාවේ අගමැති මන් මෝහන් සිං ඉන්දියාවේ ජනාධිපතිට අස්වීමේ ලිපිය බාර දුන්නේය. ඊට පෙර ඔහු මෝඩිට දුරකතනයෙන් කතාකර ජයග්‍රහණය ගැන සිය සුභපැතුම් එක් කළේය. මැතිවරණ පරාජය පිළිගන්නා බව කොංග්‍රස් නායිකා සෝනිය ගාන්ධි සහ පුත් රාහුල් ගාන්ධි පැවැසූහ. මෝඩිගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දියාවේ සැණකෙළි ස්වරූපයක් ගෙන ඇති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙලුම් ඔබගේ අදහස හුගක් වටිනවා. ලංකාවේ කව්රුත් මේ වගේ නම් නැහැ. ලංකාවට මන්මෝහන් සිංග්ලා කවදාවත් හම්බවෙන්නේ නැහැ.(නදී)
අපේ මහා වියත් දයාන් ජයතිලක මහත්තය සති අන්ත පුවත් පතකට කියල තියෙනවා මෝඩි එක්ක මන් මොහාන් එක්ක වගේ සෙල්ලම් බැහැ.. අපිට ගැලවෙන්නනම් 13 ක්‍රියාත්මක කරන්නම වෙනවා කියල.කට්ටිය මොකද කියන්නේ..දයාන් මහත්තයනේ කියන්නේ..මෝඩි අපිට නෙලන්න කලින් ඕක දීල දාමුද? (අ)
එතකොට ජය ලලිතාට මොකද වෙන්නේ? නොදන්නා නිසා අහන්නේ කව්රුත් දන්නවද ? (නදී)
දැන් ඉතින් මොනවා වේවිද ? (ස)
ජනතා ආධිපත්‍යය ගැන කතාකරන අපේ මහජන සේවකයන් බලයට ආවම ඔවුන්ගේ බලය පතුරනවා -මේ භාරත පාලනය වෙනස්වීම ගැන අපේ අය සිහි බුද්ධියනේ අවබෝධ කරගනිත්වා, (ස)
නව අගමැති නරේන්ද්‍ර මෝඩි මන්මෝහන් සින්ග් වැනි උගත් කෙනෙක් නොවයි. මන්මෝහන් සින්ග් කියන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාවට ආචාර්ය උපාධියක් ලබාගත්ත උගත් පුද්ගලයෙක්. ඒ වගේමයි එයා ගොඩාක් බුද්ධිමත් කෙනෙක්. අපේ රටේ කොටි සමග අවසාන සටනේදී ඉන්දියාව නිශ්ශබ්දව සිටියේ ඒ නිසයි. ඒ නිසයි අපිට කොටින්ව විනාශ කරන්න හැකිවුණේ. ඇත්ත කතා කරමු ඉන්දියාවේ හමුදාව සමග අපිට සටනක් නැහැ. නව අගමැති උග්‍ර ජාතිවාදී උග්‍ර ආගම්වාදී පුද්ගලයෙක්. එයාගේ අතීතය එතරම් හොඳ එකක් නොවයි. දුම්රියවල තේ විකිණීමෙන් තමයි එයා ජීවිතය පටන් අරන් තියෙන්නේ. මම අහලා තියෙන විධිහට එයා චන්ඩියෙක්. මිනිස්සුන්ගේ හිත්වලට ආගමික සහ ජාතිවාදී කුනු කන්දල් ඇතුල්කරලා ඡන්දය දිනපු නුගත් පුද්ගලයෙක්. ඉන්දියාව හින්දු අයට පමණයි කියන උග්‍ර ජාතිවාදී වයිරසය තමයි මෙයාගේ තියන ලොකුම දුර්වලකම. මෙයා චීනය සහ පකිස්ථානය සමග හැප්පෙන්න බොහොම දුරට ඉඩ තියෙනවා. නමුත් ඉන්දියාවේ රාජ් සභාවෙන් එ්කට මෙයාට ඉඩක් ලැබෙන පාටක් නැහැ. මොකද රාජ්සබා වේ බහුතරයක් ඉන්නේ කොන්ග්‍රස් අය. අපි ටිකක් බලාගෙන ඉමු මෙයාගේ වැඩ.(නදී)
අහිංසා..... ලස්සනට විස්තර කරලා තියනවා ..... ඉන්දියාවේ තවත් අවසානයක්. (ස)
අහිංසා ඔබ හරි .(නදී)
රාජ්‍ය නායකයකුට ඔක්ස්ෆෝර්ඩ් සරසවියට නොගියත් යම්කිසි උසස් අධ්‍යාපන මට්ටමක් පැවතීම ඉතා අත්‍යවශ්‍යයි. නැතිනම් රටේ බුද්ධිමතුන් උගතුන් ගේ අදහස් වලට තැකීමක් නැහැ. හීන මානය නිතර මතුවෙන්න තියන අවස්ථා වැඩියි.. එසේම උග්‍ර අන්තවාදී අදහස් නම් කිසිම රටක පාලනයට සුදුසු නැහැ. තමන්ගේ මතයේම එල්ලීගෙන ඉන්න නායකයන් පක්ෂය ඇතුලෙම අප්‍රසාදයට පත් වෙනවා. ඒක ආණ්ඩු පක්ෂයද විපක්ෂයද කියල වෙනසක් නැහැ. (නදී)
සැම දෙනා හටම පාඩමක්.(නදී)
අපරාදේ කියන්න බෑ අපේ අය වගේ තමයි නේද? (නදී)
නෙළුම් 2014-05-18 05:00:46.ඔබගේ අදහසට ගරු කරනවා. (නදී)
අහිංසා 2014-05-17 22:34:27. ඔබගේ අදහස හරි වෙන්න පුළුවන්. අපි සමග සේවය කරන උගත් ඉන්දියන් ජාතිකයන් කියන්නේ ලංකාව වගේ දුෂසනයෙන්,නාස්තියෙන් පිරුන ඉන්දියාව ගොඩ ගන්න නව අගමැති නරේන්ද්‍ර මෝඩි ට හැකියාව තියෙනවා කියලා. උගත් කම මොකටද රටේ දන්ස්කන්දය ගසා කනවා නම්.(නදී)
තිලක්- ඩුබායි. අයියේ ඔයාගේ අදහස් මම දිගටම කියවනවා. අනිත් අයට වඩා ඔයාගේ අදහස් හැම තිස්සෙම වෙනස් බව පෙනෙනවා. ඔය පල කරන අදහස් අනුව මට හිතෙනවා ඔයාට වඳ වෙච්ච කෙසෙල් ගසකට උනත් ඵල දෙන්න පුළුවන් කියලා. ඒ නිසා අයියේ අපේ රටේ සංවර්ධනය උදෙසා ඔයා ඩුබායි ඉන්නේ නැතිව ලංකාව ඇවිල්ලා මිදෙන්ට යන දේශපාලන පක්ෂයකට රිංගලා ඡන්දෙ ඉල්ලලා දිනන්නකෝ. මමත් ඔයාට ඡන්දෙ දෙනවා. ඔයාට අපේ රට හදන්න පුළුවන් කියල මට තේරෙනවා. (නදී)
අහිංසා ඔබ නිවරදියි.(නදී)
අහිංසා, ඔබ වටිනා අදහසක් පළකර තිබෙනවා. ඔබ කියා තිබෙන ලෙසම මන්මෝහන් සිං වැනි උගත් විශිෂ්ඨ රාජ්‍ය නායකයෙකු නම් තව කලකට පහල වෙන එකක් නැහැ. වටිනා නායකයින්ගේ වටිනාකම් අවබෝධවීමට ජාතියකට බුද්ධිය මෙන්ම වාසනාවත් තිබිය යුතුයි. ජාති බේදය, ආගම් බේදය, හා සමාජයම එකිනෙක කොටවමින්, රටතුල සැබෑ ජාතිකත්වය වෙනුවට ජාත්‍යන්තරය දෙසට හැරී හු තියන පුහු දේශප්‍රේමීත්වයක් පෙන්වන නායකයින්ට මන්මෝහන් සිං ලා ආදර්ශයක්. මෙතුමාගේ පාලන කාලය තුල ඉන්දියාවේ අධ්‍යාපනය ගැන කතා කලොත්, වර්තමානයේ ලොව අංක එකේ උපාධි සහතිකය ඇත්තේ ද ඉන්දියාවේ යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. ආර්ථික සංවර්ධනය අතින් ලොව සිඝ්‍රයෙන් සංවර්ධනය වන රට බවට ඉන්දියාව පත් වුයේත් මෙතුමාගේ පාලන සමයේදියි. (නදී)
අහිංසා ඔබ හරි. අපේ උතුරු සටන අවසන් කරන්න මන්මෝහන් සින්ග් නිහඬ සහයක් අපට ලබාදුන්නා. එලෙසම සටන ගොඩක් කලින් අවසන් කරන්න තිබුණා එවකට ඉන්දීය අගමැති රජීව් නොසිටින්නට. ඒ කෙසේ වෙතත් අපි සියලු දෙනාටම යහපතම පතමු.(නදී)
ඉන්දියාවේ සැබෑ තත්වය නොදන්නා මේ කෙමෙන්ට් දමන ඔයාල දේශපලනයටමයි ගැලපෙන්නේ ..? ඉන්දියාවට වෙලා තියන කාන්තා වකගේ ඉරණම දෙවියන්ගේ නාමයෙන් ලංකාවටනම් අත්වෙන්න එපා .? මොන උගතුන් බිහි උනත් වැඩක් තියේද. ලක්ෂ ගන්න මහා පාරේ නිදා ගන්න විට , ඔවුන්ගේ හිසට නිවහනක් නැති ,වැසිකිලියට මහා පාර පරිහරණය කරද්දී , කුණු කදුවල තියන කුණු අහරට බුදිද්දී, අඩු කුලේ දරුවෙක් උපන්විට ඒකව සමාජෙන් කොන් කරද්දී මරාදමද්දී ..? අනේ ..ඔක්ස්ප්‍රඩ් ඩිග්රියට වඩා තම ජාතිකයින්ගේ ජීවිත ආරක්ෂාව දෛයිනික අවශ්‍යතාවන් ටික හරියට සම්පුර්ණ වෙනවද කියා බැලීම තමයි රටේ පාලකයෙකුගෙන්, රටවැසියෙකුට ඉටුවිය යුතු ලොකුම සේවාව. ඒ නැතිව හදට රෝකෙට් එකක් යවලා බොරුවට ලෝකය අල්ලන්න දුවන එකනෙමේ ....තම රටේ ජනතාව සහ ඔවුන්ගේ ශුරක්ෂිත බව තහවුරු කරගන්න ඕන රටේ පාලකයෙක් උනාම.(නදී)
ඇයි කුසුම්, කොන්ග්‍රෙස් පාක්ෂිකයන්ටත් වටකරගෙන නෙලනවා ඇති නේද..? (අ)
වැනෙන දියාරු විදේශ ප්‍රතිපත්තියක් ගෙනයාම සහ විශේෂයෙන් අපේ රට වෙනුවෙන් ගත නපුන්සක තීරණ නිසා සිදු වූ ශාපය නිසා සිං ට පරාජය හිමිවිය (අ)
මන මොහාන් සිංහ , බලයේ සිටි කාලයේ මන මෝහනයෙන් මත් වෙලා අපිට කරපු විනාශයට , ඔහොම වෙන්න ඕනේ (අ)
අපේ රටෙත් රණවිරුවෝ යුද්දේ දිනලා අවහම අපිත් සැණකෙළි පැවතුවේ ..රටට කිරියෙන් පැණියෙන් ඉතිරේවි දැන් කියල තමයි .. ඒ මොකද ඒ දවස්වල ලකුණු දාගත්තු දේශපාලකයෝ කිව්වේ .. දැන් යුද්දෙට මුදල් නස්තිවෙන් නැ.. දැන් රට කිරියෙන් පැණියෙන් උතුරවන්න පුළුවන් කියල...දැන් මහජනයාට කිරි පැණි බේරෙනවා...දේශපාලකයන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් කෑ මොර දෙන..,තප්පුලන ..,සැණකෙළි නටන ජනතාවට මැදයි නොකියන්න හම්බවෙන්නේ..ඒගොල්ල කොමිස් අරන් රට වලපල්ලට යවන්න ගත්තට පස්සේ ..ඒ හැන්දෙන්ම මෙයලටත් මොඩිගෙන් ලැබේවි කියල මම හිතනවා....ඒ මොකද මොඩිත් හොඳ ව්‍යාපාරිකයෙක් නිසා...එක නිසා අපි බල ඉමු මොකද වෙන්නේ කියල. (අ)
ලෝකයේ බොහෝ ප්‍රජාතාන්ත්‍රික රටවල් වල ජනපති වරුන්,අගමැති වරුන් මහා මැතිවරණයක් පැරදුනු පසු එම තනතුරේ වත් මන්ත්‍රී කමේ වත් රැදී නොසිට සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී ගෙදර යයි. (අ)
ඡන්ද කොමසාරිස්ට මානසික ආතතිය එහෙම ඇතිවෙන්න නැතුව ඇති මගේ හිතේ. දැන් ඉතින් මන් මෝහන් සිං මහත්මයාගේ පෙර වැරදි හොයල කුදලාගෙන ගිහින් හිරේට දමන්න සැලැස්මකුත් නැතිව ඇති නේද? එම නායකයන් දෙපලටම ශුභ පතමි!! (අ)
අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මෙවන් 'මහත්මා' නායකයෙක්. (අ)
ඇත්තටම කුසුම් ඉන්දියාවේ මැතිවරණ කොමසාරිස් කළේ අමාරු දෙයක්.මේ මැතිවරණයේ දී එක්තරා ඡන්ද මධ්‍යස්ථානයක් අසලට මෝඩි පැමිණ ඔහුට ඡන්දය ප්‍රකාශ කරන ලෙස පෝලිමේ සිටි අයගෙන් ඉල්ලා තිබුණා.එයට මැතිවරණ කොමසාරිස් පරීක්ෂණයක් කරන බව ප්‍රකශ කර තිබෙනවා. මොකද ඡන්දය ප්‍රකාශ කරන වෙලාවේ ඡන්ද ප්‍රචාරය කල නොහැකි නිසා. සමහරවිට ඔහුටත් ආතතිය ඇතිවෙන්නට පුළුවන්. (අ)
පෙර වැරදි හොයන්නම ඕන , නැතිනම් අලුතෙන් එන අය බය නැතිව වැරදි වැඩ කරේ , ලංකාවේ අය වගේ ! (අ)
මන මෝහන් සින් උද්ගෝෂනයකටත් සම්බන්ධ වුනාද ? (නදී)
පසුව මලකෙලි ස්වරුපයක් ගනී. (අ)
ඒකට අපේ කට්ටි එලව එලව ගැහුවත් යන්නේ නැහැ .......කොහොම හරි ඇතුළටම රිංගනවා.... පැරදුනත් කොහොම හරි එනවා (අ)
කුසුම්, එහෙ ඡන්ද කොමසාරිස්ට මානසික ආතතිය ඇතිවෙන්න පාර්ලිමේන්තුව බලයේ සිටිද්දි ජනාධිපති ඡන්දෙ තියන්නේවත් ජනාධිපති බලයේ සිටිද්දි පාර්ලිමේන්තු ඡන්දෙ තියන්නේවත් නැහැනේ. ඉතින් ඡන්ද කොමසාරිස් ස්වාධීනව ආතතියකින් තොරව එයාගේ රාජකාරි කරනවා ඇති. (අ)
ලංකාවේ වගේමයි නේද? (නදී)
මන්මෝහන් මැතිතුමාට පවුලේ අනුප්‍රාප්තිකයන් පිලිබඳ ප්‍රශ්නයක් නැතිව ඇති. නැතිනම් ඉතින් සමහරු වගේ රෝද පුටුවෙන් යනකනුත් තනතුරු වල එල්ලීගෙන ඉන්නවා නේ. ! (ස)
ලෝකයේ බොහොමයක් රටවල මැතිවරණ පැරදුන නායකයන් ගරු නම්බු ඇතිව වැදගත් ලෙස තනතුරෙන් නික්ම යනවා.මොන පක්ෂයක වුනත් සදාකාලික බල තන්හාව රටක දියුණුවට බාධාවක්. (ස)
මට මතක් උනා නන්දා මාලනී ගේ ගීතයක්. "පුජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමය ඔබට එරෙහි වී නැගිටින්නේ" කාත් කවුරුත් මේ සත්‍ය දැනගෙන ඉන්න එක හොඳා (ස)